E Daham Pasala

  • Home
  • E Daham Pasala

E Daham Pasala ගුණ දහමින් සුපුෂ්පිත බෝසත් දරු පරපුර?

13/05/2024

" රුධිර දායකයා ජාතියේ නිහඩ වීරයෙකි"

දැහැමි ලේ බිඳක් - 2024 මැයි මස 18, උදෑසන 9.00 සිට

ස්ථානය: ශ්‍රී විජයාරාමය ගැරඩිබකින රාජමහා විහාරය, මැදගම, බුත්තල.

අපි වගේ සිනාසී, ජීවත්වෙන්න පෙරුම් පුරනා, සොඳුරු හදවත් ඇති, අපේම මිනිස්සුන් වෙනුවෙන්, ලේ බිදක් දන් දී, ඔවුන්ගේ හදවත් සුවපත් කරන්නට, සොඳුරු හදවත් ඇති මිනිසුනේ, ඔබට කරන සෙනෙහසේ ආයාචනාවයි මේ......

දිවි ගමන සතුටින් ගත කරන්නට පෙරමඟ බලා සිටින සෙනෙහසේ මිනිසුන් සොයා යන දැහැමි සමිතියේ තවත් සමාජ මෙහෙවරක්,

Location: https://goo.gl/maps/C9rnsC2t8y6dKC6v9

13/08/2023
25/02/2023
25/02/2023

පිනට ලද රූපය පවට යෙද වූ සාපය..

කාමය වරදවා හැසිරීම සංසාරයේ අනන්ත දුක්‌ ගෙන දෙන පාපකර්මයකි. කාන්තාවකට, දියණියකට විවධත්වයෙන් යුත් රූමත්, සාමාන්‍ය, අවලස්‌සන ශරීර ස්‌වභාවයන් ලැබෙන්නේ පෙර සංසාරයේ කරන ලද කුසල් සහ අකුසල් කර්මයන් නිසාය. පෙර සංසාරයේ කරන ලද කුසල් නිසා තමනට ලැබෙන පංච කළ්‍යාණියෙන් යුත් රුපශ්‍රීය, අඟපසඟ විචාරයකින් තොරව පරිහරණය කිරීම මහත්ම අකුසලයකි. විශේෂයෙන් මාධ්‍ය ලෝකයෙන් කල එළි බසින මෙන්ම ලෝකයාගේ වැඩි අවධානයක්‌ දිනාගැනීම පිණිස විචාරයකින් තොර ඇඳුමින් පැළඳුමින් සැරසී දිනපතා රැකියා සඳහා යන කාන්තාවන් ද මේ ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය.
තමන්ට පෙනුමැති, හැඩැති, පැහැපත් ශරීර ස්‌වභාවයන් ලැබී ඇත්තේ ඒවා ලෝකයාට පෙන්වීමට නොවේ. ඒවා ඔබට ලැබී ඇත්තේ ඔබ විසින්ම සංසාරයේ කරන ලද මහා පිංකම් හේතුවෙන්ය. සංසාරයේ අනන්ත වෙහෙස මහන්සිවී පිංකම් කර ඔබ ලබාගත්, ඔබට ලැබුණු ඔය රූපය, ඔබේ විනාශය සඳහා උපයෝගී කර නොගන්න. ඔබේ පිනට ලැබුණු ශරීර අවයවයන් නුවමනා ආකාරයට ප්‍රදර්ශනය නොකරන්න. මේ කය දෙතිස්‌ කුණපයක්‌ බව සිතීමට ඔබලාට තවම අවබෝධයක්‌ නොමැතිනම්. අවම වශයෙන් මගේ ශරීරය නිරාවරණය විය යුත්තේ මගේ නිත්‍යානුකූල ස්‌වාමිපුරුෂයාට පමණක්‌ය යන අධිශ්ඨානයටවත් එන්න උත්සහ ගන්න. ඔබ අනුන් ඉදිරියේ කැපී පෙනීමට ඇති තන්හාව, මමත්වය නිසාම අනවශ්‍ය ලෙස, නොගැලපෙන ලෙස ශරීරයේ නිරාවරණය වන, ශරීරයට කිටි කිටියේ සිරවන ඇඳුම් පැළඳුම් භාවිතයේදී අනුන් රාගයෙන් මත්කරන, මත්වන නිසා ඔබ තුළද, අනුන් තුළද කෙළෙස්‌ ෙච්තනාවන් පහළවීම ස්‌වභාවිකය.

