Dibbedda Hirukirana Youth Club

Dibbedda Hirukirana Youth Club Hirukirana Youth Club is a #01 Leading youth club in Panadura.Since '99🇱🇰

ජාත්‍යන්තරයට යන පානදුරේ තරුණ අභිමානය! 🌍🇱🇰ජාතික තරුණ සේවා සභාව විසින් පැවැත්වූ විදේශ සංචිත තෝරා ගැනීමේ කළුතර දිස්ත්‍රික් ...
22/04/2026

ජාත්‍යන්තරයට යන පානදුරේ තරුණ අභිමානය! 🌍🇱🇰

ජාතික තරුණ සේවා සභාව විසින් පැවැත්වූ විදේශ සංචිත තෝරා ගැනීමේ කළුතර දිස්ත්‍රික් සම්මුඛ පරීක්ෂණයෙන් ප්‍රමුඛයා වෙමින්,පසුගියදා පැවැත්වූ අවසාන ජාතික සම්මුඛ පරීක්ෂණයෙන්ද ප්‍රමුඛතම ලකුණු ලබා ගනිමින්, 2026 ජාත්‍යන්තර තරුණ සංචිතය සඳහා තේරී පත්වීමට පානදුර යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපති *බානුල සිල්වා* සමත් වෙයි!

මෙම ජයග්‍රහණය කළුතර දිස්ත්‍රික්කයට මෙන්ම මුළු රටටම මහත් අභිමානයකි. හිරුකිරණ යෞවන සමාජයටත්, යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය පානදුරයටත් ගෞරවයක් ගෙන දුන් අපේ තරුණ නායකයාට උණුසුම් සුභ පැතුම්! 👏
Banula Silva

#2026

ඔබේ පුංචි පැටියා මේ අවුරුද්දේ සිඟිති අවුරුදු කුමරා හෝ කුමරිය වෙන්න සූදානම්ද? 👑✨පානදුරේ වසන්ත සුවඳින් පිරුණු SMART YOUTH ...
11/04/2026

ඔබේ පුංචි පැටියා මේ අවුරුද්දේ සිඟිති අවුරුදු කුමරා හෝ කුමරිය වෙන්න සූදානම්ද? 👑✨

පානදුරේ වසන්ත සුවඳින් පිරුණු SMART YOUTH අවුරුදු උදානය 2026 තුළ පැවැත්වෙන
🌸 "සිඟිති අවුරුදු කුමරා / කුමරිය" තරඟාවලියට දැන් ඔබේ පැටියාත් එක්කරගන්න!

💫 සිඟිති සිනාවන්, සතුට, හැකියාවන් පිරුණු අමතක නොවන වේදිකාවක්
💫 ඔබේ දරුවාට තමන්ගේ දක්ෂතා පෙන්වන්න හොඳම අවස්ථාවක්

වයස් සීමාව: අවුරුදු 5 – 10
අවසන් දිනය: අප්‍රේල් 15 ට පෙර

අදම ලියාපදිංචි වන්න:
🌐 awurudu.astrea.lk

📌 වැඩි විස්තර සඳහා පෝස්ටරයේ QR කේතය ස්කෑන් කරන්න

✨ ඔබේ පුංචි තාරකාවට මේ අවුරුද්දේ කිරුළ පලදන්න අවස්ථාව ලබා දෙන්න!

ඔබත් මේ අවුරුද්දේ අවුරුදු කුමරා හෝ කුමරිය වෙන්න සූදානම්ද? 👑✨පානදුරේ වසන්ත සුවඳින් පිරුණු SMART YOUTH අවුරුදු උදානය 2026 ...
11/04/2026

ඔබත් මේ අවුරුද්දේ අවුරුදු කුමරා හෝ කුමරිය වෙන්න සූදානම්ද? 👑✨

පානදුරේ වසන්ත සුවඳින් පිරුණු SMART YOUTH අවුරුදු උදානය 2026 තුළ පැවැත්වෙන
🌸 "අවුරුදු කුමරා / කුමරිය" තරඟාවලියට දැන් ඔබත් එක්වන්න!

💫 සතුට, ආකර්ෂණය සහ හැකියාවන් පිරුණු අමතක නොවන වේදිකාවක්
💫 ඔබේ දක්ෂතා, විශ්වාසය සහ පුද්ගලිකත්වය ප්‍රදර්ශනය කරන්න හොඳම අවස්ථාවක්

වයස් සීමාව: අවුරුදු 14 – 29
අවසන් දිනය: අප්‍රේල් 15 ට පෙර

අදම ලියාපදිංචි වන්න:
🌐 awurudu.astrea.lk

📌 වැඩි විස්තර සඳහා පෝස්ටරයේ QR කේතය ස්කෑන් කරන්න

✨ මේ අවුරුද්දේ ඔබේ හැකියාවට කිරුළ පලදන්න අවස්ථාව අහිමි නොකරන්න!

