Indigenous Medical Students' Union

Indigenous Medical Students' Union Indigenous Medical Students' Union
Faculty of Indigenous Medicine

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ"විරු සිසු සැමරුම - 2026‎සිප් සෙවණ යට ලදළු අංකුර ‎රකින්නට රත් ලෙය පුදා‎යකඩ අවි මුවහතක වියරු...
20/06/2026

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ"

විරු සිසු සැමරුම - 2026

‎සිප් සෙවණ යට ලදළු අංකුර
‎රකින්නට රත් ලෙය පුදා
‎යකඩ අවි මුවහතක වියරුව
‎පපු කුහර රඳමින් දරා
‎හෙටට නැණ දොර විවර කරනට
‎දිවි මගම ඇපයට තියා
‎කිරුළු අතහැරි එහෙව් රජවරු
‎බොහෝ ඇත මිහිදන් වෙලා...

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

19/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ!
ශිෂ්‍ය වීර දිනය 2026

ප්‍රධාන සැමරුම - ජුනි 20
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

ශිෂ්‍ය වීර දිනය - 2026​මිලින වී ගිය රතු කුසුමවරක් පිපෙනු මැනවි සරසවියේමඔබට සුපුරුදු මංමාවත් වලතුති පුදන්නට මල් පිපී ඇත.....
19/06/2026

ශිෂ්‍ය වීර දිනය - 2026

​මිලින වී ගිය රතු කුසුම
වරක් පිපෙනු මැනවි සරසවියේම
ඔබට සුපුරුදු මංමාවත් වල
තුති පුදන්නට මල් පිපී ඇත...

​අප ඔවුන් සැමරිය යුත්තේ
ඔවුන් මියගිය නිසාම නොව,
මියෙන බව දැන දැනත් මතු පරපුරේ අයිතීන් වෙනුවෙන් ලෙයින් දහඩියෙන් කඳුළින් සටන් වැදුණු නිසාවෙනි.

​"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ"

​-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

*වෙනුර එදිරිසිංහ සහෝදරයා*ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය අද වන විට පැමිණ ඇති ගමන්මඟ මල් ඇතිරූ මාවතක් නොවේ. එය ලේ, දහදිය සහ කඳුළු...
19/06/2026

*වෙනුර එදිරිසිංහ සහෝදරයා*

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය අද වන විට පැමිණ ඇති ගමන්මඟ මල් ඇතිරූ මාවතක් නොවේ. එය ලේ, දහදිය සහ කඳුළු මතින් ගොඩනැගුණු අරගල ඉතිහාසයකි. එම අරගලයේ දීප්තිමත්ම ශිෂ්‍ය නායකයන් අතර සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නේ වෙනුර එදිරිසිංහ සහෝදරයාය.

තම අවසන් හුස්ම පොද වාතලයට මුසුවීමට මොහොතක් තිබියදී පවා, වධබන්ධන හේතුවෙන් තුවාල වූ දෑත්වලින් වැගිරෙන ලෙයින් වධකාගාරයේ බිත්තිය මත,

*"මතු පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අපි සටන් වැදුනෙමු. නිදහස් අධ්‍යාපනය දිනේවා."*

යනුවෙන් සටහන් කළ බව කියැවෙන ඔහු, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ අභීත සටන්කාමියෙකි.

1966 සැප්තැම්බර් 8 වන දින පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුවට නුදුරු දුෂ්කර ගම්මානයක උපත ලැබූ වෙනුර වර්ධිත එදිරිසිංහ, දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමලා විය. ඔහුගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ අතර, දුප්පත් ජනතාවගෙන් කිසිදු මුදලක් අය නොකර ප්‍රතිකාර කිරීම ඔහුගේ ජීවන ප්‍රතිපත්තියක් විය. මහාමාර්ග, විදුලිය, ප්‍රවාහනය, රෝහල් සහ අධ්‍යාපන පහසුකම් පවා අවම වූ පරිසරයක හැදී වැඩුණු වෙනුර, කුඩා කල සිටම අභියෝග මධ්‍යයේ ජීවිතය ගත කළේය.

ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය සිදු වූයේ නිවසේ සිට කිලෝමීටර් හයක පමණ දුරින් පිහිටි මුදරන්කුලිය විදුහලෙනි. අධ්‍යාපනික දක්ෂතා හේතුවෙන් පළමු වසර සමත් වූ පසු තුන්වන ශ්‍රේණියට ඇතුළත් කරන ලද ඔහු, කුඩා වියේ සිටම සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළේය. 1976 වසරේ ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වී මාදම්පේ මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වූ අතර, පසුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සම්මාන අටක් ලබා ගනිමින් වයඹ පළාතේ ප්‍රථමයා සහ ශ්‍රී ලංකාවේ සිව්වැනියා බවට පත්විය.

ඉහළ ප්‍රතිඵල හේතුවෙන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වූ වෙනුර එදිරිසිංහ ශිෂ්‍යයා, එහිදී ද අතිවිශිෂ්ට දක්ෂතා දැක්වීය. උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව සහ සමස්ත ජීව විද්‍යා අංශය සඳහා පිරිනැමෙන ප්‍රධාන සම්මාන රැසක් දිනාගත් ඔහු, අ.පො.ස. උසස් පෙළ විභාගයේ විශිෂ්ටතම ශිෂ්‍යයාට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් විය.
අධ්‍යාපනයට පමණක් නොව කලා ක්ෂේත්‍රයට ද දක්ෂතා දැක්වූ ඔහු, කථිකත්වය, නිවේදනය, කෙටිකතා, ගීත රචනා සහ කාව්‍ය රචනා යන ක්ෂේත්‍රවල ද කැපී පෙනෙන ජයග්‍රහණ හිමිකර ගත්තේය.
1984 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වූ වෙනුර එදිරිසිංහ සහෝදරයා, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් විය. එය ඔහුගේ ජීවිතයේ වැදගත්ම හැරවුම් ලක්ෂ්‍යයක් විය. පළමු වසරේදීම වෛද්‍ය ශිෂ්‍ය සංවිධාන කමිටුවේ සම සභාපතිවරයෙකු ලෙස තේරී පත් වූ ඔහු, වෛද්‍ය ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු බවට පත්විය. එමෙන්ම වෛද්‍ය පීඨයේ වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකු ද විය.
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ දැවැන්ත චරිතයක් වූ පද්මසිරි ත්‍රීමාවිතාන සහෝදරයාගේ ආභාෂය, වෙනුරගේ දේශපාලන හා සමාජ ක්‍රියාකාරිත්වය වඩාත් පරිපූර්ණ කළේය. 1988 වසරේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වූ නිමල් බාලසූරිය සහෝදරයා ඝාතනය කිරීමෙන් පසු, එම සංවිධානයේ නායකත්වය භාරගැනීමට වෙනුර එදිරිසිංහ සහෝදරයා ඉදිරිපත් විය. එම තීරණය ඔහු ගත්තේ සිය පෞද්ගලික ආරක්ෂාවට වඩා අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය වටිනා බව විශ්වාස කළ බැවිනි.
එතැන් පටන්, උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම ඇතුළු නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ අරමුණින් ගෙන ගිය අරගලවලදී ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය ලබා දුන්නේ ඔහුය.
1989 ඔක්තෝබර් 20 වන දින සිය පවුලේ සාමාජිකයන් ආරක්ෂිත ස්ථානයක නවත්වා කොළඹ පැමිණි වෙනුර එදිරිසිංහ සහෝදරයා, මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ නිවසෙන් පිටව යන අවස්ථාවේදී පැහැරගෙන යනු ලැබීය. ඉන් අනතුරුව ඔහු රේස්කෝස් හා හෙන්ද්‍රි පේදිරිස් ක්‍රීඩාංගණය ආශ්‍රිතව පවත්වාගෙන ගිය බව කියන වධකාගාර වෙත රැගෙන ගොස් අමානුෂික වධහිංසාවන්ට ලක් කරන ලදී.
අතිශය කෲර වධබන්ධන මධ්‍යයේ වුවද තම අරමුණු අත්නොහළ වෙනුර එදිරිසිංහ සහෝදරයා, 1989 ඔක්තෝබර් 21 වන දින ඝාතනය කරනු ලැබීය. එසේ වුවද ඔහුගේ අදහස්, අධිෂ්ඨානය සහ අරගලකාමීත්වය කිසිදා මරණයට පත් නොවීය.
වෙනුර එදිරිසිංහ සහෝදරයා සටන් වැදුණේ තමන් වෙනුවෙන් නොව, අනාගත පරපුර වෙනුවෙනි. අද අප භුක්ති විඳින නිදහස් අධ්‍යාපනය යනු කවර හෝ පාලකයෙකු විසින් පරිත්‍යාග කළ දායාදයක් නොව, එවැනි අභීත ශිෂ්‍ය නායකයන්ගේ කැපකිරීම්, දුක්විඳීම් සහ ජීවිත පරිත්‍යාගයන් මතින් දිනාගත් අයිතියකි.
එබැවින් නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් එල්ල වන සෑම මොහොතකම, වෙනුර එදිරිසිංහ සහෝදරයා වැනි අයෝමය චරිතවල ආදර්ශය නව පරපුර තුළ නැවත නැඟී සිටිනු ඇත.

