S21 Pera Antiraggers

S21 Pera Antiraggers Together we can make a difference! Join us in promoting kindness, respect, and a positive change in our community

Welcome to the Family - S22 😊❤️
24/04/2026

Welcome to the Family - S22 😊❤️

01/12/2025

මේ වගේ වෙලාවක මීට වඩා මානුශිව දුර දිග හිතලා වැඩ කරන්න ඕන. නැත්නම් පව් ළමයි 🥺

❤️ last year
20/11/2025

❤️ last year

20/11/2025

දලුලන පියාපත් සමාජ සත්කාර වැඩසටහන - 7 වන අදියර

~ මීමූරේ කයිකාවල කනිශ්ඨ විද්‍යාලය ~

දලුලන පියාපත් 7 වන අදියරෙන් අපි තෝරගත් මහනුවර දිස්ත්‍රික්කයත් , මාතලේ දිස්ත්‍රික්කයත් මායිම් වන මීමූරේ කයිකාවල කනිශ්ඨ විද්‍යාලයේ දුවා දරුවන් 38කට තමයි මෙදාපාර අපි පොත්පත් අරන් යන්නේ.

01 ⁣ශ්‍රේණිය - 07
02 ශ්‍රේණිය - 08
03 ශ්‍රේණිය - 09
04 ශ්‍රේණිය - 08
05ශ්‍රේණිය - 06

මේ දුවා දරුවන්ට අපි මෙන්න මේ දේවල් තමයි දෙන්න තීරණය කරලා තියෙන්නේ. ඒවට යන මිල ගණං දළ වශයෙන් සඳහන් කරලා තියෙනවා.

🔸පිටු 120 තනිරූල් පොත් 46 (රු. 3,910)
🔸පිටු 80 තනිරූල් පොත් 122 - (රු.7,320)
🔸පිටු 80 කොටුරූල් පොත් 46 - (රු.2,760)
🔸පිටු 80 CR තනිරූල් පොත් 38 - (රු. 4,560)
🔸පිටු 120 CR තනිරූල් පොත් 23 (රු. 3,910)
🔸පිටු 80 පස්රූල් පොත් 22 - (රු. 1.650)
🔸පිටු 80 අඟල් 1/2 කොටුරූල් පොත් 24 - (රු. 1,440)
🔸පිටු 80 හිස් රූල් පොත් 19 - (රු. 1,275)
🔸පිටු 120 ඩබල් රූල් පොත් 15 - (රු. 1,715)
🔸පිටු 120 චිත්‍ර පොත් 38 - (රු. 9,310)
🔸පෑන් 92 - (රු.1,840)
🔸පැන්සල් 121 - (රු.2,420)
🔸මකන 38 - (රු.950)
🔸කටර් 38 - (රු.1,140)
🔸පේපර් සෙට්[4&5 වසර] 14 - (රු.7,700)

මේ සියලු දේවල් ගන්න අපිට රුපියල් 53,860 කට ආසන්න මුදලක් වැය වෙනවා.

මේ ද්‍රව්‍ය මිලදී ගන්න අවශ්‍ය මුදල් දායකත්වයක් ලබාදෙන්න ඔයාට පුළුවන් නම් පහල තියෙන ගිණුමට මුදල් බැර කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ සිසුන් සමග එක්ව 10 සහ 11 ශ්‍රේණි සදහා ගණිතය , විද්‍යාව සම්මන්ත්‍රණයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා...

ඒ වගේම ද්‍රව්‍යමය විදියට ආධාර කරන්න පුළුවන් නම් පහළ තියෙන දුරකථන අංක වලින් එකකට කතා කරන්න කියලත් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

මේ පෝස්ට් එක ඔයාගේ යාලුවෝ අතරේ බෙදාගෙන, මේ කරන වැඩේට යම් තරමකින් හරි දායකත්වයක් දෙන්න ඔයාටත් පුළුවන්.

එන්න, අපි අත්වැල් බැඳන් අපේම දුවා දරුවන්ගේ ජීවිත වලට සවියක් වෙමු.

