STOP Gay Bullying In Sri Lanka

STOP Gay Bullying In Sri Lanka Stop LGBTIQ+ bullying in Sri Lanka
(2)

04/23/2026

34 likes, 14 comments. "Gay illegal under 365 A in Sri Lanka : LGBT is Illegal in Sri Lanka : Gay rights"

04/23/2026

43 likes, 20 comments. "Codified homophobia in Sri Lanka and its oppressive side-effects"

We are pleased to announce that an individual, IN, from Sri Lanka, whom we have been supporting, has been granted refuge...
04/23/2026

We are pleased to announce that an individual, IN, from Sri Lanka, whom we have been supporting, has been granted refugee status in the UK.

We extend our sincere congratulations and best wishes to IN as he embarks on this new endeavor.

On hearing the good news, he told us: "I would like to express my sincere gratitude to the London LGBT organization for their invaluable support and legal advice. I am also deeply appreciative of the dedicated Sri Lankan LGBT activists who provided essential information and guidance. Their commitment to offering charitable assistance is truly commendable. This support has made a significant positive impact in the successful resolution of my case. We recognize the profound importance of such collaborative efforts. The generosity demonstrated truly strengthens our gay community. I value these partnerships and assistance, which were provided without expectation of anything in return. Thank you for your support."

මේ ලියන්නෙ මං කාලයක් තිස්සේ ලියන්න බලාපොරොත්තුවෙන් හිටපු සටහනක්. මේ සටහන ලියන්න පෙර ස්වාධීන මානව හිමිකම් ක්‍රියාධරයින් ක...
04/09/2026

මේ ලියන්නෙ මං කාලයක් තිස්සේ ලියන්න බලාපොරොත්තුවෙන් හිටපු සටහනක්. මේ සටහන ලියන්න පෙර ස්වාධීන මානව හිමිකම් ක්‍රියාධරයින් කිහිප දෙනෙක් එක්කම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒ නිසා මේ සටහන ලියන්න ඔවුන්ගේ අදහසුත් උදව් උනා.
වසර 15කට අධික කාලයක් මං විවිධ සංවිධාන එක්ක, විවිධ මානව හිමිකම් ක්‍රියාධරයින් සමඟ වැඩ කරලා තියෙනවා. මම හිතෙනවා ඒ නිසා බිම් මට්ටමේ ප්‍රජා සාමාජිකයින් එක්ක වැඩ කරන කෙනෙක් ලෙස මට වර්තමානයේ LGBTIQ+ NGO සංවිධාන සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වයන් ගැන අදහස් දැක්වීම් කරන්න මට අයිතියක් තියෙනවා කියලා හිතනවා.

පසුගිය දවස්වල LGBTIQ+ NGO සංවිධාන කිහිපයක් වගේම, විශේෂයෙන්ම තරුණ ක්‍රියාධරයින් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් මුදල් අවභාවිත කිරීම් සම්බන්ධ තොරතුරු හෙළි වුනා. කණගාටුදායක කරුණ නම් සමහරක් එම සංවිධාන එක්ක මාත් අතීතයේදී වැඩ කරලා තිබුනා, දැනටත් ඒ ආයතන එක්ක සම්බන්ධකම් තියෙනවා. එම තොරතුරු සංක්ෂිප්තව පහතින් දක්වන්නම්,

1. කොළඹ පාදක කරගෙන පවත්වාගෙන යන සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව වෙනුවෙන් වැඩ කරන ප්‍රසිද්ධ සංවිධානයක සිදු වූ මූල්‍ය වංචා ගණනාවක් පිලිබඳව නිතර නිතර අසන්නට ලැබුනා. නමුත් ඊට අදාළ පුද්ගලයින්ගේ වගවීම සම්බන්ධයෙන් පියවර ගැනීමක් සිදු නොවුන තරම්, සිදු වූ පියවර ගැනීම් හුදු හිසරදයට කොට්ට මාරු කිරීම වැනි පියවරයන්.

