05/02/2019
අපේ අරම්භය සහ වටපිටාව
2002 වසර වන විට ශ‍්‍රී ලංකාවේ තරුණ තරුණියන් සදහා පැවති ප‍්‍රධානතම රාජ්‍ය ආයතනය වු ජාතික තරුණ සේවා සභාවට වෙනස් මඟක යමින් විනයාත්මක පෞරුෂ වර්ධන සහ රැකියා අභිමුඛ වෘත්තීය පුහුණුව පාදක කොටගෙන ජාතික යොවුන් සේනාංකය ආරමිභ කරන ලදී.2002 අංක 21 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපනය කරන ලද ජාතික යොවුන් සේනාංකය දැනට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන යෞවන පෞරුෂ සංවර්ධනය හා වෘත්තීය පුහුණුව සදහා වූ රජයේ ප‍්‍රධාන පුහුණු ආයතනයකි.
විෂයභාර අමාත්‍යවරයාට විශාල කාර්යභාර්යක් පැවරෙන පරිද්දෙන් ස්ථාපිත වී ඇති මෙම ව්‍යාපෘතිය, ප‍්‍රතිපත්ති සැළසුම් හා ක‍්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය,මධ්‍යම හා කුඩා පරිමාණ වැවිලි කර්මාන්ත හා ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය,යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන හා රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යාංශ යටතේ පැවතිණි. කර්නල් එචි.සි.පි ගුණතිලක, කර්නල් ඩබි.එමි.ආර් විජේසුන්දර, කොමදෝරු එස්.කේ.පි කුලරත්න, පියතිස්ස රණසිංහ මහතා, කර්නල් එස්.ආර්.පි රත්නායක, නලින්ද ඉලංගකෝන් මහතා හා බ්‍රිගේඩියර් බී. වී. ඩී. පී. අබේනායක (යූ එස් පී), බ්‍රිගේඩියර් එන්. අයි. ද සිල්වා (ආර්.එස්.පී),ජේ.එම්.එස්.එල්.බණ්ඩාර මෙම ජාතික යොවුන් සේනාංකයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන අතර කොළඔ 07, බෞද්ධාලෝක මාවතේ, අංක 420 දරණ ස්ථානයේ එහි මුලස්ථානය ස්ථානගත කොට ඇත.
රට පුරා විසිරී සිටින දේශීය යෞවනය විනය,නායකත්වය හා පෞරුෂයෙන් බලගැන්වීම සියමෙහෙවර ලෙස ඉලක්ක කොට ගත් ජාතික යොවුන් සේනාංකයේ වාර්ෂික පුහුණුව සයමස් පාඨමාලා 02කින් සමන්විත වන අතර, වාර්ෂික අධ්‍යයන සැලැස්ම අදාළ විෂය නිර්දේශය හා ගළපා මැනවින් ක‍්‍රියාත්මක කෙරේ. ඉංග‍්‍රීසි කතනය, තොරතුරු තාක්‍ෂණය, වෘත්තීය මාර්ගෝපදේශනය , පෞරුෂ සංවර්ධනය ,පුද්ගල නායකත්ව පුහුණුව , දමිළ භාෂාව, සෞන්දර්ය අධ්‍යපනය ,ඝනසරඹ හා ශාරීරික අභ්‍යාස,බැහැරගත ක්‍රියාකාරකම් යන විෂයයන් ඵලදායීව හා පර්යේෂණාත්මකව විෂය නිර්දේශය තුළට ඇතුළත් කොට ක‍්‍රියාත්මක කෙරේ.
දීප ව්‍යාප්ත පුහුණු මධ්‍යස්ථාන ජාලය මධ්‍යස්ථාන 50කින් හා බැහැරගත ක‍්‍රියාකාරකම් සදහා වූ ස්ථාපනය වූ පුහුණු මධ්‍යස්ථානයකින් සමන්විත වන අතර,වාර්ෂික පුහුණු ඉලක්කය යෞවන යෞවනියන් 12000කි. සමස්ත උපදේශන කාර්ය මණ්ඩලය, උපාධිධාරී උපදේශන කාර්ය මණ්ඩලය සහ සරඹ උපදේශක කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.
වයස අවු 18- 28ත් අතර පාසල් අධ්‍යාපනය අවසන් කළ, එහෙත් උසස් අධ්‍යාපන වරම් නොලැබූ රටට වැඩදායීව සකස් කර ගත යුතුව ඇති යෞවන ජීවිත සදහා විවෘතව ඇති ජාතික යොවුන් සේනාංක මූලික පාඨමාලාව සදහා ඇතුළත් වන පුහුණුලාභීන් හට මූලික පුහුණුව අවසානයේ ජාතික යොවුන් සේනාංකයේ පෞරුෂ වර්ධන පුහුණු සහතිකය හා එයට සමගාමීව ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ද පිරිනැමෙන අතර,සිය වෘත්තීය ලැදියා මත වෘත්තීය පුහුණුව සදහා රජයේ හා පෞද්ගලික වෘත්තීය පුහුණු ආයතන කරා යොමු කෙරේ.එපමණක් ද නොව,එම වෘත්තීය පුහුණුව සදහා ද රජයෙන් රු.10,000/-ක උපරිමයකට යටත්ව දීමනාවක් වෘත්තීය පුහුණුවට යොමු වන යෞවන යෞවනියන් සදහා ප‍්‍රදානය වෙයි.ඉන් අනතුරුව ඔවුන් රැකියා ගත කිරීමේ වගකීම වෘත්තීය පුහුණුව ලබා දුන් ආයතන වෙත පැවරෙන අතර, යටත් පිරිසෙයින් පුහුණුව ලැබූ පිරිසගෙන් 70%ක් රැකියාගත කිරීම සදහා ඒ ඒ ආයතන ගිවිසගෙන තිබේ.
ජාතික යොවුන් සේනාංකය බාහිර ආයතන කාර්ය මණ්ඩල සදහා සහ පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් සදහා ද පුද්ගල සඵලතා හා නායකත්ව පුහුණු වැඩසටහන් වර්ෂය පුරා ක‍්‍රියාත්මක කරන අතර,ඒ සදහා කීර්ති නාමයක් අත් කරගෙන සිටී.මෙයට අමතරව ජාතික යොවුන් සේනාංක පුහුණු ජාලය නිරන්තර ප‍්‍රජා සංවර්ධන වැඩසටහන් වල සහ වාර්ගික සහජීවන ව්‍යාපෘති වල නියැලෙමින් විශිෂ්ඨ කාර්ය සාධන වාර්තාවක් පවත්වාගෙන යයි.