08/10/2024
MOBILE CONSULAR SERVICE IN NAPOLI
19 OCTOBER 2024
FROM 8.00 A.M. TO 5.00 P.M.
VIA MEDINA 5
CALL OR WHATSAPP EMBASSY - 340 3718117
DOCUMENTS INFORMATION
නව ගමන් බලපත්රයක් සදහා අයදුම් කිරීම
ශ්රී ලංකා රජයේ නව නීති රීති අනුව වර්ෂ 2018 ජනවාරි මස 01 දින සිට රෝමයේ තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය හරහා නව ගමන් බලපත්ර ලබා ගන්නා වයස අවුරුදු 16 – 60 අතර වන සෑම පුද්ගලයෙකුම ශ්රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවේදීම ඔවුන්ගේ ජෛවමිතික දත්ත(ඇගිලි සළකුණු) බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයට හෝ එහි ප්රාදේශීය කාර්යාලයකට (මහනුවර, මාතර, වව්නියාව, කුරුණෑගල) ලබාදීම අනිවාර්ය වන අතර එසේ නොකරන පුද්ගලයන්ට රටින් බැහැරව යාමට නොහැකිවනු ඇත.
ඒ අනුව වර්ෂ 2018 ජනවාරි 01 දිනට පසුව රෝමයේ තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ලබාගත් ගමන් බලපත්රයක් භාවිතාකර ශ්රී ලංකාවට යෑමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇගිලි සළකුණු ලබාදීමට හැකිවන පරිදි ඔබගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙස ඔබට උපදෙස් ලබා දෙනු ලැබේ.
මේ සදහා භාවිතා කිරීමට නියමිත නව අයදුම් පත්රය පහතින් ලබා ගත හැක.
ගමන් බලපත්රයක් සදහා අයදුම් කිරීමේ ක්රමවේදය
මුල් අයදුම්පත්රය සහ තවත් එක් පිටපතක්ද අනිකුත් සියලුම ලේඛණ වල මුල්පිටපත්a A-4 කඩදාසියේ පිටපත්කර කට්ටල දෙකකින් ඉදිරිපත්කල යුතුය.සහතිකවල මුල්පිටපත් වෙනමම ඉදිරිපත් කරන්න. අයදුම්කරු පුද්ගලිකවම ඉදිරිපත් විය යුතුය.
•
සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්රය.
o ඉල්ලුම් පත්රයේ ඔබගේ ඉතාලි ලිපිනය සදහන් කරන්න.
o අත්සන සදහන් කිරීම (ඊට අදාල කොටු දෙකෙහි කළු ඉරිවල නොගෑවෙන පරිදි සිදුකල යුතුය.)
o පැරණි බලපත්රයේ අත්සන වෙනුවට නව අත්සනක් යොදන්නේ නම් ඒ බව දිවුරුම් ප්රකාශයක් මගින් තහවුරු කල යුතුය.
• සෙන්ටිමීටර් 4.5 X 3.5 ප්රමාණයේ ඡායාරූප 04.
o දෙකන් පැහැදිලිව පෙනෙන, ඉදිරිය බලා සිටින, අදුරු පැහැ නොගැන්වුණු,
o භාහිර ස්වරූපයට හානි නොවන අයුරින් ලබාගත් සංස්කරණය නොකරන ලද.
o ඡායාරූපයේ පසුබිම් වර්ණ ඇදුමෙහි වර්ණයට සමාන නොවන පැහැදිලි ඡායාරූප විය යුතුය.
o කණ්නාඩි පැලැද ඡායාරූප නොගත යුතුය.
• උප්පැන්න සහතිකය. (පරිවර්තනය කරන ලද පිටපත් මුල්පිටපත් ලෙස නොසැලකේ.)
• විවාහයෙන් පසු නම වෙනස් වන්නේනම් ඒ බව සනාත කිරීමට විවාහ සහතිකය.
• දැනට ඇති ගමන් බල පත්රය හා එහි දත්ත පිටුවේ(පිටු අංක 2 සහ 3) සහ වෙනස් කිරීම් හා නිරීකෂණ පිටුවල(පිටු අංක 4 සහ 5) ඡායා පිටපත්.
• ඉතාලිය තුල රැදී සිටීමේ බලපත්රය (SOGGIORNO) හෝ වෙනත් රටක පුරවැසිභාවය ලබා නැති බවට වු සහතික.
• ශ්රී ලංකාවන් පිටත ඉපදී ඇත්නම් පුරවැසි සහතිකය හෝ ඒ සදහා මුදල් ගෙවන ලද කුවිතාන්සි පිටපත.
• ඔබගේ දැනට ඇති ගමන් බල පත්රයේ ජාතික හැදුනුම්පත් අංකය සදහන්ව නැති විට ජාතික හැදුනුම්පත හෝ එය නැති බවට දිවුරුම් සහතිකයක්.