2. ඒ වගේම මලයහ දමිල LGBTIQ+ ප්‍රජාව වෙනුවෙන් කටයුතු කරන සංවිධානයකට සම්බන්ධ පුද්ගලයෙකු සැලකිය යුතු තරමේ මුදලක්, තහවුරු නොවූ තොරතුරු අනුව රුපියල් මිලියන 2කට ආසන්න මුදලක් වංචාකර තිබෙනවා.

3. පසුගිය කාලයේ තවත් ප්‍රධාන පෙලේ, කොළඹ සහ නුවරඑළිය ප්‍රදේශ පදනම් කරගෙන කටයුතු කරන NGO සංවිධානයක ප්‍රධානීන් සහ ඔවුන්ගේ පෙම්වතුන් සමඟ අන්තර්ජාතික LGBTIQ+ අයිතිවාසිකම් සම්බන්ධ සම්මන්ත්‍රණ වලට සහභාගී වීම සහ ඒ සඳහා අරමුදල් සපයගත් ආකාරය පිලිබඳව තවත් ක්‍රියාධරයෙක් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරා. අදාල ආයතන ප්‍රධානීන්ගේ පෙම්වතුන්ට මෙම සම්මන්ත්‍රණ වලට යාමට තිබෙන සුදුසුකම් පිලිබඳවත් මෙහි දී බරපතල ලෙස ප්‍රශෙන කෙරුනා.

4. උතුරේ LGBTIQ+ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කල තවත් තරුණ ක්‍රියාධරයෙක් මූල්‍යමය වංචාවකට සම්බන්ධ වීම ගැන පුවතක් ඉතාම මෑතකදී අසන්න ලැබුනා.

5. තවත් උතුරේ LGBTIQ+ සංවිධානයකට ලැබුණු අරමුදල පෞද්ගලික ගිණුම්වලට බැර කිරීමක් ගැන පසුගිය කාලයේ චෝදනා එල්ල වුනා.

(මම මෙහි සඳහන් කලේ පසුගිය කාලය තුළ සමහර ආයතන සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා ඉතාම සීමිත ගණනක් වේ. ඒ නිසා අර සංවිධානයේ අහවල් අක්‍රමිකතාවය සඳහන් නොකරේ ඇයි වගේ ප්‍රශ්න මගෙන් අහන එක නිෂ්ඵලයි. විවිධ ආයතන සම්බන්ධයෙන් පවතින අක්‍රමිකතා පිලිබඳ තොරතුරු පසුගිය කාලය පුරාවට සමාජ මාධ්‍ය තුළ සාලච්චා වූ අතර, මෙම පෝස්ටුවට පදනම් වන්නේ ඒ තොරතුරුයි.

මේ සටහන ලිවීමේ පරමාර්ථය අදාළ විෂමාචාර වලට සම්බන්ධ පුද්ගලයන් හෝ ඒ විෂමාචාර සිදු වූ ආයතන අපහසුතාවට පත් කිරීම නොවේ. එයට හේතුව මේ විෂමාචාර සහ වංචා, මානව හිමිකම් ක්ෂේත්‍රයේ පවතින ව්‍යුහාත්මක ගැටලු රාශියක් නිසා උද්ගතවන තත්ත්වයන් වන බැවිනි. මම බලාපොරොත්තු වන්නේ ඒ ව්‍යුහාත්මක ගැටලු ගැන සාකච්ඡාක් ඇති කරන්නයි, විශේෂයෙන්ම අපේ ප්‍රජා සාමාජිකයින් අතර.

1. මේ මූල්‍යමය වංචා සහ සම්පත් අවභාවිතා කිරීම්, 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා සිදු වූ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර අරමුදල් පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වය කැපී පෙනෙන ලෙස වර්ධනය වූ කාලය පුරා සිදු වූවක්.

2. 1995 දී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම LGBTIQ+ අයිතිවාසිකම් වෙනුවෙන් බිහි වූ සංවිධානයට පවා මූල්‍යමය අවභාවිතාවන් ගැන බරපතල චෝදනා එල්ලවුනා. ඒ නිසා මෙය නව ප්‍රවණතාවක් නොවන බව කියන්න ඕනෙ.

