Workers Struggle Center

Workers Struggle Center Workers Struggle Centre Workers Struggle Centre of Front Line Socialist Party

18/05/2026
* වැටුප් නැතිව සතියට වැඩකරන අමතර පැය 08 ට දැන්වත් ගෙවනු!* සේවක පුරප්පාඩු 14,000 වහා පුරවා, ස්ථාන මාරු කඩිනම් කරනු!* අතික...
17/05/2026

* වැටුප් නැතිව සතියට වැඩකරන අමතර පැය 08 ට දැන්වත් ගෙවනු!
* සේවක පුරප්පාඩු 14,000 වහා පුරවා, ස්ථාන මාරු කඩිනම් කරනු!
* අතිකාල රේට්ටුව 1/160 කරනු!

විරෝධතා උද්ඝෝෂණය
මැයි 20 දවල් 12 ට
රෝහල් ඉදිරිපිටදී...

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය

* சம்பளம் இன்றி வாராந்தம் வேலை செய்யும் மேலதிக 08 மணித்தியாலங்களுக்கு இப்பொழுதாவது கொடுப்பனவை வழங்கு!
* 14,000 ஊழியர் வெற்றிடங்களை உடனடியாக நிரப்பு!
இடமாற்றங்களை துரிதப்படுத்து!
* மேலதிக நேரக் கொடுப்பனவு வீதத்தை 1/160 ஆக்கு!

எதிர்ப்பு ஆர்ப்பாட்டங்கள்
மே 20 நண்பகல் 12 மணிக்கு
வைத்தியசாலையிற்கு முன்னால்

ஒன்றிணைந்த சுகாதார ஊழியர் சங்கம் (JHWU)

* Pay now for the 8 extra hours worked per week without pay!
* Fill the 14,000 vacancies immediately!
Expedite transfers!
* Give 1/160 overtime rate now!

Protest
May 20 at 12 noon
In front of the Hospital

Joint Health Workers Union (JHWU)

16/05/2026

📌 සේවාවේ අයිතීන් දිනා ගැනීමට එක්වෙමු! (ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ සහෝදරයා සමඟ කතාබහක්)

🎤 සංවර්ධන නිලධාරීන් කියන්නේ කවුද? ඔවුන්ගේ බඳවා ගැනීම සිදුවන්නේ කෙසේද?

කෙටියෙන් පැහැදිලි කළොත් රජයේ විවිධ සංවර්ධන වැඩසටහන් බිම් මට්ටමේ ක්‍රියාත්මක කිරීම සඳහා බඳවාගෙන ඇති උපාධිධාරීන් තමයි සංවර්ධන නිලධාරීන් කියල හඳුන්වන්නේ. මේ වනවිට රාජ්‍ය අංශයේ වගේම පළාත් රාජ්‍ය සේවයෙත් සංවර්ධන නිලධාරීන් 150,000ක් පමණ රාජකාරි කරනවා. 1994 සිට 2021 වසර දක්වා බඳවාගත් උපාධිධාරීන් වර්තමානයේ සංවර්ධන නිලධාරීන් ලෙස රාජකාරි කරනවා. විශේෂයෙන් 1999න් පස්සේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා නොගැනීමට එවකට පැවති ආණ්ඩුව කටයුතු කිරීමත් සමග රට පුරා උපාධිධාරීන් සංවිධානය වෙලා රැකියා ඉල්ලා සටන් කළා. ඒ සටන්වල ප්‍රතිඵලයක් ලෙස 2004 සිට 2021 දක්වා උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්න ආණ්ඩුවලට සිද්ධ වුණා.

මෙතන තියෙන සුවිශේෂී කාරණය තමයි, උපාධිධාරීන් සටන් කළේ රාජ්‍ය අංශයේ තියෙන උපාධිධාරී පුරප්පාඩුවලට බඳවා ගන්න කියල වුණාට පැවති ආණ්ඩු කළේ උපාධිධාරීන් වාර්ෂිකව රාජ්‍ය සේවයට බඳවා ගැනීම වෙනුවට වසර කිහිපයක් ගියපසු විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමයි. ඒ තුළින් යම් අවිධිමත් භාවයක් මේ බඳවා ගැනීම්වල තිබුණා. නමුත් මේ බඳවාගත් සංවර්ධන නිලධාරීන් බිම් මට්ටමේ රාජකාරී වගේම කාර්යාල මට්ටමේත් විශාල කාර්යභාරයක් සිදු කරනවා.