මෙලෙස තම අඟ පසඟ වැරදි ආකාරයට පරිහරණය කළ ස්‌ත්‍රියක්‌ මරණින් මතු ප්‍රේත ලෝකයේ ඉපිද විඳින දුක මෙහි සටහන් කරමි. ඇය පෙර ආත්මයේ ඔබ වැනිම සුරූපී කාන්තාවක්‌ විය යුතුය. විශේෂයෙන්ම පිරිපුන් පියයුරු යුවලක්‌ තිබෙන්නට ඇත. ඇය එම අඟපසඟ වැරදි ආකාරයෙන්, ලෝකයාගේ කාමය ඇවිස්‌සෙන ලෙස, අනුනට පෙන්වීම, කාමය වරදවා හැසිරීම නිසා මෙම ප්‍රේතියට ප්‍රේත ලෝකය ලැබී ඇතැයි භික්‍ෂුව විශ්වාස කරයි.

ඇය අඩි 6ක්‌ පමණ උසැති සමාන්‍ය මහත කළුම කළු ප්‍රේතියකි. හරියට කළු ජාතික කාන්තාවක්‌ සේය. ඇයගේ ලැම ප්‍රදේශය ලැල්ලක්‌ සේ තිබිණි. ඒ කියන්නේ පියයුරු නොමැත. ඔබට උදාහරණයක්‌ දෙන්නම්. මහරගම පිළිකා රෝහලේ පියයුරු පිළිකා නිසා පියයුරු දෙකම ඉවත් කළ රෝගී පිංවත් කාන්තාවක්‌ ඔබ දැක ඇතිනම් එම ප්‍රේතිය ද මෙම ස්‌වභාවයෙන් යුක්‌තය. මෙම ප්‍රේතිය දකින්නට අප්‍රසන්න නමුත් ප්‍රේත ලෝකයේ කාමය යදිමින් ජීවත් වේ. එහෙත් ඇයගේ කාමගින්න නිවීමට කිසිවෙක්‌ ඇය වෙත නොඑයි. මෙය කර්ම විපාකයක්‌ය. කර්මය නම් මනුෂ්‍ය ආත්මයේදී තමන්ට ලැබුණ රූපය වැරදි ආකාරයෙන් පරිහරණය කිරීම සහ අනුනගේ සිත් දූෂණය කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම යෑයි භික්‍ෂුව විශ්වාස කරයි. එය එසේ නොවීමටද හැකිය. මනුෂ්‍ය ලෝකයේදී පෙර පින්කම් නිසා ලැබුණු ලස්‌සන ශරීරය ප්‍රදර්ශනය කිරීමෙන් වර්තමානයේ ඇය ප්‍රදර්ශනය කිරීමට කිසිත් නොමැතිව විරූපීව පියයුරු නොමැති ශරීරයකින් යුක්‌තව දුක්‌ විඳින්නීය.

සංසාරයේ ඔබ කළ පිංකම් නිසා ඔබට ලැබුණු ඔය සුරූපී ශරීරය ‘ප්‍රවේශමෙන් පරිහරණය කරන්න’ ලැඡ්ජාව භිය දෙක ඇතිව….

එසේ නොවුන හොත් මේ වයසට යන, ලෙඩ වෙන, මැරෙන කුණු කය නිසා ඔබ කල්ප ගණන් සතර අපායේ දුක්‌ විඳින අදක්‍ෂයෙක්‌ වේවී. විරූපී වීම නිසාම ඇයගේ කාම ගින්න නිවාගැනීමට කිසිවෙක්‌ නොපැමිණෙන නිසා ඇය ඉන්නේ වෛරයෙන්ය. නිරතුරුවම ඇය තුළ ඇවිලෙන්නේ කාමයයි, රාගයයි. මේ අකුසල් ධර්ම හේතුවෙන් ඇය තව තවත් අකුසල්ම රැස්‌කර ගන්නීය. මේ හේතුවෙන් ඇය ප්‍රේත ලෝකයෙන් නිරයේ ගිනිදළු මතට යම් දවසක වැටී අපා දුක්‌ විඳිනු ඇත