සිංහල අලුත් අවුරුදු සිරිය තාක්ෂණය සමඟ එක්කරමින් 💻SMART YOUTH අවුරුදු උදානය - 2026 නිල වෙබ් අඩවිය දැන් විවෘතයි! 🌐🔥අවුරුදු...
10/04/2026

සිංහල අලුත් අවුරුදු සිරිය තාක්ෂණය සමඟ එක්කරමින් 💻

SMART YOUTH අවුරුදු උදානය - 2026 නිල වෙබ් අඩවිය දැන් විවෘතයි! 🌐🔥

අවුරුදු උත්සවයට
අදාල සියලුම තොරතුරු දැනගැනීමටත්,
තරග සඳහා ලියාපදිංචි වීමටත් අදම පිවිසෙන්න.

🔗 awurudu.astrea.lk

#2026

☀️ පානදුරේ අපේ අවුරුදු සැණකෙළියට ඔයාලත් ලෑස්තිද? පානදුර පුරවරයේ අපි හැමෝම ආසාවෙන් බලන් හිටපු ඒ දැවැන්තම බක්මහ සැණකෙළිය, ...
27/03/2026

☀️ පානදුරේ අපේ අවුරුදු සැණකෙළියට ඔයාලත් ලෑස්තිද?

පානදුර පුරවරයේ අපි හැමෝම ආසාවෙන් බලන් හිටපු ඒ දැවැන්තම බක්මහ සැණකෙළිය, "SMART YOUTH අවුරුදු උත්සවය" මෙවරත් 03 වන වරටත් අභිමානයෙන් යුතුව පානදුර වෙරළ තීරයට අරන් එන්න අපි තීරණය කළා!

වෙනදා වගේම මෙවරත් මේ සුන්දර අවුරුදු අත්දැකීම ඔයාලට අරන් එන්න දිබ්බැද්ද හිරුකිරණ හා සඳකිරණ, නාරම්පිටිය සද්නද සහ පිංවත්ත යොවුන් සවිය යෞවන සමාජයේ අපි හැමෝම එකතු වෙලා ඉන්නවා. 🤝❤️

ඉතින් මේ පාරත් වෙනස්ම අත්දැකීමක් එක්ක හිත පිරෙන්න අවුරුදු සමරන්න අප්‍රේල් 18 වෙනිදා ඔයාලා හැමෝම පානදුර බීච් එකට එන්න කියලා අපි ආදරයෙන් මතක් කරනවා! පවුලේ අයයි, යාළුවෝ හැමෝමයි එක්කගෙන එන්න, එදාට පානදුර වෙරළම එකම සැණකෙළියක් වේවි!

එන්න අපි ආයෙමත් එකට අවුරුදු සමරමු!


🌍🇱🇰 ජාත්‍යන්තර තරුණ වේදිකාවට පානදුරෙන් නව ජයග්‍රහණයක්!ගෝලීය නව ප්‍රවණතා හඳුනාගනිමින් ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට ජාත්‍යන්තර ...
12/03/2026

🌍🇱🇰 ජාත්‍යන්තර තරුණ වේදිකාවට පානදුරෙන් නව ජයග්‍රහණයක්!

ගෝලීය නව ප්‍රවණතා හඳුනාගනිමින් ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමේ අරමුණින් 2026 වර්ෂය සඳහා තරුණ සංචිතය තෝරාගැනීමේ වැඩසටහන යටතේ පැවැත්වූ කළුතර දිස්ත්‍රික් සම්මුඛ පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් තේරී පත් වීමට දිබ්බැද්ද හිරුකිරණ යෞවන සමාජය සහ පානදුර යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපති තරුණ නායක බානුල සිල්වාසමත් විය. 🎉

අධ්‍යාපනික, බාහිර, විශේෂ කුසලතා සහ යෞවන සමාජ ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්‍ර සලකා බලමින් මෙම තේරීම සිදු කර ඇත.

මෙම ජයග්‍රහණය පානදුර කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයටම මහත් ආඩම්බරයක් වන අතර, තරුණ නායකයාට අපගේ උණුසුම් සුභ පැතුම්! 👏

ඔබගේ ඉදිරි ගමන ජයග්‍රහණවලින් පිරී පවතිනවාට අපගේ සුභාශිංසන! 🌟

#2026 #2027

පානදුර යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙලෙහි සමස්ත අනුශූරතාවය දිබ්බැද්ද හිරුකිරණ යෞවන සමාජයට🧡🏆
29/12/2025

පානදුර යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙලෙහි සමස්ත අනුශූරතාවය දිබ්බැද්ද හිරුකිරණ යෞවන සමාජයට🧡🏆

*පානදුර ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල 2025🏆*

35 වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන ලද පානදුර ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා උළෙල පසුගිය ඔක්තෝබර් 19 වන දා පානදුර නගර සභා ක්‍රීඩාංගනයේදී සාර්ථකව පැවැත්වුණි.

