Divisional Federation of Youth Clubs - Thissamaharama

Divisional Federation of Youth Clubs - Thissamaharama "යෞවන සමාජ සමාජිකයකු වන මම සමගිය, මිත්‍රත්වය, සහයෝගය සහ සංවර්ධනය යන සතරවිධ ප්‍රතිඥා හී පිහිටා ක්‍රියා කරමි."

"On Steps"ආපදාවකට පෙර, සූදානම!!!
14/08/2026

"On Steps"
ආපදාවකට පෙර, සූදානම!!!

08/08/2026

අයදුම්පත් භාරගැනීම අගෝස්තු 10 අවසන්!!!
45වන ජාතික යෞවන සම්මාන උලෙළ 2026

තරගාවලි 8ක්!
තරග අංශ 80කට වැඩි ප්‍රමාණයක්!!

වයස අවුරුදු 15 ත් 29ත් අතර තරුණ තරුණියන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය

අයදුම් කළ හැකි තරග අංශ

Melody සංගීත තරගාවලිය
Steps නර්තන තරගාවලිය
Nova mind AI නිර්මාණ තරගාවලිය
Shutter Stories ඡායාරූප තරගාවලිය
Beyond Limits ආබාධ සහිත පුද්ගලයන්ගේ තරගාවලිය
Inkspire සාහිත්‍ය නිර්මාණ තරගාවලිය
Dream Canvas චිත්‍ර තරගාවලිය
Young Voice නිවේදක / කථික තරගාවලිය

අගෝස්තු 10ට පෙර,
ඔබේ තරග අංශයට අදාල අයදුම්පත දැන්ම යොමු කරන්න!

https://nysc.lk/youthawards

ශූරයෝ "පන්නගමුව අපි" යෞවන සමාජය👊ඔබට සුභ පැතුම් 🥇🏃‍♂️🏃‍♀️ ිස්සමහාරාම__ප්රාදේශීය___යෞවන__සමාජ__සම්මේලනය
08/08/2026

ශූරයෝ "පන්නගමුව අපි" යෞවන සමාජය👊
ඔබට සුභ පැතුම් 🥇🏃‍♂️🏃‍♀️

ිස්සමහාරාම__ප්රාදේශීය___යෞවන__සමාජ__සම්මේලනය

තිස්සමහාරාම අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය මලල ක්‍රීඩා උළෙල - 2026  📸🔥 PRS photography                                     ...
08/08/2026

තිස්සමහාරාම අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය මලල ක්‍රීඩා උළෙල - 2026

📸🔥 PRS photography

📸🔥

තිස්සමහාරාම අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය මලල ක්‍රීඩා උළෙල - 2026📅 දිනය: 2026 ජූලි 28⏰ වේලාව: පෙ.ව. 8.30 ට📍 ස්ථානය: දෙබරවැ...
25/07/2026

තිස්සමහාරාම අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය මලල ක්‍රීඩා උළෙල - 2026

📅 දිනය: 2026 ජූලි 28
⏰ වේලාව: පෙ.ව. 8.30 ට
📍 ස්ථානය: දෙබරවැව N.T. දයානන්ද ක්‍රීඩාංගනය

📌 වයස අවුරුදු 15 ත් 29 ත් අතර සියලුම තරුණ තරුණියන් සඳහා විවෘතයි.🥇🏃‍♂️🏃‍♀️

සංවිධානය: තිස්සමහාරාම ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය , තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමගින් ජාතික තරුණ සේවා සභාව

🏆 තරුණ ශක්තියෙන් ක්‍රීඩාවට නව පණක්....🏆තිස්සමහාරාම අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය මලල ක්‍රීඩා උළෙල - 2026 මේ සදහා සියල්ල සූ...
25/07/2026

🏆 තරුණ ශක්තියෙන් ක්‍රීඩාවට නව පණක්....🏆

තිස්සමහාරාම අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය මලල ක්‍රීඩා උළෙල - 2026

මේ සදහා සියල්ල සූදානම්! ඔබේ ක්‍රීඩා කෞශල්‍යය විදහා දක්වන්නට ලැබෙන මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ප්‍රදේශයේ දක්ෂ තරුණ තරුණියන් සැමට අපි ආරාධනා කරමු.

📅 දිනය: 2026 ජූලි 28
⏰ වේලාව: පෙ.ව. 8.30 ට
📍 ස්ථානය: දෙබරවැව N.T. දයානන්ද ක්‍රීඩාංගනය

📌 වයස අවුරුදු 15 ත් 29 ත් අතර සියලුම තරුණ තරුණියන් සඳහා විවෘතයි.

