04/10/2025
පාසැල් යන වයසෙදි දෙමව්පියන් දෙන්නා අහිමිවුනාම, එහෙම නැත්නම් අම්මා හෝ තාත්තා අහිමි වුනාම බොහෝ දුරට සිදුවන්නේ ආර්ථික අපහසුකම් තියෙන පවුල්වල දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු අතරමග නවත්වන එක..
ඒ දරුවො බොහෝ වෙලාවට ළමා වයසෙදිම තමන්ගේ පවුලේ බර කරට ගන්නවා. කොහේ හරි අඩු පඩියකට රස්සාවකට යනවා. මෙහෙකාර වැඩක් හරි කමක් නෑ. හරියට රැක්මක් බැල්මක් නොලැබෙන ඒ අය සමාජයේ අතරමං වෙනවා.
ඔන්න ඔහොම වෙන්න තියෙන ඉඩ අඩු කරන්න තමයි අපේ උත්සාහය. දරුවන්ට උගන්වන්න සල්ලි නැතිවෙනකොට ඒ දරුවන්ගේ අම්මා, එහෙමත් නැත්නම් තාත්තා, නැත්නම් සීයා ආච්චි, ඒ දරුවන්ට අඩුගානේ කන්න ටික හරි හොයාගන්න මහන්සි වෙනවා. එතකොට ඉස්කෝලේ, අමතර පන්ති, ශිෂ්‍යත්වෙ, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විතරක් නෙමෙයි බොහෝ දුරට විශ්ව විද්‍යාලේ පවා ඔවුන්ගෙන් උදුරාගන්නවා. ඒක හිතකින් නෙමෙයි කරන්නේ. කරන්න දෙයක් නැතිතරමටම අන්ත අසරණ වුනාම එහෙම වෙනවා.
ඉතින් අපි පටන්ගත්තා එහෙම දෙමව්පියන් අහිමි පාසැල් යන, විශ්ව විද්‍යාලෙ යන දරුවන්ට මාපිය කැපකරු ශිෂ්‍යත්ව ක්‍රමයක්..
ඒකට බොහෝ දෙනෙක් අපිට උදව්කරා. සමහරු කැමැත්තෙන්ම ඒ පවුල් සම්බන්ධ කරගෙන ඔවුන්ට මාස්පතා වියහියදම් දුන්නා. තවත් සමහරු තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන අප හරහා මාස්පතා තමන්ගේ යුතුකම් ඒ අසරණ දරුවන් වෙනුවෙන් කළා.
අද අපිට හරිම සතුටුයි. මේ වනවිට වසර 12 කට වැඩිය අපි මේ උතුම් සත්කාර්යය කරනවා. දරුවන් 100 කට අධික පිරිසකට ඔනුන්ගේ ජීවිතය හදාගන්න උදව්කරලා තියෙනවා. වෙන කවුරුවත් නිසා නෙමෙයි, ඒ ඔයලා අපිට දීපු මනුස්සකමේ හයිය නිසා තමයි.
ඉතින් තවත් අසරණ වුන දරුවන් පිරිසකට උදව්කරන්න ඔබත් කැමති නම් කතාකරන්න අපිට. නැත්නම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න.
අපි කැමතියි ඇත්තටම උදව්වක් අවැසි ඒ අයව සම්බන්ධ කරලා දෙන්න.
දෙමව්පියන් නැති නිසා අන්ත අසරණවෙලා ඉන්න දැයේ දූ දරුවන් වෙනුවෙන් අපි අපේ යුතුකම අද දවසේ යුතුකම ඉටුකරමු.
ආචාර්ය රංජිත් නවරත්න
අනුස්මරණ ශිෂ්‍යත්ව පදනම
25, ලින්ක්වුඩ් පෙදෙස, වැහැර, කුරුණෑගල.
0372229993
මේක හැකිතරම් ෂෙයාර් කරන්න.🙏💐