• තම වෘත්තිය /රැකියාව ගමන් බලපත්රයේ සදහන් කිරීමට අවශ්ය නම් ඒ බව සනාථ කිරීම සදහා වෘත්තීය හෝ අධ්යාපන සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කල යුතුය. (අදාල සහතික විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය මගින් සහතික කර තිබිය යුතුය)
වයස අවුරුදු 16 ට අඩු දරුවන් සදහා ගමන් බලපත්ර
මුල් අයදුම්පත්රය සහ තවත් එක් පිටපතක්ද අනිකුත් සියලුම ලේඛණ වල මුල්පිටපත්a A-4 කඩදාසියේ පිටපත්කර කට්ටල දෙකකින් ඉදිරිපත්කල යුතුය. අළුත උපන් දරුවන් සදහා තාවකාලික ගමන් බලපත්රයක් (Stop Gap) ඉල්ලුම් කරන්නේනම් කට්ටල තුනක් අවශ්යවේ දරුවාද සමග මව/පියා පුද්ගලිකවම ඉදිරිපත් විය යුතුය.
ගමන් බලපත්රයක් සදහා අයදුම් කිරීමේ ක්රමවේදය
• සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්රය.
o කුඩා දරුවන්ගේ අත්සන වෙනුවට නමෙහි එක් නමක් ඊට අදාල කොටු දෙකෙහි කළු ඉරිවල නොගෑවෙන පරිදි ලිවිය යුතුය. ලිපිනය සදහන් කිරීමේදි ඔබගේ ඉතාලි ලිපිනය සදහන් කල යුතුය
• සෙන්ටිමීටර් 4.5 X 3.5 ප්රමාණයේ ඡායාරූප 04.
o දෙකන් පැහැදිලිව පෙනෙන, ඉදිරිය බලා සිටින, අදුරු පැහැ නොගැන්වුණු,
o භාහිර ස්වරූපයට හානි නොවන අයුරින් ලබාගත් සංස්කරණය නොකරන ලද.
o ඡායාරූපයේ පසුබිම් වර්ණ ඇදුමෙහි වර්ණයට සමාන නොවන පැහැදිලි ඡායාරූප විය යුතුය.
o කණ්නාඩි පැලැද ඡායාරූප නොගත යුතුය.
• ශ්රී ලංකා රජය නිකුත් කල උප්පැන්න සහතිකය.
• ශ්රී ලංකාවන් පිටත ඉපදී ඇත්නම් පුරවැසි සහතිකය හෝ ඒ සදහා මුදල් ගෙවන ලද කුවිතාන්සි පිටපත.
• දෙමාපියන්ගේ ගමන් බල පත්ර සහ ඒවායේ පහත පිටුවල ඡායා පිටපත්( දත්ත ඇතුලත් පිටු , “වෙනස් කිරීම් හා නිරීක්ෂණ” සහිත පිටු (පිටු අංක 4 සහ 5 ) ළමයින් ඇතුළත් පිටු( පිටු අංක 8 සහ 9)
• ඉතාලි රජයේ උප්පැන්න සහතිකය. (NASCITA )මෙහි මව පියාගේ නම් ඇතුලත්විය යුතුය)
• දෙමාපියන්ගේ විවාහ සහතිකය. (නීතියෙන් වෙන්වී ඇතිවිට දික්කසාද සහතිකයද මව හෝ පියා මිය ගොස් ඇත්නම් මරණ සහතිකයද ඉදිරිපත් කලයුතුය.)
• දරුවාට වෙනම ගමන් බලපත්රයක් නිකුත් කිරීමට දෙමාපියන්ගේ කැමැත්ත ප්රකාශිත ලිපිය.
නැතිවූ ගමන් බලපත්ර වෙනුවට නව ගමන් බලපත්රයක් අයදුම් කිරීම
ශ්රී ලංකා රජයේ නව නීති රීති අනුව වර්ෂ 2018 ජනවාරි මස 01 දින සිට රෝමයේ ශ්රි ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය හරහා නව ගමන් බලපත්ර ලබා ගන්නා වයස අවුරුදු 16 – 60 අතර වන සෑම පුද්ගලයෙකුම ශ්රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවේදීම ඔවුන්ගේ ජෛවමිතික දත්ත(ඇගිලි සළකුණු) බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයට හෝ එහි ප්රාදේශීය කාර්යාලයකට (මහනුවර, මාතර, වව්නියාව, කුරුණෑගල) ලබාදීම අනිවාර්ය වන අතර එසේ නොකරන පුද්ගලයන්ට රටින් බැහැරව යාමට නොහැකිවනු ඇත.
