Technology Association - Ananda Sastralaya National School Mathugama

Technology Association - Ananda Sastralaya National School Mathugama Ananda Sastralaya Mathugama is a National school in Sri Lanka. Dayasena Turnolius Pasqual was the fou

2026/27 අද්‍යයන වර්ෂය වෙනුවෙන් සරසවි වරම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සඳහා කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කිරීම පසුගියදා සිදු වු...
07/08/2026

2026/27 අද්‍යයන වර්ෂය වෙනුවෙන් සරසවි වරම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සඳහා කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කිරීම පසුගියදා සිදු වුනා.
ඒ අනුව උපාධි පාඨමාලා සඳහා සුදුසුකම් ලැබූ තාක්ෂණ අංශයේ සොයුර සොයුරියන් පිරිසක් ඒ සුභාරංචියේ සතුට අපගේ ගුරුමණ්ඩලය සමග බෙදා ගැනීමට පාසලට පැමිණ සිටියා.

සෙවණ දුන්
දිරිය දුන්
පින් බිමෙන් පිටවී
ජීවිතය දිනන්නට
පිය නගමි...
එහෙත් හදවතේ
උස්ම බිම මත
පුදසුනේ
අනද මව්නි
සැමදා ඔබ වැජඹේ...


2026 උ/පෙ ශිෂ්‍ය කන්ඩායම වෙනුවෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබා දීම මහා සංඝරත්නයේ ආශිර්වාදය සහිතව අද සිදු වුනා.දෙවසරක වෙහෙස මහ...
31/07/2026

2026 උ/පෙ ශිෂ්‍ය කන්ඩායම වෙනුවෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබා දීම මහා සංඝරත්නයේ ආශිර්වාදය සහිතව අද සිදු වුනා.

දෙවසරක වෙහෙස මහන්සියේ අස්වැන්න නෙලා ගැනීමට දැන් ඔබ සූදානම්.
සන්සුන් මනසින් විභාගයට මුහුන දී අති විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඔබ සියලුම දෙන්නට හැකියාව, ශක්තිය, දිරිය ලැබේවා.

​ ​ ​ ​ ​ ​

සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි. ලොවටම ධර්මයේ ආලෝකය බෙදා දෙමින් තථාගතයන් වහන්සේගේ ප්...
29/07/2026

සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි.

ලොවටම ධර්මයේ ආලෝකය බෙදා දෙමින් තථාගතයන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන 'ධම්මචක්කප්පවත්තන සූත්‍රය' දේශනා කළේ අද වැනි උතුම් දිනයකය.

​අපගේ සිත්වල ඇති අඳුර දුරු කර, ප්‍රඥාවේ ආලෝකය උදා කරගැනීමට මේ උතුම් පෝය දිනය හේතු වාසනා වේවා!
​සියලු දෙනාටම පින්බර ඇසළ පොහොය දිනයක් වේවා! 🙏

​තාක්ෂණ සංගමය,
ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල.

නැවුම් අංකුර පිලිගත් සහෝදරත්වයේ දෑත්🤝🙏තාක්ශණ අංශය වෙත එකතු වන 2028 නවක සහෝදර කණ්ඩායම 2027 ශිෂ්‍ය කණ්ඩායම විසින් පිලිගැනී...
27/07/2026

නැවුම් අංකුර පිලිගත් සහෝදරත්වයේ දෑත්🤝🙏

තාක්ශණ අංශය වෙත එකතු වන 2028 නවක සහෝදර කණ්ඩායම 2027 ශිෂ්‍ය කණ්ඩායම විසින් පිලිගැනීමේ උත්සවය අද දින තාක්ෂණ අංශයේදී පවත්වන්නට යෙදිනි.
ජීවිතේ නැවුම් පරිච්ඡේදයකට පිටු පෙරලන ඔවුන් වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීම සිදු වුනේ තාක්ශණ සංගමයේ සංවිධානය පෙරදැරිවයි.

මේ අවස්ථාව ඔවුන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන්ගෙන් හැඩ වී තිබුනා.

​ ​ ​ ​

2028 A/L තාක්ෂණ අංශයේ නවක සිසුන් පිළිගැනීමේ මහෝත්සවය ⚙️🔬🌱​හෙට දින ලොව දිනන තාක්ෂණික ශිල්පීන් සහ ඉංජිනේරුවන් බිහි කිරීමේ ...
22/07/2026

2028 A/L තාක්ෂණ අංශයේ නවක සිසුන් පිළිගැනීමේ මහෝත්සවය ⚙️🔬🌱

​හෙට දින ලොව දිනන තාක්ෂණික ශිල්පීන් සහ ඉංජිනේරුවන් බිහි කිරීමේ අරමුණින්, ආනන්ද ශාස්ත්‍රාලයීය තාක්ෂණ අංශය මගින් සංවිධානය කරන ලද 2028 A/L නවක සිසුන් පිළිගැනීමේ උත්සවය අද දින ඉතා සාර්ථක ලෙස පැවැත්විණි.