Bank Details :
M.Y.Manjana
215020058966
Hatton National Bank (HNB)
Batapola Branch

Contact :
යසිර : +94 714287899
පැතුම් : +94 70 507 9766
රන්දුනු : +94712044689 (Whatsapp Only)

(ගිණුමට මුදල් බැර කරන්නේ නම් එහි receipt පතක් දක්වා ඇති whatsapp අංකයට එවීම මහත් අගයකොට සලකන්නෙමු. මෙතෙක් කළ සියලු දලුලන පියාපත් වැඩසටහන් වල විස්තර, බැංකු ප්‍රකාශ සහ ආදායම් වියදම් විස්තර පළවෙනි කමෙන්ට් එකෙන් බලන්න පුළුවන්. මේ වැඩසටහන අවසානයෙත් ඒ විදියටම සියලු විස්තර ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා)

Last project : https://www.facebook.com/share/v/1J6nzFGzJX/

Youtube : https://youtube.com/?si=Z3gBe8mSigJTcUdB

~ දලුලන පියාපත් කණ්ඩායම ~

The bonds of friendship surpass everything. The comfort, support, and strength we share are truly unmatched.Here’s to gr...
11/11/2025

The bonds of friendship surpass everything. The comfort, support, and strength we share are truly unmatched.
Here’s to growing stronger together and continuing the climb!

In this batt|e against the ra||gg||ing, we are happy and proud to see that more than thousand people are with us❤️ Thank...
07/10/2025

In this batt|e against the ra||gg||ing, we are happy and proud to see that more than thousand people are with us❤️
Thank you for continuing support

Also a huge thank goes to our own pera antira||gg||ers and seniors..
Without your support and guidance, we won't be able to achieve this☺️

Until we achieve the New Normal in State Universities in Sri Lanka.. 🥺❤️



26/09/2025

මෙන්න real ඇවිදින video😏

මේ කතාව මම දැන් ටික දවසක ඉදලා ලියන්න කියලා හිතාගෙන හිටියේ.   page එකේ මේ article එක කියෙව්වාට පස්සේ හිතුනා මේක තමයි හොදම...
14/09/2025

මේ කතාව මම දැන් ටික දවසක ඉදලා ලියන්න කියලා හිතාගෙන හිටියේ. page එකේ මේ article එක කියෙව්වාට පස්සේ හිතුනා මේක තමයි හොදම වෙලාව කියලා.

(මේක ටිකක් දිග කතාවක් නිසා summarise කරපු එකක් comment කරන්නම්)

ඔයා සදහන් කරපු විදිහටම අලුතේ batch එකක් එද්දී එතන එක එක විදිහේ සමාජ පරිසර වලින්, එක එක ප්‍රදේශ වලින් එන එකිනෙකට හාත්පසින් වෙනස් ළමයි පිරිසක් එන්නේ. මෙයාලගේ බහුතරය මේ ගෙදරින් පිට ජීවත් වෙන්න යන්නේ පළවෙනි පාර. මෙච්චර කල් අම්මා තාත්තා එක්ක ගෙදර හිටපු, එයාලා යටතේ හඳුන වැඩුන ළමයි තමයි දැන් මේ hostel වල තනියම නවතින්නේ. මෙන්න මේක මෙතනදි වැදගත් කාරණයක්.

අපිට මතකයි අපි hostel නවතින්න ආව දවසේ අපේ බෑග් hostel එකේ ගේට්ටුව ගාව ඉදලා අපි එපා කියද්දී බලෙන් කාමර වලට ගෙන්හින් දුන්නා මේ "සහෝදරත්වය". එයාලා පටන් ගද්දිම මොළය හෝදන්නේ, "එයාලා ගොඩක් හොඳ පිරිසක්, එයාලා නැතුව අපිට මේක ඇතුලේ survive වෙන්න බැහැ, එයාලා කියන විදිහට හිටියේ නැත්නම් අපිට මේක ඇතුලේ ඉන්න වෙන්නේ නැහැ." කියලා.
අපිට දවසක් කිව්වා මේ campus එක ඇතුලේ හොරකම්, නීති විරෝධී දේවල් වෙන්නේ නෑ, එකට හේතුව මේ උපසංස්කෘතියලු. (එතකොට මේ සොයා දෙන්න කියලා share කරන posts?🤔) මේ පරිසරයේ ලස්සන මේ විදිහට පරිස්සම් වෙලා තියෙන්නේ උපසංස්කෘතිය නිසා වගේ දේවල්. (Cleaning & maintenence staff එක කිසි වැඩක් කරන්නේ නෑ ලු😅)

