Yuni-Yuni01

Yuni-Yuni01 හීනවලට පාර කියන බලාපොරොත්තු ගොන්නක්..! එකතු වෙන්න අපිත් එක්ක හීන පාට කරන්න...❤️

Eid Mubarak ☪️❤🕌
29/06/2023

Eid Mubarak ☪️❤🕌

ගම්පහ දිස්ත්‍රික් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන, කල, ආධ්‍යාත්මික, නායකත්ව හා පෞර්ශ කුසලතා වර්ධනය කිසීම අරමුණු කර ගනිමින් H...
28/06/2023

ගම්පහ දිස්ත්‍රික් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන, කල, ආධ්‍යාත්මික, නායකත්ව හා පෞර්ශ කුසලතා වර්ධනය කිසීම අරමුණු කර ගනිමින් Hope අධ්‍යාපනික වැඩසටහන් මාලාව යටතේ ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ අමාත්‍ය චලිත ජයමාන්න මැතිතුමාගේ මූලිකත්වය හා අධීක්ෂණය යටතේ Hope Of Dream සංවිධානයේ හා සිත්මා උසස් අධ්‍යාපනය ආයතනයේ කාර්‍යමණ්ඩලයේ සහයෝගයෙන් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් කල සිසුන් සදහා නොමිලේ පැවැත් වූ උසස් අධ්‍යාපනික හා වෘත්තීය පුහුණු කිරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන - 2022 අධ්‍යාපනික පාඨමාලාවේ පාඨමාලා අවසන් කල සිසු දරු දැරියන් සදහා සහතිකපත්‍ර ප්‍රදානය මීට මාස කීපයකට ඉහතදී ගම්පහ සිත්මා උසස් අධ්‍යාපන ආයතන ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

Hope Education
The Hope Of Dream - සිහිනයේ බලාපොරොත්තුව


#ජයගමු #🇱🇰
🇱🇰

උසස් අධ්‍යාපනික හා වෘත්තීය පුහුණු කිරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන - 2023හිතවත්, දෙමව්පියනි/ දරු දැරියනි,  රටක සමාජයක ජී...
14/06/2023

උසස් අධ්‍යාපනික හා වෘත්තීය පුහුණු කිරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන - 2023

හිතවත්, දෙමව්පියනි/ දරු දැරියනි,

රටක සමාජයක ජීවත් වන දරු දැරියන්ගේ ඉදිරි අනාගතය තීරණය කෙරෙන ප්‍රධානම සාධකය අධ්‍යාපනයයි. එහිදී පාසල් අධ්‍යාපනයට අමතරව දැනුම, කුසලතා මෙන්ම වෘත්තීය දක්ෂතා මගින් ද, දරුවන්ගේ අනාගත පැවැත්ම තීරණය කරයි.

දක්ෂයින් ලෙස කැපී පෙනෙන සුළු පිරිසක් ඉදිරියට ගෙනයන ක්‍රියාවලියක් ගෙනයන මෙවන් යුගයක ඒ වෙනුවට ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම දරු දැරියන් කෙරෙහි අවධානය යොමු කරමින් දෙමව්පියන්ගේ ආර්ථික අපහසුතා පිළිබඳව සැලකිල්ලට ගෙන 5වන ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ ගරු ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ අමාත්‍ය චලිත ජයමාන්න මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ Hope Of Dream සංවිධානය හා ගම්පහ එක්සත් තරුණ සංවිධානය සමග එක්ව දෙමව්පියන්ට ශක්තික් වෙමින් 5වන වරටත් නොමිලේ සාමාන්‍ය පෙළ අවසන් කළ දරු දැරියන්ට ප්‍රථිඵල පැමිණෙන තෙක් වෘත්තීය පාඨමාලා හැදෑරීමට අවශ්‍ය පසුබිම සකසා දී ඇති බව සතුටින් දන්වා සිටිමු.

1. ජපන් භාෂා පාඨමාලාව මුලසිට.

2. ඉංග්‍රීසි කතාකරවීමේ හා පුහුණු කරවීමේ පාඨමාලාව.

3. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පාඨමාලාව.

4. කොරියන් භාෂා පාඨමාලාව මුලසිට.

5. පේස්ට්‍රි බේකරි පාඨමාලාව.

සැ.යු. :-

මෙවර සාමාන්‍ය පෙළ සදහා පෙනීසිටි ඕනෑම දුවා දරුවෙකුට මේ පාඨමාලාවන් සදහා සහභාගි විය හැකි අතර මෙම ලිපිය නොලැබුන සිසු සිසුවියන් සදහා ද, මෙම පාඨමාලාව කිරීමට අපේක්ෂා කරයිනම් දුරකථන ඇමතුමක් මාර්ගයෙන් සම්බන්ධ විය හැක.

ඉහත දිනයන්හි පැමිණීමට නොහැකි වූ සිසු සිසුවියන්ට පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දී හෝ Watsupp මාර්ගයෙන් ලියාපදිංචි විය හැක.

