මානූෂීය දැක්ම සංවිධානය Manushiya Dakma Sanvidanaya

මානූෂීය දැක්ම සංවිධානය Manushiya Dakma Sanvidanaya ලොව්තුරා අමාමහ බුදු පියාණන් වහන්සේගේ දර්ශනයට අනුව ජීවත් වන ශක්තිමත් හෙළ ජාතියක් ගොඩ නැගීම

2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ සංස්ථාගත සංවිධානයකි.(G/A 00201604)

06/02/2026
31/12/2025

බුදුරජාණන් වහන්සේ නීග්‍රෝධාරාමයේ වැඩවසන විට ශාක්‍යයන් සහ කෝලිතයන් අතර සටනක් ඇතිවුණා. ඒ රෝහණී නදියේ දියවරට. ඒ දොගොල්ලම බු...
03/12/2025

බුදුරජාණන් වහන්සේ නීග්‍රෝධාරාමයේ වැඩවසන විට ශාක්‍යයන් සහ කෝලිතයන් අතර සටනක් ඇතිවුණා. ඒ රෝහණී නදියේ දියවරට. ඒ දොගොල්ලම බුදුන්ගේ නෑයෝ. මේ රෝහණී නදිය ගලා ගියේ කිඹුල්වත් නුවර සහ දෙව්දහ නුවර අතරින්.

රෝහණී නදියේ ජලය බෙදාගන්න මුලින්ම සටන් කළේ දෙනුවර ගොවියෝ. එය දුරදිග ගියා. ගම් ප්‍රධානීන් ඊට එකතුවුණා. කෙමෙන් රජවරුත් මැදිහත් වුණා. පසුව හමුදා ගෙන මහ සටනක් කළා. ජීවිත විනාශ වුණා. දේපල විනාශ වුණා.

බුදුන් වහන්සේ සටන් බිමට වැඩම කළා. ඔවුන් සටන් නතර කළා. බුදුන් වහන්සේට නමස්කාර කළා. දෙපැත්තට වුණා.
මහරජ දරුවනි! ඔබ දෙගොල්ල නෑයෝ නේද? බුදුන් විචාළා.

ඔවුන් නිහඬ වුණා.

යුද්ධයෙන් වෙන්නේ විනාශයක්

නෑයන් යුද වැදීම සුදුසු නෑ. ඉන් සිදුවන්නේ මහා විනාශයක් යැයි කරුණු කාරණා පහදා දී බුදුන් වහන්සේ මෙම කථාව වදාළා.

යටගිය දවස බරණැස් නුවරට නුදුරුව වන පෙතක් තිබුණා. එහි වාසය කළේ කුරුල්ලන් විතරයි. එයිනුත් වැඩිපුර සිටියේ වටු කුරුල්ලෝ. උන් රංචුවක් වශයෙන් එකට සිටියා. ඒ නිසා විශාල රංචුවක් වුණා.

මේ වටු රංචුවේ නායකයෙක්ද උන්නා. ඌ ගුණවත් යහපත් එකෙක්. රංචුව හොඳින් රැකබලාගත්තා. උන්ට මේ වනපෙතේ කෑමබීම හිඟවුණේ නෑ. පල වැල පිරිලා කලක් එසේ ගෙවී යනවිට කුරුලු වැද්දෙක් මේ වනපෙතට ආවා. ඔහුට වටුවන්ට වගේ හඬ නගන්න පුළුවන්. මේ වැද්දා වටුවන් ඉන්න පෙදෙසට ඇවිත් සැඟවී වටුවෙක් වගේ හඬ නැගුවා. වටුවෝ ඒ හඬ ඔස්සේ ආවා. වැද්දා දැල දැමුවා. වටුවන් දැලට අසුවුණා. ඔහු උන් අල්ලාගෙන ගොස් විකුණා අඹුවත් සමඟ ජීවත් වුණා.

කාලය එසේ ගෙවී ගියා. රංචුවේ වටුවන් අඩුවුණා. එය නායකයාට දැනුණා. ඌ වටුවන් රුස් කළා.
බලන්න මේ රංචුවේ උන් අපේ සමහර නෑයන් මිතුරන් අද නෑ. විනාශවෙලා. එසේ වූයේ ඇයි? ඔබ දන්නේ නෑ, ඒ නෑයන් මිතුරන් අර වැද්දාගේ හඬට රුවටිලා. උගේ දැලට අසුවෙලා අපිට අහිමි වුණා. හෙට අනිද්දා ඒ ඉරණම ඔබට අත්වෙයි.

එක උපායයි තිබෙන්නේ

නායකතුමනි, අපි ඉන් ගැලවෙන්නේ කෙසේද? උන් ඇසුවා. ඊට එක උපායයි තියෙන්නේ.

ඒ කුමක්ද?

