Human Might මනුසත් බලකාය

Human Might මනුසත් බලකාය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Human Might මනුසත් බලකාය, Environmental conservation organisation, Rathnapura, Rathnapura.

*මිලින මිහිකත**පුබුදු කරනට**නොවී පසුබට**තබමු පියවර**වැළඳගෙන**පිරිසිදුම සිත්**පිළිගනිමු**මව්බිමට කැප**ධවල සිත්* *මිලින මි...
26/02/2026

*මිලින මිහිකත*
*පුබුදු කරනට*
*නොවී පසුබට*
*තබමු පියවර*
*වැළඳගෙන*
*පිරිසිදුම සිත්*
*පිළිගනිමු*
*මව්බිමට කැප*
*ධවල සිත්*

*මිලින මිහිකත*
තේමාව යටතේ පොලිතින් පිරවූ බෝතල් එකතු කිරීමේ වැඩසටහනක් 2025.7.30 වන දින ර/පුසුසැල්ල මහා විද්‍යාලයේදී සිදු කරන ලදී.මේ සඳහා එක ශ්‍රේණියේ සිට දහතුන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දූ දරුවන් සහභාගී වූ අතර පොලිතීන් පිරවූ ප්ලාස්ටික් බෝතල් 500කට ආසන්න ප්‍රමාණයක් එකතුවිය.
ඉවතලන් ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමට කටයුතු කළ එම දරුවන් ධෛර්යමත් කිරීම සඳහා අභ්‍යාස පොත් ලබාදීම
මනුසත් බලකාය විසින් සිදු කරන ලදී.

සියලු වැඩ ආවරණය කරන ලද්දේ හත සහ අට ශ්‍රේණි වල ඉගෙනුම ලබන විද්‍යාලීය පරිසරබට කණ්ඩායම විසින්ය.

විද්‍යාලීය විදුහල්පතිනි ඩී.ඩී.එස් බෝගහවත්ත මැතිනියගේ අධීක්ෂණය යටතේ පරිසර බට කණ්ඩායම භාර ආචාරිණී එන්.ජී.එස් නාගොඩ මහත්මිය සහ ඇදුරු මඩුල්ල ලබාදුන් නිර්ලෝභී සහාය අගය කළ යුතුමය.

පොත් නැති ඉස්කෝලේ දරුවන් විසින් රංගනයේ යෙදුණු
" *මිලින මිහිකත* " වීදි නාට්‍ය කාගේත් පැසසුමට ලක්විය.

මේ අවස්ථාව වර්ණ වත් කිරීම සඳහා
මහජන සෞඛ්‍ය පරීක්ශක නුවන් රාජපක්ෂ මහතා, මනුසත් බලකාය අධයක්ෂක මණ්ඩලයේ චූලාන් හා ජානක මහතා
ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්,පොත් නැති ඉස්කෝලෙ ඇකඩමියෙ දෙමාපියන් ,ර/ජේසු බිලින්දා කන්‍යාරාමයේ මිනුලී සබරගමුව දියණීය සහභාගී විය .

අපේ මේ වෑයම
අද වැඩිහිටියන් විසින් පාරට දමන පොලිතින් නවතාලීම නොව හෙට දවස භාර ගන්න පුංචි මල්කැකුළු අතින් බිමට පොලිතින් දැමීම නවතාලීමය.

මෙම වැඩසටහන සඳහා ඉතා කැපවීමෙන් යුතුව තම සංවිධාන ශක්තිය යොමු කළ

ආකල්ප වලින් පොහොසත් දරු කැළක් රටට බිහිකරන්නට ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් නොමිලේම
සිසු දරු ආකල්ප , කුසලතා ඔප්නංවන තෝතැන්න
පුස්සැල්ල - පොත්නැති ඉස්කෝලේ
නිර්මාතෲ