3. ජාත්‍යන්තර අරමුදල් පාදක කරගත් රාජ්‍ය නොවන සංවිධාන තුළ විශාල වශයෙන් සේවක වැටුප් සහ අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් අසමානතා පවතිනවා. ආයතන ප්‍රධානීන් සහ තීරණ ගැනීමේ බලය හිමි අයට සම්පත්වලට ඇති ප්‍රවේශය අසමාන ලෙස වාසිසහගතයි. බොහෝ විට මේ පිලිබඳව සාකච්ඡාවක් ඇති නොවීමට හේතුව මේ තොරතුරු රහසිගත වීමයි.

4. ජාත්‍යන්තර අරමුදල් සම්පාදනය කරන ආයතන වලින් NGO ආයතන වලට අරමුදල් සැපයීමේ ක්‍රියාවලියද පාරදෘශ්‍ය එකක් නොවේ. බොහෝවිට කුඩා හෝ බිම් මට්ටමේ ප්‍රජාවන් සමඟ ජාලගතව කටයුතු කරන සංවිධාන වලට මෙම අරමුදල්/සම්පත් ලබා ගැනීම පහසු කටයුත්තක් නොවේ. බොහෝ විට ඒ සඳහා අදාළ අරමුදල් සපයන ආයතන සහ ඊට සම්බන්ධ නිලධාරීන් සමඟ ජාලගත වීම (networking) වගේ දේවල් බලපානවා. බොහෝ කුඩා ආයතන වලට මේ සඳහා අවශ්‍ය ධාරිතාවය හෝ මානව සම්පත් නොමැති වෙන්න පුලුවන්.

5. ජාත්‍යන්තර අරමුදල් සපයන ආයතනවල, අරමුදල් වෙනුවෙන් NGO ආයතන අතර පවතින අසමාන සහ අධි ධාවන තරඟය විසින් ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවන් තුළ මෙන්ම ඒ ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන පාර්ශවයන් අතර විශාල වශයෙන් බෙදීම් ප්‍රමාණයක් නිර්මාණය කර තිබෙනවා. එම නිසා LGBTIQ+ ප්‍රජාව තුළත් සහයෝගිතාවය සෝදාපාළුවකට ලක් වී තිබෙනවා, එය ආයතන අතර වගේම ක්‍රියාධරයින් අතරත් පවතිනවා.

6. LGBTIQ+ අයිතිවාසිකම් වෙනුවෙන් කටුයුතු කරන ආයතන සම්බන්ධයෙන් තවත් පවතින බරපතළ ගැටලුවක් වන්නේ පොදුවේ මෙම ආයතනවල පවතින දූෂණයන්, වංචා, ගසාකෑම්, සහ බල අසමානතා පිලිබඳ ප්‍රජාවට සම්මුඛ වූ සංවාදක් නොවීම. ඒ නිසාම මේ ආයතන ප්‍රජාවට වගනොකියන තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙය හුදෙක් තනි තනි ආයතන සම්බන්ධ ගැටලුවක් නොවන අතර, ඉහත කී විෂමාචාර සම්බන්ධයෙන් පොදුවේ මුනිවත රැකීමේ සහ ප්‍රතිවිපාක නොමැති සංස්කෘතියක් (culture of impunity/silence) නිර්මාණය වීමේ තත්ත්වයකි. මේ තත්ත්වය වෙනස් කිරීම තනි තනි ආයතන වලට සිදුකළ හැකි දෙයක් නොවන අතර ඒ සඳහා වඩා පුලුල් සංවාදයක් ප්‍රජාව තුළින් මතු වීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රජා මැදිහත්වීම සිදු කිරීමට මෙවන් සංවාද ඇති කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට අප සැමට සාමූහික වගකීමක් ඇත.


