Youth Club Welipitiya

Youth Club Welipitiya තාරුණ්‍යයේ ඉලක්ක මුදුන්පත් කරගැනීම උදෙසා එක්වූ අපේම හඬ!🔥
Youth එකම සෙට් වෙන අපේම තැන YOUTH CLUB"🤍

Special Youth Development Training Programs And Activities Of Youth මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වන උක්ත වැඩ සටහනට අදාල යොව...
25/09/2026

Special Youth Development Training Programs And Activities Of Youth
මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වන උක්ත වැඩ සටහනට අදාල යොවුන් කදවුරෙ වැලිපිටියෙ තරුණ තරුණියන්

දිනය : 2026 සැප්තැම්බර් 25 සිට 27 දක්වා
ස්ථානය : දික්වැල්ල ප්‍රදේශීය ලේකම් කොට්ටාසයෙ යවුන් සෙනාංකයේදි

🏆 අපේ ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්! 🏆2026/09/22 35 වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති මාතර දිස්ත්‍රික් තරගාවලි...
22/09/2026

🏆 අපේ ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්! 🏆

2026/09/22

35 වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති මාතර දිස්ත්‍රික් තරගාවලියේදී ලකුණු 2ක් ලබා ගනිමින් 13 වන ස්ථානය හිමිකරගත් වැලිපිටිය යොවුන් සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලය, මෙවර 2026 වසරේ 36 වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති මාතර දිස්ත්‍රික් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 57ක් ලබා ගනිමින් තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. 🏆❤️

මෙම සුවිශේෂී ජයග්‍රහණය කරා අපව දිරිමත් කරමින්, ශක්තිය හා ධෛර්යය ලබා දුන් වැලිපිටිය ප්‍රාදේශීය බල මණ්ඩලයේ තරුණ සේවා නිලධාරිනී නිමාලි මහත්මිය, වැලිපිටිය ප්‍රාදේශීය බල මණ්ඩලයේ සභාපති මුස්ෆිර් මව්ලානා මහතා ඇතුළු සියලුම නිලධාරීන්ට සහ සාමාජිකයින්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු.

එමෙන්ම, මෙම කුසලානය වැලිපිටියට දිනා දීම සඳහා කැපවීමෙන් හා උනන්දුවෙන් ක්‍රීඩා කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ විශේෂ ස්තූතිය සහ සුබ පැතුම් පිරිනමමු. ❤️👏

තවද, වැලිපිටිය ප්‍රාදේශීය බල මණ්ඩලයේ කටයුතු සඳහා නිරන්තරයෙන් සහයෝගය හා උපකාර ලබා දෙන සියලුම දෙනාට අපගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.

මේ ජයග්‍රහණය අප සියලුදෙනාගේම එකමුතුකමේ, කැපවීමේ සහ උත්සාහයේ ප්‍රතිඵලයකි. 🏆❤️

වැලිපිටියට ජය! 🇱🇰🏆

22/09/2026

36 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන මාතර දිස්ත්‍රික් ක්‍රීඩා තරගාවලිය ස්වල්ප මොහොතකින් ආරම්භව වේ.

❤️ ඊයේ දින උදේ නුගදූව පාලම අසලින් පොල්වතු මෝදර ගඟේ ගිලී අතුරුදන් වූ මියුරු නිම්සර සොයා, ඔහුගේ මාපියන්, නෑ හිත මිතුරන් මෙ...
21/09/2026

