07/11/2025
ජනාධිපතිතුමනි ආන්ඩුව අන්දන විද්වතුන් ගැන තවමත් තේරුම් නොගන්නේ ඇයි ?
සත්ත්ව ගහන කලමනාකරනය උදෙසා බලය සහිත ලේකම් කාර්‍යාලයක් පිහිටුවන්නට යෝජනා අපි පරිසර ඇමතිට දුන්නෙ ආන්ඩුව පිහිටවල මාසයක් යන්නටත් කලින්. අපි පැය දෙකක් එයාට විස්තර කලා.
"ගහන වැඩිවීම ඔයාලගෙ ආන්ඩුවෙ ප්‍රශ්නයක් නෙමේ. දශක ගානක ප්‍රශ්නයක්. කලබලවෙලා විසදන්ඩ බෑ. එක එක්කෙනා සත්තුන්ට එරෙහි යෝජනා ගෙනාවට හදිස්සි වෙන්ඩ එපා.
රටේ සියලු අදාල පාර්ශවයන් එකතු කරල සතිගානක්, මාසගානක් හරි කතා කරල, ජාතික ප්‍රථිපත්තියක් හදන්ඩ.
ඊලගට වැඩ සැලසුමක් හදන්ඩ (Road map). ඒක ජනතාවට කියන්ඩ. එයාල තේරුම් ගනී" අපි කිව්ව.
ඇමති අපේ යෝජනාව ගැන කතා කරන්ඩ අපිට ආයෙ එන්ඩ කිව්වෙවත් නෑ.
අපි ලේකම්ට කතා කලා.
"යෝජනා ගොඩක් තියනව. ඒව ගැන සාකච්ඡා කරමින් ඉන්නව" ඒක කිව්වෙ තවත් මාස දෙකකට පස්සෙ.
1. ලාල්කාන්ත ඇමතිවරයා කිව්ව තමන්ගෙ වගාවට හානි කරන සතුන්ට එරෙහිව ඕනෙ දෙයක් කරන්ඩ කියල.
2. රිලා සංගනනයක් කරන්ඩ ලැහැස්ති කලා. අපි කිව්ව ඒක අනිවාර්‍ය්යෙන් අසාර්ථක වෙනව කියල. ඇහුවෙ නෑ. රිසල්ස් පට්ටපල් බොරු. වියදම් කරපු සල්ලිත් අපරාදෙ.
3. රිලා ගහනය පාලනය කරන්ඩ ලූප් දදා රට ගොන් වැඩක් කරනව. හොරෙන් රිලව් අල්ලල තැන් තැන් වලට ගිහින් දානව. රිලා ගහනය පාලනය කරන්ඩ කිසිම වැඩපිලිවෙලක් නෑ.
4. අලි මිනිස් ගැටුම නතර කරන්ඩ සියගනන් ප්‍රායෝගිය විසදුම් විද්වතුන් කියද්දි දිගින් දිගටම අලි එලවීමේ නාටකය ක්‍රියාත්මක කරනව.
කව්ද ආන්ඩුව මෙහෙම අන්දන්නෙ.
අවුරුද්දක් ගිහිල්ලත් ඇයි අප්ප ඇන්දෙන්නෙ.
සත්තු පව් නැද්ද ?
චන්දෙට කලින් තිබුනු මානුශික මූන වෙස් මූනක්ද ?
අපිව ආයෙමත් ඇන්දුවද ?
ඔන්න අයවැයෙන් සුනඛයන්ට අනාථාගාර දාන්ඩ සල්ලු වෙන්කලා වගේ කතාවක් ඇහුන.
ඒක ඇත්තක් නම් ඉතාම අසාර්ථක ව්‍යාපෘතියක් වෙනවා නොඅනුමානයි.
අවුරුදු දෙකක් එක දිගට රජයේ සියලු ආයතන එකතුවෙලා, සත්ත්ව සුභසාදන සංවිධාන, සත්තුන්ට ආදරේ අය එකතු කරන් සුනඛ ගහනය පාලනය කරන්ඩ සැත්කම් ලක්ශ 500000 කලා නම් ගැටලුව ඉවරයි. සුනඛ අනාථාගාර කියන්නෙ ලෝකෙම අසාර්ථක වෙච්චි ක්‍රමවේදයක්. ලංකාවෙත් රජය මැදිහත් පහුගිය කාලෙ හදපු අනාථාගාර කීපයක්ම අසාර්ථක උනා.
භූතානය මීට අවුරුදු කීපෙකට කලින් වීදිසුනඛ ප්‍රශ්නෙ වගේම, ජලභීතිකා ප්‍රශ්නෙත් විසදුවෙ එහෙමයි.
ජනාධිපතිතුමනි රැවටෙන්ඩ එපා.
ආන්ඩුව අසාර්ථක වෙනවට රටේ බහුතරය කැමති නෑ.
සත්තුන්ගෙ ප්‍රශ්න විසදන්ඩ රටේ අනික් ප්‍රශ්න විසදන්ඩ වගේම ජාතික ප්‍රථිපත්තියක් අවශ්‍යමයි.
අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙන්ඩ තවමත් සූදානම්.