17/08/2025
ගුවන් විදුලි නාට්‍ය අංශයට 1990 වර්ෂයේ සම්බන්ධ වූ වජිර ඉන්දික කරුණාසේන මහතා,
1990-2020 වර්ෂය දක්වා කාලය තුළ නිෂ්පාදනය කළ නාට්‍ය සංඛ්‍යාව පන් දහස ඉක්මවයි.....
එවකට සතියකට ගුවන් විදුලි නාට්‍ය තුනක් බැගින් නිෂ්පාදනය කළ අතර,,
මෙම නාට්‍ය අතර,,
ගුවන් විදුලි රඟමඩල
රහස් පරීක්ෂක නාට්‍ය
(රහස් පරීක්ෂක නාට්‍යයක් කොටස් කොටස් කොටස් පනහක් හැටක් පමණ විය .)
ජගත් කීර්තිධර ලේඛකයින්ගේ සම්භාව්‍ය කෘතින් ඇසුරෙන් නිෂ්පාදනය කරන ලද විශ්ව සාහිත්‍යයෙන් නාට්‍ය මාලාව
කෙටි කථාව .
යන නාට්‍ය ඇතුළත් වූ අතර,
බෞද්ධ නාට්‍ය නාට්‍යය මුල් කාලයේ දී සතිපතා ප්‍රචාරය විය
පොහෝ දිනයටත් විශේෂ බෞද්ධ නාට්‍යයක් ප්‍රචාරය විය.
(මුල් කාලයේදී බෞද්ධ නාට්‍ය ජාතක කතා ඇසුරෙන් නිර්මාණය වූ අතර පසුව එම සම්ප්‍රදාය ආකෘතිමය වශයෙන් වෙනස් කොට සමාජ ගත ප්‍රශ්න සඳහා විසඳුම්බුදු දහම ඇසුරෙන් වෙනස් මුහුණුවරකින් නිෂ්පාදනය කළා.)
මීට අමතරව විනෝද සමය(විකට වැඩසටහනක)
විශ්ව සාහිත්‍යයෙන් මාලා නාටකය නිෂ්පාදනය කළේ2002 වර්ෂයේදීය...මේ කාලය තුළ සජීවීව කරන ලද නාට්‍ය පහළවක් පමණවිය .විශ්ව සාහිත්‍යයෙන් නාට්‍ය මාලාවත් එසේම විය .
රහස් පරීක්ෂක නාට්‍ය නිෂ්පාදනයන් සඳහා
සුගතපාල ද සිල්වා,
රෝහණ කස්තුරි ,
රංජිත් අමරසේකර ,
ජයලාල් රෝහණ ,
උදේනි පද්මානන්ද දිසානායක ,
කැත්ලින් ජයවර්ධන
ආනන්ද අමරසිරි ,
ලලිත් චන්ද්‍රරත්න ,
උදය ආර් තෙන්නකෝන්
, කරුණාරත්න අමරසිංහ.
යන පිටපත් රචකයන් දායක වූ අතර...
=============================
විශ්ව සාහිත්‍යයෙන් පිටපත් රචනා කලේ
කැත්ලීන් ජයවර්ධන
,ආනන්ද අමරසිරි
,රංජිත් අමරසේකර,
රෝහණ කස්තුරි .
යන රචක රචිකාවියන්ය....
=============================
මේ වන විට වජිර ඉන්දික කරුණාසේන මහතා විසින් නිෂ්පාදනය කළ සමස්ථ ගුවන් විදුලි නාට්‍ය ප්‍රමාණය නාට්‍ය 5000 ක් පමණ වන අතර එලෙස නිපදවූ නාට්‍ය වර්ග මෙසේය.....
නාට්‍ය වර්ග *
ගුවන් විදුලි රඟමඩල
රහස් පරීක්ෂක නාට්‍ය
විශ්ව සාහිත්‍යයෙන්
බෞද්ධ නාට්‍ය
අමතර නිෂ්පාදන කාර්යය
කෙටිකතාව
කතා මැද කතා (1990සිට1998)
විසි පැන 1995 සිට 1998 )
විනෝද සමය (1996 සිට2003)
මෙම විනෝද සමය වැඩසටහන තුළින් සම්ප්‍රදායික ශිල්පීන් ට අමතරව නවක ශිල්පීන්ද හඳුන්වා දුනි..
රොඩ්නි වර්ණකුල
ප්‍රියන්ත සෙනෙවිරත්න
ජගත් මුතුකුමාරණ
මහින්ද පතිරගේ
ගුණදාස මදුරසිංහ
නිලුකා රේඛානි
=============================
කොළඹට සහ කොළඹ අවටට පමණක් සීමා වී තිබූ කලාශිල්පීන් තෝරා ගැනීම වජිර ඉන්දික කරුණාසේන මහතා විසින් මුලු ලංකාව පුරාටම ව්‍යාප්ත කිරීම සුවිශේෂත්වක් බවනම් කිව යුතුමය....
මේ වන විට එලෙස තෝරා පත් ගර ගැනීමේ කටහඬ පරීක්ෂන
1995 /2005 /2015 /2019/ යන වර්ෂයන්හිදී පැවැත්වූ අතර එයින් ශිල්පීන් විශාල ප්‍රමාණයක් ක්ෂේත්‍රයට හඳුනිවා දුනි.....
එසේම නාට්‍ය පිටපත් රචනා තරඟ පැවැත්වීම තුළින් ක්ෂේත්‍රයට නාට්‍යය පිටපත් රචකයින් හඳුන්වා දෙන ලදී...
එතුමන් ට නිවන් සුව පතමු
වත්සලා ශ්‍රීපාලි පට්ටිකාර ගේ සටහනක්