කළණමිතුරු පදනම

කළණමිතුරු පදනම ෴𝑁𝑜 𝑜𝑛𝑒 𝒉𝑎𝑠 𝑒𝑣𝑒𝑟 𝑏𝑒𝑐𝑜𝑚𝑒 𝑝𝑜𝑜𝑟 𝑏𝑦 𝑔𝑖𝑣𝑖𝑛𝑔෴

22/12/2025

SVP Education Institute Participate 44th Anniversary 💚

Thank you...
කළණමිතුරු පදනම

SVP අධ්‍යාපන ආයතනය 2025.12.21 වන දිනයේදී කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහල් ශාලාවේ දී ඔවුන්ගෙ 44 වන සංවත්සරය සැමරනු ලැබුවා...
22/12/2025

SVP අධ්‍යාපන ආයතනය 2025.12.21 වන දිනයේදී කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහල් ශාලාවේ දී ඔවුන්ගෙ 44 වන සංවත්සරය සැමරනු ලැබුවා.

ඔවුන් ඒ සඳහා මෙවරත් කළණමිතුරු පදනම වන අපටත් ආරාධනා කර තිබුනා.

එම ආයතනයේ දුවාදරුවන්ගෙ විවිධ දක්ෂතා නැරඹීමෙන් අනතුරුව ඔවුන් වෙනුවෙන් පොත්පත් කට්ටල පරිත්‍යාග කලා.

ඒ සඳහා දායකත්වය ලබා දුන් සියලු දෙනාටමත් සහභාගී වුනු අප සමූහයේ සියලු දෙනාටත් ස්තූතිවන්ත වෙනවා.

මෙ සඳහා සියලු අනුග්‍රහයන් ලබා දුන් සියලූම දෙනාට බෙහෙවින් ස්තූති වන්ත වනවා.

හෙට දවස ජය ගැනීමට වෙර දරණ දරුවන්ට සවියක් වන්න ඔබත් එකතු වන්න..

SVP Education Institute
කළණමිතුරු පදනම

ස්තුතියි

මෙවරත් අප පදනමෙන් අසරණ ළමුන්ට ⁣පොත්පත් ඇතුළු උපකරණ කට්ටල ලබා දීමේ වැඩසටහනක් සංවිධානය කරමින් පවතින අතර මේ වන විටත් ඒ සඳහ...
19/12/2025

මෙවරත් අප පදනමෙන් අසරණ ළමුන්ට ⁣පොත්පත් ඇතුළු උපකරණ කට්ටල ලබා දීමේ වැඩසටහනක් සංවිධානය කරමින් පවතින අතර මේ වන විටත් ඒ සඳහා අවශ්‍යය උපකාර සිදු කෙරෙමින් පවතිනවා.

ඔබත් ඒ සඳහා හැකි අයුරින් සහයෝගය දැක්වා අසරණ දුවා දරුවන් වෙනුවෙන් ඔබට හැකි මෙහෙවර සිදු කිරීමට දායක වන්න.

කලණමිතුරු පදනම විසින් සිදුකරණ සමාජසත්ක්‍රියාවට පැමිණ ඔබත් අත්වැල් බැඳගන්න.💚

ස්තුති.

ප්‍රධාන සංවිධායක :- 0770 549912 - කුසල් / 0755 263734 - කසුන්

කළණමිතුරු පදනම

2025.09.07 වන ඉරු දිනයේදී එනම් බිනර පුරපසළොස්වක පුන් පොහෝ දිනයේදී අප විසින් සිදු කෙරූ බවු දානමය පිංකම,මේ සඳහා අපහට නන් අ...
14/09/2025

2025.09.07 වන ඉරු දිනයේදී එනම් බිනර පුරපසළොස්වක පුන් පොහෝ දිනයේදී අප විසින් සිදු කෙරූ බවු දානමය පිංකම,

මේ සඳහා අපහට නන් අයුරින් උදව් උපකාරකල,
Lahiru Dilhara | Hashini Colombage | Tharindu Namal | Wasana Priyadarshani | Sanjaya Wijesinghe | Kavindya Thanushi | Amith Silva | Sandhamali Silva | Udara

සියලුදෙනාට ස්තුතිවන්ත වන අතර,

අප පදනමට අලුතින් සම්බන්ද වී සිදුකරන ලබන සියලු වැඩසටහන් වලට උදව් උපකාර කරන Westcoast organization හි අධිපති Madu Rulz සහෝදරයා හටත් බෙහෙවින් ස්තුතිවන්ත වනව.

අවසාන වශයෙන් අප පදනමෙ සිදුකරනු ලබන සියලු වැඩසටහන් වලට නොයෙක් අයුරින් සහසම්බන්ද වන සහෝයෝගය දක්වන සියලුම සාමාජිකයින්හට බෙහෙවින් ස්තූතිවන්ත වනව.

