25/11/2025
🔅ආරාධනය; 🌹 සත් දින ව්දර්ශනා සංවාද භාවනා
වැඩ සටහන 2025 දෙසැම්බර් 08 සිට 14 දක්වා සදහම් සෙවන, කටාන. 🔅
ගෞරවනීය ස්වාමීන්වහන්ස,මෙහෙණින් වහන්ස, පින්වත් මහත්ම, මහත්මියනි 💐
අපගේ Swiss-Lanka Sadaham Sevana Dharma Center පැවැත්වෙන ව්දර්ශනා සංවාද භාවනා වැඩ සටහන සඳහා ඔබට ආරාධනා කරන්නේ මහත් සතුටින් යුතුවයි. මේ වැඩසටහන ඔබේ අභ්‍යන්තර සාමය සොයා ගැනීමට, අවධානය වැඩිදියුණු කර ගැනීමට, මානසික සෞඛ්‍යයය වර්ධනය කිරීමට, අරි අට මග ප්‍රයෝගිකව මුහුණු කරමින් නිවන් මග වඩාගැනිමට උපකාරී වන ආකාරයෙන් නිර්මාණය කර තිබේ.
🔅වැඩසටහනේ විස්තර:
🌼විදර්ශනා සංවාද භාවනා පුහුණු වැඩ සටහන, සාම්ප්‍රදායික හුදකලා භාවනාව මෙන්ම පුද්ගලාන්තර පුහුණුවක් ලෙස අන් අය සමඟ පුහුණු කරනු ලැබේ. එහිදී අත්දකින ධර්මය අවබෝධ කරගැනීම, භාවනා ගුණාංග දුයුණුකර ගැනීම, සහ කල්‍යාණ ම්ත්‍රත්වය ප්‍රායෝගිකව වර්ධනය කරගැනීම එහි පදනමයි. එය කරනු ලබන්නේ මගපෙන්වීම් හයකින් යුතුවයි. එම අංග මෙම පුහුණු වැඩ සටහන ආරම්භයේදීම වඩනු ලැබේ.
සම්මා සතිය මෙම භාවනා වැඩ සටහනේ තේමාව වෙන අතර අරිඅට මග වැඩිම ඒ සදහා උපකාරී වේ. 💐
🔅දින: 08- 14 දෙසැම්බර් 2025
🔅ස්ථානය: Swiss-Lanka Sadaham Sevana Dharma Center, Ambalayaya, Halpe, Katana, Sri Lanka
Location: https://maps.app.goo.gl/9VhFGKxDg2snbABn6
ඊමේල්: [email protected]
🔅මෙම වැඩසටහන නවකයන්ට මෙන්ම පළපුරුදු අයටත් සුදුසු වේ. ඉංග්‍රීසි භාෂාව දන්නාකම වඩාත් උපකාරී වේ.
ගුරුවරු.: පුජ්‍ය කරුවලගස්වැව අනුරුද්ධ ස්වාමින්වහන්සේ, නෙදාලන්ත ජාතික රියෙත් මහතමිය, සහ කැනඩා ජාතික දේව් මහත්මා විසිනි.
🔅ලියාපදිංචි වන්නේ කෙසේද:
කරුණාකර පහත ලියාපදිංචි පෝරමය පිරවා [email protected] හෝ Swiss-Lanka Sadaham Sevana Dharma Center, Ambalayaya, හල්පේ, Katana වෙත නොවැම්බර් 20 දිනයට පෙර එවන්න.
•🔅 ව්දර්ශනා සංවාද භාවනා වැඩසටහන ලියාපදිංචි පෝරමය*
https://forms.gle/SdQHZLEde328KMQd8
💐අවකාශ සීමිත බැවින් කරුණාකර ඉක්මනින් ලියාපදිංචි වන්න. ඔබට ගැටළු ඇත්නම්,+94 74 309 22 08, (Samadhi) and+94 77 249 3808 ( Nimmi) හෝ [email protected] මගින් අප හා සම්බන්ධ විය හැක.
ව්දර්ශනා සංවාද භාවනා වැඩසටහනට ඔබව අපි සාදරයෙන් පිළිගන්නෙමු!
🔅ස්වේච්ඡා දහම් සේවාව💐 මෙම දින 7 විදර්ශනා සංවාද භවනා පුහුණු වැඩසටහ සාර්ථක කරගැනීමට ඔබගේ ශ්‍රම දායකත්වය අප අගය කරමු. ඒ සඳහා විමසීම් +94 74 309 22 08, (Samadhi) and+94 77 249 3808 ( Nimmi) Swiss-Lanka Sadaham Sevana Dharma Center,
https://www.swisslankadharmacenter.org
https://www.insightdialogue.org/
A global community dedicated to the practices of relational Dhamma as a vehicle for awakening together. Our mission is to share teachings and practices...