​අලුතින් එකතු වූ සියලුම සොහොයුරන්ට දීප්තිමත් අනාගතයකට ශක්තිමත් පදනමක් සකසා ගැනීමට සුබ පතමු!

​Ananda Sastralaya National School - Technology Association

photography by 👇
Malindu Rasanga
Oshan Mihiranga


ඔබ සමුගන්නේනිහඬ සිහින දල්වන ගිනි පුපුරක් වී,අවිනිශ්චිත හෙටක්බලාපොරොත්තුවක් බවට පත් කරන ලද,සාමාන්‍ය දිනඅසාමාන්‍ය ගමන්මඟක්...
17/07/2026

ඔබ සමුගන්නේ
නිහඬ සිහින දල්වන ගිනි පුපුරක් වී,
අවිනිශ්චිත හෙටක්
බලාපොරොත්තුවක් බවට පත් කරන ලද,
සාමාන්‍ය දින
අසාමාන්‍ය ගමන්මඟක් කළ
අපූරු නායිකාවක ලෙසයි...

ඉතිං අනද බිමෙන් අපි ඔබ නිදහස් කරමු.

දුර්ග කාන්තාර බිම හරහා
ගලන ගංගාවක් මෙන්
දුර ඈත ඉවුරුත්
ඔබේ කරුණාවෙන්,
ඔබේ ශක්තියෙන්,
නොසැලෙන හදවතින්
ඔබ විසින් පෝෂණය කරන බව
ඉඳුරාම අපි දනිමු.

​අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ධුරයෙන් පිදුම් ලබා
උසස් වීමක් සමග ආනන්දයට සමු දෙන
නියෝජ්‍ය විදුහල්පතිනි මනෝජා ලංකාතිලක මැතිනිය
ඉතිං ඔබට සුබ පැතුම්...

අපි
ආනන්දයේ තාක්ෂණ සංගමයයි.



දහම් අමා සිසිලෙන් මුළු ලොවම සැනසේවා! සැමට ශාන්තිමත් පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!🌕🙏✨
28/06/2026

දහම් අමා සිසිලෙන් මුළු ලොවම සැනසේවා! සැමට ශාන්තිමත් පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!🌕🙏✨

තාක්ෂණ අංශයේ තවත් එක් සාර්ථක පියවරක්! 🛠️✨මතුගම ආනන්ද ශාස්ත්‍රාලයීය තාක්ෂණ අංශය මඟින් 8 වන වරටත් සංවිධානය කළ  සව් දන්සල අ...
26/06/2026

තාක්ෂණ අංශයේ තවත් එක් සාර්ථක පියවරක්! 🛠️✨

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයීය තාක්ෂණ අංශය මඟින් 8 වන වරටත් සංවිධානය කළ සව් දන්සල අති සාර්ථකව නිම විය.

සූදානම් වීමේ සිට අවසානය දක්වා අපේ දරුවන්ගේ කැපවීම මෙලෙස ඡායාරූපවලින්... දිවා රෑ නොබලා වෙහෙස වූ තාක්ෂණ අංශයේ දරුවන්ටත්, මඟපෙන්වූ ගුරු මණ්ඩලයට සහ සහය දුන් පාසල් කාර්ය මණ්ඩලයටත්, සියලුම සිසුන්ටත් අපගේ හෘදයාංගම ස්තුතිය! 🙏

26/06/2026

ආනන්ද ශාස්ත්‍රාලයීය තාක්ෂණ අංශයේ "සව් දන්සල" ඉතා සාර්ථකව අවසන් විය... ✨🥣

​අපේ සහෝදරයන්ගේ කැපවීම, එකමුතුකම සහ නොමසුරු දායකත්වය නිසා මෙවරත් දන්සල අති සාර්ථකව පැවැත්වීමට හැකි වුණා.

පැමිණි ඔබ සැමට ස්තුතියි!...

​මේ පින්බර පොසොන් අසිරිය හා රසවත් සව් දන්සල බෙදාගත් අයුරු මෙසේ සටහන් කරමු. 🙏❤️

26/06/2026

තාක්ෂණයේ දෑතින් හැඩවන, පින්බර පොසොන් අසිරිය... 🛠️❤️

​මතුගම ආනන්ද ශාස්ත්‍රාලයීය ජාතික පාසලේ තාක්ෂණ අංශය මඟින් 8 වන වරටත් සංවිධානය කරනු ලබන " සව් දන්සලේ" පූර්ව සූදානමයි මේ...

​අපේ සහෝදරයන්ගේ එකමුතුවෙන් සහ ශ්‍රම දායකත්වයෙන් සියල්ල සූදානම් වෙමින් පවතී...

Address

Ananda Sastralaya National School
Matugama
10070

Telephone

+94342247271

Website

Alerts

Be the first to know and let us send you an email when Technology Association - Ananda Sastralaya National School Mathugama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Technology Association - Ananda Sastralaya National School Mathugama:

Shortcuts

Share