Katana Online

Katana Online Welcome to Katana Online! 🌇 We are proud to be the home of the largest, most active, and only premier Facebook community in the Katana Divisional Secretariat.

Join and follow for all the latest info!

29/06/2026

කටානේ දන්සල් ගොඩ 😍
අඩියෙන් අඩිය අයිස්ක්‍රීම්😋

[𝐒𝐏𝐎𝐑𝐓𝐒 𝐔𝐏𝐃𝐀𝐓𝐄] කඩොල්කැලේට ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක්?ඇත්තටම මොකද වෙන්නේ? ⚽✨🇱🇰මීගමුව කඩොල්කැලේ ප්‍රදේශය කේන්ද්‍ර ක...
18/06/2026

[𝐒𝐏𝐎𝐑𝐓𝐒 𝐔𝐏𝐃𝐀𝐓𝐄] කඩොල්කැලේට ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක්?
ඇත්තටම මොකද වෙන්නේ? ⚽✨🇱🇰

මීගමුව කඩොල්කැලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නව ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීම පිළිබඳව පසුගියදා ප්‍රධාන මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණා.

𝗞𝗮𝘁𝗮𝗻𝗮 𝗢𝗻𝗹𝗶𝗻𝗲 අප මේ පිළිබඳව කළ සොයාබැලීම් වලට අනුව, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (𝗙𝗙𝗦𝗟) සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (𝗙𝗜𝗙𝗔) සහයෝගිතාව මත කඩොල්කැලේ ක්‍රීඩාංගණය ජාත්‍යන්තර මට්ටමට සංවර්ධනය කිරීමේ මූලික යෝජනාවක් මේ දිනවල සාකච්ඡාවට බඳුන් වෙමින් පවතිනවා. 🌍

කෙසේ වෙතත්, මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට දශකයකට පමණ පෙර, එනම් 𝟮𝟬𝟭𝟯 වසරේදීද මෙම ස්ථානයේම ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ සැලසුම් පිළිබඳව වාර්තා පළ වූ නමුත්, එම ව්‍යාපෘතිය කිසිදිනෙක සම්පූර්ණ කෙරුණේ නැත. මෙවර යෝජනාවද තවමත් පවතින්නේ මූලික සැලසුම් මට්ටමේ පමණක් වන අතර, ඉදිකිරීම් ආරම්භ කිරීම පිළිබඳව මෙතෙක් කිසිදු අවසන් තීරණයක් හෝ නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත.

මෙවර හෝ මේ දැවැන්ත යෝජනාව සාර්ථක වී යථාර්ථයක් බවට පත් වුණොත්, කටාන, මීගමුව ඇතුළු අපේ ප්‍රදේශයටත්, සමස්ත ශ්‍රී ලාංකීය පාපන්දු ක්‍රීඩාවටත් එයින් ලැබෙන වටිනාකම ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න.👇🏽

කටාන සහ මීගමුව අවට සිදුවන සෑම දෙයක්ම වගකීමෙන් යුතුව දැනගන්න, 𝗞𝗮𝘁𝗮𝗻𝗮 𝗢𝗻𝗹𝗶𝗻𝗲 පිටුව සමඟ දිගටම රැඳී සිටින්න. ❤️✍🏼

මෙම ව්‍යාපෘතියේ ඉදිරි තොරතුරු වගේම ප්‍රදේශයේ අලුත්ම විස්තර දැනගන්න ❛කටාන පාරිභෝගික සංසදය❜ ට දැන්ම එකතු වෙන්න. ↓
➳ කටාන පාරිභෝගික සංසඳය | Katana Consumer Guild

කටානේ කාටද අද මේ Keells 10% Discount වවුචරය ලැබුණේ? 🙋‍♂️🙋‍♀️ ගමේ ගොඩක් ගෙවල්වලට අද මේක බෙදලා තිබුණා. ගෙදරටම ආපු නැති අයට...
14/06/2026

කටානේ කාටද අද මේ Keells 10% Discount වවුචරය ලැබුණේ? 🙋‍♂️🙋‍♀️

ගමේ ගොඩක් ගෙවල්වලට අද මේක බෙදලා තිබුණා. ගෙදරටම ආපු නැති අයටත් දැනගන්න, උදේ 8.30 ඉඳන් රෑ 10.30 වෙනකම්ම විවෘතයි. Fresh Juice සහ Bakery එකකුත් තියෙනවා.

කටාන කියන්නේ දැන් වේගයෙන්ම දියුණු වෙන සුපිරිම නගරයක්! 🏙️🚗2019 වෙද්දී රට පුරාම බ්‍රාන්ච් 97ක් තිබුණු Keells, අද වෙද්දී ශා...
13/06/2026

කටාන කියන්නේ දැන් වේගයෙන්ම දියුණු වෙන සුපිරිම නගරයක්! 🏙️🚗

2019 වෙද්දී රට පුරාම බ්‍රාන්ච් 97ක් තිබුණු Keells, අද වෙද්දී ශාඛා 135ක් දක්වා වර්ධනය වෙමින් කටාන අපේ ගමටත් මෙන්න මේ වගේ නවීන පහසුකම් ඉතාමත් සමීප කරලා තියෙනවා. 💚🌤️🌍

කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශාලතම නිල facebook සමූහයට දැන්ම එකතු වෙන්න:
🔗 https://www.facebook.com/groups/1051753402388643/

04/12/2025

කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පීඩාවට පත් අපේම අය වෙනුවෙන් 🤍

පරිත්‍යාග බාරගන්නා ස්ථානය:
හල්පේ පල්ලිය අසල (පරණ ඩිල්මි ස්ටූඩියෝ ගොඩනැගිල්ල)
070 506 0029 - 078 995 8050 - 071 14 24 486

ඔබගේ හැකියාව අනුව, ඔබට පුළුවන් දේ (ආහාර, ඇඳුම්, ඖෂධ, ජලය) රැගෙන එන්න!

- අපේ අනෙකුත් මධ්‍යස්ථාන -

📍ශාන්ත මරියා පරිඝණක පාසල - දංකොටුව
077 348 4246
077 399 4246

📍රෝයල් ඇකඩමි - මීරිගම
0719361080
0789707496

📍වයඹ ඉන්ටර්නැෂනල් ස්කූල්
075 148 7065
071 14 24 486

📍ඥානාවාස විදුහල - දිවුලපිටිය
071 833 4856
071 14 24 486

Address

Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Katana Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share