Revolution. This is to inform the society and reveal the truth

Revolution. This is to inform the society and reveal the truth Our hope is to create a democratic country

29/09/2024

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සුරාබදු ජෙනරාල්වරු සමග එකතු වි රු.ලක්ෂ 200ක අල්ලස් මුදල් වලට බාර් ලයිසන් 50කට ආසන්න ප්‍රමාණයක් ජනාධිපති කාර්යාලයේදී ලබා දී ඇති බව හෙලි වේ. 😏

23/10/2023

කෙහෙලිය රඹුක්වැල්ල පරිසර කටයුතු පිළිබඳ ඇමතිවරයා ලෙස පත් කෙරේ.
😂🙏🍀

ගොඩක් දෙනා මේ දවස්වල කතා කරන මාතෘකාව ජැක්සන් ඇන්තනී. මොකද ඔහු විශිෂ්ඨ කලා කරුවෙක් වගේම දේශපාලනයටද සම්බන්ධ වූ කෙනෙක් බව අ...
14/10/2023

ගොඩක් දෙනා මේ දවස්වල කතා කරන මාතෘකාව ජැක්සන් ඇන්තනී. මොකද ඔහු විශිෂ්ඨ කලා කරුවෙක් වගේම දේශපාලනයටද සම්බන්ධ වූ කෙනෙක් බව අපි හැම දෙනාම දන්නවා. අපි හැමදාම කලේ මොකක් හරී බොරු දෙයක් අල්ලගෙන ඒවා මේ social media වල ලොකුවට කතා කරපු එක.

තෙල් පොලීමේ ඉදන් ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු අපේ අය පොම්පේ කිට්ටුවට ආවාම අර කතා ඔක්කෝම වෙනස් කරලා පොම්පේ තෙල් ගහන මනුස්සයට කීයක් හරි දීලා ලීටර් 7ට 14ක්ම ගහ ගත්තා.

ඇයි මේ කාටවත් පේන් නැත්තේ අවුල තියෙන්නේ මේ සිස්ටම් එකේ කියලා. මේ දේශපාලන සංස්කෘතියෙයි අවුල තියෙන්නේ. 2022 අරගලය කියන්නේ මේ සංස්කෘතික දේශපාලනය වෙනස් කරන්න උත්සහා කරපු ලංකාවේ දැවැන්තම අරගලය. පාලකයා කවදාවත් හිතුවේ නැති විදියට ජනතාව නැගිට්ටා. අවාසනාවකට ඒ අරගලය අපේම අය විසින් විවිධ මඩ ප්‍රචාර යවමින් ඒක දේශපාලනික කරන්න උත්සහා කලා. ඇයි අපි අපිටම කෙලවගන්නේ.

ඇයි මේ අර්බුද පාලකයා විසින් නිර්මාණය කරන්නේ? ජනාතාවගේ ජීවනබර වැඩි වෙන්න වැඩි වෙන්න ලංසුව පල්ලේහාට යනවා. ඉස්සර ඡන්දේ ගන්න 1000ක් වියදම් කරා නම් අද 100කින් වගේ පාලකයට මේක කර ගන්න පුලුවන්. අර්බුද යනු පාලක පන්තියේ බල පැවැත්මට හොද අවස්තාවක්. අපි නවත්වන්න අවශ්‍ය මේ පැලැස්තර
දේශපාලනය.

ආත්මාර්ථකාමී දේශපාලනය වෙනස් වෙන්න ඕනා. මේක පාලකයට වගේම අපෙත් අවුලක්. එක එක කාලවල් වල අලුත් අලුත් තුරුම්පු ගෙනල්ලා දැන්මා එයාලා අපේ අයත් ඒ හැමෝටම විසිල් ගහලා අත්පුඩි ගහලා පිලි ගත්තා. මේ එකම ක්‍රමය දිගින් දිගටම යනවා. පාලකයා දන්නවා මේ ආත්මාර්ථාමී දේශපාලනය අපි ගාව තියෙනවා කියලා. අපේ මිනිස්සු ඡන්දේ දෙන්නේ ජොබ් එකට පර්මිට් එකට තහඩුවට සිමෙන්ති කොට්ටෙට අරක්කු කාලට. අපි සමාජ සම්මුතියක් හදලා තියෙනාවා ඒක අපේ සමාජයේ යහ පැවැත්ම සදහා නෙමේ පෞද්ගලික යහ පැවැත්ම සදහා. අපේ දේශපාලනයද මීට වඩා සාරධර්මීය විය යුතුය.

