12/07/2026
චුට්ටක්වත් රිදුණේ නැහැ නේද? 🩸
අපිට නොදැනෙන්න ලේ බොන ඩෙංගු මදුරුවාගේ රහස් ශල්යකර්ම 5ක්!
ආයුබෝවන් හැමෝටම! පසුගිය දවස් ටිකේම අපේ පේජ් එකේ යාළුවෝ ගොඩක් දෙනෙක් අහලා තිබුණා මදුරුවෙක් ඇවිත් අපේ ලේ බීලා යනකම්ම අපිට කිසිම වේදනාවක්, කැසීමක් එකපාරටම දැනෙන්නේ නැත්තේ ඇයි?" කියලා. අන්න ඒ නිසාම, හැමෝටම පැහැදිලි වෙන්න අද HEO මහත්තයා ඔයාලට කියලා දෙන්න යන්නේ, ඩෙංගු මදුරුවො වගේම ගොඩක් මදුරුවොන්ට පොදු කවුරුත් නොදන්න විද්යාත්මක රහසක්.
ඇත්තටම මදුරුවා කියන්නේ නිකන්ම නිකන් කෘමියෙක් නෙවෙයි, අතිශය දියුණු "මයික්රෝ-ශල්ය වෛද්යවරයෙක්" අපිට හොරෙන් විදලා, සම ඇතුළේ හැංගිලා තියෙන ලේ නහර හොයාගන්න මදුරුවා පාවිච්චි කරන "විස්මිත උපක්රම 5" සරලවම මෙන්න:
1. එක කටුවක් නෙවෙයි, කටු 6ක "සුපිරි කට්ටලයක්"! 🧰
අපි හිතන්නේ මදුරුවාට තියෙන්නේ එකම එක කටුවක් කියලයි. හැබැයි එයා අපිට විදින්න පාවිච්චිකරන උපාංගය (Proboscis) ඇතුළේ කටු (Stylets) 6ක් තියෙනවා!
• මැක්සිලේ (Maxillae) : කියත් දත් වගේ අතිශය තියුණුයි. සම මතුපිට තියෙන වේදනා දැනෙන ස්නායු (Pain receptors) අවදි කරන්නේ නැතුව සූක්ෂමව සම කපනවා.
• මැන්ඩිබල්ස් (Mandibles): කැපුම කපපු සම වැහෙන්න නොදී දෙපැත්තට ඈත් කරගෙන සිටිනවා.
• ලැබ්රම් (Labrum) & හයිපොෆැරිංග්ස් (Hypopharynx) [කෙළ විදින නාලය]: එකකින් කෙළ විදින ගමන් අනෙක් නාලයෙන් "ස්ට්රෝ" එකකින් වගේ ලේ උරා බොනවා.
2. ක්ෂණිකව "හිරිවැට්ටවීමේ" ඉන්ජෙක්ෂන් එක! 💉
මදුරුවා සම කපපු ගමන්ම එයාගෙ කෙළ අපේ ඇඟට විදිනවා. මේ කෙළවල ප්රබල නිර්වින්දක රසායනික (Natural Anesthetics) අඩංගුයි. මේ නිසා මදුරුවා විදින හරිය ක්ෂණිකව හිරිවැටිලා යනවා. අපේ මොළයට "කවුරුහරි විදිනවා" කියලා දැනෙන්න කලින්ම එයා වැඩේ පටං ගෙන ඉවරයි .
3. ලැබ්රම් (Labrum) කටු අග තියෙන මයික්රෝ "නාසය" 👃
මදුරුවෙක් අපේ ඇඟට වහුවට පස්සේ සමට උඩින් උගේ ඇස්වලට අපේ ලේ නහර පෙනෙන්නේ නැහැ. හැබැයි මදුරුවාගේ ප්රධාන කටුව වන ලැබ්රම් (Labrum) අග අතිශය කුඩා සංවේදී රෝම පිහිටලා තියෙනවා. මේවා හරියට "මයික්රෝ නාසයක්" වගේ වැඩ කරමින් අපේ ලේ නහරවලින් පිටවන රසායනික සුවඳ ඉව කරලා ලේ නහරය තියෙන දිශාව හරියටම සොයා ගන්නවා.
4. තාපය සොයා යන "GPS" එක සහ සම ඇතුළේ "හෑරීම" 📍
අපේ ඇඟේ අනෙක් තැන්වලට වඩා ලේ නහර තියෙන තැන්වල රස්නය වැඩියි. මදුරුවා ඒ රස්නය හඳුනාගෙන ලේ නහරය දෙසටම කටුව මෙහෙයවනවා.පළමු පාරෙන්ම ලේ නහරයක් හමු වුණේ නැත්නම් එයා කටුව එළියට ගන්නේ නැහැ! කටුව සම ඇතුළේම තියාගෙන, එය විවිධ පැතිවලට නම්යශීලීව වක්ර කරමින් සම ඇතුළතින්ම ලේ නහරය සොයනවා.
5. ලේ රස බලන "දිව" 👅
සම ඇතුළේ කරපු සෙවීමෙන් පස්සේ කටුව නියම ලේ නහරයක වැදුණු සැණින්, මදුරුවාගේ ඇතුළත තියෙන රස ප්රතිග්රාහක (Taste receptors) මඟින් ලේවලටම ආවේණික සුවිශේෂී සංරචක (උදාහරණයක් ලෙස ATP සහ සිරුරේ ලවණ වර්ග) ක්ෂණිකව හඳුනා ගන්නවා. "නියම තැන හමුවුනා" කියා මදුරුවාගේ ස්නායු පද්ධතියට පණිවිඩය ගිය ගමන් සෙවීම නතර කර ක්ෂණිකව ලේ උරා බීම ආරම්භ කරනවා.
අපිට රිදෙන්න/කසන්න ගන්න කොට එයා ලෙඩේ බෝ කරලත් ඉවරයි! 🤔
මදුරුවා ලේ බීලා, බඩ පුරවාගෙන පියඹා ගියාට පස්සේ තමයි ඌ ඇඟ ඇතුළේ දාලා ගිය කෙළවලට අපේ ඇඟේ ප්රතිශක්තිකරණ පද්ධතිය එක සටන් කරන්න ගන්නේ. එතකොට තමයි අපේ ඇඟෙන් හිස්ටමින් (Histamine) රසායනිකය මුදා හැරලා, ඒ හරිය කසන්නත්, රතු වෙලා ඉදිමෙන්නත් ගන්නේ.
ඒ කියන්නේ ඔයාට කසන්න ගන්න කොට, මදුරුවා ඔයාට ඩෙංගු වෛරසය (Dengue virus) ඇතුල් කරලා, ලේත් බීලා, හොරෙන්ම පැනලා ගිහිල්ලත් ඉවරයි!
ඩෙංගු මර්දනයට අපේ වගකීම ඉටු කරමු! පරිසරය පිරිසිදුව තියාගමු ❤️
ඔයාලට මේ වගේ තවත් රසවත් කීට විද්යාත්මක තොරතුරු දැනගන්න පෝස්ට් එක ෂෙයාර් කරලා පේජ් එකත් එක්ක එකතු වෙන්න 🤝
Admin HEO මහත්තයා (සෞඛ්ය කීට විද්යා නිළධාරී)