~ *දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය* ~

*පද්මසිරි ත්‍රිමාවිතාන සහෝදරයා* ​අද අප භුක්ති විඳින නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා අතීතයේ බොහෝ ශිෂ්‍ය නායකයන් තම තරුණ ජී...
18/06/2026

*පද්මසිරි ත්‍රිමාවිතාන සහෝදරයා*

​අද අප භුක්ති විඳින නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා අතීතයේ බොහෝ ශිෂ්‍ය නායකයන් තම තරුණ ජීවිත, සිහින සහ අනාගතය පවා කැප කළහ. ඔවුන් තමන් වෙනුවෙන් නොව, නූපන් පරපුරේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදුණහ. එවැනි අයෝමය චරිතයක් ලෙස පද්මසිරි ත්‍රිමාවිතාන සහෝදරයා ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය තුළ සදා අමරණීයව සටහන් වී ඇත.

​1964 මාර්තු 01 වන දින දකුණු පළාතේ අම්බලන්ගොඩ, කහව, තල්දූව ප්‍රදේශයේදී උපත ලැබූ පද්මසිරි ත්‍රිමාවිතාන සහෝදරයා දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා විය. තම මවුපියන්ගේ බලාපොරොත්තු මැද හැදී වැඩුණු ඔහුට කුඩා වියේ සිට ම පවුලේ වගකීම් ද උරුම විය. ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය අම්බලන්ගොඩ කහව විද්‍යාලයෙන් ලැබූ ඔහු, උස්ස් අධ්‍යාපනය සඳහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් විය.

​විශ්වවිද්‍යාල ජීවිතය තුළ දී ශිෂ්‍ය දේශපාලනය සහ සමාජ සාධාරණත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගත් ඔහු, ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළේය. එවක නිදහස් අධ්‍යාපනයට එල්ල වූ තර්ජන හඳුනාගත් පද්මසිරි ත්‍රිමාවිතාන සහෝදරයා, ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයකු ලෙස ඉදිරියට පැමිණියේය.

​1980 දශකයේ දී රාගම ප්‍රදේශයේ පිහිටි රජයේ සෞඛ්‍ය පහසුකම් සහ ඉඩම් පදනම් කරගනිමින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනයක් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ අවධියේ, එය නිදහස් අධ්‍යාපනයට එල්ල වූ බරපතළ තර්ජනයක් ලෙස දුටු ශිෂ්‍ය ව්‍යාපාරය, ඊට එරෙහිව සංවිධානය විය. එම අරගලයේ ඉදිරිපෙළ නායකයන් අතර පද්මසිරි ත්‍රිමාවිතාන සහෝදරයා ද සිටියේය. වෙනුර එදිරිසිංහ ඇතුළු සටන් සගයන් සමඟ එක්ව ඔහු නිදහස් අධ්‍යාපනය සහ ජනතා සෞඛ්‍ය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියා කළේය.

​එම අරගලයේ උච්චතම අවධියේ දී, පද්මසිරි ත්‍රිමාවිතාන, රංජිත් පෙරේරා සහ බී.ඩී. බන්ධුවර්ධන යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනා රත්නපුර ප්‍රදේශයේ දී නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන යන ලදී. ඔවුන් ජීවතුන් අතර සිටිනු දුටු අවසන් අවස්ථාව එය විය.
​පසුව අනාවරණය වූ තොරතුරු අනුව, ඔවුන් අමානුෂික වධබන්ධනවලට ලක් කර තිබූ බව සඳහන් වේ. එහෙත් එවැනි කෲරත්වයන් හමුවේ පවා ඔවුන්ගේ අධිෂ්ඨානය බිඳ දැමීමට නොහැකි විය.