ඊට පස්සේ ඔය මල් සතියේ පටන් ගන්නවා අපි r@g වෙන්න ඕනේ ඇයි කියන එකට හේතු කියන්න. මෙතනදි නම් මේ කට්ටිය හෙන creative මිනිස්සු😂
🔹Library පාවිච්චි කරන්න බෑ කාඩ් නැතුව
🔹Computer unit යන්න බැහැ.
🔹Hotstel එකේ ඉන්න බෑ
🔹පේරාදෙණිය හොස්පිටල් එකෙන් බෙහෙත් දෙන්නේ නෑ .
🔹පේරාදෙණිය campus ඉදලා ජොබ් එකට යන්න යද්දී interview එකේදි කාඩ් එක අහනවා.
🔹Sports කරන්න බෑ (අන්න r@g උනේ නැති ළමයි අපූරුවට SLUG එකේ පේරාදෙණිය වෙනුවෙන් සෙල්ලම් කරනවා මේ දවස් වල)
🔹Clubs societies වලට යන්න බෑ (මේක 99% බොරු, සමහර ඒව වල president වුන අය ඉන්නවා r@g උනේ නැති ළමයි. හැබැයි union එක යටතේ තියන ඉතා අතලොස්සක් තියනවා, ඒවට r@g උනේ නැති ළමයින්ට එන්න එපා කියන්න එයාලට බැරි නිසා ඉතාම පහත් විදි වලට r@g උනේ නැති ළමයි එන එක පාලනය කරනවා)
🔹Lovers Lane, summer hut වලට යන්න බෑ ( අනේ බං, couple එකකට ඉන්න සෑහෙන්න ලස්සන නිදහස් තැන් තියනවා ඒ දෙකට වඩා දහෙන් සම්පතයි කියලා හිතෙන😂 )
🔹වැදගත්ම දේ, R@g උනේ නැති campus ජීවිතේ හරියට විදින්න බෑ campus ජීවිතේ complete වෙන්න නම් card එකක් ඕනේ. (ජීවිතයට campus එකකට අඩිය තියලා නැති සමහර පුද්ගලයොත් එහෙම හිතන් ඉන්නවා)

ඔහොම ඉතින් පටන් ගන්න r@g එක ටික ටික දරුණු වෙනවා. මෙතනදි තියන අවසනවන්තම දේ තමයි, මේවා වෙන්නේ මහා දවාලේ. Faculty canteen එක ඇතුලේ. Table meetings තියෙන දවස් වලට junior බැච් එකට වෙන canteen වලට යන්න බැරි වෙන්න lecture halls ගාව, පාරේ තැන් තැන් වල කට්ටිය රැකගෙන ඉන්නවා. එක එක හේතු කියලා බලපෑම් කරලා බලහත්කාරයෙන් common එකට යවන එක තමයි මේ මුරකරයොන්ගේ වැඩේ.
Common එකේ දොර ගාව තියෙන rack එකේ bags, phones තියලා යන්න ඕනේ. ඇතුලට මොකුත් ගෙනියන්න බෑ. Video කළොත්, record කළොත් කියලා මේ ලොකු අයියලා බයයි.
Table meeting එකට table එකේ ඉඳගෙන ඉද්දී අත් ඔඩොක්කුවෙ තියන් ඉන්න ඕනේ. ඇයි මෙතන ඉන්නේ කියලා ඇහුවොත් කියන්න උත්තරත් පාඩම්කරවලා තියෙන්නේ. Marshel එනවද බලන්න වෙනම කට්ටිය දොරවල් ගාව ඉන්නවා. Marshel එනවා මාර්ෂල් යනවා😅 එකම තැටිය තමයි හැමදාම play වෙන්නේ.