විශ්‍රාමික ගුරු
රත්නා ගුරුතුමියටත්
පොත් නැති ඉස්කෝලේ පරිසර හිතකාමී දුවා දරුවන් සැමටත්, පුස්සැල්ල මහා විදුහලේ විදුහල්පති තුමිය, ආචාර්ය මණ්ඩලය, පාසල් දුවා දරුවන් හා එවන් සුජාත දරුවන් මේ මහපොළොවට බිහිකළ ආදරණීය දෙමාපියන්ටත්, පරිසරහිතකාමී දරු පරපුරක් බිහි කරන්නට කැපවෙන සියලු දෙනාටත්
සොබාදහමේ ආරක්‍ෂාව ප්‍රාර්ථනා කර සිටිමු.

Human Might මනුසත් බලකාය
මනුසත් බලකාය (Human Might)

#මනුසත්බලකාය



රත්නපුර අමුණු තැන්න දමිළ විද්‍යාල භූමියේ රෝපණය කිරීම සඳහා පලතුරු පැළ ලබාදීමමනුසත් බලකාය විධායක අධ්‍යක්ෂක චුලාන් නිශ්ශංක ...
08/01/2026

රත්නපුර අමුණු තැන්න දමිළ විද්‍යාල භූමියේ රෝපණය කිරීම සඳහා පලතුරු පැළ ලබාදීම
මනුසත් බලකාය විධායක අධ්‍යක්ෂක චුලාන් නිශ්ශංක හා මනුසත් බලකාය සංවර්ධන අධ්‍යක්ෂක ජානක සංජීව මහතාගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

රත්තපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2025  ලෝක ළමා දින උත්සවයට  සහභාගී වූ දරුවන් වෙනුවෙන් මනුසත් බලකාය විසින් නොමිලයේ පලතු...
24/12/2025

රත්තපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2025 ලෝක ළමා දින උත්සවයට සහභාගී වූ දරුවන් වෙනුවෙන් මනුසත් බලකාය විසින් නොමිලයේ පලතුරු පැළ බෙදා දීම සිදු කරන ලදී. සංචාරක සහ ව්‍යාවසායකත්ව සංවර්ධන අධ්‍යක්ෂක රුවන් සමීර සමීර මහතා සහ විධායක අධ්‍යක්ෂක චූලාන් නිශ්ශංක මහතා මේ සඳහා සහභාගි වන ලදී.

Human Might මනුසත් බලකාය
මනුසත් බලකාය (Human Might)

#මනුසත්බලකාය


2025/12/03සහෘද සංවිධායක තුමණි , තුමියණි,මහනුවර ජනතාව වෙනුවෙන් සංවිධානය කෙරෙන ඔබේ සහනයාත්‍රාවෙන්  පහත ස‍ඳහන් ද්‍රවය ලබාදී...
03/12/2025

2025/12/03
සහෘද සංවිධායක තුමණි , තුමියණි,

මහනුවර ජනතාව වෙනුවෙන් සංවිධානය කෙරෙන ඔබේ සහනයාත්‍රාවෙන් පහත ස‍ඳහන් ද්‍රවය ලබාදීම කෙරෙහි විශේෂ අවධානයක් ලබාදෙන්න.🙏🙏

තුනපහ (අමු)- 1200KG
තුනපහ (බැදපු) -600kG
මිරිස් -1200KG
කෑලි මිරිස්-600KG
කහ-300KG
ගම්මිරිස්-300KG
ලුණුකැට -1000KG
පොල්තෙල් (5KG )බෝතල් 100

කාර්‍යබහුල රාජකාරී මධ්‍යයේ සිටින බැවින් ඔබේ සූදානම මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමිය වෙත whatsapp පණිවිඩ ඔස්සේ පමණක් ලබා දෙන්න. එතුමිය අදාල පරිපාලන නිළධාරීන් හා ඔබව සම්බන්ධීකරණය කරනු ඇත.🙏🙏🙏