කළණමිතුරු පදනම

2025.08.08 වන දිනයේදී කළණමිතුරු පදනම වන අපගෙ පලමුවන දන්සැල් වැඩසටහන පැවැත්වුණි.ඒ සදහා සහභාගී වුනු සම්මාදම් වුනු සියලුම ද...
14/08/2025

2025.08.08 වන දිනයේදී කළණමිතුරු පදනම වන අපගෙ පලමුවන දන්සැල් වැඩසටහන පැවැත්වුණි.

ඒ සදහා සහභාගී වුනු සම්මාදම් වුනු සියලුම දෙනාට ස්තුතිය පල කර සිටිමි.

අපෙ කණ්ඩායමට අලුතින් එකතු වුනු Madu Rulz මිතුරාට අපගෙ වැඩසටහන සදහා අනුග්‍රහය ලබා දීම පිලිබදව විශේෂ ස්තුතිය පල කර සිටිමි.

තවද අපගෙ මිතුරු #දේශාන් සහෝදරයාටත් මෙම වැඩසටහන සඳහා මුල සිටම කැපවීම පිලිබඳව ස්තුතිය පල කර සිටිමි.

ඒ වගේම Hashini Colombage නංගිට සහ ඇයගෙ දෙමාපියන් විසින් ඔවුන්ගෙ ස්ථානය මෙම වැඩසටහන කර ගැනීමට අවස්ථාව ඉඩප්‍රස්ථාව සලසා දුන්නාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

ඔවුන් ඔවුන්ගෙ වැඩසටහනක් මෙන් ගොඩක් උනන්දුවෙන් වැඩසටහන සඳහා දායකත්වය ලබා දුන්නා.

Jayanidu Jayarathna, DulShan KaviDu, Udara Wimarshana, #දුලංග, Tharindu Namal සහ අමිත් සිල්වා යන සහෝදරයින්ටත් ගොඩක් ස්තුතිවන්තවනව දැක්වූ සහයෝගයට.

විශේෂයෙන් අපි පානදුර - Api Panadura සමූහයේ Malinda de Mel අයියාට බෙහෙවින් ස්තූතිවන්ත වනව අපගෙ වැඩසටහන් වලට දක්වන සහයෝගය සහ ලබාදෙන අවවාද අනුශාසනා වලට.

තවද මෙම වැඩසටහන සඳහා උදව් උපකාර කල ඒ අවට ප්‍රදේශවාසීන් සියලූම දෙනාටත් ස්තූතිවන්ත වනවා.

අවසාන වශයෙන් සමූහයෙ සියලුම සාමාජික සාමාජිකාවන්ට ගොඩක් ස්තුති ගොඩක් පිං වැඩසටහන ලස්සන කරන්න වචනයකින් හරි සම්මාදම් වුනාට.

තවත් ලස්සන වැඩසටහනකින් නැවත හමුවෙමු.

ස්තුති
Admin

෴No one has ever become poor by giving ෴

කළණමිතුරු පදනම

අද දිනයේ පිංවත්ත ආලෝකා වැඩිහිටි නිවාසයෙන් අප වෙත සිදුකෙරු ඉල්ලීමකට අනුකූලව සිදුකෙරු වැඩසටහන,කළණමිතුරු පදනමෙහි සාමාජික, ස...
11/07/2025

අද දිනයේ පිංවත්ත ආලෝකා වැඩිහිටි නිවාසයෙන් අප වෙත සිදුකෙරු ඉල්ලීමකට අනුකූලව සිදුකෙරු වැඩසටහන,

කළණමිතුරු පදනමෙහි සාමාජික, සාමාජිකාවන්‍ වැඩෙ කිව්ව ගමන් හැමෝම වගෙ වැඩෙට සම්මාදම් වුනා.

Lahiru Dilhara සහෝදරයට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනව වැඩසටහන මෙහෙයවීමට ඉදිරිපත් වුනාට,
ඇත්තටම ඔහු නිසා මේ වැඩසටහන හිතුවටත් වඩා හොඳ විදිහට කර ගන්න පුළුවන් වුනා

එයලා අපෙන් හෙට උදෑසන තේ දානය සදහා තමයි උපකාර කරන්න කියල ඉල්ලුවෙ,
නමුත් අපි මුදල් එකතු කර⁣ගත් පසුව එයල අපිට දැනුම් දුන්නා එ කටයුත්තු වෙන කෙනෙක් භාර ගත්තා කියල.
පසුව අපි එයලගෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ විමසීමෙන් අනතුරුව

හාල්, පරිප්පු, සහ tile cleaner , toilet cleaner ආදිය ද රැගෙන ඒවා භාර දෙන ලදි.