මෙහිදී පානදුර යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයට අයත් යෞවන සමාජයන් දැඩි තරගකාරීත්වයකින් යුතුව තරග කළ අතර,

🥇 ශූරතාවය – මාලමුල්ල Infinity යෞවන සමාජය (ලකුණු 132)

🥈 අනුශූරතාවය – දිබ්බැද්ද හිරුකිරණ යෞවන සමාජය
(ලකුණු 121)

🥉 තෙවන ස්ථානය – වේරගම – මහ වාද්දුව Youth Hunters යෞවන සමාජය(ලකුණු 106)

හිමිකරගන්නා ලදී.
එමෙන්ම කළුතර දිස්ත්‍රික් සමස්ත ශූරතාවය පානදුර යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය විසින් හිමිකරගැනීම අප සැමට මහත් ගෞරවයකි.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ ගෞරවයත්, හෘදයාංගම ස්තූතියත් පිරිනමමු. 👏

#2025

19/12/2025

දිබ්බැද්ද හිරුකිරණ යෞවන සමාජයට වසර 26 ක් සපිරෙන දවසේ බඩගින්නේ හිටිය අහිංසක අසරණ වීදී සතුන් ගොඩකට බඩගිනි නැති දවසක් කරන්න අපිට පුළුවන් උනා.❤️

ගොඩ දෙනෙක්ගේ මහන්සියෙන් අපි ලස්සනට වැඩේ ඉවරකරා මේ හැමදේකටම මහන්සි උන වචනෙකින් හරි උදව් කල සහ නොකල හැමෝටම ගොඩක් පින් | දකින හැම කෙනෙක්ම තමන් විසින්ම කල පිනක් සේම සිතා අනුමෝදන් වෙත්වා..!! උතුම් තෙරුවන් සරණයි!🤍

-දිබ්බැද්ද හිරුකිරණ යෞවන සමාජය

*Celebrating 26 Years of Hirukirana Youth Club!🧡🥂*A pass of quarter-century of dedication, growth, and community impact-...
19/12/2025

*Celebrating 26 Years of Hirukirana Youth Club!🧡🥂*

A pass of quarter-century of dedication, growth, and community impact-today we proudly mark the 26th anniversary of Hirukirana Youth Club! Over the past 26 years, we've built a legacy of inspiration, unity, and service. Heartfelt thanks to every member, past and present, for your unwavering commitment and for making each moment unforgettable. Here's to the countless memories we've shared, the lives we've touched, and the bright future ahead. Cheers to 26 years of excellence, and to many more years of making a difference together! 🫂

A big thank you! to ! to all the Old Hirukirana members who dedicated themselves to establishing this new beginning!🙌

Banula Silva
President
Dibbedda Hirukirana Youth Club

04/12/2025

අවශ්‍යම තැන අපි සීරුවෙන්!❤️🙏

සහනාධාර ලබාදීම සදහා අධාර උපකාර කල සියලුම ගම් වාසීන්ට අපගේ ස්තූතිය! වගේම පිං සිදු වේවා!🙏

කොත්මලේ නාය යෑමෙන් අවතැන් වූ පවුල් 500කට ආසන්න පිරිසක් සඳහා සහනාධාර රැගෙන පානදුර දිබ්බැද්ද හිරුකිරණ යෞවන සමාජය පසුගිය 1 වන දා කොත්මලේ කුඹල්ඔලුව ප්‍රදේශයට ගියා.

මෙම ප්‍රදේශය තෝරාගත් හේතුව වන්නේ බොහෝ තැන්වලට සහනාධාර ලැබූ නමුත් මේ ප්‍රදේශයට අපි ගිය තෙක් කිසිදු උදව්ක් නොලැබී තිබීමයි. ඔවුන්ගේ ගෙවල් විනාශ වී, ආහාරයට පවා අසරණ වූ අයුරින් සිටියා. පාසල් දරුවන් ද බොහෝදෙනෙක් සිටීම අපව තවත් සංවේදී කලේය.

අපට මුහුණ දෙන්න වූ අභියෝගය වන්නේ, ආරක්ෂිතව ඔවුන් වෙත ලගා වීමයි. ආරක්ෂක අංශ සමඟ සම්බන්ධව මාර්ග තත්වය සහ තත්වය පරීක්ෂා කර, සූදානම් කළ සැලැස්මකට අනුව අපේ කණ්ඩායම ගමනට පිටත් වුණා.

