05/09/2026
ආදරණීය Shamel පුතේ, ❤️
කවදාහරි ඔයා ලොකු වෙලා මේ message එක කියවන දවස එනකම් අපි බලාගෙන ඉන්නවා… 🥹❤️
එදාට, මේ වචන පිටුපස තියෙන ආදරය, බය, කඳුළු, ප්රාර්ථනා සහ මේ දවස අපිට කොච්චර වටිනවද කියලා ඔයාට තේරෙයි.
දන්නවද… ඔයාට දැන් අවුරුදු 5යි! ❤️🥹
ඒක කොච්චර ලොකු දෙයක්ද කියලා ඔයාට තාම තේරෙන්නේ නැති වෙයි.
ඒත් මේ 5 වෙනි උපන්දිනය අම්මටයි අප්පච්චිටයි නිකම්ම birthday එකක් නෙමෙයි. මේ දවස අපේ ජීවිතේම ලොකුම miracle එකක්..
මේ අවුරුදු පහ පුරාවටම අපි ඔයාට දරාගන්න සිද්ධ වුණු දේවල් දැක්කා. Hospital වල ගත කරපු දවස්, බය, කඳුළු, එක එක අමාරුකම්… ඔයාගේ ජීවිතය අවදානමේ තිබුණු දවස්.. ඒවා අපිට අමතක වෙන්නේ නෑ.ඒ හැම වෙලාවකම අපි ප්රරාර්ථනා කළේ එකම දෙයක්…
“අපේ පුතාට තවත් birthday එකක් සමරන්න අපිට ලැබෙන්න.” ❤️
අද ඒ දවස අපිට ලැබුණා. 🥹 ඒත් අද තවත් විශේෂ දෙයක් වුණා…අවුරුදු 5කට පස්සේ, ඔයා ඔයාගේ birthday candle එක තනියම නිවා දැම්මා. 🕯️❤️ ඒ පුංචි හුස්ම පිටුපස අවුරුදු 5ක මහන්සියක් තිබුණා. Practice කළා, නැවත නැවත උත්සාහ කළා, අත්හැරියේ නෑ.ඔයා ඒ ඉටිපන්දම නිවාපු මොහොතේ මගේ ඇස්වලට කඳුළු ආවේ ඒක නිකම්ම ඉටිපන්දමක් නිසාම නෙමෙයි…ඒක අපේ බලාපොරොත්තුවේ ඉටිපන්දමක් නිසා. ❤️🕯️
මේ අවුරුද්දත් එක්ක අපේ බය, වේදනාව, hospital දවස් සහ හැම අමාරුකමක්ම ඈතටම ගසාගෙන යන්න කියන බලාපොරොත්තුවක්. ඉස්සරහට ඔයාට සෞඛ්යයෙන්, සතුටින්, ආදරයෙන් පිරුණු ලස්සන දවස් ගොඩක් ලැබෙන්න කියන බලාපොරොත්තුවක්.
පුතේ, ඔයා මේ තැනට ආවේ තනියම නෙමෙයි.
ඔයා වෙනුවෙන් prayers කියපු, donate කරපු, උදව් කරපු, අපිව දිරිමත් කරපු, ඔයාව විශ්වාස කරපු, අපිත් එක්ක මේ ගමනේ හිටපු හැමෝටම අපි හදවතින්ම ස්තූතිවන්ත වෙන්න අවශ්යයි❤️
එයාලගේ ආදරය, ප්රාර්ථනා සහ උදව් නිසා තමයි අද අපිට මේ දවස දකින්න ලැබුණේ.
ඒ නිසා පුතේ… මේක නිකම්ම ඔයාගේ 5 වෙනි birthday එකට වඩා එහායින් ගිය,
ආශ්චර්යයන් ඇත්තටම සිද්ධ වෙනවා කියලා දැනුණු දවසක්. ❤️
සුභ උපන්දිනයක් මගේ නිර්භීත පුතේ..🥹❤️
කවදාහරි මේක කියවන ඔයාට එදා තේරෙයි, ඔයාගේ ජීවිතය අපි හැමෝටමත්, අම්මටයි අප්පච්චිටයි කොච්චර වටිනවද කියලා…එතකම්, ඔයාට ගොඩක් ආදරෙයි කියලත්, ඔයා අපේ ලොකුම ආශීර්වාදය කියලත් මතක තියාගන්න..♥️🥰🙏🏻