අවසානයේ, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් වැදුණු එම තරුණ ජීවිත තුනම මරණයට පත් කරන ලදී.
​1988 ඔක්තෝබර් 23 වන දින වැල්ලවාය – කොස්ලන්ද මාර්ගයේ කැලෑබද ප්‍රදේශයක තිබී හමුවූ මළ සිරුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී, ඒවා පද්මසිරි ත්‍රිමාවිතාන, රංජිත් පෙරේරා සහ බී.ඩී. බන්ධුවර්ධන යන ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ බව හඳුනාගනු ලැබීය. එම සිදුවීම, එවක ශිෂ්‍ය ව්‍යාපාරයට එල්ල වූ මර්දනයේ කුරිරු බව පිළිබඳ තවත් සාක්ෂියක් බවට පත්විය.

​පද්මසිරි ත්‍රිමාවිතාන සහෝදරයාගේ ජීවිතය අපට කියා දෙන්නේ නිදහස් අධ්‍යාපනය යනු කිසිවෙකු විසින් දායාද කළ වරප්‍රසාදයක් නොව, අරගල, කැපකිරීම් සහ ජීවිත පරිත්‍යාග මතින් රැකගත් අයිතියක් බවයි. ඔහු වැනි අභීත ශිෂ්‍ය නායකයන්ගේ කැපවීම නිසාම අදත් නිදහස් අධ්‍යාපනය රැකී පවතී.
​එබැවින් ඔවුන්ගේ මතකය සිහිපත් කිරීම පමණක් නොව, ඔවුන් ජීවිතය පූජා කර රැකගත් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම ද අප සතු වගකීමකි. පද්මසිරි ත්‍රිමාවිතාන සහෝදරයාගේ නාමය, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පිදූ අමරණීය ශිෂ්‍ය විරුවෙකු ලෙස ඉතිහාසයේ සදා රැඳී පවතිනු ඇත.

​~ *දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය* ~

18/06/2026
"ඔවුහූ ඔබට අසීමිතව ප්‍රේම කළහ"විරු සිසු සැමරුම 2026 සඳහා සූදානම් වෙමින්... -දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-
17/06/2026

"ඔවුහූ ඔබට අසීමිතව ප්‍රේම කළහ"

විරු සිසු සැමරුම 2026 සඳහා සූදානම් වෙමින්...

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

*ශාන්ත බණ්ඩාර සහෝදරයා*"උඹට අවසන් වතාවට කියන්න තියෙන්නේ මොකක්ද?""ගිහින් කියාපල්ලා... ශාන්ත බණ්ඩාර වචනයක්වත් කියන්නෙ නැතුව...
17/06/2026

*ශාන්ත බණ්ඩාර සහෝදරයා*

"උඹට අවසන් වතාවට කියන්න තියෙන්නේ මොකක්ද?"

"ගිහින් කියාපල්ලා... ශාන්ත බණ්ඩාර වචනයක්වත් කියන්නෙ නැතුව මැරුණා කියලා."

විශ්වවිද්‍යාල සමාජය තුළ "පාවා නොදීම" යන්න නිතර ඇසෙන වදනකි. එහෙත් එය හුදෙක් වචනයක් පමණක් නොවන්නේ, අභීත ශිෂ්‍ය නායකයකුගේ අවසන් මොහොතේ පවා නොසැලුණු අධිෂ්ඨානය නියෝජනය කරන ප්‍රකාශයක් වන බැවිනි. ඒ අභීත සටන්කාමියා වූයේ ශාන්ත බණ්ඩාර සහෝදරයාය.

1951 වර්ෂයේ උපත ලැබූ ශාන්ත බණ්ඩාර සහෝදරයා මාතලේ විද්‍යා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර, පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරම් හිමි කර ගත්තේය. ශිෂ්‍ය ජීවිතය තුළ සිටම අසාධාරණයට එරෙහිව හඬ නැගූ ඔහු, විශ්වවිද්‍යාල ශිෂ්‍ය අරගල රැසක පෙරමුණ ගත් ක්‍රියාකාරී නායකයෙකු ලෙස ප්‍රකට විය. 1978 වසරේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ද පත් වූ ඔහු, ශිෂ්‍ය ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.

ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ පාගමනක් හේතුවෙන් ඔහුගේ ශිෂ්‍යභාවය අහෝසි කරනු ලැබීය. එහෙත් එම මර්දනය හමුවේ පසුබට නොවූ ශාන්ත බණ්ඩාර සහෝදරයා, ඉන් අනතුරුව පූර්ණකාලීනව ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු සඳහා කැපවිය.