19/10/2022
ලෝක ළමා දිනය යෙදෙන අද දිනයේ  ළමයින් වෙනුවෙන් ලෝකයක් තනන්නට අදිටන් කරගනිමු. සිනහ දකින අපේ ලොවක දරුවන් යෙහෙන් වැජඹේවා..   ...
01/10/2022

ලෝක ළමා දිනය යෙදෙන අද දිනයේ ළමයින් වෙනුවෙන් ලෝකයක් තනන්නට අදිටන් කරගනිමු.

සිනහ දකින අපේ ලොවක දරුවන් යෙහෙන් වැජඹේවා..

30/08/2022

ධර්ම දානය ලොව උතුම් ම දානය වන්නේ ය යන්න බුදු වදනේ වැදගත් ම අදහසකි. එය එසේ වූවත් ධර්ම දානයට කැමති අය කෙතෙක් සිටියත් සමහරවිට සැමට එය සිතනා පරිදිම ඉටු කිරීම අපහසුය. අයෙක්ට ඒ සඳහා දැඩි උත්සහයක් දරන්නට සිදු වේ. තවත් අයෙක්ට ඒ සඳහා නිරායාසයෙන් මඟ විවර වේ. කෙසේ උනත් ඊට පෙර පින් මහිමය ද තිබිය යුතු යැයි අපගේ විශ්වාසයයි.

අපේ පූජ්‍ය මීගහමඩ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ධර්ම දානය දීමේ පූර්ව පිං ඇති මාහැඟි ස්වාමීන් වහන්සේලා අතර අප මහත් සේ අගය කරන ස්වාමීන් වහන්සේ නමකි.

පිරිවෙන් මහ ඇදුරු ධූරයක් හොබවමින් කුඩා සාමණේර හිමිවරුනට මෙන්ම ගිහි දරුවන් හට ද ධර්ම දානය ලබා දෙන්නේ මහත් උද්‍යෝගයකිනි.

තමන් වහන්සේ වැඩ වාසය කරන ගැරඬිබකින පුරාණ විහාරස්ථ ශ්‍රී මලියදේව දහම් පාසලට අමතරව e - දහම් පාසල හරහා ද ලොවපුරා වෙසෙන ඕනෑම දරුවෙකුට දහම් අධ්‍යාපනය ලබා දෙන්නේ ද මහත් සෙනෙහසිනි.

එපමණකුදු නොවේ, තම සිතේ උපදින යහපත් සිතුවිලි පුවත්පත් හරහා සමාජයට ලබා දෙන්නට ද උන්වහන්සේ යත්ත දරයි.

එමෙන්ම එවන් වූ සදහම් සිතිවිලි ගී පද බවට පෙරළා ගීත ලෙසින් ද ඉදිරිපත් කරවන්න ද උන්වහන්සේ සතුව ඇත්තේ අනූන හැකියාවකි.

තමාගේ සුඛවිහරණය වෙනුවට අන්‍යන්ගේ සුවය නිරතුරුව පැතූ උන්වහන්සේ අඩු ආදයම්ලාභී පවුල් වෙනුවෙන්, වකුගඩු ආබාධ සහිත පවුල් වෙනුවෙන් මෙන්ම ගැබිණි මව්වරුන් වෙනුවෙන් ද නිරතුරුව තම සහෘදයන් හා එක්ව පිහිට වන්නේ කරුණාබර හදවතින්‍මය.

දෙස් විදෙස් වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන් කරගනිමින් ධාර්මිකා සංසදය නිර්මාණය කිරීම උන්වහන්සේගේ සමාජ මෙහෙවරෙහි සුවිශේෂි සන්ධිස්ථානයක් ය.

එමෙන්ම බුත්තල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක දැහැමි සමිතියේ අනුශාසකත්වය හොබවමින් තම සමාජ මෙහෙවර තව දුරටත් පුළුල ව සිදු කරයි.

