20/10/2025
අපේ සෙනහසේ අරණ වැඩසටහනෙන් තවත් කාර්‍ය කැටවල පාසල වෙනුවෙන් ඉටු කරා.පාසලේ ක්‍රිඩා භාර ගුරුතුමිය විසින් මා හට කියා සිටියේ පාසලේ ලමුන්ට ක්‍රිඩා පුහුණු වීම් කටයුතු සදහා අවශ්‍ය උපකරණ කිහිපයක් තියෙනවා පුලුවන්නම් ඒ සදහා උදව් උපකාරයක් කරන්න කියලා.ඒ කාලය අතර තුර මා හට අපේ ආදරණීය ප්‍රදීප් මල්ලි ඉල්ලීමක් කරා අයියේ මගේ මේ විදියේ අදහසක් තියෙනවා කොහොම කරන්නේ කියලා මට එකහෙලාම ආවේ කැටවල පාසලේ ක්‍රිඩා ගුරුතුමිය කර ඉල්ලීමයි.එය මා විසින් අපේ ආදරණීය මල්ලිට පැවසු විට ඒ සදහා උදව් උපකාර කරන්න කැමැත්ත ප්‍රකාශ කරා.ඒ අනුව පාසලට අඩුපාඩුවක්ව පැවැති ක්‍රිඩා උපකරණ ටික පාසල වෙනුවෙන් පසුගිය දවසක ලබා දුන් අතර.ඒ සදහා උදව් උපකාර ඒ ආදරණීය මල්ලිගේ සියලුම කටයුතු සාර්ථික වේවා .මේ සදහා අපට උපදෙස් හා උදව් කරපු පාසලේ විදුහල්පති ලයනල් මානගේ මැතිතුන්ට හා පාසලේ ආචාර මණ්ඩයලට ස්ත්තුයි පුද කරන අතර.ඒ ආදරණිය මල්ලිට හා හැමෝමටම තෙරුවන් සරණයි .