පාසල්, විශ්වවිද්‍යාල සහ සමාජීය ක්ෂේත්‍ර තුළ සිදුවූ අසාධාරණකම්වලට එරෙහිව අඛණ්ඩව ක්‍රියා කළ ඔහු, 1981 වසරේදී ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවට එරෙහි විශාල ජනතා හා ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරයේ ද ප්‍රමුඛ නායකයෙකු විය. නිදහස් අධ්‍යාපනයට බරපතළ තර්ජනයක් ලෙස සැලකුණු එම ධවල පත්‍රිකාව මගින්,

• අනිවාර්ය අධ්‍යාපනයේ සීමාව 9 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා අඩු කිරීම,
• සාහිත්‍යය හා ඉතිහාසය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීම,
• අධ්‍යාපනය සඳහා රාජ්‍ය ප්‍රතිපාදන අඩු කිරීම,
• පර්ෂද පාසල් හඳුන්වාදීම,
• මුදල් අය කරන පෞද්ගලික හා අර්ධ පෞද්ගලික පාසල් ආරම්භ කිරීම,
• සරසවි ප්‍රවේශය සඳහා ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීම,

වැනි යෝජනා ඉදිරිපත් කර තිබුණි.

මෙම යෝජනාවලට එරෙහිව ගොඩනැගුණු ශිෂ්‍ය හා ජනතා විරෝධය මර්දනය කිරීමට ආණ්ඩුව දැරූ උත්සාහය හේතුවෙන් තවදුරටත් ජනතා අප්‍රසාදය වර්ධනය වූ අතර, අවසානයේ ධවල පත්‍රිකාව හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවිය.

ශාන්ත බණ්ඩාර සහෝදරයාගේ අධිෂ්ඨානය සහ ධෛර්යය පිළිබඳව කියැවෙන සිදුවීම් අතර, එක් වරක් අත්අඩංගුවට පත්ව වධකාගාරයක රඳවා සිටියදී එහි සිවිලිම බිඳ දමා, දෑත්වල මාංචු පවා සහිතව පලා ගොස් නැවතත් තම සටන් සගයන් අතරට පැමිණි පුවත විශේෂ වේ.

1988 වසරේදී නැවත අත්අඩංගුවට පත් වූ ඔහු, අනතුරුව කෲර වධහිංසාවන්ට ලක් කරනු ලැබූ අතර 1990 වසරේ එක් අඳුරු දිනයකදී ඝාතනය කරන ලදී. කඳුළු ගෑස් ප්‍රහාර, මර්දනකාරී බලවේග, වෙඩි උණ්ඩ සහ මරණ තර්ජන හමුවේ කිසිදා නොසැලුණු ශාන්ත බණ්ඩාර සහෝදරයා, ශිෂ්‍ය ව්‍යාපාරයේ අභීත සෙන්පතියෙකු ලෙස ඉතිහාසයට එක් විය.

අද අප භුක්ති විඳින නිදහස් අධ්‍යාපනයේ බොහෝ ජයග්‍රහණයන් පිටුපස, ශාන්ත බණ්ඩාර සහෝදරයා වැනි අයෝමය අධිෂ්ඨානයකින් යුත් සටන්කාමීන්ගේ කැපකිරීම්, දුක් විඳීම් සහ ජීවිත පරිත්‍යාගයන් සදාකාලිකව සටහන්ව පවතී.

~ *දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය* ~

වයධම්මා සංඛාරා...!දේශීය වෛද්‍ය පීඨයේ හිටපු බාහිර කථිකාචාර්යවරයකු ලෙසත්, බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ දැවුම් පිළිස්සුම් ව...
17/06/2026

වයධම්මා සංඛාරා...!

දේශීය වෛද්‍ය පීඨයේ හිටපු බාහිර කථිකාචාර්යවරයකු ලෙසත්, බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ දැවුම් පිළිස්සුම් විශේෂ වෛද්‍යවරයෙකු ලෙසත් සේවය කළ

පාරම්පරික වෛද්‍ය පද්මසිරි රාජසේකර මහතාගේ අභාවය පිළිබඳව අපගේ සාතිශය සංවේගය...!

වෛද්‍යාචාර්යතුමණි,
ඔබට නිවන් සුව !

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

Address

Faculty Of Indigenous Medicine, University Of Colombo
Rajagiriya

Alerts

Be the first to know and let us send you an email when Indigenous Medical Students' Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Indigenous Medical Students' Union:

Share