ඔන්න දවසක් මනුස්සයෙක් කු #ඩු ගහනවලු, එතෙන්ට පොලිසියෙන් එනවලු. එතකොට කු #ඩු ගහන එක්කෙනා කියනවලු "සර් මම හරිම ආසයි කු #ඩු ගහන්න, කු #ඩු ගහන එකෙන් මට ගොඩක් ප්‍රයෝජන තියනවා, ඒ නිසයි මම මේ මේක කරන්නේ" කියලා. එතකොට පොලිසියෙන් කියනවා "හරි එහෙනම් කු #ඩු ගහලා ඉවර වෙලා පරිස්සමින් ගෙදර යන්නකෝ" කියලා😌

කොහොම කොහොමහරි r@g එකේ අන්තිම සතිය කුණාටු සතිය. සාමාන්‍යයෙන් 1st year අයව r@g කරන්නේ 2nd year අය. හැබැයි මෙතනදී මේ සතියේ 3rd year අය එනවා. මේ සතිය දරුණුයි කියලා තමයි එකට ගියපු හැමෝම වගේ කියන්නේ.
මේ ඔක්කොම කරලා අන්තිමට Welcome එක දවස කියන්නේ වෙනම පීඩනයක් දෙන දවසක්. උදේ ඉදන් පහුවදා පාන්දර වෙනකන් සාරි, formal ඇදලා ඉන්න ඕනේ, එයාලා කියන එක එක විකාර කරන්න ඕනේ. දවසටම හරියට කන්න දෙන්නේ නෑ කියලත් ආරංචියි.

Welcome එකෙන් මේ කරදර ඉවරයිනේ කියලා හිතාගෙන r@g වෙන ළමයින්ට "ඉවරයි කිව්වට ඉවරම නෑ" කියලා තේරෙද්දි පරක්කු වැඩී. "උබලා card ගත්ත නම් මේවාට වරෙන්" කියද්දී ඒ වැඩ වලට යන්න ඕනේ. ගියෙ නැත් නම් ඉතා පහත් විදිහට ප්‍රසිද්ධියේ humiliate වෙන්න වෙනවා.

ඇයි මෙහෙම කරන්නේ? තමාගේ නංගීට මල්ලිට මෙහෙම කරන්නේ නැති අය "අපි උබලට අසීමිතව ප්‍රේම කරනවා මල්ලී" කියලා මෙහෙම කරන්නේ ඇයි?
මෙතන r@g කරන මිනිස්සු ගත්තාම එක එක හේතු නිසා මෙහෙම කරන අය ඉන්නවා. ඒ අතරින්, 🔹ලොකුම හේතුව තමයි ජුන්නෝ ඉස්සරහ, විශේෂයෙන් ජුන්නියෝ ඉස්සරහ පොරක් වෙන එක, ego please කරගන්න එක. අවධානය හම්බුනේ නැති මිනිස්සු අවධානය ගන්න දඟලනවා.
🔹අයේ මෙතන ඉන්නවා සමාජ වෛරය තියන පිරිසක්. මේකට එක එක හේතු තියෙන්න පුළුවන්. කොහොමහරි අන්තිමට යමෙක් තලාල පෙළලා දළ එයාලා කුරිරු සතුටක් ලබනවා.
🔹තව මෙතන පිරිසක් ඉන්නවා power practice කරන්න ආස නිසා මෙහෙම කරන. තමන්ට junior batch එක පාලනය කරන්න හම්බෙන පොඩි අවස්ථාවෙන් එක කරන්න පුළුවන් කැතම විදිහට කරන අය. (Small King Syndrome - this isn’t a formal clinical term, but it is basically about someone acting like a big ruler in a tiny domain, because that’s the only place they can feel dominant.)

