Haifa sri lankan community

Haifa sri lankan community ❤️ හයිෆා ලාංකීය එකමුතුව❤️

🌕 හයිෆා මහා පොසොන් උත්සවය - ජූනි 27 සෙනසුරාදා 🌕​Haifa Sri Lankan Community වෙතින් සංවිධානය කරන උතුම් පොසොන් පිංකම සඳහා ඔ...
19/06/2026

🌕 හයිෆා මහා පොසොන් උත්සවය - ජූනි 27 සෙනසුරාදා 🌕
​Haifa Sri Lankan Community වෙතින් සංවිධානය කරන උතුම් පොසොන් පිංකම සඳහා ඔබ සැමට ආරාධනා! 🙏
​📍 ස්ථානය: හයිෆා හි ජෙරුසලම් මාවතේ අංක 29
⏰ වේලාව: පෙරවරු 10.00 සිට දවස පුරා
​✨ විශේෂාංග:
• ගලිගමුවේ ධම්මවිශුද්ධි හිමිපාණන්ගේ කාලීන ධර්ම දේශනාව
• දහවල් දානමය පිංකම (පෙ.ව. 11.15)
• පොසොන් මහා දන්සල (දවල් 1.00 - සවස 5.00)
• බැති ගී සහ ආගමික වතාවත්
​මෙම පින්බර අවස්ථාවට ඔබත් සම්බන්ධ වන්න!

18/06/2026

වෙස්සන්තර බිසෝවට පෙම් බැඳි" අපේ ආදරණීය මතකයන් ආයෙමත් අලුත් කරන්න... ඊශ්‍රායලයේ ඉන්න අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් Be Safe Haifa වෙතින් පිදෙන වසරේ දැවැන්තම නත්තල් තෑග්ග! 🎄✨
​"Stay Strong - Never Alone" කියන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන, අපි හැමෝම එකතු වෙන "Tel Aviv Mega Christmas Bash" එකට මෙවර අපේ රටේ අමරණීය හඬ, නාමල් උඩුගම සමඟ සුපිරි සංගීත කණ්ඩායම "Sunflower" එකතු වෙනවා! 🎸🎤
​වෙනදාට වඩා වෙනස්ම, හැඟීම්බර වගේම උපරිම ෆන් එකක් ගන්න පුළුවන් "මතකයේ රැඳෙන ඒ අමතක නොවන දවස" කරගන්න හැමෝම සෙට් වෙමු Tel Aviv වලදි. ❤️‍🔥
​🗓️ Date: December 19
📍 Location: Tel Aviv, Israel
🤝 Proudly Organized by: Be Safe Haifa
​තවත් විස්තර ළඟදීම! 👀🔥

14/06/2026

🪔 බැති සිතින් ඔබ සැමට ආරාධනා 🙏✨
​දේශ සීමා තැකීමක් නැතිව, මව්බිමෙන් ඈත්ව සිටියත් අපේකම සහ ආගමික උරුමයන් හදවතින්ම රකින සුන්දර මොහොතක්. හායිෆා ශ්‍රී ලාංකික එකමුතුව (Haifa Sri Lankan Community) සංවිධානය කරන උතුම් පොසොන් පින්කම් මාලාව 🇱🇰🤝🇮🇱

​📍 ස්ථානය: හයිෆා, ජෙරුසලම මාවත-අංක 29
📅 දිනය: ජූනි 27 (සෙනසුරාදා)
​සිත් සනසන, දෑත් එක්කරන මෙවන් උතුම් පින්කම් තුළින් සැමට සැනසීම උදාවේවා! 🌸✨

12/06/2026

"හයිෆා මිතුරො" වෙසක් පොහොය වෙනුවෙන් ඉදිරිපත් කල මහා මහන් කුඩූව සහ බත් දන්සැලෙ මතක සටහන් ...🇱🇰🇮🇱🇮🇱🇱🇰🇱🇰

🔴 BREAKING: ලොව පුරා ෆේස්බුක් (Facebook) සහ මෙටා යෙදවුම් දැවැන්ත බිඳවැටීමක!​ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ට ...
12/06/2026