ඇතමුන් උපකාර සදහා ලගාවීමට පවා පසුබට වූ අවස්තාවක, අපේ කණ්ඩායම ධෛර්‍යෙන් ක්‍රියා කළේය. අපේ ජීවිත අපිට හැමෝටම වටිනවා, නමුත් වෙන ජීවිත ගනනාවකට ආරක්ෂිතව ආශිර්වාදයක් වන්න පුළුවන් අවස්තාව තිබුණා.

සෑම දෙමාපියෙක්ම තමන්ගේ දරුවන් ගැන උනන්දුවෙන් සහ තැති ගැන්වීමකින් සිටියා.ඔවුන් විශ්වාසෙන් බලාසිටියා තමන්ගේ දරුවන් තවත් අසරණ වූ බොහෝ දෙනෙකුට පිහිට වී නැවත පැමිණෙන තෙක්.

අවසානයේ, අපි ඔවුන්ට සහන, බලාපොරොත්තුව සහ අපගේ කරුණාව ලබා දුන්නා. ඔවුන්ගේ කදුලු සහ ස්තූතිය අපේ මතක වල සටහන් වුනා. අපි ඔවුන්ට මතක් කළේ බුදුන් වහන්සේ දෙසූ පරිදි සියලු දේ සදාකාලික නොවන බවත් එමෙන්ම මෙම අවස්තාවත් තාවකාලික වන අතර නැවත වඩා හොදින් නැගී සිටිය හැකි බවයි.

*හිරුකිරණ සහන යාත්‍රා නැවතත් ක්‍රියාත්මක වූ වගයි*🌧 ගංවතුරෙන් අවතැන් වු අපේම ආදරණීයයන් සදහා ඔබේ උපකාර අවශ්‍යම මොහොතයි මේ...
29/11/2025

*හිරුකිරණ සහන යාත්‍රා නැවතත් ක්‍රියාත්මක වූ වගයි*

🌧 ගංවතුරෙන් අවතැන් වු අපේම ආදරණීයයන් සදහා ඔබේ උපකාර අවශ්‍යම මොහොතයි මේ.

පානදුර දිබ්බැද්ද හිරුකිරණ යෞවන සමාජය විසින් අපදාව හමුවේ විපතට පත් වූ ජනතාව වෙනුවෙන් සහන මලු දියත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර,

ඔබටත් හැකිනම් පහත ද්‍රව්‍ය අප වෙත ගෙනවිත් බාර දෙන්න.

📍එකතු කිරීමේ මධ්‍යස්ථාන
*දිබ්බැද්ද*- සර්වෝදය ශ්‍රමදාන සමිති ශාලාව
https://maps.app.goo.gl/gbFZhknw2UaH4CXE9?g_st=ipc

🟦 අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය
දත් බුරුසු
දන්තාලේප
බේබි සබන්
තුවා
සනීපාරක්ෂක තුවා ළමා සහ කාන්තා
පිරිසිදු ඇදුම්
ඇද ඇතිරිලි

🟩 ආහාර හා පෝෂණ ද්‍රව්‍ය
බෝතල් කල පානීය ජලය
බිස්කට් පැකට්(80g)
සමපෝෂ(200g)
හාල්
පරිප්පු
සෝයා මීට්
කිරි පිටි (400g)
සීනි (1kg)
තේ කුඩු(100g)
සැමන් ටින්
අල
ලූණූ
ක්ෂණික නූඩ්ල්ස්
තුනපහ
පොල්
පොල් තෙල්

🟨 බෙහෙත් ද්‍රව්‍ය
පැනඩෝල් පෙති සහ සිරප්
සමහන්
සිද්ධාලේප
අසමෝදගම්
ග්‍රයිප් වෝටර්
ප්ලාස්ටර්
බෙටඩින්
පුළුන්
ජීවනී පැකට්
කොත්තමල්ලි
මදුරු දැල්/ මදුරු කොයිල්

🟪 අනෙකුත් ද්‍රව්‍ය
ඉටිපන්දම්
ගිනි පෙට්ටි
ටෝච් සහ බැටරි

*මුදල් ආධාර සදහා*

321200170051805
Peoples Bank
Panadura branch
Hirukirana youth club

*විස්තර සදහා*
බානුල (සභාපති)
076 9825 873

අයේශානි(උප ලේකම්,ප්‍රා.බ.ම)
074 2510 873

චලන(සංවිධායක)
076 9615 525

අකේන් (උප සභාපති)
075 5104 811

Address

No/42, Dibbedda
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Dibbedda Hirukirana Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share