අනිත් වැදගත් ප්‍රශ්නේ
ඇයි මෙහෙම කරද්දීත් මේවාට ළමයි යන්නේ?
මෙතනදි තමයි මම අර මුලින්ම කිව්ව තැනට කතාව එන්නේ. මේ ළමයි ගෙදරින් එළියට එන්නේ පළවෙනි පාරට. සමාජය ආශ්‍රය කරන්නේ පළවෙනි පාරට. මේක තමයි campus එකේ හරි විදිහ වෙන්න ඇත්තෙ කියලා හිතන්න ඒ ළමයි නිකන්ම ඒවට පෙලඹෙනවා. (මෙතන කව්රුත් කලින් campus ගියපු අය නෑ නේ ඔක්කොම අලුත් අය නේ) එහෙම නැත්නම් බලෙන් පොළබවා ගන්නවා
එහෙම හිතන්න ගත්ත ගමන් මෙයාලගේ ඔළුවට ඒ වි #ෂ ටික දාන්න වි #ෂ දළ හොදට ති #යුණු කරන් බලන් ඉන්න ජ්‍යෙෂ්ඨ උත්තමයින්ට හරි ලේසි. එතනින් එහාට ඉතින් ලබන අවුරුද්දේ ඒ වැඩ ටික කරන පිරිසත් නිකන්ම හැදෙනවා.🫠

R@g වෙන්නේ ඇයි? හැමෝම දෙන උත්තරේ "හැමෝවම එක මට්ටමකට ගෙන්න"
ඒත් මේක කියවන ඔය සමහරවිට දන්නේ නැතුව ඇති r@g එක පටන් ගන්නේ එකතු කරලා නෙවෙයි, බෙදලා. මුලින්ම බෙදන්නේ ජාතිය අනුව. English තහනම්. සිංහල, දෙමළ, මුස්ලිම් අයව මුලින්ම වෙන් කරන්නේ එහෙම. සන්නිවේදනයක් නැති තැන සම්බන්ධතා ගොඩ නැගෙන්නේ නෑ නේ. ඒවගේම තමන්ගේ ජන කණ්ඩායමේ නොවන අයව ආශ්‍රය කිරිම තහනම් කරනවා. දෙමළ අයව r@g කරන්නේ දෙමළ අය, මුස්ලිම් අයව r@g කරන්නේ මුස්ලිම් අය. එයාලට එකට ඉන්න තහනම්. (තොරතුරු වල විදිහට ඒ ළමයි සිංහල අයට සාපේක්ෂව වඩා අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙනවා)
Batch meeting වලට ඒ සමහර ළමයි කණ්ඩායම් වලට එන්න තහනම්.
තව එක එක ඒවට කට්ටියව බෙදනවා
ගම අනුව (පුරය කියලා කියන්නේ), ඉස්කෝලෙ අනුව, කරන subjects අනුව වගේ එක එක ඒව හදා ගන්නවා.

මේ batch meetings වලදී batch එකේ අය කතා කරනවා කියලා හිතුවට, ඇත්තටම වෙන්නේ batch එකේ අය විදිහට කතා කරන අයගේ කතාව ලියලා කට පාඩම්කරවලා එතෙන්ට එවන්නේ common එකෙන්. batch meeting වලට එන, ඒ කතා අහගෙන ඉදලා ඒක batch එකේ පොදු මතය කියලා අත උස්සලා එකඟ වෙන අයවත් දන්නේ නෑ මෙතන තියෙන්නේ වෙන agenda කියලා.

R@g වෙන අයගේ ඔළු වලට කොච්චර දේවල් දානවද කියනවා නම්, ඒ අය සමාජයේ අනිත් අය එක්ක පුදුමාකාර තරහවකින් වෛරයකින් ඉන්න තත්ත්වයට එයාලව පත් කරනවා. එයාලාව r@g කරන්නේ පටු අරමුණු වලින් උනාට, පුන පුනා කියන්නේ "උබල මේ කට්ට කන්නේ, මේ දුක විදින්නේ අරුං හින්දා" කියලා. මෙතන "අරුං" කියන්නේ r@g වෙන්නේ නැති ළමයි ගැන. තමන් කවදාවත් අශ්‍රේ කරලා නැති, තමන්ට පුද්ගලිකව කිසි වරදක් කරලා නැති පාඩුවේ පැත්තකට වෙලා ඉන්න මනුස්සයෙක් ගැන තරහවක් වෛරයක් ගොඩ නගන්නේ එහෙමයි. ඒ මිනිස්සු campus එකෙන් ගිහිල්ලත් ඒ තරහව තියං තමයි ජීවත් වෙන්නේ.

