Community Kitchen Nuwaraeliya

Community Kitchen Nuwaraeliya Community kitchens are cooking programs where small groups of people meet to cook meals together. Groups may cook one meal or many meals at a time.

19/05/2024
2022.10.14 වන දින   සාමාජිකයන් ඉමහත් කැපවිමෙන් නුවරඑළිය, මීපිළිමාන ශ්‍රී සේනානන්ද පාසළෙ ළමුන් 160 ක් සදහා දහවල් ආහාරය ලබ...
15/10/2022

2022.10.14 වන දින සාමාජිකයන් ඉමහත් කැපවිමෙන් නුවරඑළිය, මීපිළිමාන ශ්‍රී සේනානන්ද පාසළෙ ළමුන් 160 ක් සදහා දහවල් ආහාරය ලබාදුන්නා.ඔවුන්ගෙ කැපවිම අප අගයකර සිටිමු .
🙏 Community Kitchen Nuwaraeliya

https://www.facebook.com/100012002718323/posts/1412978385778905/
20/09/2022

https://www.facebook.com/100012002718323/posts/1412978385778905/

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ එක් වාට්ටුවක එක් සතියක් තුල පරීක්ෂා කරනු ලැබු දරුවන්ගෙන් 20% කට මන්දපෝෂණය

පසුගිය ජුනි 4 වෙනි දින අද දෙරණ ප්‍රවෘත්තියක සදහන් වුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කරන දරුවන් ගෙන් 20% ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව. ඊට පෙර සතියේදී ඔවුන් එක් වාට්ටුවකට පමණක් ඇතුල් වූ දරුවන් බොහෝ දෙනෙකුගේ උස සහ බර පරීක්ෂා කළවිට ඔවුන්ගේ වයස අනුව එම දර්ශක පහළ මට්ටමක තිබු බව කියා තිබුණා. ඔවුන් එලෙස දරුවන් 53 දෙනෙකුගේ උස සහ බර මැණ තිබුනා. එයින් 20% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඉන් 50% ක් පමණ උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ප්‍රකාශ කර තිබුනා.

පවතින ආර්ථික දුශ්කරතා මෙයට සෘජුවම බලපා ඇතිබව පැහැදිලි නිසා ශ්‍රී ලංකාව පුරා වෙසෙන දරුවන් ගැන අපි සැලකිලිමත් නොවුන හොත් මෙලෙස මන්දපෝෂණයට ගොදුරුවන දරුවන් උසින් අඩුවීම කෘශ වීම මෙන්ම නොයෙක් රෝග වලට ගොදුරු වීමෙන් මිය යාම මොළයේ වැඩීම බාලවීම නිසා මන්ද බුද්ධික වීම දුබලතා සහිතව වැඩිහිටියන් බවට පත්වීමෙන් ඔවුන්ගේ අනාගතය අදුරු වීම සමාජයට අමතර බරක් වීම මෙන්ම මෙයින් සුළු ප්‍රතිශතයක් හෝ අකාලයේ මියයෑම සිදුවිය හැකියි. එවැනි දරුවකු සිටින පවුලකට දැරීමට සිදුවන අමතර පීඩනයද සුළු පටු විය නොහැකියි.

දරුවන්ගේ මන්දපෝෂණය ආකාර කිහිපයකට දැකිය හැකියි. නමුත් මේ කළබලකාරී පරිසරයේදී නොයෙක් හේතු නිසා එය හදුනාගැනීමට කල් ගතවෙනවා. එවිට එයින් සිදුවිය හැකි බරපතල හානි දරුවාට බලපා තිබෙන්න පුළුවන්.

1. කෘශ වීම - Wasting - දරුවන්ගේ උසට සරිලන බරක් නොතිබීම
2. මිටිවීම - Stunting - වයසට සරිලන උස නොතිබීම
3. බර අඩුවීම - වයසට සරිලන බර නොතිබීම
4. විටමින් සහ ඛණිජ ලවණ ඌනතාවයන්
5. වයසට උසට නොගැලපෙන ලෙස බර වැඩිවීම තරබාරු වීම

මන්දපෝෂණය නිසා දරුවන් ශ්වසන ආබාධ පාචනය වැනි සුලභ රෝග වලට ගොදුරු වීමෙන් මිය යා හැකියි. මෑත කාලයේ මෙවැනි අවස්ථා එතරම් සුලභ නොවුවත් 1970-1980 දශකවල ඇතිවූ ආර්ථික දුශ්කරතා තිබු සමයේ මෙවැනි දරුවන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිතර දකින්නට ලැබු අතර අංක 1 වාට්ටුවේ පාචනය සදහා පමණක් වෙනම අංශයක් තිබුනා.

විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ
Photo credit Daily News

Foodforall
16/09/2022

Foodforall

    3rd program team එක 💪🧡
08/08/2022


3rd program team එක 💪🧡

නුවරඑළියේ බඹරකැලෙ දමිළ ප්‍රාතමික විදුහලෙ ළමුන් සදහා පෝෂණීය රසවත් දීවා ආහාර වේලක් ලබාදෙමින්.ප්‍රජාවගේ මුලුතැන්ගෙය වැඩසටහන...
08/08/2022

නුවරඑළියේ බඹරකැලෙ දමිළ ප්‍රාතමික විදුහලෙ ළමුන් සදහා පෝෂණීය රසවත් දීවා ආහාර වේලක් ලබාදෙමින්.
ප්‍රජාවගේ මුලුතැන්ගෙය වැඩසටහන සර්ථක කරගැනිමට දායකත්වය ලබා දුන් සියලුම දෙනාට ස්තුතිය.


2022.08.08

31/07/2022


Address

Nuwaraeliya
Nuwara Eliya
22222

Telephone

+94762201785

Website

Alerts

Be the first to know and let us send you an email when Community Kitchen Nuwaraeliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Community Kitchen Nuwaraeliya:

Share