🎤 ඔබ කියන්නේ ඔවුන්ට පැවරුණු නිශ්චිත කාර්යයක්, සේවා ව්‍යවස්ථාවක් නෑ කියලද?

ඔව්. මේ උපාධිධාරීන් බඳවා ගත්තේම අවුරුද්දක අභ්‍යාසලාභීන් ලෙස ඉතා අඩු වැටුපකට. පසුව තමා ස්ථීර කළේ. දැනට තියෙන්නේ 2013 වසරෙ සකස් කළ සේවා ව්‍යවස්ථාවක්. ඒ තුළ අනෙකුත් සේවාවන් තිබෙන අවම දේවත් ලබාදීල නෑ. ඒක අප දකින්නේ කලබලේට සකස් කළ සේවා ව්‍යවස්ථාවක් ලෙසයි. සංවර්ධන නිලධාරීන් බහුතරයකට නිශ්චිත රාජකාරී පැවරීම් නෑ. උසස්වීම් ක්‍රමවේද නෑ. ශ්‍රේණි අතර උස්සවීම් පවා ලැබෙන්නේ වසර 10 න් 10 ට. සේවා ස්ථානයේ තිබෙන හැම වැඩක්ම කරන්න සිද්ධ වෙලා තියෙනවා. බොහොමයක් නිලධාරීන්ට ඉගෙනගත් විෂයයට අදාළ රාජකාරී පැවරීම් නෑ.

🎤 මීට අමතරව සංවර්ධන නිලධාරීන් මුහුණදෙන ගැටලු තියෙනවද?

මේ වෙනකොට සමස්ත රාජ්‍ය සේවයේ පහළම කණ්ඩායම්වලට වගේම සංවර්ධන නිලධාරීන්ටත් ලැබෙන වැටුප ප්‍රමාණවත් නෑ. වත්මන් ආණ්ඩුව 2026 - 27 දක්වා වසර තුනක් තුළ මූලික වැටුප වැඩිකරනවා කියමින් ඉලක්කම් හරඹයක් කළා. අද ගත්තම වැඩට යන්න එන්න බස් වියදම පියව ගන්නත් අපහසු තත්ත්වෙක ඉන්නෙ. තෙල් මිල, ගෑස් මිල ඉහළ යෑමත් එක්ක සියල්ලේ මිල ඉහළ ගිහින් තියෙන්නෙ. වැටුප කිසිදු වැඩිවීමක් නෑ.

ඒ වගේම ක්ෂේත්‍ර රාජකාරී කරන නිලධාරීන්ට ගමන් වියදම් ලැබෙන්නේ මාසෙටම රු.300 ක් වගේ සොච්චමක්. කාර්යාලයක් පවත්වගෙන යන්න දෙන්නේ රු.750 ක්. ලිපි ද්‍රව්‍ය ලැබෙන්නෙම නැති තරම්. මේ වගේ අතිශය පහසුකම් අවම තත්වයක් තමා නිලධාරීන් රාජකාරී කටයුතු කරන්නෙ. අඩුම වැඩබැලීමේ දීමනාව පවා නිසි පරිදි ගෙවන්න කටයුතු කරන්නේ නෑ.

මීට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ගත්තමත් විවිධ ගැටලු තියෙනවා. අමාත්‍යාංශ වලින් යවන චක්‍රලේඛ නොසලකා සංවර්ධන නිලධාරීන්ට ලැබෙන අවම දේ පවා නොදෙන තත්වයක් තියෙන්නෙ. ඒ අතර නිශ්චිත ස්ථානමාරු ක්‍රියාවලියක් නැති නිසා වසර 12 ක් 13 ක් එකම ආයතනයේ රාජකාරී කරන්න සිද්ධ වෙලා තියෙනවා.

🎤 සංවර්ධන නිලධාරීන් යොදාගෙන ප්‍රජා ශක්ති කියල වැඩසටහනක් ක්‍රියාත්මකයි නේද?