0 77 216 1859
0 71 441 9201

නිලුකා බුලත්ගේ
අතිරේක දිස්ත්‍රික් ලේකම්
මහනුවර

2025 ලෝක ළමා දිනයට සමගාමීව ප්ලාස්ටික් ,පොලිතින් අපද්‍රව්‍ය  කලමණාකරනය පිළිබඳපාසල් සිසුන් දැනුවත්  කිරීමේ වැඩසටහනක් 2025/...
23/10/2025

2025 ලෝක ළමා දිනයට
සමගාමීව ප්ලාස්ටික් ,පොලිතින් අපද්‍රව්‍ය කලමණාකරනය පිළිබඳ
පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
2025/09/24 දින
දැරණියගල මුහන්දිරම් කණිෂ්ඨ ව්දුහලේ දී සිදුකරන ලදී.

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පරිසර නිළධාරීතුමියගේ සම්බන්ධීකරණයෙන් හා සංවිධාන ශක්තියෙන්, කෑගල්ල මුහන්දිරම් විදුහලේ ගරු විදුහල්පති තුමියගේ මගපෙන්වීමෙන් යුතුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී

මේ සඳහා
සම්පත් දායකත්වය මනුසත් බලකාය විධායක අධ්‍යක්ෂක චුලාන් නිශ්ශංක මහතා හා සංවර්ධන අධ්‍යක්ෂක ජානක සංජීව මහතා විසින් සිදු කරන ලදී.

Human Might මනුසත් බලකාය

#මනුසත්බලකාය




ප්ලාස්ටික් පොලිතින් අපද්‍රවය භාවිතය අවම කිරීම හා විධිමත් ලෙස අවසාන බැහැර කිරීම සඳහා පාසල් ප්‍රජාවගේ අකල්ප හා කුසලතා සංවර...
03/09/2025

ප්ලාස්ටික් පොලිතින් අපද්‍රවය භාවිතය අවම කිරීම හා විධිමත් ලෙස අවසාන බැහැර කිරීම සඳහා පාසල් ප්‍රජාවගේ අකල්ප හා කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් මනුසත් බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස

නිවසින් බැහැර කරන පොලිතින් ඉඳුල් සෝදා පිරිසිදු කර වියලා මහමග ඉවත ලා තිබෙන ප්ලාස්ටික් බෝතල්වලට පුරවා ECO BRICKS නිර්මාණය කිරීම පිළිබඳව
කුරුවිට තෙප්පනාව
කුමාර මහ විදුහලේ දරුවන් දැනුවත් කිරීම මනුසත් බලකාය සංවර්ධන අධ්‍යක්ෂක ජානක සංජිව මහතා විසින් පසුගිය දිනෙක සිදු කරනලදී.

මෙම වැඩසටහන PH නාවලගේ ගරු විදුහල්පති තුමියගේ පූර්ණ සහයෝගය හා මගපෙන්වීම මත සංවිධානය කෙරුනු අතර කඳංගොඩ පාසලේ හිටපු විදුහල්පති( 1997 - 2001), කඳංගොඩ නවෝද්‍යා දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය දයානන්ද ගුරුතුමා ද දැනුවත් කිරීම සඳහා සම්බන්ධ වන ලදී.

මෙසේ සකස් කරන Eco Beicks පළාත් පාලන ආයතන වල සහයෝගයද සමග පුත්තලම හොල්සිම් ආහතනය වෙත අවසාන බැහැර කිරීම සඳහා යොමු කිරීමට නියමිතයි.

මනුසත් බලකාය අප අද දින මිය ගියද ,හෙට දිනයේදී පරිසරය සුරකින්නට කැපවන දරු කැළක් තෙප්පනාව කුමර මහ විදුහලෙන් බිහිවනු ඇතැයි අප විශ්වාස කරමු.

ඔබ සැමට සොබාදහමේ ආරක්ෂාවයි!!!