ඉතිං දැන් අපි අවධානයට ලක් කරමු මේ තත්ත්වයන් කළමනාකරණය කරගන්න කළයුතුයි කියලා ජාත්‍යන්තර අරමුදල් සපයන ආයතන විසින් කරන සාම්ප්‍රදායික යෝජනා කිහිපයක්,

1. අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ආයතන ශක්තිමත් කිරීම - මෙම යෝජනාව බොහෝ කාලයක් සිට අරමුදල් සපයන ආයතන විසින් කරන නිර්දේශයක්. කෙසේ නමුත් මගේ අත්දැකීම් අනුව අරමුදල් වෙනුවෙන් පවතින අධික තරඟය විසින් ආයතන ශක්තිමත් කිරීම අසීරුයි, විශේෂයෙන්ම කුඩා බිම් මට්ටමේ සංවිධාන වලට. අනෙක් අතට සවිබල ගැන්වීමේ හැකියාව වැඩිපුර පවතින සම්පත් සහිත සංවිධාන ශක්තිමත් වීමෙන් ප්‍රජාව සවිබල ගැන්වීමක් සිදුවුනාද යන්න බරපතළ ලෙස ගැටලුසහගතයි.

2. ආයතන ස්වාධීන කිරීම - බොහෝවිට ආයතන ස්වාධීන කිරීම සඳහා යෝජනා කරනු ලබන්නේ ඒවාට ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමයි. නමුත් ප්‍රායෝගිකව බහුතරයක් LGBTIQ+ සංවිධානවල අධ්‍යක්ෂ මණ්ඩලයන්, ස්වාධීන හෝ බලයක් ඇති ඒකක නොවෙයි. බොහෝ විට ඒවායේ කටයුතු කරන්නේ ආයතන ප්‍රධානීන්ගේ මිතුරන් හෝ හිතවතුන්.

3. ආයතනික ප්‍රතිපත්ති (Best Practices Policies) - මෑත කාලීනව බොහෝ මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරන ආයතන, ඒ වගේම LGBTIQ+ සංවිධාන විවිධ ජාත්‍යන්තර අරමුදල් සපයන ආයතන විසින් සිදුකරන ඉල්ලීම් සපුරාලීම සඳහා ආයතනික ප්‍රතිපත්ති සම්පාදනය සිදු කරනවා. බොහෝ කුඩා සංවිධාන වලට මෙම ප්‍රතිපත්ති සම්පාදනයට ධාරිතාවය නොමැති අතර ඒ සඳහා වෙනත් ධාරිතාවය ඇති හෝ අරමුදල් සපයන ආයතන මත ඔවුන් පරායත්ත බවක් ඇතිකරගනී. මෙම තත්ත්වයන් අදාල කුඩා සංවිධානවල ස්වාධීන බවට අහිතකරව බලපායි. අනෙක් අතට මෙම ප්‍රතිපත්ති පැවතියත් විශේෂයෙන්ම ආයතනවල පාරදෘශ්‍යභාවය හෝ මූල්‍ය සුපිලිපන්බව වර්ධනය වී ඇති බවක් පෙනෙන්නට නෑ.

කෙසේ වෙතත් මං කියන්න කැමතියි මේ යෝජනා බොහෝ විට ඵලදායී නොවන ඒව වෙන්න පුලුවන් පවතින විවිධ සංකීර්ණ හේතූන් මත. එවැනි තත්ත්වයක් මත ප්‍රජාවක් ලෙස මොනවාද අපිට සිදු කරන්න පුලුවන්,

1. කළ හැකි මූලිකම දේ තමයි පවතින අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන අන්තර්ජාතික අරමුදල් මතම රඳා පවතින NGO මොඩලය/ආකෘතිය වෙනවට ප්‍රජාව සංවිධානය කිරීමට නව ආකෘති සහ අත්හදා බැලීම් සිදුකිරීම. ඒ තුළ ප්‍රජාවට වගකියන සාමූහිකබව වර්ධනය වන ජාලයන් නිර්මාණය කිරීම.

2. පවතින ජාත්‍යන්තර අරමුදල් මත පදනම් වූ ආකෘතිය තුළ පවා ප්‍රජාවේ අවශ්‍යතාවයන් වලට අනුකූල සහ ඒවාට සාධනීය මැදිහත්වීම් සිදුකළ හැකි සාමූහිකයන් සහ ප්‍රජාමූලික සංවිධාන බිහි කිරීම. එසේ බිහි කිරීමේදී වැදගත් වන කරුණක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සාමූහික තීරණ ගැනීම සහ සාමූහික හිමිකාරීත්වය වගේ මූලධර්ම මත කටයුතු කිරීම.