නීතියෙන් වැරදී නම් ඇයි මේවා නවත්වන්න බැරි?
මේකට අපි දකින විදිහට හේතු කිහිපයක් තියනවා. (මේ අදහස් campus එක ඇතුලේ ඉන්න අය විදිහට සහ campus එකට සම්බන්ධ හිතවත් පුද්ගලයන් මාර්ගයෙන් දැනගන්න ලැබුණු කරුණු සහ අපේ අදහස් මත පදනම් වෙලා තියෙන දේවල්)
අපි නිකමට හිතමු පාසලක ළමයි කණ්ඩායමක් එකතු වෙලා විනය විරෝධී වැඩක් කරනවා. විදුහල්පති හරි විනය පාලක හරි මොකද කරන්නේ? පරීක්ෂණයක් තියලා වැරදිකරු උනෝතින් ගෙවල් වලින් එන්න කියලා suspend කරනවා. එහෙම නැත්නම් අදාල නීති ආයතන වලට භාර දෙනවා.

එතකොට ඇයි මෙතන එහෙම කරන්න බැරි?

ශ්‍රී ලංකාව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක්. කැමති අයට ඝෘජුවම දේශපාලනය කරන්න පුළුවන්. ප්‍රධාන ධාරාවේ දේශපාලනය නොවන කුඩා ප්‍රමාණයෙන් දේශපාලනය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඡන්දය ප්‍රකාශ කරලා වෙන ඒවට සහභාගී නොවී ඉන්නත් පුළුවන්. හැබැයි campus එක ඇතුලෙදි තත්ත්වය වෙනස්. නිදහසේ තමන්ගේ පුද්ගලික දේශපාලන මතය දරන්න campus එක ඇතුලෙ ඉඩ නැති තරම්. Campus එකට ආව ගමන්ම හැමෝටම union එකේ form එක දෙනවා. එතකොට හැමෝම union එකේ සාමාජිකයෝ. Union එක වැඩ කරන්නේ දේශපාලන අරමුණු වලින් කියන එක හැමෝම දන්න රහසක්. මේ ලඟදි අන්තර දෙකක් උනෙත් ඒ හේතුවලටම නේ. දේශපාලනයෙදි පිරිස් බලය තමයි වැදගත්ම ප්‍රාථමික දේ. ඉතින් එයාලා හැමතිස්සෙම campus එක ඇතුලේ බහුතර බලයක් තියා ගන්න,
එකට අභියෝග වෙන්න පුළුවන් දේවල් ඉවත් කරන්න ලොකු සටනක් කරනවා. මේ සටන වක්‍රා කාරව හේතු වෙලා තියෙනවා r@g එකේ සාහසිකත්වය යම් මට්ටමකට අඩු වෙන්න.

ඇහ්? මොකක්?
ඔව්. ඉන්න මම පැහැදිලි කරන්නම්.