ඒ අනුව වර්ෂ 2018 ජනවාරි 01 දිනට පසුව රෝමයේ ශ්රි ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ලබාගත් ගමන් බලපත්රයක් භාවිතාකර ශ්රී ලංකාවට යෑමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇගිලි සළකුණු ලබාදීමට හැකිවන පරිදි ඔබගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙස ඔබට උපදෙස් ලබා දෙනු ලැබේ.
ගමන් බලපත්රයක් සදහා අයදුම් කිරීමේ ක්රමවේදය
මුල් අයදුම්පත්රය සහ තවත් එක් පිටපතක්ද අනිකුත් සියලුම ලේඛණ වල මුල්පිටපත්a A-4 කඩදාසියේ පිටපත්කර කට්ටල දෙකකින් ඉදිරිපත්කල යුතුය.සහතිකවල මුල්පිටපත් වෙනමම ඉදිරිපත් කරන්න. අයදුම්කරු පුද්ගලිකවම ඉදිරිපත් විය යුතුය.
ගමන් බල පත්රය නැතිවූ බවට පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කල යුතුය.ගමන් බලපත්රයේ අංකය පැමිණිල්ලේ සදහන් විය යුතුය.
•
සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්රය හා “ ඩී ” ආකෘති පත්රය.
o ඉල්ලුම් පත්රයේ ඔබගේ ඉතාලි ලිපිනය සදහන් කරන්න.
o අත්සන සදහන් කිරීම( ඊට අදාල කොටු දෙකෙහි කළු ඉරිවල නොගෑවෙන පරිදි සිදුකල යුතුය.)
o පැරණි බලපත්රයේ අත්සන වෙනුවට නව අත්සනක් යොදන්නේ නම් ඒ බව දිවුරුම් ප්රකාශයක් මගින් තහවුරු කල යුතුය.
• සෙන්ටිමීටර් 4.5 X 3.5 ප්රමාණයේ ඡායාරූප 04.
o දෙකන් පැහැදිලිව පෙනෙන, ඉදිරිය බලා සිටින, අදුරු පැහැ නොගැන්වුණු,
o භාහිර ස්වරූපයට හානි නොවන අයුරින් ලබාගත් සංස්කරණය නොකරන ලද.
o ඡායාරූපයේ පසුබිම් වර්ණ ඇදුමෙහි වර්ණයට සමාන නොවන පැහැදිලි ඡායාරූප විය යුතුය.
o කණ්නාඩි පැලැද ඡායාරූප නොගත යුතුය.
• උප්පැන්න සහතිකය. (පරිවර්තනය කරන ලද පිටපත් මුල්පිටපත් ලෙස නොසැලකේ.)
• විවාහයෙන් පසු නම වෙනස් වන්නේනම් ඒ බව සනාත කිරීමට විවාහ සහතිකය.
• නැතිවු ගමන් බලපත්රයේ දත්ත පිටුවේ(පිටු අංක 2 සහ 3) සහ වෙනස් කිරීම් හා නිරීක්ෂණ පිටුවල(පිටු අංක 4 සහ 5) ඡායා පිටපත් ඇත්නම් ඒවා
• ඉතාලිය තුල රැදී සිටීමේ බලපත්රය (SOGGIORNO) හෝ වෙනත් රටක පුරවැසිභාවය ලබා නැති බවට වු සහතික.
• ශ්රී ලංකාවන් පිටත ඉපදී ඇත්නම් පුරවැසි සහතිකය හෝ ඒ සදහා මුදල් ගෙවන ලද කුවිතාන්සි පිටපත.
• නැතිවූ ගමන් බල පත්රයේ ජාතික හැදුනුම්පත් අංකය සදහන්ව නැති විට ජාතික හැදුනුම්පත හෝ එය නැති බවට දිවුරුම් සහතිකයක්.
• තම වෘත්තිය /රැකියාව ගමන් බලපත්රයේ සදහන් කිරීමට අවශ්ය නම් ඒ බව සනාථ කිරීම සදහා වෘත්තීය හෝ අධ්යාපන සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කල යුතුය. (අදාල සහතික විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය මගින් සහතික කර තිබිය යුතුය)
තාවකාලික/හදිසි ගමන් බලපත්ර සදහා අයදුම් කිරීම
තාවකාලික/හදිසි ගමන් බලපත්ර සදහා අයදුම් කිරීමේ ක්රමවේදය
නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම් පත්රය A 4 ප්රමාණයේ කඩදාසියේ ලබා ගත් ඡායා පිටපත් සමග ඉදිරිපත් කල යුතුය.සහතිකවල මුල් පිටපත් වෙනමම ඉදිරිපත් කරන්න.
• සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්රය.
o ඉල්ලුම් පත්රයේ ඔබගේ ඉතාලි ලිපිනය සදහන් කරන්න.
o අත්සන සදහන් කිරීම (ඊට අදාල කොටු දෙකෙහි කළු ඉරිවල නොගෑවෙන පරිදි සිදුකල යුතුය.)
o පැරණි බලපත්රයේ අත්සන වෙනුවට නව අත්සනක් යොදන්නේ නම් ඒ බව දිවුරුම් ප්රකාශයක් මගින් තහවුරු කල යුතුය.
• සෙන්ටිමීටර් 4.5 X 3.5 ප්රමාණයේ ඡායාරූප 04.
o දෙකන් පැහැදිලිව පෙනෙන, ඉදිරිය බලා සිටින, අදුරු පැහැ නොගැන්වුණු,
o භාහිර ස්වරූපයට හානි නොවන අයුරින් ලබාගත් සංස්කරණය නොකරන ලද.
o ඡායාරූපයේ පසුබිම් වර්ණ ඇදුමෙහි වර්ණයට සමාන නොවන පැහැදිලි ඡායාරූප විය යුතුය.
o කණ්නාඩි පැලැද ඡායාරූප නොගත යුතුය.
• දැනට ඇති ගමන් බල පත්රය හා එහි දත්ත පිටුවේ(පිටු අංක 2 සහ 3) සහ වෙනස් කිරීම් හා නිරීක්ෂණ පිටුවල(පිටු අංක 4 සහ 5) ඡායා පිටපත්.
• ගමන් බලපත්රය අස්ථානගතවි ඇත්නම් පොලිස් පැමිණිල්ල ( නැතිවු ගමන් බලපත්ර අංකය පැමිණිල්ලට ඇතුලත් විය යුතුය.) සහ සම්පූර්ණ කරන ලද ,”ඩී “ආකෘති පත්රය (පහතින් ලබා ගත හැක)
• උප්පැන්න සහතිකය. (පරිවර්තනය කරන ලද පිටපත් මුල්පිටපත් ලෙස නොසැලකේ.)
• විවාහයෙන් පසු නම වෙනස් වන්නේනම් ඒ බව සනාත කිරීමට විවාහ සහතිකය.
• ශ්රී ලංකාවන් පිටත ඉපදී ඇත්නම් පුරවැසි සහතිකය හෝ ඒ සදහා මුදල් ගෙවන ලද කුවිතාන්සි පිටපත.
• ගමන් බලපත්රය සහ උප්පැන්න සහතිකය අස්ථාන ගතවී ඇතිවිටක,ශ්රී ලාංකික පුරවැසිභාවය තහවුරු කල හැකි ලියවිලි (ජාතික හැදුනුම්පත/රියදුරු බලපත්රය)
• හදිසි ගමන් බලපත්රයක් අවශ්ය කාරණය සදහන් ප්රකාශය සහ ඒ බව සනාථ කල හැකි ලේඛණ ඇත්නම් ඒවා.
• ගුවන් ගමන් වෙන් කිරීම සනාථ කල හැකි ගුවන් ටිකට්පත හෝ වෙනත් ලියවිලි
• ඉතාලිය තුල රැදී සිටීමේ බලපත්රය (SOGGIORNO) හෝ වෙනත් රටක පුරවැසිභාවය ලබා නැති බවට වු සහතික.
o සිය ගමන් බලපත්රය අස්ථාන ගතවී හෝ කල් ඉකුත්වී ඇති අවස්ථාවක හදිසි කටයුත්තක් සදහා ලංකාවට යාම සදහා පමණක් මෙම ගමන් බල පත්රය ඉල්ලුම්කල හැකි අතර ඒ සදහා අයදුම්කරු පුද්ගලිකවම පැමිණිය යුතුය. වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු සදහා නම් දරුවා සමග දෙමාපියන් දෙදෙනාම පැමිණිය යුතුය.
තාවකාලික /හදිසි ගමන් බලපත්රයක් නිකුත් කල හැක්කේ ආගමන හා විගමන පාලකගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බැවින් අවම වශයෙන් ශ්රී ලංකාවට යාමට දින 14 පෙර අයදුම්පත්රය භාර දිය යුතු බව සලකන්න. හදිසි කාරණා සදහා (මරණයක් හෝ සෞඛ්ය හේතු වැනි) ලංකාවට යාමට අවශ්ය වන විට ඒ බව තහවුරු කල හැකි සාක්ෂි ඉදිරිපත් කරන්නේනම් ආගමන විගමන පාලකගේ අනුමැතිය ලැබීමට පෙර ගමන් බලපත්රය නිකුත් කිරීම පිළිබදව සලකා බැලිය හැක.