මනුසත් බලකාය (Human Might)

#මනුසත්බලකාය



2025/06/23ර/ඇහැලියගොඩ ඇරෑපොළ ශ්‍රී මහින්ද ප්‍රාථමික විද්‍යාලයේ ගරු විදුහල්පති තුමියගේ ඉල්ලිම පරිදි, මනුසත් බලකාය  Media ...
23/06/2025

2025/06/23

ර/ඇහැලියගොඩ ඇරෑපොළ ශ්‍රී මහින්ද ප්‍රාථමික විද්‍යාලයේ ගරු විදුහල්පති තුමියගේ ඉල්ලිම පරිදි, මනුසත් බලකාය Media and public Affairs National Director සාරංග මාතරගේ මහතාගේ සම්බන්ධිකරණයෙන්
, OECRP⁩ ආයතනයේ රංජිත් වික්‍රමසිංහ මහතාගේ පරිත්‍යාගයෙන් , ඇරෑපොල ශ්‍රී ප්‍රාථමික විද්‍යාලයේ ඉවත ලන කොළ රොඩු එකතු කර කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය වෙනුවෙන් කසළ බදුනක් විද්‍යාලය වෙත ලබා දීම අද දින සිදුකරන ලදී.
ඒ වෙනුවෙන් අවම ගාස්තුවක් යටතේ එය ප්‍රවාහනයකර දුන් ඇහැලියගොඩ මෝරගල ක්‍රිෂාන් විජේවර්ධන මහත්මාටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු.🙏

ඔබ සැමට සොබාදහම් ආරක්ෂාවයි 🙏🙏🙏

#මනුසත් බලකාය

Community Work
Sri Lanka


කලුතර දිස්ත්‍රික්කය 620  ඉංගිරිය  නැගෙනහිර රිද්ම මිතුරු   ළමා  සමාජය  ඉංගිරිය  නැගෙනහිර සමනල  ළමා  සමාජය ඉංගිරිය  බටහිර ...
21/06/2025

කලුතර දිස්ත්‍රික්කය
620 ඉංගිරිය නැගෙනහිර
රිද්ම මිතුරු ළමා සමාජය ඉංගිරිය නැගෙනහිර
සමනල ළමා සමාජය ඉංගිරිය බටහිර
මුතු කැකුලු ළමා සමාජය හදපාන්ගොඩ දකුණ ළමාසමාජයන් හී දරුවන් විසින් එකතුකරන ලද මහ මග ඉවත දමා තිබූ ප්ලාස්ටික් පෙට් බෝතල් 7400 ක ප්‍රමාණයක් ප්‍රථිචක්‍රීකරණය සඳහා යොමු කිරීම අගයනු වස් අභ්‍යාස පොත් පිරිනැමීම
2025/01/28 දින
ඉංගිරිය
මහජන පුස්තකාලය දී සිදුකෙරිණි.

සංවර්ධන නිළධාරී චාරුණි මහත්මිය හා හේරත් මහත්මියගේ සංවිධාන ශක්තියෙන් හා මගපෙන්වීමෙන්,

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් තුමිය ,
මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරී
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී
පරිසර නිලධාරී
ඉංගිරිය බටහිර සංවර්ධන නිලධාරී
හදපාන්ගොඩ දකුණ සංවර්ධන නිලධාරී
කු:ප:නි:ස නිලධාරී යන මහත්ම මහත්මීන්ගේ හා මනුසත් බලකාය විධායක අධ්‍යක්ෂක චුලාන් නිශ්ශංක හා ස‍ංවර්ධන අධ්‍යක්ෂක ජානක සංජීව මහතාගේ සහභාගිත්වයෙන්
බෝතල් එකතු කල දරුවන් ට
අභ්‍යාස පොත් , ඖෂධ පැල හා පලතුරු පැල ලබා දීම සිදුකෙරිණි.