ආණ්ඩුවේ මූලික සංකල්ප වලින් ප්‍රධාන එකක් තමයි ප්‍රජා ශක්ති කියල කියන්නේ. මුලින් අප හිතුවේ ඒ වැඩසටහනවත් නිවැරදිව ක්‍රියාත්මක වෙයි කියලා. නමුත් දැන් පේන්න තියෙන්නේ විසිල් විතරයි බල්ටි නෑ කියලයි. ග්‍රාම නිලධාරී වසම් 14,000 ටම කමිටු හදල ඒකේ සභාපති ලෙස නම් කළේ ආණ්ඩුවේ නියෝජිතයෙක්. ඒ කමිටුවෙම ලේකම් කම තමා සංවර්ධන නිලධාරියට දුන්නේ. බහුතරයක් කමිටුවල වැඩ යන්නේ මන්දගාමීව. අඩුම වසම්භාර නිලධාරියට නිල මුද්‍රාව පවා දී ගන්න බැරි වෙලා තියෙනවා. කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරන සංවර්ධන නිලධාරීන්ට පොරොන්දු වෙච්ච දීමනා පවා තවම අනුමත කරල නෑ.

🎤 ඔබ කියන්නේ මේ ආණ්ඩුවත් ගැටලු විසඳීමට මැදිහත් වෙන්නෙ නෑ කියලද?

පසුගිය වසර ගණනාවක් තිස්සෙම පැවති ආණ්ඩු වලින් සේවාවෙ පවතින ගැටලු විසඳන්න කියලා ඉල්ලීම් කළා. සාකච්ඡා සිය ගණනක් පවත්වල ඇති. නමුත් සාකච්ඡාවල එකඟ වෙන ඉල්ලීම් පවා ලබාදෙන්න කටයුතු කළෙ නෑ. මේ අතර තමයි වත්මන් ආණ්ඩුව පොරොන්දු මලු අරන් ආවෙ.

මේ ආණ්ඩුව නියෝජනය කරන විශාල මැති ඇමතිවරු පිරිසක් ඉන්නවා වෘත්තීය සමිති නායකයන් වෙලා හිටපු. මේ ආණ්ඩුව බලයට ගේන්න රාජ්‍ය සේවකයෝ 85%කට වඩා තමන්ගෙ ඡන්දය පාවිච්චි කළ බව කවුරුත් දන්නවා. ආණ්ඩුවේ මැති ඇමතිවරු බලය ගන්න පෙර විශාල පොරොන්දු ප්‍රමාණයක් ගෙනාවා. විශේෂයෙන් සංවර්ධන නිලධාරීන් කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයට ගෙන්නල වත්මන් ජනාධිපතිවරයා සේවාවෙ ගැටලු විසඳන බවට පොරොන්දු වුණා. මාස 6න් 6ට වැටුප් වැඩිකරනවා කියලා පොරොන්දු වුණා. නමුත් අද, රාජ්‍ය පරිපාලන ඇමතිගෙන්, ලේකම්ගෙන් සාකච්ඡාවක් ඉල්ල ගන්න බෑ. කොටින්ම ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිතිවලට හැර අනෙක් සමිතිවලට සාකච්ඡා නොදෙන තැනට ඇවිල්ල තියෙන්නේ. ඒකෙන්ම පේනවා ගැටලුවලට විසඳුම් කෙසේ වෙතත් තියෙන ගැටලු මොනවද කියල අහන්නවත් උවමනාවක් නෑ කියලා.

🎤 ඔබ සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවද?

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය ලෙස දිගින් දිගටම අපි උත්සාහ ගනිමින් ඉන්නවා අමාත්‍යාංශය එක්ක සාකච්ඡාවක් ගන්න. ඒ අතර අපි විවිධ අමාත්‍යාංශවල වගේම දෙපාර්තමේන්තුවලත් දිස්ත්‍රික්කවලත් සංවර්ධන නිලධාරීන් මුහුණදෙන ගැටලු වෙනුවෙන් මැදිහත්වීම් කරමින් ඉන්නවා.

මේ අතර සංවර්ධන නිලධාරී සේවාවේ තියෙන වෘත්තීය සමිති 11ක් සමග අප ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මාර්තු මාසෙ 26 කොළඹ අතිසාර්ථක සමුළුවක් කරලා අපි විසින් සකස් කළ සංවර්ධන නිලධාරී සහ අර්ථික සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථා දෙකක් කෙටුම්පත් කළා. ඒ කෙටුම්පත් මේ වෙනකොට ජනාධිපති, අගමැති ඇතුළු බලධාරීන්ට ඉදිරිපත් කරල තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ලබාදේවි කියලා.

