මුහුණු පොතෙහි පිනැති ඔබට ලියමි..! මම ධම්මපාල හාමුදුරුවෝ. මම මගේ පිටරට කල්‍යාණ මිත්‍රයන් හා ලන්කාවේ කලන මිතුරන් එකතු කරගෙන ඔවුනගේ ආධාර ඇතිව විවිධ සමාජ සත්කාර කරගෙන යන්නෙමි. එය කරන්නේ හුදෙක් මුදල් තිබෙන නිසාම නොව සරනක් අවැසි මිනිසුන්ට පිහිටක් විමේ අදිටනිනුයි. තවද අප මියැදෙන්නට පෙර යමක් කල යුතුයි යන හැඟීම මා තුල තදින්ම පවතින සිතුවිල්ලකි. එය තව දුරටත් මල් පල ගන්වමින් මා වටා බොහෝ දෙනා එකතු විය. ප්‍රසි
ද්ධ නොකලාට අපි නිහඩව බොහෝ පිංකම් සිදු කොට තිබේ. මේ අතර මෙවැනි සමාජ සේවයන්ට කැමති තවත් කල්‍යාණ මිත්ත්‍රයෙක් ලෙස තාරක මහත්මාද මට ලොකු සහයොගයක් ලබා දෙමින් කියා සිටියේ මෙයට හොද පදනමක් ආරම්භකොට තවත් අය මේවට දායක කරගමු යන්නය. කෙසෙ හෝ අවසානයෙදි මගේ සමාජ සේවාවන් තව දුරටත් පුලුල් කරමින් ඔබට ද සහභාගි වීමට අවකාශය ලබාදෙන්න මම පදනමක් ආරම්භ කලේය. එහි නම වන්නේ ONE RUPEE FOUNDATION ය. මෙහි නමද රුපියලේ පදනම බැවින් අපි ඔබට ආරාධනා කරන්නෙ දහස් ගනන් මුදලකින් මෙයට දායක වීමට නොව එකම එක රුපියලකින් දායක විමට පමනි. රුපියලකින් කිසිවක් කල නොහැකි මුත් ඔබට නොවටිනා ඒ රුපියල අපට ලබා දෙන්න එය අපට කෝටි ගනනකට වඩා වටිනවාය අද ඔබ දෙන රුපියල හෙට තව කෙනකුට මහ මෙරක් විය හැක. අපි ඉදිරියෙදි හා දැන් කරන සමාජ සේවාවන්ට ඔබේ රුපියලේ සහයොගය පිං දෙමින් බලාපොරොත්තු වෙමු. තවද මේ හරහා අපි කරන පිංකම් සම්බන්ධව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන අතර කැමති කෙනෙක් වෙත්නම් නම් අපත් එක්ක එකතු වී පිං කරන්නකරන්න පුලුවනි අප හා සමග සහභාගී විමට ඔබට අවස්තාව සලසා දෙන්නට අපි ලෑස්තියි. ඒ සම්බන්දව අපි නුදුරෙදීම ඔබව දැනුවත් කරමු. පිං කරන්න ධනවතෙක් වන්නම ඕන නැහැ එක රුපියලත් හොදටෝම ඇති..