HRFAC Gampaha

  • Home
  • HRFAC Gampaha

HRFAC Gampaha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HRFAC Gampaha, Nonprofit Organization, .

මැතිවරණ ක්‍රමය හා මැතිවරණ කැලැන්ඩරය සම්බන්ධයෙන් 2026/04/01 දින ජාතික සාම මණ්ඩලය අනුග්‍රහය ඇතුව පවත් වන ලද දැනුම්වත් කිරී...
01/04/2026

මැතිවරණ ක්‍රමය හා මැතිවරණ කැලැන්ඩරය සම්බන්ධයෙන් 2026/04/01 දින ජාතික සාම මණ්ඩලය අනුග්‍රහය ඇතුව පවත් වන ලද දැනුම්වත් කිරීම.
සම්පත්දායක මංජුල ගජනායක මහත්මා

බලය බෙදීම සම්භන්දයෙන් දැනුවත් කිරීමක් ජාතික සාම මණ්ඩලය මගින් අද දින සල්සා ආයතනයේදී පවත්වන ලදී. ආචාර්ය ක්‍රිෂ්නි සිල්වා ද...
31/03/2026

බලය බෙදීම සම්භන්දයෙන් දැනුවත් කිරීමක් ජාතික සාම මණ්ඩලය මගින් අද දින සල්සා ආයතනයේදී පවත්වන ලදී. ආචාර්ය ක්‍රිෂ්නි සිල්වා දැනුවත් කිරීම කරන ලද අනුග්‍රහය ජාතික සාම මණ්ඩලය විසින් දක්වන ලදී.

10/03/2026

ජංගම දුරකථනය පිල්ලි ගසමින් එය නැති වූ බවට බොරු පැමිණිලි බලෙන් ලියාගත් පමුණුගම පොලිසිය.

ඔහු පෙබරවාරි මාසේ 17 වෙනිදට අවුරුදු 18 ලැබූ තරුණයෙකි. පෙබරවාරි 02 වෙනි දින පාරේ ගමන් කරමින් සිටියදී “කුඩු දෙන්නද ආවේ” කියලා විහංග නිමේශ්ව පමුණුගම පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට අරගෙන මහජනතාව ඉදිරියේදී ඔහුව අඩ නිරුවත් කර පහර දී ඇත.

පසුව පොලිස් නිලධාරීන් ඔහුව පොලිසියට ගෙනගොස් කූඩු කිරීමට පෙර ඔහුගේ රුපියල් 76500/= ක්‌ වටිනා ජංගම දුරකථනය හා ශ්‍රවණ උපකරණයත්, රුපියල් 10000/= සමඟ මුදල් පසුම්බිය පොලිස් බාරයට ගෙන ඇත. කිසිම හේතුවක් නොකියා නීතිඥ උපදෙස් පවා ලබා ගැනීමටද ඉඩ නොතබා, ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 10000/= ක මුදල් ඇප මත නිදහස් කර ඇත. ඉන්පසු ඔහු පමුණුගම පොලිසියට පැමිණ ඔහුගේ දුරකථනය ඇතුළු භාණ්ඩ ඉල්ලා ඇති අතර, රුපියල් 10000/= නොමැතිව මුදල් පසුම්බිය පමණක් ඔහුට ලබා දී ජංගම දුරකථනය ලබා ගැනීමට පසු දින එන ලෙසට පවසා ඇත.

මෙසේ දින කිහිපයක් ගියවිට එක් පොලිස් නිලධාරියෙක් ඔහුගේ භාණ්ඩ ලබාගත් නිලධාරියා නිවාඩු ගොස් ඇති අතර ඔහු හට ඇමතුමක් ගත් විට ඔහුගේ “ලොකර් එකේ” ඇති බව එම නිලධාරියා පවසා ඇත. එහෙත් දින 20 ක්‌ දිනපතා දුරකථන ඇමතුම් ගත්තත් ඔහුට දුරකථනය නොදුන් අතර, පසුව පොලිසියට ගෙන්වා ඔහුගේ දුරකථනය පමුණුගම මංසන්ධියේදී ඔහු ඉන්නවිට පොලිසියෙන් රැගෙන ආ බවත් “පොලිසියට පැමිණ දුරකථනය බැලුවිට දුරකථනය නොමැති බවට” පවසා පැමිණිල්ලක් දමන ලෙස ඔහුට පොලිස් නිලධාරියෙක් පවසා ඔහුගේ අකමැත්ත මත බොරු පැමිණිල්ලක් ලියා ගෙන ඇත. දැනට මාසයක් ගතව ඇතත් ඔහුට තම දුරකථනය ලැබී නැත.

මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය – ගම්පහ
0777 883 741

#මානවහිමිකම්

05/03/2026
04/03/2026

📚 මානව හිමිකම් සහ සිවිල් නීතිය පිළිබඳව ඉගෙන ගන්න ඔබත් කැමති ද?

⚖️ එදිනෙදා ජීවිතයට අවශ්‍ය නීතිමය කරුණු ගැන දැනගන්න අවකාශයක් හොයනවද?

📝 ආසන සීමිත බැවින් මාර්තු 11 වනදාට ප්‍රථමව අයදුම් කරන්න!

📞 වැඩි විස්තර සඳහා: 074 188 0377

🤝 සංවිධානය:
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සහ කොළඹ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය

✨📢 ඔබගේ නීතිමය දැනුම වැඩි කරගැනීමට මෙම අවස්ථාව අතපසු නොකරන්න!

Multi Midia story Telling For Human Rights Advocacy Trainning in Right to Life Human Right New Office at Thalawathugoda ...
27/02/2026

Multi Midia story Telling For Human Rights Advocacy Trainning in Right to Life Human Right New Office at Thalawathugoda Garden

TB සම්භන්දයෙන් ස්වේච්චා ක්‍රියාකාරින් පුහුණුව වැලිසර MOH  කාර්යාලය  මගින් පවත් වන ලදී
26/12/2025

TB සම්භන්දයෙන් ස්වේච්චා ක්‍රියාකාරින් පුහුණුව වැලිසර MOH කාර්යාලය මගින් පවත් වන ලදී

22/12/2025

මොරවක පාසලකදී ගුරුවරයකුගේ පහර දීමෙන් සිසුවකු රෝහල් ගත කෙරේ..

මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය අධ්‍යාපන කළාපයේ මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසලේ චිත්‍ර විශය භාර ගුරුවරයා 14 හැවිරිදි 8 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙක්ට මකුලත (ගිණිසීරියා) ලීයක් කඩා සිසුවාගේ තට්ටම ප්‍රදේශයට දැඩි ලෙස පහර දීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා ප්‍රතිකාර සඳහා මොරවක රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා ඇතැයි මොරවක පොලිසිය කියයි.

පාසලේ සිසුවියන් හුනු කූරු වලින් සෙල්ලම් කරමින් සිටියදී එක් ළමයකුගේ ඔළුවට හුනු කූරක් වැදී එම සිසුවිය වැරදි වචනයක් ප්‍රකාශ වීමත් එය අසල භෝජනාගාරයේ සිටි ගුරුවරයාට ඇසී පැමිණි කිසිදු වගවිභාගයකින් තොරව පන්ති කාමරය අසල ඇති ගසකින් මකුලත පොල්ලක් කඩාගෙන එය කැඩෙන තුරු පහර දී අනතුරුව කොන්ක්‍රිට් බිම දණ ගස්සවා පහර පිට පහර දහයක් එල්ල කළ බවත් දෙමාපියන් කළබල වේ යයි බියෙන් සිය වැඩිමල් සහෝදරියට පවසා ඇති බවද තරුනෙත් සිසුවා කියයි.

මානෙල් රංජනී මව මේ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකොට සිටින්නේ මන්දැයි පහර දුන් ගුරුවරයාගෙන් දුරකථනයෙන් විමසීමේදී තමා ඒ වෙලාවේ ඇතිවූ මානසික පීඩනය නිසා මෙය සිදුවූ බවත් ඒ මොහොතේ පටන් දැඩි මානසික පීඩනයෙන් සිටිනා බවත් පවසයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් විදුහල්පති ජයන්ත මද්දුමගේ මහතාගෙන් විමසීමේදී මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බැවින් කළාප කාර්යාලය විමසන්නැයි ඉල්ලා සිටියා. දෙනියාය කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය සිදුවීම සම්බන්ධයෙන් දැනගත් මොහොතේම සහකාර අධ්‍යක්ෂවරුන් තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් පත් කොට වාර්තාවක් කැද වීමට පියවර ගත් බවත් අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතියකින් තොරව මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවත් කීය.

මවගේ ඉල්ලීම කඩිනමින් පරීක්ෂණයක් පවත්වා දරුවාට වෙනුවෙන් සාධාරණයක් අපේක්ෂා කරති.

කෙසේවෙතත් සැකකාර ගුරු ශික්ෂණවේදී උපාධිදාරී ගුරුවරයා මේ වන විට මොරවක පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර අද මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

ප්‍රියන්ත දසනායක
අකුරැස්ස

12/12/2025

Address


Telephone

+94777883741

Website

Alerts

Be the first to know and let us send you an email when HRFAC Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to HRFAC Gampaha:

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share