පේරාදෙණිය r@g වෙන්නේ නැති ළමයින්ට එයාලගේ පාඩුවේ වැඩ කරගෙන ඉන්න පුළුවන් වාතාවරණයක් දශක කිහිපයක මහන්සියෙන් හදාගෙන තියෙනවා. එතකොට r@g වෙන්න ඇම්මක් නැති අයට පුළුවන් r@g නොවී ඉන්න. එක තැනක තාඩන පීඩන වලට ලක් වෙද්දී තවත් තැනක පාඩුවේ ඉන්න පුළුවන්. එතකොට ළමයි r@g නොවී ඉන්න සම්භාවිතාව වැඩී වෙනවා. Anti-r@g අය වැඩි වෙනවා. මේක union එකට ප්‍රශ්නයක්. එයාලා එකට මොකද කරන්නේ? සරලයි. R@g උනේ නැති අයටත් කාඩ් දෙනවා. ඔව් මිත්‍රවරුනි පිටිපස්සේ දොරෙන් කාඩ් ගන්න පුළුවන්. R@g වෙන්නේ නැති, ඒත් campus එකේ බාහිර වැඩ වලට සම්බන්ද වෙලා වැඩ කරන අයට පුද්ගලිකව ආරාධනා එනවා "උබ shape එකේ වරෙන්, මගේ කාඩ් එක දෙන්නම්" මේක ලියන මටත් welcome එක ළං වෙද්දී එහෙම ආරාධනා ඇවිල්ලා තියනවා.
("මගේ කාඩ්" කියලා කියන්නේ, පේරාදෙණිය සමහර faculty වල පවුල් විදිහට කාඩ් තියනවා. එකම කාඩ් එක තියන පුද්ගලයන් එක එක batch වල ඉන්නවා. එක හඳුන්වන්නේ පවුලක් කියලා)

මේ විදිහට එළියට පෙන්න විෂ දළ අකුලගෙන, සැර බාල කරන් හිටියට, මෙයාලා ඇතුලේ circle වල එහෙම ඉන්නේ නෑ. කිසි විදිහකින් තමන්ව පවලා දෙන්නේ නෑ කියලා විශ්වාසවන්ත, අපි කලින් සදහන් කළ වගේ පටු අරමුණු තියෙන, විශ්වවිද්‍යාලය යනු උපසංස්කෘතිය පමණ යැයි අදහන junior batch එකේ යම් පිරිසක් තෝරාගෙන, එයාලා ඉතා පහත්, ම්ලේඡ්ච විදිහට නවකවදය ලක් කරන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. එතනින් තමයි මේ උපසංස්කෘතිය මජර කොටස ඉදිරි පරම්පරා වලට අරන් යන වි #ෂ දළ මුව #හත් කරන්න පටන් ගන්නේ.

මේ union වලින් තව කරන දෙයක් තමයි, junior batch campus එකට අවම එයාලට පොඩ්ඩක් බලය පෙන්නන එක. එක හරි සරලයි. මොකක්හරි අවුරුදු ගානක් පරණ සටන් පාඨයක් හොයා ගන්නවා. ඊට පස්සේ Token එකක්, ඒ කියන්නේ පංති වර්ජනයක් තියෙනවා කියලා ලියුමක් ගහනවා. මේක 1st year අයට මාර අත්දැකීමක්. "අඩේ union එකට මාර power එකක් නේ තියෙන්නේ" කියලා ඔළුවට දම්මන්න තමයි මේක කරන්නේ. මොකද මේ කිසි ළමයෙක් ඉස්කෝලෙ ඉද්දී පංති වර්ජන කරලා නෑ නේ. එහෙම කියලා formal අදන් එන්න කියලා campus එක ඇතුලේ ඉදලා ගලහ හංදියට වෙනක්න පොඩි parade එකක් (එයාලට අනුව නම් විරෝධතා පා ගමනක්) ඇවිල්ලා පොඩි සද්දයක් දළ යනවා.

එතකොට මේ තරම් පිරිස් බලයක් ගොඩ නගාගෙන ඉන්න, මේ වගේ පිටිපස්සෙන් දේශපාලන හස්ත ක්‍රියාත්මක වෙන union එකක් එක්ක ඍජුව හැප්පෙන එක විශ්වවිද්‍යාල පාලනාධිකාරයට අපහසු වැඩක්. එහෙම දේවල් කරන්න ගිහිල්ලා ගෙදර යන්න උන අය ගැනත් අපි අහලා තියනවා. එතකොට අපිට හිතෙන්නේ මෙතන shape න්‍යායෙන් වැඩ අරං යන එකට තමයි කට්ටිය පුරුදු වෙලා ඉන්නේ කියලා. පාලනාධිකාරියට සම්බන්ධ යම් යම් පුද්ගලයන්ගෙන් ඒ වගේ ප්‍රකාශත් අපිට අහන්න ලැබිලා තියනවා. මොකද union එක කියන්නේ තමන්ට රකින්න ඕනේ පුද්ගලයන්ව කැත නැතිව රකින්න ඉදිරිපත් වෙනවා වගේම තමන්ට විරුද්ධ වෙන අයට එළව එළවා පහරදෙනවා කියලා අතීත උදාහරණ ඕනේ තරම් පෙන්නලා තියන පිරිසක්.