3. අනිත් වැදගත්ම කාරණය තමයි ජාත්‍යන්තර අරමුදල් සපන ආයතන සහ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන (INGO) විසින් වනපොත් කරන ලද දැනුම වෙනුවට ප්‍රජා කේන්ද්‍රීය, ප්‍රජා සාමාජිකයින්ගේ එදිනෙදා අත්දැකීම් හා බැඳුණු දැනුම මත පදනම් වීම සහ ඒවා ප්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදා ගැනීම.

4. ඒ වගේම ස්වාධීන අරමුදල් සම්පාදනයට යොමු වීම. නමුත් ලංකාව වගේ රටක සමාජ ආර්ථික සාධක එක්ක මේක අභියෝගාත්මක වෙන්න පුලුවන්.

5. අනිත් එක තමයි NGO ආයතන තුළට වගේම පොදුවේ ප්‍රජාව වෙනුවෙන් පවතින අවකාශ සහ සංගම් තුළට සංවරණ සහ තුළන (check and balance) ක්‍රමවේදයන් හඳුන්වා දීම. එමඟින් නැවත්ත් සාමූහික වගවීම/වගකීම, මෙන්ම මූල්‍ය පාරදෘශ්‍ය බව, දූෂණය වැළක්වීම තහවුරු කළ හැකියි.

6. ඒ වගේම පුලුල් ග්‍රාමීය බිම් මට්ටමේ සිට ජාතික මෙන්ම කලාපීය වශයෙන් මෙන්ම අන්තර්ජාතිකවත් සහයෝගීතාවයන් වර්ධනය කරගැනීම. මෙම සහයෝගිතාවයන් පුලුල් පරාසයක පැතිරුණු සිවිල සමාජ කණ්ඩායම් සමඟ ගොඩනඟා ගැනීම වැදගත්, එනම් බලපෑම් කණ්ඩායම් (pressure groups), වෘත්තීය සමිති, කාලා සංගම් වගේ කොටස්.

තවත් වැදගත් කරුණක් වන්නේ LGBTIQ+ NGO සහ පොදුවේ මානව කිමිකම් වෙනුවෙන් කටයුතු කරන ආයතන තුළ පවතින මෙම අර්බුදකාරී තත්ත්වයන්, මානව හිමිකම් වලට විරුද්ධව සමාජ මතයක් ගොඩනැගීමට බොහෝවිට පාවිච්චි වෙනවා. පසුගිය කාලය පුරාවටම මව්වරුන්ගේ පෙරමුණ වගේ සංවිධාන විසින් සමාජගත කරන්න උත්සාහ කලේ එම මතයයි. බොහෝ විට මෙම ගැටළු පුළුල් සංවාදයකට ලක් කිරීම වැලැක්වීමටත් හේතුව මානව හිමිකම් විරෝධී මෙවැනි කණ්ඩායම් සහ ඔවුන් සමාජගත කරන වැරදි තොරතුරු. මානව හිමිකම් වෙනුවෙන් රට තුළ සහ ජාත්‍යන්තර වශයෙන් පවතින රාමුව සාධනීය වශයෙන් විවේචනය කිරීම කිසිසේත්ම මානව හිමිකම් දුර්වල කිරීමක් නොවන අතර එය මානව හිමිකම් අන්තීකරණයට ලක් වූ ප්‍රජාවන්ට වඩා අර්ථාන්විත සහ ඵලදායී ලං කිරීමට කිරීමට ගන්නා උත්සාහයක්. එම නිසා මේ පිළිබඳව සංවාදයක් ගොඩනැගීම කාලීන අවශ්‍යතාවයක් වේ.

✍️ Neranjan Maddumage

~ Copied from අනුහස් සදරු

04/06/2026

HIV පාලනය කරන්න පුළුවන් බෙහෙත් දැන් ශ්‍රී ලංකාවේ තිබෙන බව ඔබ දන්නවාද?"

නිසි ප්‍රතිකාර (ART) මගින් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකියි. ලංකාවේ රජයේ සායනවල මේවා නොමිලේ ලබාදෙන බව ඔබ දැන සිටියාද?

දන්නා අය Comment එකක් දාන්න. නොදන්නා අයට ඉගෙන ගන්න Share කරන්න.