රටේ මතු පරපුර පරිසරයට ආදරය කරන පරිසර සුරක්ෂාවට කැපවන දරුවන් බවට පත් කරන්නට තම රාජකාරියට එහා ගිය සේවයක් සිදු කරන
සංවර්ධන නිලධාරිණී චාරුණී මහත්මිය හා හේරත් මහත්මියටත්, පරිසර සුරක්ෂාවට කැපවූ ළමා සමාජවල දරුවන් හා එවන් සුජාත් දූ පුතුන් බිහිකළ දෙමාපියන්ටත් සහයෝගය ලබා දුන් සැමටත්
සොබාදහම් ආරක්ෂාව ප්‍රාර්ථනා කර සිටිමු .

මනුසත් බලකාය අප ද දින මියැදුනද පරිසර සුරක්ෂාව වෙනුවෙන් හෙට දින මේ සුජාත දූ පුතුන් කැපවනු ඇතැයි අප විශ්වාස කරමු.

Human Might මනුසත් බලකාය
මනුසත් බලකාය (Human Might)
#මනුසත්බලකාය




ජාත්‍යන්තර පරිසර  දිනය 2025 සමගාමීව ජාතික පරිසර සතිය නිමිති කොටගෙන දැරණියගල  විදාතා මධ්‍යස්ථානයේ පෙරපාසල් ගුරුවරුන් සහ ද...
20/06/2025

ජාත්‍යන්තර පරිසර දිනය 2025 සමගාමීව ජාතික පරිසර සතිය නිමිති කොටගෙන දැරණියගල විදාතා මධ්‍යස්ථානයේ පෙරපාසල් ගුරුවරුන් සහ දෙමාපියන් සඳහා ප්ලාස්ටික්, පොලිතින් කළමණාකරණය පිළිබඳව පැවැති දනුවත් කිරීම 06/03දින සිදුකරල ලදී.

පෙර පාසල් දරුවන්ට කුසට සරිලන පරිදි පමණක් ආහාර බෙදාගැනීමට ආකල්ප සංවර්ධනය මගින් ඉඳුල් කසල ජනනය අවම කිරීම.

නිවසෙන් ඉවත් කරන ඉඳුල් ආහාර සතුන්ගේ පරිභෝජනයට ලබා දීම සඳහා ළමුන් හුරුකරවීමට සෑම නිවසකම කුරුලු ලෑල්ලක් සවිකිරීම හා දරුවන් ඒ සඳහා යොමු කරවීම.

භාවිතා කරන පොලිතින් ඇසුරුම් පරිසරයට මුදාහැරීමෙන් තොරව Eco Bricks නිර්මාණය කිරීමට හුරු කරවීම.

දෙමාපියන් ලෙස පොලිතින් පිලිස්සීමෙන් වැලකීම.

ආදී මූලික කසල කළමණාකරන ආකල්ප සංවර්ධනය සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් පවරා දිම හා මාසික පසුවිපරම් වැඩපිළිවෙළක් සම්පාදනය කිරිම මෙහිදී සිදු කෙරිණි.

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පරිසර නිලධාරීතුමියගේ සම්බන්ධීකරණයෙන්,මුල් ළමාවිය සංවර්ධන නිළධාරීතුමියගේ සහභාගිත්වයෙන් මනුසත් බලකාය විධායක අධ්‍යක්ෂක චූලාන් නිශ්ශංක හා සංවර්ධන අධ්‍යක්ෂක ජානක සංජීව මහතාගේ
සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදී.

Human Might මනුසත් බලකාය
මනුසත් බලකාය (Human Might)
#මනුසත්බලකාය




ජාත්‍යන්තර පරිසර දිනය  - 2025කෑගල්ල දැරණියගල සිරි සමන් විද්‍යාලයේ පරිසර බට ඛණ්ඩයේ දරුවන් සඳහා ප්ලාස්ටික් සහ පොලිතීන් අප ...
11/06/2025