මීටර් 100,200,400,800,1500,50000,10000 ධාවනය, දුර පැනීම, උස පැනීම, කඩුලු පැනීම සහ හෙල්ල වීසි කිරීම ඇතුළු තවත් ඉසව් රැසක් සමඟින් මෙවර තරගාවලිය උණුසුම් වනු ඇත.
එන්න, තරග වදින්න, ජයග්‍රහණය කරන්න! 🥇🏃‍♂️🏃‍♀️

සංවිධානය: තිස්සමහාරාම ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය , තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමගින් ජාතික තරුණ සේවා සභාව

අන්තර් යෞවන සමාජ වොලිබෝල් තරගාවලිය  🏐 36වන ජාතික  ක්‍රීඩා උලෙළ - 2026 🏆🔥📅 දිනය: 2026 ජූලි 05 (ඉරිදා)📍 ස්ථානය: වීරවිල NLD...
03/07/2026

අන්තර් යෞවන සමාජ වොලිබෝල් තරගාවලිය
🏐 36වන ජාතික ක්‍රීඩා උලෙළ - 2026 🏆🔥

📅 දිනය: 2026 ජූලි 05 (ඉරිදා)
📍 ස්ථානය: වීරවිල NLDB ක්‍රීඩංගනය
🕣 වේලාව: පෙ.ව. 8.30 සිට

වයස අවුරුදු 15 ත් 29ත් අතර තරුණ තරුණියන් සදහා වේ

🏐සංවිධානය:
තිස්සමහාරාම යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලය

🏐 36වන ජාතික යෞවන ක්‍රීඩා උලෙළ - 2026 🏆තරුණ ජවය, දක්ෂතාවය සහ කණ්ඩායම් හැඟීම එකම ක්‍රීඩා පිටියක! 💪🔥📅 දිනය: 2026 ජූලි 05 (...
03/07/2026

🏐 36වන ජාතික යෞවන ක්‍රීඩා උලෙළ - 2026 🏆

තරුණ ජවය, දක්ෂතාවය සහ කණ්ඩායම් හැඟීම එකම ක්‍රීඩා පිටියක! 💪🔥

📅 දිනය: 2026 ජූලි 05 (ඉරිදා)
📍 ස්ථානය: වීරවිල NLDB ක්‍රීඩංගනය
🕣 වේලාව: පෙ.ව. 8.30 සිට

සියලුම යෞවන සමාජ සහ ක්‍රීඩා ලෝලීන්ට ආරාධනා!
එන්න... අපේ තරුණ දක්ෂතා දිරිමත් කරමු. 🏐✨

සංවිධානය:
තිස්සමහාරාම යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලය

දිවයින පුරා සියලුම තරුණ සේවා නිලධාරීන්, පළාත් අධ්‍යක්ෂකවරු, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරු, සෑම දිස්ත්‍රික්කයකම නිස්කෝ ත...
02/07/2026

දිවයින පුරා සියලුම තරුණ සේවා නිලධාරීන්, පළාත් අධ්‍යක්ෂකවරු, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරු, සෑම දිස්ත්‍රික්කයකම නිස්කෝ තරුණ සමූපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරු සහ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් ක්‍රියාකාරී තරුණ සාමාජිකයෙකු සාමාජිකාවක් ද ජාතික තරුණ සේවා සභාවට කැඳවයි..!!!

දිවයින පුරා සිටින තරුණ සේවා නිලධාරීන් මෙන්ම පළාත් අධ්‍යක්ෂකවරු, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරු, සෑම දිස්ත්‍රික්කයකම නිස්කෝ තරුණ සමූපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරු සහ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් ක්‍රියාකාරී තරුණ සාමාජිකයෙකු සාමාජිකාවක් ද මහරගම ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාලයට කැඳවා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම (02දා) අද සිදු විය.

එහිදී ජාතික තරුණ සේවා සභාව මගින් සිදු කරන ව්‍යාපෘති පිළිබඳව සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ තරුණ කටයුතු අංශය හා ජාතික යොවුන් සේනාංකය මගින් සිදු කරන ව්‍යාපෘති පිළිබඳව ද තරුණ සේවා නිලධාරීන්ව දැනුවත් කිරීම සිදු කෙරුණි.

මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණේ ප්‍රාදේශීය මට්ටමේ සිට සිදු කරන ව්‍යාපෘති පිළිබඳවයි. විශේෂයෙන්ම මෙවර ප්‍රථම වතාවට ප්‍රාදේශීය මට්ටමේ සිට සිදු කෙරෙන යෞවන නාට්‍ය උළෙල, යෞවන සම්මාන උළෙල පිළිබඳව දැනුවත් කිරීම සහ සඳහා තරුණ තරුණියන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.

එමෙන්ම ඉදිරියේදී යෞවන සමාජ ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු ආරම්භ කරන බැවින් ඒ පිළිබඳවද ඔවුන්ව දැනුවත් කිරීම ද සිදු කෙරුණි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කළේ , ජාතික මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන තරුණ සංවර්ධන ව්‍යාපෘති ග්‍රාමීය තරුණ ප්‍රජාව අතරට ගෙන යාමේ වගකීම තරුණ සේවා නිලධාරීන් සතු බවයි. එය නිවැරදිව හඳුනා ගනිමින් තමන්ගේ වගකීම ඉටු කරමින්, මෙරට තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමේ කාර්යයට දායක වන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා තරුණ සේවා නිලධාරීන් හමුවේ පැවසීය.

අඩු ආදායම්ලාභී තරුණ ලේඛක ලේඛිකාවන්ගේ ප්‍රථම කෘතිය මුද්‍රණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සිහිනයට පියාපත් ව්‍යාපෘතිය, ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීම සහ තරුණ සංවර්ධනය පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වීය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් එක්ව සිටියහ.

Address

Tissamaharama 82600
Tissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Federation of Youth Clubs - Thissamaharama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share