අනාගත දරුපරපුර වෙනුවෙන් ,නව ලොවට ගැලපෙන අධ්‍යාපනයක් කරා යන ගමනේදී බුත්තල ගැරඩිබකිනි ශ්‍රී විජයාරාම රාජමහා විහාරය මූලික කරගෙන ඉදිවෙමින් පවතින "ජාත්‍යන්තර සාමයික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය" උන්වහන්සේගේ අනාගතය බලාපොරොත්තුවයි.

කීමෙහි බිණීමෙහි හපන්කම් පාන උන්වහන්සේ ධර්ම දේශනා, කාව්‍යමය ධර්ම දේශනා හා බෝධි පූජාවෙන් දැවී තැවෙන සිත්සතන් නිවාසනහාලමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැලෙන්නේ අනල්ප වූ ශාසන දයාව නිසාවෙන්ම ය.

තම ධර්ම ප්‍රචාරක කටයුතු තව දුරටත් පුළුල් කරවමින් Mind youtube channel
( https://youtube.com/c/Mindyoutubechannel )
හරහා ද ධර්මය බෙදා දෙනු ලබයි.

කෙතරම් කාර්‍යබහුල උනත් කෙතරම් විඩාවක් තම ගතට සිතට දැනුනත්, සිනා මුසු මුහුණින් සමාජයේ තමන් වහන්සේ ඉදිරියට එන ඕනෑම කෙනෙක් සමග දොඩමළු වන්නට කිසිවිටෙක අමතක නොකරයි.

කරුණාව, දයාව, අනුකම්පාව හා අනතිමානී ගුණය උන්වහන්සේ තුළ නිරතුරුව විද්‍යමාන ගුණාංගයන්ය.

මේ සියලු සතුටු කරුණු මධ්‍යයේ උන්වහන්සේ අද සිය ජන්ම දිනය ද පසුකරන්නේ ය.

අපේ මීගහමඩ ධම්මානන්ද හාමුදුරුවනේ..
ඔබවහන්සේට,
නිදුක් නිරෝගී සුභ උපන්දිනක් වේවායි පතමු...
සියලූ යහපත් පැතුම් එලෙසින් ම ඉටුවේවා...

තෙරුවන් සරණයි...!

ශ්‍රී පියරතන දහම් පාසල,
කුඩමාදූව.
2022.08.30

30/08/2022
Appachchi (අප්පච්චි )11-07-2022  1 - 5 ශ්‍රේණි Online e දහම් පාසල - සදුද රත්‍රී 8.00 ට 6 - 11 ශ්‍රේණි Online e දහම් පාසල...
14/07/2022

Appachchi (අප්පච්චි )

11-07-2022

1 - 5 ශ්‍රේණි Online e දහම් පාසල - සදුද රත්‍රී 8.00 ට
6 - 11 ශ්‍රේණි Online e දහම් පාසල - බ්‍රහස්පතින්දා රත්‍රී 8.00 ට

මෙහෙයවීම -
ශාස්ත්‍රපති පූජ්‍ය මීගහමඩ ධම්මානන්ද ස්වාමීන්වහන්සේ

e - දහම් පාසැල සඳහා සම්බන්ධ වීමට කැමති දරුවන් මෙම ලින්ක් එක ක්ලික් කරන්න. https://youtu.be/eo1Gr80Fqu4

e - දහම් පාසැල සඳහා සම්බන්ධ වීමට කැමති දරුවන් 070 317 8080 Telegram හෝ WhatsApp පණිවිඩයක් එවන්න (දරුවාගේ නම හා ශ්‍රේණිය )

For English medium https://www.facebook.com/105655161724003/posts/137382745217911/

#සිංහලපංති #ජාතකකාථා #දහම්පාසැල
.



https://youtu.be/YHZEtuag5tc

මෙහෙයවීම - පුජ්‍ය මීගහමඩ ධම්මානන්ද හිමි

Address


Opening Hours

Monday 20:00 - 21:00
Thursday 20:00 - 21:00

Telephone

+94703178080

Alerts

Be the first to know and let us send you an email when E Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share