දරු උපත් ලියාපදිංචි කිරීම
මුල් අයදුම්පත්රය සහ තවත් එක් පිටපතක්ද අනිකුත් සියලුම ලේඛණ වල මුල්පිටපත්a A-4 කඩදාසියේ පිටපත්කර කට්ටල දෙකකින් ඉදිරිපත්කල යුතුය. දරුවාගේ උපත සිදුවී වසරකට වඩා කල්ගතවී ඇතිවිට ලිපි ගොනු තුනක් ලෙස සකස්කොට ඉදිරිපත් කල යුතුය. අයදුම්පත්රය පිරවීමට පෙර එහි උපදෙස් හොදින් කියවන්න.
අයදුම් කිරීමේ ක්රමවේදය
• නිසි ලෙස සම්පූර්ණ කරන ලද පුරවැසි අයදුම්පත්රය (පුරවැසි 1) හා එහි ඡායා පිටපතක්.
• නිසි ලෙස සම්පූර්ණ කරන ලද උපතක් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්රය.( B 4 හෝ B 6).
• ඉතාලි රජයේ (COMUNE) මගින් නිකුත් කරන ලද දෙමාපියන්ගේ නම් ඇතුලත් දරුවාගේ උප්පැන්න සහතිකය.(NASCITA)
• දෙමාපියන්ගේ විවාහ සහතිකය.( පරිවර්තනය කරන ලද සහතික මුල් පිටපත් ලෙස නොසැලකේ)
• දරුවා ඉපදෙන විට දෙමාපියන් අවිවාහකව/හෝ දික්කසාද වී සිටියේනම් මාතෘත්වය හෝ පීතෘත්වය සම්බන්ධ දිවුරුම් ප්රකාශ.
• දෙමාපියන්ගේ උප්පැන්න සහතිකවල මුල්පිටපත.( පරිවර්තනය කරන ලද සහතික මුල් පිටපත් ලෙස නොසැලකේ)
• දෙමාපියන්ගේ ශ්රී ලංකාවෙන් පිටත ඉපදුනේනම් ඔවුන්ගේ ශ්රී ලාංකික පුරවැසිභාවය සනාථ කරන ලේඛණ වල මුල්පිටපත්.
• දෙමාපියන්ගේ වර්තමාන ගමන් බලපත්ර හා ඒවායේ පහත දක්වා ඇති පිටුවල ඡායා පිටපත්. (දරුවා ඉපදෙන විට මව හා පියා සතුව වෙනත් ගමන් බල පත්ර තිබුනේනම් එවායේද පහත දැක්වෙන පිටු)
o දත්ත ඇතුලත් පිටුවෙහි ඡායා පිටපත්.
o වෙනස් කිරීම් වලට අදාල පිටුවල ඡායා පිටපත්(පිටු අංක 4 -5)
• දරුවා ඉපදෙන විට මව හා පියා සතු වීසා හෝ ඉතාලියේ රැදී සිටීමේ බලපත්රය (SOGGIORNO) හෝ වෙනත් රටක පුරවැසිභාවය ලබා නැති බව සනාථ කල හැකි ලේඛණ.
• දරුවා ඉපදෙන අවස්ථාව වන විට මව හෝ පියා යන දෙදෙනාගෙන් එක් අයෙකු ශ්රී ලාංකිකයෙකුනම් දරුවාට ශ්රී ලංකාවේ උප්පැන්න සහතිකය සහ පුරවැසිභාවය සදහා අයදුම් කිරීමට හිමිකම ඇත.
පරිවර්තනය කිරිම්
ඉතාලි භාෂාවට පරිවර්තනය කිරීම
උපදෙස්:-
1. අදාල සිංහල හෝ දෙමළ මුල් සහතික සහ ඒවායෙහි ඉංග්රීසි පරිවර්තන ඉදිරිපත් කල යුතු අතර එම සියලු ලේඛණ කොළඹ විදේශ කටයුතු අමාත්යාශයේ කොන්සියුලර් අංශය මගින් වසරක් ඇතුලත සහතික කර තිබිය යුතුය.(විදේශ කටයුතු අමාත්යංහයේ කොන්සියුලර් අංශය මගින් සහතික කරන ලද ලේඛණයක් වලංගු වන්නේ සහතික කරන ලද දින සිට එක් වසරක කාලයක් සදහා පමණි)
2. අයදුම්කරු පුද්ගලිකවම පැමිණ ලියකියවිලි ඉදිරිපත් කල යුතු අතර, ඔහු/ ඇයගේ විදේශ ගමන් බලපත්රය සහ ඉතාලියේ රැදී සිටීමේ බලපත්රය (SOGGIORNO) ඉදිරිපත් කල යුතුය.
3. ඉහත සියලු ලේඛණවල ඡායා පිටපත බැගින්ද ඉදිරිපත් කල යුතුය.
ඉතාලි ලේඛණ ඉංග්රීසි භාෂාවට පරිවර්තනය කිරීම
ඉතාලි ලේඛණ ඉංග්රීසි භාෂාවට පරිවර්තනය කිරීමට නම් එම ලේඛණ ඉතාලි රජයේ ප්රිෆෙක්තුරා (PREFECTTURA) / ප්රකූරා (PROCURA) යන ආයතන වලින් සහතික කර තිබීම අනිවාර්යවේ.