මේ සියලු කටයුතු මැද 'වැඩකරන පන්ති බලයට - සංවර්ධන නිලධාරීන් පෙළගස්වන' කියන තේමාවෙන් සංගමේ 6 වෙනි සමුළුව නුවර දී ජුනි මාසෙ 9 වෙනිදා පවත්වන්න කටයුතු යොදමින් ඉන්නවා. අපි සමස්ත රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ රාජකාරී කරන සංවර්ධන නිලධාරීන්ගෙන් ඉල්ලනවා සේවාවේ අයිතින් දිනාගන්න එකතු වෙන්න කියලා.

අයිතිය පුවත්පත

වැටුපට සූත්‍රයක් දියව්!
16/05/2026

වැටුපට සූත්‍රයක් දියව්!

09/05/2026

අලුත් ම නාඩගම මෙන්න..

රාජ්‍ය සේවකය කබලෙන් ලිපට...
වහාම ප්‍රවාහන දීමනාවක් අවශ්‍යයි...

ජාතික කමිටු සාමාජික
කම්කරු අරගල මධ්‍යස්ථානය

ඉන්ධන, ගෑස්, බඩු මිල ඉහළට, වැටුප එකතැන,ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට කාර්‍යාල මට්ටමින් ආණ්ඩුවේ නියෝජිතයන් පත්කිරීම,ඇතුළු කර...
04/05/2026

ඉන්ධන, ගෑස්, බඩු මිල ඉහළට, වැටුප එකතැන,
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට කාර්‍යාල මට්ටමින් ආණ්ඩුවේ නියෝජිතයන් පත්කිරීම,
ඇතුළු කරුණු කිහිපයක් මූල්කරගෙන කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් අද (4) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාව

எரிபொருள், எரிவாயு, பொருட்களின் விலையேற்றம், சம்பளம் மாற்றமின்றி ஒரே இடத்தில் இருக்கின்றமை,
'கிளீன் ஸ்ரீலங்கா' (Clean Sri Lanka) வேலைத்திட்டத்திற்காக அலுவலக மட்டத்தில் அரசாங்க பிரதிநிதிகளை நியமித்தல்,
உள்ளிட்ட பல விடயங்கள் தொடர்பில் தொழிலாளர் போராட்ட மத்திய நிலையத்தினால் இன்று (4) கொழும்பில் நடத்தப்பட்ட ஊடகவியலாளர் சந்திப்பு

04/05/2026

රාජ්‍ය සේවකය කබලෙන් ලිපට...
වහාම ප්‍රවාහන දීමනාවක් අවශ්‍යයි...
அரச அலுவலர்கள் சட்டியிலிருந்து அடுப்பிற்குள்...
உடனடித் தேவை போக்குவரத்து கொடுப்பனவு...

ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙට කාඩර් එකෙන් බස්සන්නෙ ඇයි?
අලුත් ම නාඩගම මෙන්න..
பிரதேச செயலக ஆளணியை குறைப்பது ஏன்?
புதிய நாடகம் இதோ...

ධම්මික මුණසිංහ
ජාතික කමිටු සාමාජික
කම්කරු අරගල මධ්‍යස්ථානය
தம்மிக்க முணசிங்க
தேசிய செயற்குழு உறுப்பினர்
தொழிலாளர் போராட்ட மத்திய நிலையம்

04/05/2026

ඉන්ධන, ගෑස්, සියල්ල ඉහළට, වැඩකරන ජනතාව අසීරුවෙන්...
எரிபொருள், எரிவாயு என அனைத்தினதும் விலை உயர்வு; உழைக்கும் மக்கள் பெரும் சிரமத்தில்...

ටැම්පිටියේ සුගතානන්ද හිමි
ජාතික කමිටු සාමාජික
කම්කරු අරගල මධ්‍යස්ථානය
டெம்பிட்டியே சுகதானந்த ஹிமி
தேசிய செயற்குழு உறுப்பினர்
தொழிலாளர் போராட்ட மத்திய நிலையம்

Address

30, Kandawaththa Lane
Nugegoda
10250

Telephone

+94714176030

Website

Alerts

Be the first to know and let us send you an email when Workers Struggle Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category