🔴 BREAKING: ලොව පුරා ෆේස්බුක් (Facebook) සහ මෙටා යෙදවුම් දැවැන්ත බිඳවැටීමක!
​ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ට ෆේස්බුක් (Facebook), ඉන්ස්ටග්‍රෑම් (Instagram) සහ වට්ස්ඇප් (WhatsApp) ගිණුම් වෙත පිවිසීමට නොහැකි වෙමින් පවතින බව වාර්තා වේ.
​ප්‍රධාන ගැටලු: ස්වයංක්‍රීයව ගිණුම්වලින් Log out වීම, News Feed යාවත්කාලීන නොවීම සහ පණිවිඩ හුවමාරු කර ගැනීමට නොහැකි වීම.
​වත්මන් තත්ත්වය: මේ වන විට Downdetector වෙබ් අඩවිය වෙතද මේ පිළිබඳව පැමිණිලි ලක්ෂ ගණනින් ලැබෙමින් පවතී. මෙය Meta සමාගමේ ප්‍රධාන සර්වර් (Server) පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් බවට සැක කෙරේ.
​💡 විශේෂ දැනුම්දීමයි: මෙය ඔබේ දුරකථනයේ හෝ අන්තර්ජාල සේවාවේ දෝෂයක් නොවන බැවින්, නැවත නැවත Passwords ඇතුළත් කිරීමෙන් හෝ App එක Delete කර නැවත Install කිරීමෙන් වළකින්න. Meta සමාගම මේ වන විටත් මෙය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටියි.
​ඔබටත් මෙම ගැටලුවට මුහුණ දීමට සිදු වුණාද? පහළින් Comment එකක් දාගෙන යන්න! 👇

11/06/2026

හයිෆා මහා පහන් කූඩුව හා බත් දන්සැල අසල දී

09/06/2026

🍲 වැඩත් එක්ක බිසී වෙලා, ලංකාවේ රසට කෑමක් කන්න විදිහක් නැතුවද ඉන්නේ? 🤔

​එහෙනම් මෙන්න ඔබට තියෙන හොඳම සහ රසවත්ම විසඳුම! ඉශ්‍රායලයේ හයිෆා අවට වෙසෙන ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්ම වෙන්වූ Dilini's Kitchen වෙතින්, නිවසේදීම සකස් කළ පිරිසිදු, ගුණදායී ආහාර වේලක් සාධාරණ මිලකට දැන් ඇණවුම් කරගන්න.
මසයක් සදහා..👉
​🍱 කෑම 01 - 700 NIS
​🍱 කෑම 02 - 1300 NIS
​ඕනෑම උත්සව අවස්ථාවකට හෝ ඔබේ දෛනික අවශ්‍යතා සඳහා අදම අප අමතන්න! 🇱🇰🤝🇮🇱

​🛒 Order Now!
📞 Tel: +92 58 506 0087
📲 ෆේස්බුක් පිටුව: Dilini's Kitchen

🙏🙏🙏
07/06/2026

🙏🙏🙏

දන් දීමේ මෙලොවදීම අත්දැකිය හැකි ආනිශංස බුදු හිමියන් මෙසේ වදාළහ:🧎🙏​දන් දෙන තැනැත්තා බොහෝ දෙනාට ප්‍රිය මනාප කෙනෙක් වේ.🙏​සත...
07/06/2026

දන් දීමේ මෙලොවදීම අත්දැකිය හැකි ආනිශංස බුදු හිමියන් මෙසේ වදාළහ:🧎
🙏​දන් දෙන තැනැත්තා බොහෝ දෙනාට ප්‍රිය මනාප කෙනෙක් වේ.
🙏​සත්පුරුෂයන් (රහතුන්, සිල්වතුන්) ඔහු ඇසුරු කරයි.
🙏​කල්‍යාණ කීර්ති රාවයක් (හොඳ නමක්) සමාජය පුරා පැතිර යයි.
🙏​රජ මැදුරකට, මහණ පිරිසකට හෝ ඕනෑම සභාවකට බිය නැතුව, විශාරදව යාමට හැකි වේ.
🙏​මරණින් මතු සුගතිගාමී (දෙව්ලොව) උපතක් ලබයි.
Nuwan Dias 🙏🙏

06/06/2026

පොසොන් මංගල්‍යය වෙනුවෙන් හයිෆා පැවැත්වෙන කාලීන ධර්ම දේශනාව සහ බත් දන්සැල පැවැත්වෙන ශාලාව සදහා සම්පූර්ණ අනුග්‍රහකත්වය ලබා දී මහගු පිංකමට දායක වූ හයිෆා මිතුරො සංවිධානයේ සහොදර සහොදරියන්ට අපගෙ හෘදයාංගම ස්තූතිය ..🙏🙏

Address

Hehaluts 46
Haifa

Website

Alerts

Be the first to know and let us send you an email when Haifa sri lankan community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share