උදාහරණ :-
• පොලිස් වාර්තා ප්රකූරා (PROCURA) ආයතනය
• ඉතාලි පුරවැසි සහතික ප්රිෆෙක්තුරා (PREFECTTURA) ආයතනය
කොන්සියුලර් ප්රකාශ නිකුත් කිරීම
කොන්සියුලර් ප්රකාශ සදහා අයදුම් පත්රය
මෙම කොන්සියුලර් ප්රකාශය නිකුත් කිරීම සදහා ඉදිරිපත් කරන සියලුම ලේඛණ/සහතිකවල, සදහන් නම් අතර පරස්පරතා නොතිබිය යුතුය
• සම්පූර්ණ කරන ලද පහත සදහන් අයදුම් පත්රය
• ඉල්ලුම්කරුගේ වලංගු ගමන් බලපත්රය. (ඡායා පිටපත් සමග)
• ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතික (Original)සමග ඉංග්රීසි පරිවර්තනය. (ඡායා පිටපත් සමග)
• ඉල්ලුම්කරු විවාහක නම් විවාහ සහතිකය සමග ඉංග්රීසි පරිවර්තනය. (ඡායා පිටපත් සමග)
• ඉල්ලුම්කරුගේ කලත්රයාගේ (බිරිද හෝ ස්වාමි පුරුෂයාගේ) හා දරුවන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත් සමග ඉංග්රීසි පරිවර්තන.(ඡායා පිටපත් සමග)
(මේ සදහා ඉදිරිපත් කරන උප්පැන්න/මරණ/ විවාහ සහ අනිකුත් සිංහල හෝ දෙමළ මුල් සහතික (Original) සහ ඒවායෙහි ඉංග්රීසි පරිවර්තන කොළඹ විදේශ කටයුතු අමාත්යාශයේ කොන්සියුලර් අංශය මගින් වසරක කාලයක් තුලදී සහතික කර තිබිය යුතුය.(විදේශ කටයුතු අමාංත්යාංශයේ සහතික කිරීම වලංගු වන්නේ සහතික කරන ලද දින සිට එක් වසරක කාලයක් සදහා පමණි)
• ල්ලුම්කරුගේ කලත්රයාගේ (බිරිද හෝ ස්වාමි පුරුෂයාගේ) හා දරුවන්ගේ ගමන් බලපත්ර (ඡායා පිටපත් සමග)
• ඉල්ලුම්කරුගේ ඉතාලි හැදුනුම් පත හා රැදී සිටීමේ බලපත්රය.(ඡායා පිටපත් සමග)
• මෙම කොන්සියුලර් ප්රකාශයට ඉල්ලුම්කරුගේ ඉතාලි ලිපිනය / ලංකාවේ ලිපිනය ඇතුලත් කිරීමට අවශ්යනම් ඒ බව තහවුරු කිරීමට ඉතාලි හැදුනුම්පත / ශ්රී ලංකාවේ ජාතික හැදුනුම්පත හෝ ලිපිනය තහවුරු කල හැකි වෙනත් පිළිගත හැකි ලේඛන ඉදිරිපත් කල යුතුය. (ඡායා පිටපත් සමග)
• එක් කොන්සියුලර් ප්රකාශයක් සදහා සේවා ගාස්තුව යූරෝ 25/=
දිවුරුම් ප්රකාශ සහ ඇටෝර්නි බලපත්ර සහතික කිරීම
දිවුරුම් ප්රකාශ සහ ඇටෝර්නි බල පත්ර සහතික කිරීම
• සම්පූර්ණ කරන ලද දිවුරුම් ප්රකාශය හෝ ඇටොර්නි බලපත්රය.
• ඉල්ලුම්කරුගේ ශ්රී ලංකා වලංගු ගමන් බලපත්රය සහ ජායාපිටපතක්
• ඉල්ලුම්කරුගේ ඉතාලි වලංගු Soggiorno
• සාක්ෂිකරුවන්ගේ ශ්රී ලංකාවේ වලංගු ගමන් බලපත්ර සහ ජායාපිටපතක් බැගින්.
• ඉල්ලුම්කරු හා සාත්ෂිකරුවන්ගේ රැදී සිටීමේ බලපත්ර හෝ ඉතාලි පුරවැසිභාවය ලබා නැති බව සනාථකල හැකි ලේඛණ.
සැලකියයුතු කරුණු
• ඇටෝර්නි බලපත්රය පිළියෙල කරන ලද නීතිඥ වරයාගේ නම සහ ලිපිනය ඇටෝර්නි බලපත්රයෙහි මුල් පිටුවෙහි ඉහළ හා ඉල්ලුම්කරුගේ ඉතාලි ලිපිනය ඊට අදාල ස්ථානයේ සදහන් කරන්න.