අවසන ඔවුන් කළණමිතුරු පදනමෙ සියලුම සාමාජිකයින් හට පිං ප්‍රාර්ථනා කර
ඉදිරි වැඩකටයුතු වලට සුභපතන ලදි.

සම්මාදම් වූ සහසම්බන්ද වූ සියලු දෙනාට බොහෝ කුසල්...🍃🌼🙏

ස්තුති

කළණමිතුරු පදනම
ADMIN

අද දින සිය ජන්ම දිනය සමරන අප කළණමිතුරු පදනම සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන අපි පානදුර - Api Panadura සමූහයේ නිර්මාතෘවරයා වන...
27/06/2025

අද දින සිය ජන්ම දිනය සමරන අප කළණමිතුරු පදනම සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන අපි පානදුර - Api Panadura සමූහයේ නිර්මාතෘවරයා වන Malinda de Mel මහතාට අප පදනම විසින් නිදුක් නීරෝගි සුභ උපන් දිනයක් වේවා යැයි පතන්නෙමු.

ඔබගේ ඉදිරි ගමන සුභ වේවා🍃🌼
වීර්යය ලැබේවා🌟🍃
චිරජීවන ශක්තිය නිබඳව ලැබේවා🌟🍃

කළණමිතුරු පදනම
ඇඩ්මින් මඩුල්ල

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෝකවාසී ලංකාවාසී සියලුම දෙනාට සුභම සුභ නව වසරක් වේවා...! 💚
14/04/2025

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෝකවාසී ලංකාවාසී සියලුම දෙනාට සුභම සුභ නව වසරක් වේවා...! 💚

2025.03.29 වන ඊයේ දිනයේදී වසරක් පාසා කළණමිතුරු පදනම සම්බන්ද වෙමින් සියලු සත්වයින්ට සෙත්පතා සිදු කරනු ලබන පහන් පූජා පිංකම...
30/03/2025

2025.03.29 වන ඊයේ දිනයේදී වසරක් පාසා කළණමිතුරු පදනම සම්බන්ද වෙමින් සියලු සත්වයින්ට සෙත්පතා සිදු කරනු ලබන පහන් පූජා පිංකම ඊයේ දිනයේදී ශ්‍රී බෝධිරාජ ධර්මායතනය විහාරස්ථානයේදී සිදු කරනු ලැබුවා.

ඒ සඳහා සහසම්බන්ද වූ අප පදනමේ සාමාජික සාමාජිකවන්ටත්,

අපි පානදුර - Api Panadura සමාජ සත්කාර එකමුතුවෙ සාමාජික සාමාජිකාවන්ටත්,

විවිධ වැඩරාජකාරී මැද හෝ එදින පැමිණ සිතුවිලි මාත්‍රයකින් හෝ සම්මාදම් වුනු සියලුම දෙනාටත් එදින කර ගත් සියලු පිං එක සේ අනුමෝදන් වේවා...!

෴දෙනුවන් දෙසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා෴

කළණමිතුරු පදනම
Admins

කලණමිතුරු පදනම සහ අපි පානදුර සාමාජ සත්කාර එකමුතුව විසින් සෑම පොහෝ දිනකදීම පානදුර අවට විහාරස්ථානයක් මූලික කරගෙන සිදු කරන ...
13/03/2025

කලණමිතුරු පදනම සහ අපි පානදුර සාමාජ සත්කාර එකමුතුව විසින් සෑම පොහෝ දිනකදීම පානදුර අවට විහාරස්ථානයක් මූලික කරගෙන සිදු කරන ලබන දානමය වැඩසටහන සඳහා මෙවර 2025.03.13 වන මැදින් පොහෝ දිනය වන අද දිනයේදී රණවිරු හේමන්ත මාවතේ ශීලාරාම විහාරස්ථානය මුල් කරගෙන එම පිංකම සිදු කරනු ලැබුවේය.

අද දවසෙ කළණමිතුරු පදනමෙන් සංවිධානය කර වැඩසටහන සඳහා අපි පානදුර සමාජ සත්කාර එකමුතුව දැක්වූ සහයෝගය වෙනුවෙන් කළණමිතුරු අප සියලු දෙනාගෙ හදපිරි ස්තූතිය පුද කර සිටිනවා. 👊😊🖤

ස්තුතියි.

තෙරුවන් සරණයි හැමෝටම🙏

දෙනුවන් දෙසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා...!🍃🌼🙏

කළණමිතුරු පදනම
අපි පානදුර - Api Panadura

Address

Panadura
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when කළණමිතුරු පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share