15/08/2026
කට්ටියම මේ දවස්වල අහන ප්‍රශ්නයක් තමයි "ඇත්ත ජීවිතේ දිනක්ෂිගේ හස්බන්ඩ් වෙච්ච සාරංග, ශනුද්‍රිත් එක්ක කොහොමද රඟපාන්නේ?" කියන එක. ආන් ඒ කුතුහලය නිසාම මේ දවස්වල ලංකාවේ සිනමාශාලා නම් පිරී ඉතිරී ගිහින්!
ඇත්ත ජීවිතේ මස්සිනායි නෑනායි වුණාට, කැමරාව ඉස්සරහා මේ දෙන්නා පෙන්නන කෙමිස්ට්‍රි එක නම් පට්ට. සාරංගයි ශනුද්‍රියි එකතු වෙලා කරන මේ රංගනය දැක්කම අපිට එයාලගේ ඇත්ත නෑකම් සම්පූර්ණයෙන්ම අමතක වෙලා යනවා. සැබෑ ජීවිතේ සම්බන්ධතා පසෙක තබා, කලාව වෙනුවෙන් එයාලා පෙන්නන මේ වෘත්තීය මට්ටම ඇත්තටම අගය කරන්න ඕනේ. අපේ රටෙත් නළුවෝ නිළියෝ වෘත්තීයභාවයෙන් වැඩ කරනවා කියලා මේකෙන් ම හොඳටම පැහැදිලි වෙනවා.
මේ චිත්‍රපටියේ තියෙන්නේ නිකම්ම නිකම් ආදර කතාවක් නෙවෙයි. තමන්ගේ සිහිනය අතහැරපු දක්ෂ තරුණ ගායකයෙකුයි, එයාගේ ආශාවන් ඉටුකරන්න දඟලන කෙළිලොල් තරුණියෙකුයි වටා තමයි මුළු කතාවම හැදිලා තියෙන්නේ. ආදරය, විරහව වගේම ජීවිතේදී කරන්න වෙන කැපවීම් ගැන කියවෙන මේ සංවේදී කතාව බලද්දී කාගේ වුණත් ඇහැට කඳුළක් එන එක නවත්වන්න බැහැ.
ඒ විතරක් නෙවෙයි, සාරංගයි ශනුද්‍රියි සමඟ අපේ සිනමාවේ දැවැන්තයෝ ටිකකුත් මේකට එකතු වෙලා ඉන්නවා. සංගීතා වීරරත්න, සනත් ගුණතිලක, වගේ ප්‍රවීණයින්ගේ චරිත නිසා මුළු චිත්‍රපටියම තවත් පිරී ගිහින්.
ප්‍රේක්ෂකයෝ මේ අලුත් වැඩේ කොච්චර වැළඳගෙනද කිව්වොත්, තිරගත වෙලා දින 4ක් වගේ පුංචි කාලයක් ඇතුළත රුපියල් ලක්ෂ 150කට අධික ආදායම් වාර්තාවක් තියන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.
ඉතින් තාමත් මේක බැලුවේ නැත්නම් ඉක්මනටම ගිහින් බලලා එන්න. සාරංගයි ශනුද්‍රියි එකතු වෙලා කරපු මේ අලුත් වැඩේට ඔයාලා කැමතිද? පල්ලෙහායින් ඔයාගේ අදහසත් දාගෙන යන්නකෝ!
Dinakshie Priyasad
Saranga Disasekara
Shanudrie Priyasad