• සාක්ෂි කරුවන්ගේ නම්, ඉතාලි ලිපිනයන්, හා ගමන් බලපත්ර අංක සාක්ෂිකරුවන් අත්සන් කිරීමට ඇති නියමිත ස්ථානයේ පැහැදිලිව සදහන් කරන්න.
• සම්පූර්ණ කරන ලද ” ඇටෝර්නි බලපත්රයෙහි මුල් පිටපතට අමතරව එහි ඡායා පිටපතක්ද ඉල්ලුම්කරුගේ ගමන් බලපත්රය රැදී සිටීමේ බලපත්රයද, ඉතාලි හැදුනුම්පතේ ඡායා පිටපත බැගින් ද සාක්ෂිකරුවන්ගේ ගමන් බලපත්ර පිටපත බැගින්ද ඉදිරිපත් කල යුතුය.
• අත්සන් කිරීම සිදුකල යුත්තේ තානාපති කාර්යාලයේ රාජ්ය තාන්ත්රික නිලධාරියෙකු ඉදිරිපිටදීය.
පොලිස් නිශ්කාෂණ වාර්තා
අයදුම් කිරීමේ ක්රමවේදය
පොලිස් වාර්තාව ඔබගේ ඉතාලි ලිපිනයට ගෙන්වා ගැනීමට අවශ්යනම් කුරියර් සේවාව සදහා නියමිත ආකෘතියද සම්පූර්ණකර ඉදිරිපත් කල යුතුය.
• සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්රය.
o ඉල්ලුම් පත්රයේ ඔබගේ ඉතාලි ලිපිනය සදහන් කරන්න.
o අත්සන සදහන් කිරීම (ඊට අදාල කොටු දෙකෙහි කළු ඉරිවල නොගෑවෙන පරිදි සිදුකල යුතුය.)
o පැරණි බලපත්රයේ අත්සන වෙනුවට නව අත්සනක් යොදන්නේ නම් ඒ බව දිවුරුම් ප්රකාශයක් මගින් තහවුරු කල යුතුය.
• උප්පැන්න සහතිකය. (පරිවර්තනය කරන ලද පිටපත් මුල්පිටපත් ලෙස නොසැලකේ.)
• ඔබ සතු වලංගු ශ්රී ලංකා විදේශ ගමන් බලපත්රය
• ශ්රී ලංකාවේ ජාතික හැදුනුම්පත හෝ එහි පැහැදිලි ඡායා පිටපතක් (හැදුනුම්පතෙහි ඡායා පිටපතක් හෝ නොමැතිනම් අයදුම්පත ප්රතික්ෂේපවේ.)
• ලිපිනය සදහන් කිරීමේදි ඔබගේ ඉතාලි ලිපිනය සහ සම්බන්ධ කල හැකි දුරකතන අංකය සදහන් කල යුතුය.
• ඔබගේ ඉතාලිය තුල රැදී සිටීමේ බලපත්රය (SOGGIORNO) හෝ වෙනත් රටක පුරවැසිභාවය ලබා නැති බවට තහවුරු කල හැකි ලේඛණ.
ගමන් බලපත්ර “කුරියර්” මගින් ලබාගැනීම
අයදුම් කිරීමේ ක්රමවේදය
එබදු වැරදි නිසා සිදුවන ප්රමාදයන් හෝ ලියවිලි අස්ථාන ගතවීම පිළිබදව තානාපති කර්යාලයට වගකීමක් නැත. එබැවින් මෙම ආකෘතිය නිවැරදිව සම්පූර්ණ කරන ලෙස හා සම්පූර්ණ කිරීමේදී ඉංග්රීසි කැපිටල් අකුරු පමණක් භාවිතා කරන ලෙසත් දුරකථනයට ප්රතිචාර දක්වන ලෙසත් දන්වා සිටිමු.
• දුරකතන අංකය පැහැදිලිව සදහන් කල යුතුය.
• “CAP” සංකේතය නිවැරදිව සටහන් කරන්න.
• චිතපෝනයේ ඇති (DOOR BELL) (ඔබගේ නම නොවිය හැක) සහ අංකය සදහන් කරන්න.
• ඔබගේ නම නිවැරදිව ලියන්න
• නිවැරදි ලිපිනය සදහන් කරන්න.
