12/01/2026
අඳුරු වූ දහසක් සිත් මත මනුෂ්‍යත්වයේ ආලෝකය විහිදුවමු! 📚✏️
පසුගිය කාලසීමාවේ අප ප්‍රදේශයට බලපෑ අවාසනාවන්ත කාලගුණික තත්ත්වය හමුවේ, අපේම සහෝදර දරු දැරියන් රැසකට ඔවුන්ගේ අධ්‍යාපන උපකරණ පවා අහිමි විය. එම දරුවන්ගේ බිඳුණු සිත් සුවපත් කරමින්, ඔවුන්ගේ අධ්‍යාපන සිහින යළි පණ ගැන්වීමට (අපි වෙනුවෙන් අපි) කොත්මලේ ඩෙල්ටා ගැමුණුපුර මහා විද්‍යාලයේ 2025 උසස් පෙළ කණ්ඩායම වන අප කණ්ඩායම පෙරමුණ ගත්තෙමු.
මෙම මහා සත්කාරය සඳහා අතිවිශාල ශක්තියක් වෙමින්, අජිත් පුතා පුද්ගලික සමාගමේ අධිපති පී. රාසයියා මැතිතුමන් විසින් රුපියල් ලක්ෂ 25 ක අතිවිශාල ධන පරිත්‍යාගයක් සිදු කරන ලදී. 🤝
මෙය අපේ පාසලේදී අපගේ විදුහල්පතිතුමා, ගුරු මව්පියවරුන් ලබා දුන් අවස්ථා,අත්දැකීම්,අවවාද අනුශාසනා, උපදෙස් ආදී නොයෙකුත් දෑ හී එකතුවක ප්‍රතිපලයක් ලෙස දැක්විය හැකියි.
ප්‍රාදේශීය ලේකම් R.A නදීර ලක්මාල් මැතිතුමා, කොත්මලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මනෝජ් සෙනෙවිරත්න මහතා, කොත්මලේ Delta Gamunupura College Official විදුහල්පති G.G කුසුම්සිරි මහතා,වීරසේකර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මහේෂ් දසනායක මහතා,කොත්මලේ පොලීසියේ ස්ථානාධිපති ඉන්දික මහතා, කොත්මලේ පොලීසියේ පොලිස් නිලධාරිනී නිලන්ති මහත්මිය, හෙල්සිරිගම සංවර්ධන නිලධාරී තිළිණි මේනකා මහත්මිය, හෙල්සිරිගම ග්‍රාම නිලධාරී මදුෂාන් බණ්ඩාර මහතා, කොත්මල්ගම ග්‍රාම නිලධාරී සදමාලි සෙනවිරත්න මහත්මිය, ළමා ආරක්ෂක නිලධාරී සංජීවනී ඉන්දිකා මහත්මිය,
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සමන්ති රම්බොඩගෙදර මහත්මිය,
වනිතා සංවර්ධන නිලධාරී උරේශා පිටියෙකුඹුර මහත්මිය , නයාපන විද්‍යාලයේ දර්ශනී හේමමාලා ගුරුතුමිය යන අයගේ සහයෝගය,මගපෙන්වීම හා ප්‍රධානත්වයෙන් කොත්මලේ කලාපයේ දරුවන් 320ක් වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ මහා වැඩසටහන අද දින ඉතා සාර්ථකව පවත්වන ලදී.
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අත්වැල් බැඳගත් පී. රාසයියා මැතිතුමන්ටත්, සහයෝගය දුන් සියලුම රාජ්‍ය නිලධාරීන්ටත්, අප සංවිධානය නිරතුරුව දිරිමත් කරමින් අප ගැන සොයා බලමින් ධන පරිත්‍යාග සිදු කල නිමාලි මහත්මියත්, අපට ධන පරිත්‍යාගයෙන් සහය දැක්වූ ඩිතිර සොහොයුරාටත්, පරිත්‍යාගයන් සිදු කළ අනෙක් සියලුම පරිත්‍යාගශිලීන්ට හා වචනයකින් හෝ සහයෝගය දැක්වූ සියලු දෙනාට අනේක වාරයක් අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු! 🙏
(අපි වෙනුවෙන් අපි) කොත්මලේ ඩෙල්ටා ගැමුණුපුර විද්‍යාලයේ 2025 උසස් පෙල කණ්ඩායම
Our members
*Uthsari Lindapitiya
*Ruchira Ihalagama
*Sithika Dilmith
*Chathumi Pabasara
*Ashali Maldunu
*Sithum Vihanga
*Vinuthi Udana
*Theekshana Dilhara
*Yasith Randeesha
*Kalani Chathurya
*Chamathka Dewmini
*Hashini Kavya
*Tharushi Dasunika
*Ashani Navodya
*Umandi Wakkumbura
*Iresha Lakmali
*Navodya Thathsarani
*Tharuni Disara