අනිත් අවුල තමයි මේ බුද්ධිමතුන් දේශපාලනයට දෙන දායකත්වය. ලංකාවේ අති බහුතරයක් ඉන්නේ බුද්ධිමතුන් නෙමේ තාක්ෂණවේදීන්. බුද්ධිමතුන් ට චින්තනයක් තිබිය යුතුයි. අරගලය වෙලාවේ නිසි මග පෙන්වම්ක් දෙන්න අපි හරි බුද්ධිම ත් පිරිසක් හදලා තිබුනේ නෑ. බුද්ධියේ දරිද්‍රතාවත් මේ සිස්ටම් එකේ අවුලක්.

පාලකයා මේ මහා පොලවේ යථාර්තය දැක්කේ නෑ. අපේ බඩගින්න එයාලට දැනුනේ නෑ. පාලකයට එක නිතීයක් අපිට තව නිතීයක්. ඔවුන් කරන්නේ සැබෑ ප්‍රශ්න යට ගහලා බොරු ප්‍රශ්නයක් මවන එක. අපි දැන්වත් මේ ආත්මාර්ථාමී දේශපාලනයෙන් මිදෙමු. අනාගත පරපුරටවත් හොද රටක් හදමු. දැන් අපිට අවශ්‍ය අපි විසින් හදා ගත්තු පොදු දේශපාලන ප්‍රතිපත්තියක්, ආර්ථික ප්‍රතිපත්තියක් . පාර්ලිමේන්තුවෙන් හදන ප්‍රතිපත්ති වලින් අපිට කවදාවත් ගොඩ යන්න බෑ. ඒවා එයාලා හදා ගන්න එයාලගේ දේශපාලනය අවශ්‍යතා වලට. අපි පොදු වැඩ පිලිවලක් හදමු.

මාගේ ලක් මෑණිට ජය වේවා...!!!
💪🇱🇰❤️

මේ වසරේ අගෝස්තු මාසයේ ඒ කියන්නේ ගිය මාසයේ විදුලිබල මණ්ඩලය රු. බිලියන 30ක පාඩුවක් ලබා ඇත. එය පියවා ගැනීම සදහා ඉදිරි මාස ත...
12/10/2023

මේ වසරේ අගෝස්තු මාසයේ ඒ කියන්නේ ගිය මාසයේ විදුලිබල මණ්ඩලය රු. බිලියන 30ක පාඩුවක් ලබා ඇත. එය පියවා ගැනීම සදහා ඉදිරි මාස තුන ඇතුලත අතිරේකව මසකට රු. බිලියන 10ය බැගින් මාස තුනට රු. බිලියන 30 ලාභයක් උපයාගත් යුතු බව පවසනවා. ඒ සදහා විදුලි බිල 22%කින් වැඩි කිරීමට රජය තීරණය කර ඇත. ව්‍යවස්ථාවට අනුව වසරකට විදුලි බිල වැඩි කල හැක්කේ දෙවතාවක් පමණී. දැන් ඒ අවස්තා දෙකම රජය විසින් විදුලි බිල වැඩි කර අවසානයී. මෙවර විදුලි බිල වැඩි කරනු ලබන්නේ තුන්වනුවයී. කිසිම ජනවරමක් නැති මේ රජය ගනු ලබන මෙවැනි ජනතාව තවත් පීඩනයට පත් කරන තීරණ කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවේ. ✊🇱🇰

12/10/2023

People's Bank විසින් රු. මිලියන 54,000ක ණය කපා හැර ඇත. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සිටී.

12/10/2023

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අහෝසී කරනු.

Address

Minuwangoda
Minuwangoda
11102

Alerts

Be the first to know and let us send you an email when Revolution. This is to inform the society and reveal the truth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Revolution. This is to inform the society and reveal the truth:

Share