විමසීම් :
071 57 73 696 / 077 08 80 949

Whatsapp -
071 57 73 696 / 078 67 01 236

ස්තූතියි,
මෙයට,
චලිත ජයමාන්න
භාණ්ඩාගාරික
(ගම්පහ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය)
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ අමාත්‍ය
(5වන ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව)





#ජයගමු #🇱🇰
🇱🇰

"මේ භූමිය අපගේ මාතාවයි. ඇයට අප සිදුකරන යහපත හා අයහපත අපගේ දරුවන්ටද ප්‍රතිඵල ලබාදෙයි."- රතු ඉන්දියානු නායක සියැටෙල් - දාහ...
25/11/2022

"මේ භූමිය අපගේ මාතාවයි. ඇයට අප සිදුකරන යහපත හා අයහපත අපගේ දරුවන්ටද ප්‍රතිඵල ලබාදෙයි."
- රතු ඉන්දියානු නායක සියැටෙල් -

දාහයෙන් පෙලෙන මිහිමඬල නිවා සනසන්නට යුතුකම පෙරටු කරගත් තාරුණ්‍යයේ ජවයෙන්, හරිත තිලිණය සියනෑව තුළ වර්ධනය කිරීමේ අරමුණින්, අප සංවිධානයේ නිර්මාතෘ, පස්වන යොවුන් පාර්ලිමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ අමාත්‍ය, යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී, චලිත ජයමාන්න තරුණ නායකයාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද "හරිත සියනෑවක්" දිස්ත්‍රික් ව්‍යාප්ත රුක්‍ රෝපණ වැඩසටහන් මාලාවේ තෙවන අදියර 2022.11.20 වන දින ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරණ මිනුවන්ගොඩ මාර්ගය අසල රුවන් මාවතේදී නව අභිසෙස් යෞවන සමාජයේ තරුණයන්ගේ ඉල්ලීම හා සහයෝගය මත අතිසාර්ථකත්ව සිදුවිණි.

එම කටයුතු සම්බන්ධීකරණය හා සංවිධානය කරමින් සහය දැක්වූ, අභිසෙස් යෞවන සමාජයේ දසුන් තරුණ නායකයාටත්, අභිසෙස් යෞවන සමාජයේ සියලුම සාමාජිකයන්ටත් , නන් අයුරින් උපකාර කල සියලු දෙනාටමත් ස්තූතියි..❤️

#ජයගමු 🇱🇰

"හරිත සියනෑවක්" දිස්ත්‍රික් ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන් මාලාවේ අභිමානවත් තවත් එක් අදියක් ලෙස 2022.11.20 වන දින උදෑසන 9ට ...
19/11/2022

"හරිත සියනෑවක්" දිස්ත්‍රික් ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන් මාලාවේ අභිමානවත් තවත් එක් අදියක් ලෙස 2022.11.20 වන දින උදෑසන 9ට ගම්පහ නගර මධ්‍යයේ පිහිටි රුවන් මාවතේ ඇළ දෙපස අපේම උත්සාහවන්ත තරුණ දෑතින් පෝෂණය වූ රුක් සිඟිත්තන් මිහිමවට දායාද කිරීමට නියමිතයි.

සංවිධානය : අභිසෙස් යෞවන සමාජය
දායකත්වය : Hope Of Dream තරුණ එකමුතුව

#ජයගමු 🇱🇰

Hope Of Dream සංවිධානයේ සංවිධාන ශක්තියෙන් ක්‍රියාත්මක කරනු ලබන Hope අධ්‍යාපනික වැඩසටහන් මාලාව පස්වන ශ්‍රී ලංකා තරුණ පාර්...
06/11/2022

Hope Of Dream සංවිධානයේ සංවිධාන ශක්තියෙන් ක්‍රියාත්මක කරනු ලබන Hope අධ්‍යාපනික වැඩසටහන් මාලාව පස්වන ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ අමාත්‍යතුමාගේ අධීක්ෂණය යටතේ හා සිත්මා උසස් අධ්‍යාපනය ආයතනයේ කාර්‍යමණ්ඩලයේ සහයෝගයෙන් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් කල සිසුන් සදහා නොමිලේ පැවැත්වීමට සූදානම් කල උසස් අධ්‍යාපනික හා වෘත්තීය පුහුණු කිරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන - 2022 අධ්‍යාපනික පාඨමාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය මීට මාස කීපයකට ඉහතදී පැවැත්විණි.

ඒ අනුව පහත විශයන්ගෙන් සැදුම්ලත් පාඨමාලාවන් සෑම දරුවෙකුටම නොමිලේ හැදෑරීමට සූදානම් කෙරිණි.,

1. ජපන් පාඨමාලාව මුලසිට සහ උසස් අධ්‍යාපනයෙන් පසු ජපානයේ රැකියා
අවස්ථා ලබාදීම.

2. ඉංග්‍රීසි කතාකරවීමේ හා පුහුණු කරවීමේ පාඨමාලාව.

3. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පාඨමාලාව.

4. රොබෝ තාක්ෂණවේදය සහ ස්වයංක්‍රීයකරණය පිළිබඳ පාඨමාලාව.

5. අන්තර්ජාලය ආරක්ෂාකාරීව භාවිතා කිරීම හා මුදල් ඉපයීමේ ක්‍රමවේදය පිළිබඳ පාඨමාලාව

6. කළමනාකරණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව.

ස්තූතියි,
මෙයට,
Hope Of Dream සංවිධානය

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Yuni-Yuni01 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share