Warm Hearts

Warm Hearts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Warm Hearts, Charitable organisation, Melbourne.

අවුරුදු ගානකට කලින් යාලුවො එක්ක එකතුවෙලා ලංකාව වෙනුවෙන් කරන්න ගත්ත  Warm Hearts , අපේ චූටි සංවිධානය , donation 15ක් මේ ග...
03/12/2025

අවුරුදු ගානකට කලින් යාලුවො එක්ක එකතුවෙලා ලංකාව වෙනුවෙන් කරන්න ගත්ත Warm Hearts , අපේ චූටි සංවිධානය , donation 15ක් මේ ගං වතුරට කලින් කලා.

ගංවතුර වෙනුවෙන් කලේ 16 වෙනි පරිත්‍යාගය.
ඒකෙ තවත් කොටසක් මේ..

List:2
Rashmi Hashindra නංගි එයාගෙ යාලුවො එක්ක එකතු වෙලා අපිට දෙවෙනි list එකට අදාල භාණ්ඩ ගන්න උදව් කලා..

හරිම චූටි කාලයක් ඇතුලත කරපු දැනුම් දීමකින්, අපේ යාලුවො ඔක්කොම අපිට උදව් කලා හැමදේම අපි වෙනුවෙන් කැප කරලා..

මේ වැඩේට අපිට උදව් කලාට ඔයාල හැමෝටම ගොඩක් ස්තූති.. 🙏🏼♥️

දෙවෙනි අදියර List no:01 Australiaවෙ ඉන්න, ලංකාවෙ ඉන්න පින්වන්තම මිනිස්සුගෙන් ටිකක් මගේ වටේට ඉන්නවා කියලයි මට දැනෙන්නෙ.. ...
01/12/2025

දෙවෙනි අදියර
List no:01

Australiaවෙ ඉන්න, ලංකාවෙ ඉන්න පින්වන්තම මිනිස්සුගෙන් ටිකක් මගේ වටේට ඉන්නවා කියලයි මට දැනෙන්නෙ..
පැය කීපයක් ඇතුළත සල්ලි එකතු කරලා, අවශ්‍ය ද්‍රව්‍යත් අරගෙන , ඒවා භාර දීලත් ඉවරයි..

මං වැඩ කරපු ඉස්කෝලෙ හිටපු principal, ඒ මිස් සහ චූටි දූ තමයි මේ list එකේ හැමදේම ගත්තේ..
Ethakada Udaya
Deepa Weerapperuma
දවසම මේ දේවල් හොයලා , වාහන දෙකක් පුරවගෙන ගිහින් භාර දීල තිබුනා ඊයෙ..

සර්ටයි, මිස්ටයි, දෝනිටයි ,ගොඩාක් ස්තූතියි ලංකාවෙන් පිට ඉන්න අපි වෙනුවෙන් මේ වැඩේට උදව් කලාට..

අපේ ලංකාව හැම පැත්තෙන්ම ගොඩ දාන්න අපිට බැරි නෑ.. ♥️

රෂාලි රත්නායක

ඊයෙ උදේ මං දාපු post එක නිසා,මාත් එක්ක එකතු වුනු අපේ යාලුවො එවපු මුදල්, මං අද උදේ මගේ ලංකාවෙ යාලුවොන්ට යැව්වා. ✨අපි මේක ...
01/12/2025

ඊයෙ උදේ මං දාපු post එක නිසා,මාත් එක්ක එකතු වුනු අපේ යාලුවො එවපු මුදල්, මං අද උදේ මගේ ලංකාවෙ යාලුවොන්ට යැව්වා. ✨

අපි මේක කොටස් තුනකට කඩලා ,තුන් ගොල්ලකට බෙදලා තමයි පටන් ගත්තේ.
මොකද මේ දවස්වල ලංකාවෙ අපිට අවශ්‍ය භාණ්ඩ හොයා ගන්න අමාරු නිසා සහ එක වාහනයක අපිට ඒ භාණ්ඩ දාගෙන යන්න ඉඩ මදි නිසා..