❤️ ඊයේ දින උදේ නුගදූව පාලම අසලින් පොල්වතු මෝදර ගඟේ ගිලී අතුරුදන් වූ මියුරු නිම්සර සොයා, ඔහුගේ මාපියන්, නෑ හිත මිතුරන් මෙන්ම නාවික හමුදා නිලධාරීන් නොනවත්වා සෙවුම් මෙහෙයුම්වල නියැළී සිටිනවා.
ඒ අතරතුර වරින් වර ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ මම දුටුවේ හදපාරවන මෙන්ම අතිශය අපූරු මානුෂීය දසුනක්. ඒ, අපේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය අධික වැසි වෙලාව අතරතුරදීත්, රාජකාරියේ නිරත නාවික හමුදා නිලධාරියකුට කුඩය ඉහළාගෙන ඔහුට සෙවන සලසන ආකාරයයි.
මේ වැනි දැඩි ශෝකජනක, අමාරු මොහොතක, එයත් ඉරිදා වැනි නිවාඩු දිනක, මේ අවාසනාවන්ත ඉරණමට මුහුණපා සිටින ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ දුක බෙදාගන්නට ඇය දැක්වූ කැපවීම මගේ සිත පහන් කළා. බලය හෝ තේජස පෙන්වීම වෙනුවට, ජනතාවගේ දුකේදී ඔවුන් සමඟ සාමාන්‍ය මිනිසෙක් ලෙස සිටින මෙවැනි ප්‍රාදේශීය ලේකම්වරුන් අප සමාජයේ අගය කළ යුතුමයි!
ඇයට අපේ උත්තමාචාරය හිමි විය යුතුයි.

Lalith pathmasiri face book පිටුවෙන්

ARE YOU READY ? 🎯Matara District YOUTH SPORTS FEST 2026📅22 nd September 2026⏱️At 8.00 AM📌️Kotawila Stadium
21/09/2026

ARE YOU READY ?

🎯Matara District YOUTH SPORTS FEST 2026

📅22 nd September 2026
⏱️At 8.00 AM
📌️Kotawila Stadium


20/09/2026

පොල්අතුමෝදර ගගේ ගිලී අතුරුදන් වු 15 හැවිරිදි සිසුවාගේ සිරුර නුගදුව පාලම අසලින් හමු වෙයි...

මිතුරන් පිරිසක් සමග පොල්අතුමෝදර ගගේ දිය නෑමට ගොස් අතුරුදන් වු 15 හැවිරිදි සිසුවාගේ සිරුර අද (20) උදෑසන වැලිපිටිය නුගදුව පාලම ආසන්නයෙන් සොයා ගෙන තිබෙනවා.

දෙනිපිටියේ පදිංචි එම සිසුවෙක් ඊයේ (19) ගගේ අතුරුදන් වී තිබුණා.

වැලිගම වැලිපිටිය වටගෙදර මුල්ල ප්‍රදේශයේ දී ඔහු මෙම අනතුරට මුහුණ පා තිබුණේ.

වැලිගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

20/09/2026
14/09/2026

මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදෙශිය ලෙකම් කොට්ඨාශ යේ යෞවන සම්මාන තරග අවස්ථාව
2026/09/05

සංවේගයෙන් දැනුම්දීමයි!  වැලිපිටිය ප්‍රාදේශීය යොවුන් සමාජ සම්මේලනයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන හීරැශි දෙව්මිනී සොයුරියගේ ...
10/09/2026

සංවේගයෙන් දැනුම්දීමයි!

වැලිපිටිය ප්‍රාදේශීය යොවුන් සමාජ සම්මේලනයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන හීරැශි දෙව්මිනී සොයුරියගේ මවගේ හදිසි අභාවය පිළිබඳව අපගේ බලවත් සංවේගය.

ප්‍රාදේශීය යොවුන් සමාජ සම්මේලනය - වැලිපිටිය

මාතර දිස්ත්‍රික්කයේ  වැලිපිටිය ප්‍රාදෙශිය ලෙකම්  කොට්ඨාශ යේ යෞවන සම්මාන තරග අවස්ථාව 2026/09/05
06/09/2026

මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදෙශිය ලෙකම් කොට්ඨාශ යේ යෞවන සම්මාන තරග අවස්ථාව
2026/09/05

Address

Welipitiya
Weligama
81700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Club Welipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share