04/06/2026

G**s are forced into a heteros*xual lifestyle in Sri Lanka

This person in Sri Lanka had been forced into a heteros*xual lifestyle by his family and community where he grew up in a society for his entire life, he went along with the norms despite his true s*xual orientation. But then he decided that enough was enough, and that he could not live a lie any longer.
He has also witnessed that the homos*xual citizens in his country were bashed in public by fellow citizens and ashamed and humiliated regardless their position in society. Homos*xuals are altogether looked down upon as a sickness and sometimes as a result of pagan religions a bad karma or some God's punishment.
Fearing retribution he did not want to disclose his personal identity on this video recording. However he felt a profound need to tell his story to the world hoping that it would help lead to a more rigorous discourse about s*xuality, and how there is no such thing as normative s*x. His belief that talk needs to radically scrutinize the focus given to the heteros*xual family life that is propounded by British colonial values, conventional societies and the so-called development plans of the international community.
Under the Sri Lankan penal code Section 365 & 365A, homos*xual acts are prohibited and "violators" face a sentence upto 10 years in prison. While few cases have ever been persecuted, public shaming and blackmail looms large for Sri Lanka's homos*xual community, and this "dead letter" has become a greater threat in light of pervasive police corruption. Harassment by state authorities and outsiders have heightened to such a sad state that looking for ways to end one's life has become a common fate for the homos*xual Sri Lankan youth nowadays. These are ordinary encounters for somebody who doesn't fit into the Sri Lankan society's system of so-called "affection and closeness".

There are many traumatic experiences and this is just one. As a society we need to understand that being gay is not a choice or a decision.
Thank You.!

මෙහි ඇතුලත් සියලුම කරුණු හා අදහස් වල අයිතිය අදාල කතෘන් සතුය.

All the copyrights belong to the said authors.

#සමරිසි #සමරිසිලංකීක #සමලිංගික #සමකාමි #සමනලයෝ #කොලුකාරයෝ

03/17/2026

Gay Vs heteros*xual relationships සමරිසි කියා තෙරුම්ගත් පසු, විරුද්ධලිංගික ආදරන් පැවැත්වීම සාදාරණ ද?


"මං A/L ඉවරවී පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගන ගන්න ශිෂ්‍යයෙක්. මට දැන් තෙරිලා තියනවා මං Gay කෙනෙක් කියලා. මගේ පාසැල් කාලයේ ඉදන් මට girlfriend කෙනෙක් ඉන්නවා. මට දැන් තෙරෙනවා මං එයාට බොරුවක් කරන්නේ කියලා. මම ඇයට අසාධාරනයක් නේද කරන්නේ?
ඇයට මං gay කෙනෙක් කියලා කියන්නද..?"

ඔබ සමරිසි කෙනෙක් කියා තෙරුම්ගත් පසුව, ඔබේ පැවතගෙන ආ, විරුද්ධලිංගික ආදර සම්බන්දතාවය දිගටම ගෙනියැම ඇයට හෝ ඔහුට කරන අසාධාරනයක් ද?

ඇයට හෝ ඔහුට, ඔබ සමරිසි යැයි කියන්නේ කෙසේ ද...??

if you come to know that you are a gay person, is it "alright" to continue your heteros*xual relationships?
After YOU came-out to yourself, How you going to tell she /he that you are a gay person?
................................
ශ්‍රී ලංකාවේ අද social media වල කෙරිගෙන යන LGBT ප්‍රජාව වෙත කෙරෙන මඩ ප්‍රචාරණයන් දිහා බලන විට, මම මාගේ වසර විස්සකටත් වඩා LGBT community activist කෙනෙක් හැටියට හා වසර 25 ක පමන counselling අත්දැකිම් මත යමක් පැවසිමට සිතුනා.
Amila Sampath
+1 917 957 6797

#සමරිසි #සමරිසිලංකීක #සමලිංගික #සමකාමි #සමනලයෝ #කොලුකාරයෝ

03/17/2026

Address

New York, NY

Telephone

+1 917 400 6265

Website

Alerts

Be the first to know and let us send you an email when STOP Gay Bullying In Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share