09/01/2026
📍ජාතික ජන බලවේගය ආණ්ඩුව ජයග්‍රහණය කරන්න ඉස්සෙල්ලා ඉඳලම ගොඩක් මැතිවරණ වලට ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රකාශ දිහා බැලුවොත් පෙනෙනවා ඒ හැම එකෙදිම මූලිකත්වය දීලා තිබුණේ ජනතා පාලනයක් ඇති කරනවා කියන පොරොන්දුව.
📍Peoples Administration එකක්, ජන සහභාගිත්ව ආණ්ඩුවක් හදනවා කියන එක තමයි මූලිකම පොරොන්දුව උනේ..
📍අද රැස් වළලු දාගෙන ඉන්න දේශපාලඥයෝ නැහැ. ආරක්ෂකයෝ පිරිවරාගෙන පාරවල් වහගෙන යන ජනාධිපතිවරු මැති ඇමැතිවරු නැහැ.
📍මන්ත්‍රී ඇමතිවරුන්ගෙ ලියුම් වලට රැකියා දෙන, පාසලට ලමයි ඇතුල් කරගන්න, තමන්ට ඕන විදියට මාරුවීම හදන, පොලිසියට තර්ජනය කරන, දේශපාලකයන්ට ඕන අය නිදහස් කරන, බාධාවක් වෙන අය ඇතුලට දාන සංස්කෘතිය ඉවරයි..
📍ඇමතිවරු තමන්ව ප්‍රවර්ධනය කර ගැනිම සදහා ජනතා බදු මුදල් නාස්ති කරපු කාලෙ ඉවරයි.. මතකනෙ ඇතුළත් මුදලි මහපොල දීපු හැටි.. ඒයා ඒක දුන්නෙ හරියට එයාගෙ ගෙදරින් ගෙනාපු සල්ලි බෙදනව වගේ. එතකොට ගාමිණී දිසානායක එයාගෙ අම්මගෙ තාත්තගෙ ඉඩම් බෙදනව වගේ මහවැලි ඉඩම් බෙදපු හැටි මතකයිනෙ.. ඒ වගේම අර නැති බැරි අය ඇති හැකි අය කරන්න ගම් උදාව ප්‍රොජෙක්ට් එක කරපු ප්‍රේමදාස.. ඒ ගොල්ලො මේ ප්‍රොජෙක්ට් කලේ හරියට තමන්ගෙ සල්ලි වලින් මේව කරනවා වගේ.. මේ ප්‍රොජෙක්ට් සංදර්ශනය කරන්න මිලියන ගනන් ජනතා මුදල් නාස්ති කලා. ඔය වගේ ප්‍රොජෙක්ට් මහ ගොඩක් ඔබට මතක් වේවි.. අපේ රට හෙන ගැහුවේ මේ වැරදි දේශපාලන ක්‍රමයයි.. අද ඒක ඉවරයි.
📍මහ උත්සව නැහැ.. සංදර්ශන නැහැ... එක එක අය තරගයට කරන පුද්ගල ප්‍රවර්ධන නැහැ.. ටීම් එකක් විදියට වැඩ ටික කරගෙන යනවා.
මේ ආණ්ඩුව පත් කරපු ජනතාවට වගේම, ඇත්ත වෙනසක් බලාපොරොත්තු වෙච්ච ජනතාවට සතුටු වෙන්න මේ වෙනම උනත් මදිද.....❤️🩹❤️🩹❤️🩹❤️🩹