ඉතින් මම list 3 හදලා වැඩේ පටන් ගත්තා..
මේ තියන්නෙ ඒවගෙන් list no :3 එකට අදාලව මගේ යාලුවො ගත්ත දේවල්..

මං දාපු එක post එකක් නිසා මාත් එක්ක එකතු උනු මගේ ආදරණීයයන් හැමෝටම ගොඩාක් පින්..

ලංකාවෙ ඉදන් මට හැමදේටම උදව් කරන මගේ යාලුවන්ට ආදරෙයි ගොඩාක්.. 😘
Krishanthi Dinesha Cooray
Sewvandi RD
Yashodha De Silva
ඔයාල නැත්තං මට මේව මෙහම කරගන්න වෙන්නෙ නෑ. ✨

අපි අපිට පුලුවන් උපරිමයෙන් අපේ රට ගොඩ දාමු.. ♥️💪🏼

රෂාලි රත්නායක

මහින්ද විද්‍යාලයීය දරුවන්ගේ ශිෂ්‍යනායක නිල කබා මැසීමට පාසලට සහාය වීමට පසුගිය දිනක අප හා සම්බන්ධ වූ ඔබ සැමට බෙහෙවින්ම ස්ත...
13/04/2022

මහින්ද විද්‍යාලයීය දරුවන්ගේ ශිෂ්‍යනායක නිල කබා මැසීමට පාසලට සහාය වීමට පසුගිය දිනක අප හා සම්බන්ධ වූ ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි.
පහත මා අමුණා ඇත්තේ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඒ සදහා ඔබට ස්තූති කරමින් තැබූ සටහන හා පාසලේ දරුවන් ස්තූති කරමින් එවූ පණිවිඩවලින් කිහිපයකි..

නැවතත් ඔබ සැමට ස්තූතිවන්ත වෙමි.
🙏♥️♥️

බප/පිළි/ මහින්ද විද්‍යාලයේ රාජකාරී කළ මා එම විදුහලේ දරුවන්ගේ, දෙමාපියන්ගේ ආර්තික මට්ටම හොදින් දන්නා බැවින්, පහත ලිපියෙන්...
23/02/2022

බප/පිළි/ මහින්ද විද්‍යාලයේ රාජකාරී කළ මා එම විදුහලේ දරුවන්ගේ, දෙමාපියන්ගේ ආර්තික මට්ටම හොදින් දන්නා බැවින්, පහත ලිපියෙන් විදුහල්පතිතුමා (Ethakada Udaya) සඳහන් කර ඇති නිලකබා මැසීමට අවශ්‍ය මුදල සපයා ගැනීමට හැකි ලෙස සහාය දීමට තීරණය කලෙමි..

ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ සැමට ආරාධනා..

මේ සඳහා සහාය වීමට කැමති ඔබ වෙනුවෙන් මාගේ ඕස්ට්‍රේලියාවේ බැංකු ගිනුම් විස්තර පහලින් සදහන් කරමි. මාර්තු මස 15 වෙනිදින වනතෙක් මුදල් තැන්පත් කළ හැක.

R.M.R.S.K.Rathnayake
BSB- 063 177
Acc - 1029 0255

ස්තූතියි.
රෂාලි රත්නායක.


"මව්බිමට සරණක්" සංවිධානය මගින් පිහිටක් අවැසි අපේම සහෘදයන් වෙනුවෙන් ප්‍රථමවරට සිදුකෙරුණු වියළි ආහාර බෙදාදීමේ දෙවන අදියර අ...
05/10/2021

"මව්බිමට සරණක්" සංවිධානය මගින් පිහිටක් අවැසි අපේම සහෘදයන් වෙනුවෙන් ප්‍රථමවරට සිදුකෙරුණු වියළි ආහාර බෙදාදීමේ දෙවන අදියර අනුරාධපුර කිරිගල්වැව ග්‍රාමයේදී, පවුල් 63ක් මූලික කොටගෙන, මෙසේ දියත් වූ බව සතුටින් දැනුම් දෙමු.

පළමු අදියරේදී බප/පිළි/ මහින්ද විද්‍යාලයේ තෝරාගත් දරුවන් 37 දෙනෙකුගේ පවුල්වලට වියළි ආහාර ලබා දුන් බැවින් මෙවර අප බෙදාහරින ලද මුළු ආහාර පාර්සල් ප්‍රමාණය 100කි.

