නිවනට දොර විවර වන පින Niwanata Dhora Wiwara Wana Pina

  • Home
  • Australia
  • Perth, WA
  • නිවනට දොර විවර වන පින Niwanata Dhora Wiwara Wana Pina

නිවනට දොර විවර වන පින Niwanata Dhora Wiwara Wana Pina Namo Buddhya
"It starts with understanding of suffering, not by mere mind, but by the purified mind."

තාවතිංස යාත්‍රා සංවිධානය


මඝ මානවකයන්ගේ මග අනුව යමින් තාවතිංසය බලා යාත්‍රා කරනු පිණිස අප විසින් පූරණය කිරීමට බලාපොරොත්තු වන පුණ්‍ය ව්‍යාපෘතීන් අතරින් බොහෝමයක් සඵල කර ගැනීම
https://www.tawatinsayatra.org/



සක් දෙවිඳුගේ උතුම් ව්‍රත හත
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්‍ෂූන් වහන්සේලා ඇමතු

වා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්‍ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් මහණෙනි, ඔය ශක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ලෝකෙ ඉන්න කොට ඔහුගෙ නම ‘මඝ’. ඒ නිසයි ශක්‍ර දෙවියන්ට ‘මඝවා’ කියන්නෙ. පින්වත් මහණෙනි, ඔය ශක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතය ගතකරන කොට, හැම තැනකදීම මුලින්ම දන් දෙන්නෙ ඔහු තමයි. ඒ නිසා ඔහුට ‘පුරින්දද’ කියල කියනවා. පින්වත් මහණෙනි, ඔය ශක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතේ ගත කරන කොට, පිළිවෙළකට සකස් කරලයි දන් දුන්නෙ. ඒ නිසයි ඔහුට ‘ශක්‍රයා’ කියන්නෙ. පින්වත් මහණෙනි. ඔය ශක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතය ගත කරන කොට වාසස්ථාන දන් දුන්නා. ඒ නිසා ඔහුට ‘වාසව’ කියල කියනවා. පින්වත් මහණෙනි, ශක්‍ර දෙවියන්ට එක මොහොතකින් කරුණු දාහක් ගැන හිතන්න පුළුවන්. ඒ නිසයි ‘සහස්ස නෙත්ත’ කියන්නෙ. පින්වත් මහණෙනි, ශක්‍ර දෙවියන්ට බිරිඳ හැටියට ඉන්නෙ සුජා කියල අසුර කන්‍යාවක්. ඒ නිසයි ‘සුජම්පති’ කියන්නෙ. පින්වත් මහණෙනි, ඔය ශක්‍ර දෙවියන් තමයි තව්තිසා දෙවියන් අතර සැප සම්පත් වලිනුත්, අධිපති භාවයෙනුත් යුක්තව රජ කරන්නෙ. ඒ නිසයි ඔහුට ‘දේවානමින්ද’ කියන්නෙ.
පින්වත් මහණෙනි, ශක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතේ ගෙවනකොට උතුම් ව්‍රත හතක් සමාදන් වෙලා හිටියා. ඒ ව්‍රත සමාදන් වෙලා හිටපු නිසයි ශක්‍ර දෙවියන්ට ශක්‍ර පදවිය ලැබුනේ.
මොනවද ඒ උතුම් ව්‍රත හත? මං දිවි තිබෙන තුරා මව්පියන්ට සළකන කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරා කුලදෙටුවන් පුදන කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරා මිහිරි වචන කතා කරන කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරා කේළාම් නොකියන කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරා ගිහි ගෙදර වාසය කරන්නෙ මසුරුමල දුරුකරපු සිතින්. දන් දෙන්ට හිතාගෙනම අත්හරින කෙනෙක් වෙනවා. දන් දෙන්න හිතාගෙනම දෑත් සෝදාගත්තු කෙනෙක් වෙනවා. දන් දීමටම කැමති කෙනෙක් වෙනවා. අනුන් විසින් යමක් ඉල්ලා ගෙන, තමන් ළඟට එනවාට කැමති කෙනෙක් වෙනවා. දන් බෙදන්න කැමති කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරාවට ක්‍රෝධ නැතුව ඉන්නවා. යම් හෙයකින් මං තුළ ක්‍රෝධයක් ඇති වුනොත්, ඉක්මනින්ම ඒක දුරුකරල දානවා.
පින්වත් මහණෙනි, ශක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතේ ගත කරද්දි, සමාදන් වෙලා හිටියේ ඔන්න ඔය ව්‍රත හතයි. ඔය ව්‍රත හත සමාදන් වෙලා හිටපු නිසා, තමයි ශක්‍ර දෙවියන්ට ශක්‍ර පදවිය ලැබුනේ.”
(ගාථාවකි)
“මව්පියන්ට සළකනවා නම්, කුලදෙටුවන් පුදනවා නම්, මිහිරි වූ වචන, ප්‍රිය වූ වචන කියනවා නම්, කේළාම් කියන්නෙ නැත්නම්, මසුරුමල දුරු කරනවා නම්, සත්‍ය වචන කියනවා නම්, අන්න ඒ මනුෂ්‍යයාට හැබෑම සත්පුරුෂයා කියලයි තව්තිසාවෙ දෙවියො කියන්නෙ.”
සාදු! සාදු!! සාදු!!! (දුතිය දේවාසත්තවතපද සූත්‍රය – සංයුත්ත නිකාය 01)
සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

පුන්‍ය සත්කාර.....https://www.tawatinsayatra.org/work/
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා)

Address

30 Tyre Avenue Riverton WA
Perth, WA
6148

Opening Hours

Monday 6am - 10pm
Tuesday 6am - 10pm
Wednesday 6am - 10pm
Thursday 6am - 10pm
Friday 6am - 10pm
Saturday 6am - 10pm
Sunday 6am - 10pm

Telephone

+611300593169

Alerts

Be the first to know and let us send you an email when නිවනට දොර විවර වන පින Niwanata Dhora Wiwara Wana Pina posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to නිවනට දොර විවර වන පින Niwanata Dhora Wiwara Wana Pina:

Share