සැලකිය යුතුය
“කුරියර්” සේවාව මගින් ලියවිලි ලබා ගැනීමට අයදුම්පත තානාපති කාර්යාලයට භාරදුන් පසු ඔබගේ ලිපිනය වෙනස් කිරීමක් කරන්නේනම් “කුරියර්” සේවාව මගින් ලියවිලි ලබාගන්නා අවස්ථාවේදී වැඩිපුර ගෙවීමක් කිරීමට සිදුවේ. එසේම කුරියර් ආයතනය විසින් දන්වනු ලබන ඔවුන්ගේ ලගම පිහිටි ප්රාදේශීය කාර්යාලයට ගොස් අමතර මුදල ගෙවා ලියවිලි ලබා ගැනීමට සිදුවේ. තවද දුරකථනයට ප්රතිචාර නොදැක්වීම නිසා තානාපති කාර්යාලය වෙත ආපසු එවනු ලැබුවහොත් ඔබ පුද්ගලිකවම පැමිණ එම ලියවිලි හෝ ගමන් බලපත්ර ලබාගත යුතුය.
මරණයන් ලියාපදිංචි කිරීම
ඉතාලිය, සයිප්රස්, ග්රීසිය මෝල්ටාව ඇල්බේනියාව සහ සැන් මැරිනෝ රටවල දී සිදුවන ශ්රී ලාංකිකයන්ගේ මරණයන් ලියාපදිංචි කිරීම හා මරණ සහතික ලබාගැනීම සදහා මෙම තානාපති කාර්යාලය මගින් අයදුම් කල කලහැකිය.
අයදුම් කිරීම මියගිය අයගේ සමිපතම ඥාතියෙකු (කාලත්රයා/දුදරුවන්,දෙමාපියන් සහෝදර සහෝදරියන් හෝ මරණය සිදුවන අවස්ථාවේදී අසල සිටි සමීපතමයකු) මගින් සිදු කළහැක .
අවශ්ය උපදෙස් හා ඉදිරිපත් කලයුතු ලියකියවිලි
• සම්පුර්ණ කරනලද අයදුම් පත්රය
o B11 පෝරමය (මාස 3 ක් ඇතුලතදී සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම සදහා)
o B15 පෝරමය (මාස 3 ක් ඉකුත් වූ මරණයක් ලියාපදිංචි කිරීම සදහා)
• මාස තුනක් ඇතුලතදී මරණයක් ලියාපදිංචිවී කිරීමට නොහැකි වූ කරුණු සදහන් ප්රකාශය
• මරණය සිදුවන අවස්ථාවේ මියගිය තැනැත්තා එම රටේ පදිංචිව සිටි බවට තහවුරු කිරීමේ ලියවිලි (එම තැනැත්තාගේ වලංගු ගමන් බලපත්රය, රැදිසිටීමේ විසා බලපත්රය හා ඉතාලි හැදුනුම්පත)
• මරණය සිදුවූ රටින් ලබාදෙන මරණ සහතිකය (ලියවිල්ල) / ( Death Certificate) / (Certificato di Morte)
• මරණය සිදුවූ රටින් ලබාදෙන පශ්චාත් මරණ පරීක්ෂණ වර්තාව / මරණය පිළිබදව සෞඛ්ය බලධාරීන් විසින් නිකුත් කල සහතිකය (මරණයට හේතුව ඉතා නිවැරදිව සදහන්ව තිබිය යුතුය) Postmortem / Medical Death Certificate (Certificato con Cause Mediche di Morte)
• භූමදානය / ආදාහනය සදහා ලබාදුන් අවසර පත්රය Burial Permit (Permesso al Seppellimento)
• භූමදානය / ආදාහනය සිදුකල බවට ඉතාලි බලධාරීන් ලබාදෙන සහතිකය (අවසන් කටයුතු ලංකාව තුල සිදුකරන ලද්දේ නම්අ වශ්ය නොවේ Burial /Crimination Report (Rapprto di Cremazione / Sepoltura)
• දේහය ශ්රී ලංකාවට රැගෙනයාම සදහා හෝ මරණය සිදුවූ රටතුළ අවසන් කටයුතු සිදුකිරීම පිළිබදව වීරෝධතාවයක් නොමැති බවට තානාපති කාර්යාලය මගින් නිකුත් කළ සහතිකය (Nulla Osta)
• දේහය ලංකාවට ගෙනයාම සිදුකලේනම් ඒ බව තහවුරු කිරීමේ ලියවිලි (ගුවන් ප්රවාහන ලදුපත) ආදාහනය / භූමදානය කිරීමේ සහතිකය (Rapprto di Cremazione / Rapprto di Sepoltura)
• මරණය ලියාපදිංචි කිරීම සදහා ඉල්ලුම් කරන ඉල්ලුම්කරු / ඉල්ලුම්කරියගෙ අනන්යතාවය සහතික කිරීමේ ලියැකියවිලි
o වලංගු ගුවන් ගමන් බලපත්රය
o ඥතිත්වය තහවුරු කිරීමේ ලේඛනයන් ( කාලත්රයා නම් විවාහ සහතිකය)
o රැදී සිටින රටේ හැදුනුම්පත, රැදී සිටීමේ විස බලපත්රය