මෙම කටයුත්තේ ආහාර බෙදා හැරීමේ මූලිකත්වය ගෙන කටයුතු කරන උදය කුමාර ඇතාකඩ මහතා ඇතුළුව ඔහුට සහාය දැක්වූ සියලු දෙනාට අපගේ ගෞරවණීය ස්තූතිය.♥️🙏

ප්‍රථම වරට සිදුකෙරෙනු වියළි ආහාර බෙදාදීමට අප හා සම්බන්ධ වූ ඔබ සැමට හා ඔබේ පවුලේ සියලුදෙනාට අප පුන්‍යානුමෝදනා කරන්නෙමු..

බුද්ධ, ධම්ම, සංඝ අනුහසින් ඔබ සැමගේ සියලු රෝග, ශෝක, උවදුරු, දුක් දොම්නස් දුරුවේවා.. !
සියලු යහපත් පැතුමන් ඉටුවේවා.!
නිර්වාණාවබෝධයට මේ කුසල් හේතු වාසනා වේවා..!
🙏🙏🙏

මෙයට සම්බන්ධ නොවූ සියලු දෙනාද දැකබලා සතුටු සිතින් පින් අනුමෝදන් වන සේක්වා..!

මෙම කටයුත්තේ විශ්වාසනීය බව ඉස්මතු කිරීමට පමණක් මෙසේ ජායාරූප එක් කරන්නෙමු.

"මව්බිමට සරණක්" සංවිධානය මගින් පිහිටක් අවැසි අපේම සහෘදයන් වෙනුවෙන් ප්‍රථමවරට සිදුකෙරෙන වියළි ආහාර බෙදාදීමේ පළමු අදියර ඔබ...
30/09/2021

"මව්බිමට සරණක්" සංවිධානය මගින් පිහිටක් අවැසි අපේම සහෘදයන් වෙනුවෙන් ප්‍රථමවරට සිදුකෙරෙන වියළි ආහාර බෙදාදීමේ පළමු අදියර ඔබ සැමගේ සහාය ඇතිව පිළියන්දල, බප/පිළි/ මහින්ද විද්‍යාලය මූලික කොටගෙන මෙසේ දියත් වූ බව හදපිරි සතුටින් දැනුම් දෙමු.

පාසලේ දරුවන් අතරින් මේ වන විට දැඩි ආර්ථික අපහසුතා සහිත පවුල් 37ක් වෙනුවෙන් මෙහිදී වියළි ආහාර බෙදාදුන් අතර ඒ සඳහා කැපවූ අප සංවිධානයේ ශ්‍රී ලංකාවේ සංවිධායක උදය කුමාර ඇතාකඩ මහතාටත්(පාසලේ විදුහල්පති), ධර්මා සූරියරත්න ගුරු මහත්මියටත්, ඔවුන්ට සහාය වූ සියලු දෙනාටත් අපගේ ගෞරවණීය ස්තූතිය පුද කරමු.

මෙහි දෙවන අදියර අනුරාධපුර කිරිගල්වැව ග්‍රාමයේදී සිදුකිරීමටද සියලු කටයුතු සංවිධානය කර ඇත.

මේ පුන්‍යකර්මයට අප හා අත්වැල් බැදගත් ඔබ සියලු දෙනාටත්, පවුලේ සැමටත් දුක් කරදරවලින් තොරව , නිරෝගීව, සතුටින් සිටීමට මේ පින් හේතු වාසනා වේවා.. 🙏🙏🙏

මෙයට සම්බන්ධ වූ /නොවූ සියලු දෙනා දැක බලා සතුටු වී පින් අනුමෝදන්වන සේක්වා..🙏🙏

මෙම කටයුත්තේ විශ්වාසනීයබව ඉස්මතු කිරීමට පමණක් මෙසේ ජායාරූප එක් කරන්නෙමු.

Address

Melbourne, VIC

Website

Alerts

Be the first to know and let us send you an email when Warm Hearts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share