ජාත්‍යන්තර පරිසර දිනය - 2025
කෑගල්ල දැරණියගල සිරි සමන් විද්‍යාලයේ පරිසර බට ඛණ්ඩයේ දරුවන් සඳහා ප්ලාස්ටික් සහ පොලිතීන් අප ද්‍රව්‍ය කළමනාකරණය හා විධිමත්ව බැහැර කිරීමේ ක්‍රමවේද පිළිබඳව දැනුවත් කිරීමේ දේශන දෙකක් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර නිලධාරිණී..මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සංවිධාන ශක්තියෙන් ,
මනුසත් බලකාය විධායක අධ්‍යක්ෂක
චූලාන් නිශ්ශංක සහ මනුසත් බලකාය සංවර්ධන අධ්‍යක්ෂක ජානක සංජීව මහතාගේ සම්පත් දායකත්වයෙන් සිදු කෙරිණි.

සිරිසමන් ජාතික පාසලේ විදුහල්පතිතුමා හා නියෝජ්‍ය විදුහල්පති තුමියගේ ආශිර්වාදයෙන් ,

පරිපාලන ග්‍රාමනිලධාරී රංජිත් ගුනවර්ධන
ජලජීවී සංවර්ධන නිලධාරී හර් උපමාලිකා
ජාතික ඒකාබද්ධතා නිලධාරී දර්ශනී ප්‍රියදර්ශනී ,
පරිසර නියමු භාර ගුරුතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගය හා සහභාගිත්වයෙන් මෙම දැනුවත් කිරීම සංවිධානය කෙරිණි .

මෙහිදී

📌නිවසේ ඉවතලන පොලිතින් සෝදා ඉඳුල් ඉවත් කර ඉවතලන pet බෝතල් වලට පුරවා Eco Bricks නිර්මාණය කිරීම.

📌පොලිතින් භාවිතය අවම කිරීම හා මහ මගටපොකිතින් බැහැරකිරීමෙන් සම්පූර්ණයෙන් වැළකීම

📌 ආහාර අනුභවයේදී තම කුසට සරිලන පමණට බෙදා ගැනීමට හුරුවීම මගින් ආහාර නාස්තිය අවම කිරීම.

📌ඉඳුල් ආහාර තම ගෙවත්ත තුළම කළමනාකරණය කරගැනීම සඳහා කුරුලු ලෑල්ලක් ගෙවත්තේ සකස් කරගැනීම.

📌 ලංච් ශීට් වල ආහාර ගෙන ඒම වෙනුවට lunch Box භාවිතා කිරීම

ආදී ප්‍රායෝගික ක්‍රියාකාරම් මගින් පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම හා කළමනාකරණය සඳහා සිසුන් දැනුවත් කිරිම මෙහිදී සිදුකෙරිණි .

සිසුන් විසින් නිර්මාණය කරන ECO Bricks සබරගමු පළාත් පාලන කොමසාරිස් L.M.P.W බණ්ඩාර මහතාගේ සම්බන්ධීකරණයෙන්, දැරණියගල ප්‍රාදේශීය සභාවවෙත බාරදී පුත්තලම හොල්සිම් ආයතනය වෙත අවසාන බැහැරකිරීම සඳහා යොමු කිරීමට නියමිතයි.

මනුසත් බලකාය අප අද දින මියැදුනද අප සමාජ ගත කිරීමට වෙර දරණ කසල කළමනාකරණ ආකල්ප සංවර්ධන සංකල්පනාවන් හෙට දිනයේත් සමාජය තුල ජීවමාන කරන්නට දැරණියගල සිරිසමන් විදුහලේ පරිසර බට කණ්ඩායම් දරුවන්ට දිරිය ශක්තිය ප්‍රාර්ථනා කර සිටිමු.

ඔබ සැමට සොබාදහමේ ආරක්ෂාවයි 🙏🙏🙏
Human Might මනුසත් බලකාය
මනුසත් බලකාය (Human Might)
#මනුසත්බලකාය




Address

Rathnapura
Rathnapura
70000

Telephone

+94703201074

Website

Alerts

Be the first to know and let us send you an email when Human Might මනුසත් බලකාය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Human Might මනුසත් බලකාය:

Share