ඔය වැද්දා ඔබ මතට දැල දැමූවිට එකිනෙකා එකවගේ දැලේ හිල් අස්සෙන් හිස දමා එකට පියාඹන්න ඕනෑ. එතකොට දැල ඔසවාගෙන ඉගිල ගිය හැකියි. එසේ ඉගිල ගොස් කටු ලැහැබක වහන්න ඕනෑ. එවිට දැල කටුලැහැබේ දැවටෙනවා. ඔබට පුළුවන් ඉන් බේරිලා ඉගිල යන්න. වටු නායකයා කිව්වා.

මීට පස්සේ අපි එසේ කරමු වටුවෝ කිව්වා.

පසුදින කුරුලු වැද්දා ආවා. සුපුරුදු හඬ නැගුවා. වටුවෝ ආවා. වැද්දා දැල දැමුවා. වටුවෝ නායකයා කිව් ලෙස දැලත් අරන් ඉගිලුණා. ඉගිල ගොසින් කටුලැහැබක වැසුවා. ඉන් බේරී පලා ගියා.

වැද්දා පුදුම වුණා. බොහොම අමාරුවෙන් කටු ඇනගෙන දැල බේරාගෙන හිස් අතින් ගෙදර ගියා. වැද්දා එය එතැනින් අතහැරියේ නෑ. හැමදාම දැල දැමුවා. වටුවෝත් දැල අරන් ඉගිලුණා. වැද්දා හිස් අතින් ගෙදර ගියා
මේ හේතුව නිසා වටු වැද්දාගේ ගෙදර අගහිඟ ඇතිවුණා. බිරියට ඉවසුම් නැතිව ගියා. මොකක්ද මිනිහෝ මේකේ තේරුම ඇය ඇසුවා.

මොකක්ද තේරුම කිව්වේ.

ඔබ දැල අරන් වනයට යනවා. හිස් අතින් ආපසු එනවා. ගෙදර හරියේ කන්න හදන්න කිසිවක් නෑ.

මම මොනව කරන්නද ඒකට.

අඹුව හොඳටම කෝප වුණා. ඔය වැඩේ හරියන්නේ නෑ. ඔබ කැලෑවට යන්න එපා වෙනත් රැකියාවක් සොයාගන්නවා. එතකොට ගෙදර අග හිඟ නැති කරගන්න පුළුවන්.

යෝදියේ මට වෙන රැකියා කරන්න දන්නේ නෑ. තව ටික දවසක් ඉවසපන්. දැන් මට වටුවන් අල්ලන් බැරි උන්ගේ සමගිය නිසා. උන් දැල අරගෙන ඉගිලෙන නිසා. ඔය සමගිය වැඩි දවසක් තියෙන්නේ නෑ. එතකොට මට උන් අල්ලාගන්න පුළුවන්. උන් උඹට ගෙනත් පෙන්නන්නම් කිව්වා. බිරිය නිහඬ වුණා.

ඒ කිව්වා වගේම සිදුවුණා. වටුවන් රංචුව ගොදුරු සොයා ගොදුරු බිමකට බැස්සා. එක වටුවකුගේ නොසැලකීම නිසා තවත් වටුවකුගේ හිසට උගේ කකුල වැදුණා. ඉන් ඌට රිදුණා. කෝපවුණා. හැබැයි කකුල වැදුණු වටුවා ඌ දැක්කේ නෑ. ඌ වටුවන්ට දොස් කිව්වා. එය උන් අතර සටනක් වුණා. එය නායකයා දැක්කා. ඇවිත් සටන නතර කෙරුවා. එහෙත් වටුවන් අතර මෙතෙක් තිබූ සමගිය නැතිවෙන වග ඌ දැනගත්තා. වටු රංචුවෙන් ඈත් වී වෙනත් දිසාවකට ඉගිල ගියා.

වටු වැද්දා සුපුරුදු ලෙස ආවා. හඬ නැගුවා. දැල එලුවා. වටුවෝ කොටුවුණා. අසමගිය නිසා වෙනදා මෙන් කඩිනමින් දැල අරන් ඉගිලුණේ නෑ. පමාවෙන් වැද්දා ප්‍රයෝජන ගත්තා. දැල අකුලුවා ගත්තා. වටුවන් අරන් ගොස් අඹුවට පෙන්නුවා. ඇය සතුටු වුණා. මහරජවරුනි! නෑයන් දබර වෙන්න ගියොත් වටුවන්ට වුණු දේ වෙන්නේ බුදුන් වදාළා.

සම්මෝදමාන ජාතකය ඇසුරින්

Address

Cabot
Bristol

Alerts

Be the first to know and let us send you an email when මානූෂීය දැක්ම සංවිධානය Manushiya Dakma Sanvidanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organisation

Send a message to මානූෂීය දැක්ම සංවිධානය Manushiya Dakma Sanvidanaya:

Share