අපි Kandy මචං Api Kandy Machan

අපි Kandy මචං    Api Kandy Machan Kandy vibe, local stories, fun & real Sri Lankan content.

20/08/2026



Please help us to keep
Our city clean අපි Kandy මචං Api Kandy Machan

මහනුවර  දුම්රියස්ථානය සතු නිල නිවාස බලෙන් අත්පත් කරගෙන ව්‍යාපාර  ස්ථාන පවත්වගෙන  ගිය....පිරිස්  ඉවත් කෙරේ...(ජේ.ඒ.එල්  ජ...
28/07/2026

මහනුවර දුම්රියස්ථානය සතු නිල නිවාස බලෙන් අත්පත් කරගෙන ව්‍යාපාර ස්ථාන පවත්වගෙන ගිය....පිරිස් ඉවත් කෙරේ...

(ජේ.ඒ.එල් ජයසිංහ)

වසර ගනනාවක් තිස්සේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ,මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයට අයත් ,ඒ ආසන්නයේ පිහිටි දුම්රිය නිල නිවාස බළහත්කාරයෙන් අත්පත් කරගෙන ,ව්‍යාපාර ස්ථාන ආරම්භ කර සිටි පිරිස් එම නිල නිවාස වලින් ඉවත් කිරීම ,පසුගියදා දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරින් විසින් සිදු කරන ලදි,

දුම්රිය දෙපාර්තමේන්තුව සතු මෙම නිල නිවාස බළහත්කාරයෙන් අල්ලාගෙන ඒවායේ ව්‍යාපාර ස්ථාන පත්වාගෙන ගිය පිරිස් දුම්රිය දෙපාර්තමේන්තුවට ශත පහක මුදලක් නොගෙවූ බව දුම්රිය ආරක්ෂක හමුදාවේ ඉහළ නිලධාරියෙක් පැවසීය,

මෙලෙස බළහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි දුම්රිය දෙපාර්තමේන්තුව සතු මෙම ගොඩනැගිලි වලින් එම පිරිස් ඉවත් කිරීමට,දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් භාර ඉංජිනේරූ වරයාගේ උපදෙස් මත පියවර ගත්තද,මෙම රජයේ ගොඩනැගිලි බළහත්කාරයෙන් අල්ලාගෙන සිටි කීප දෙනෙක් ඉවත්වීම ප්‍රතික්ෂේප කිරීම හේතූවෙන් ඔවුනට එරෙහිව නීතීමය පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

⁣මෙලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මහනුවර නගරයේ දුම්රිය ස්ථානය ඉදිරිපිට නිල නිවාස වල බලෙන් රැඳී සිටින්නන් පිළිබඳව දුම්රිය ආරක්ෂක අංශය විසින් මහනුවර පොලීසියට පැමිණිළි කර තිබෙන බව , දුම්රිය ආරක්ෂක හමුදාවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

උපුටාගැනිම

CNU News

10/07/2026
10/07/2026

නුවර පෙරහැර... ඒක නිකම්ම උත්සවයක් නෙවෙයි, අපේ හදවතේ රිද්මය. ❤️🐘
මහනුවර ඇසළ පෙරහැර කියන්නේ පරම්පරා ගණනාවක මතකයන්, බැඳීම් සහ අභිමානය මුසු වුණු අපේම සුවිශේෂී කාලයක්. ඇසළ සඳ පායාගෙන එද්දී වීදි පුරා ඇසෙන ඒ බෙර පදයේ රිද්මය හිතට ගෙන දෙන්නේ විස්තර කරන්න බැරි තරම් ලොකු සතුටක්. මේ අසිරිය දකින්න අපේ නුවර වැසියෝ හැමෝම කොයි තරම් ආසාවෙන්ද ඉන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
ඔබේ හිතේ තියෙන පෙරහැරේ ඒ මිහිරි මතකයන් අපත් එක්කත් බෙදාගන්න. 👇

පෙරහැර කාලයේදී ඔබේ පවුලේ අය සමඟ ගත කරන මේ සුන්දර අවස්ථාවන් තවත් මතකයක් කරගන්න ඔබට හැකි වේවා .!!

ලංකා ඉතිහාසයේ තවත් එක් සුවිශේෂී මොහොතකට තව සුළු මොහොතයි 👌🏽👌🏽😲. අද ඒ දුම්රිය එන්ජිම මහාමාර්ගයෙන් පේරාදෙණියට ගේන්නයි යන්නෙ...
03/07/2026

ලංකා ඉතිහාසයේ තවත් එක් සුවිශේෂී මොහොතකට තව සුළු මොහොතයි 👌🏽👌🏽

😲. අද ඒ දුම්රිය එන්ජිම මහාමාර්ගයෙන් පේරාදෙණියට ගේන්නයි යන්නෙ. දුම්රිය දෙපාර්තුමෙන්තුවට අයත් M5c 781 දරණ බලවේග කට්ටලය තමා මහ පාරෙන් ගෙනියන්න හදන්නෙ. මේ ඇන්ජිම ටොන් 65ක් 70ක් අතර බරයි 😲

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම සේවක මහත්වරුන්ට හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා පතමු 🙏🙏

01/07/2026

ලංකාවාසි සියලු දෙනාට බැති සිතින් ඇරයුම් කරමි

01/07/2026

.

Address

Kandy
Peradeniya
20400

Website

Alerts

Be the first to know and let us send you an email when අපි Kandy මචං Api Kandy Machan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share


Other Community Centers in Peradeniya

Show All