මෙතන අපි කියන්න උත්සාහ කළේ අපේ අත්දැකීම්, අපිට අහන්න දකින්න ලැබුණු තොරතුරු ගැන.
මේ කතාව ගොඩක් දිගයි. ඇත්තම මේ වගේ ඕනේ තරම් දේවල් කියන්න පුළුවන් මේක ගැන.

Say No To Rag - 2 ඇඩ්මින්ට hats off🫡. අනිත් වැඩත් එක්ක මට මේක ලියල ඉවර කරන්න දවසකට වඩා ගියා. ඒ මනුස්සයා අනිත් වැඩ එක්ක මෙච්රයි articls මෙච්චර research වැඩ කොහොම balance කරනවද මන්ද😅

ඔයාලා මේක මෙච්චර වෙලා අරගෙන අන්තිම වෙනකන් කියෙව්ව එකට ඔයාලට ස්තූතියි.❤️

කැන්ටිමක් නැති අලයෙක්...ගියා දහවල් කැන්ටිමට මංකන්න අඩුවක් සල්ලි අඩු මටදිග පෝළිමේ අගින් හිටගෙනබැලුවා වටපිට අලුත් තැන ගැනක...
07/09/2025

කැන්ටිමක් නැති අලයෙක්...

ගියා දහවල් කැන්ටිමට මං
කන්න අඩුවක් සල්ලි අඩු මට
දිග පෝළිමේ අගින් හිටගෙන
බැලුවා වටපිට අලුත් තැන ගැන

කට්ටියක් ඉන්නවා තැන තැන
මේසේ රවුමට සින්නා වට කර
මොනවදෝ ගන්නවා පාඩම්
වැරදුනොත් හම්බෙනවා ලෙසටම

මං උදේටත් කාලා නැති වග
දන්නේ නෑ මේ කව්රුවත් නම්
මටත් එන්නලු පස්සෙ කන්නලු
වටිනාම දේ සංස්කෘතියලු

අම්මේ මතකද එදා ඉදගත්
කවරෙ ගැලවුනු කොනේ පුටුවක්
ඉන්නවා කෙල්ලෙක් එතන අද
ගලනවා උණු කඳුළු සට සට

උගන්වන්නේ දිවිය ගැනමලු
හුරු කරන්නේ දුක දරන්නලු
නාව සරසවි අම්මා කොහොමද
දැරුවෙ මෙපමණ අපේ දරුදුක්?

ඉන්නෙ කොහොමද බලාගෙන මම
මනුදමක් නැති "සහෝදරකම"
මෙහෙම කැන්ටිම එපා අම්මේ
ගහක් යට බංකුවක් ඇති මට

-සං මරං-


Huge cheers and heartfelt congratulations to Team S17 – the proud winners of the PPL 2025 Trophy! 🏆🥳What a journey — you...
04/09/2025

Huge cheers and heartfelt congratulations to Team S17 – the proud winners of the PPL 2025 Trophy! 🏆🥳
What a journey — your teamwork and passion made it happen 💪🔥

A big shoutout to all the other teams as well for your hard work and dedication throughout the tournament 💪❤️

See y'all in the next PPL tournament 🌝

_- S21 Antiraggers -_



Address

Faculty Of Science/University Of Peradeniya
Peradeniya

Alerts

Be the first to know and let us send you an email when S21 Pera Antiraggers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to S21 Pera Antiraggers:

Share