යොවුන් බලගණය Youn Balaganaya

යොවුන් බලගණය Youn Balaganaya පරිසර හිතකාමී යුගයක් කරා තරුණ පරපුර

අද උතුම් වූ නවම් පුර පසලොස්වක පොහොයයි.☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️සම්බුදු සසුන ඇතිවීමෙන් පසු එහි ප්‍රථම මහා සංඝ සම්මේලනය පැවැත්වූ...
01/02/2026

අද උතුම් වූ නවම් පුර පසලොස්වක පොහොයයි.
☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️
සම්බුදු සසුන ඇතිවීමෙන් පසු එහි ප්‍රථම මහා සංඝ සම්මේලනය පැවැත්වූයේ නවම් පොහෝ දි‍නෙකයි.රජගහ නුවර වේළුවනාරාමයෙහි පවත්වන ලද මෙම මහා සඟ සමුළුව අනාගත ශාසනය පිළිබඳ වැදගත් තීරණ කීපයක් ගැනීම නිසා ඉතා වැදගත් වන බව පෙනේ. මේ සඳහා මහරහතන් වහන්සේලා 1250 ක් පමණ සහභාගි වූ බව ශාසන ඉතිහාසය මඟින් අනාවරණය කෙරේ. මෙය මෙතෙක් ලෝකයෙහි මුළු දුන් ප්‍රථම රහත් සංඝ සන්නිපාතය ලෙස ඉතිහාස ගතව ඇත.ක්‍රියාශීලී,විනයගරුක භික්‍ෂූන් වහන්සේලා සඳහා ප්‍රථම වරට තනතුරු ප්‍රදානය කිරීම මෙම සමුළුවේ දී සිදුවූ වැදගත් සිදුවීම් වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ මාධ්‍යලේකම් දුරයට පත් යොවුන් බලගණය සංවිධාන සභාපති ශෂික අංජන සහෝදරයාට උණුසුම් සුභ පැත...
15/12/2025

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ මාධ්‍යලේකම් දුරයට පත් යොවුන් බලගණය සංවිධාන සභාපති ශෂික අංජන සහෝදරයාට උණුසුම් සුභ පැතුම් !

ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ නව මාධ්‍ය ලේකම් ලෙස පත් වූ ශෂික අංජන මැතිතුමාට උණුසුම් සුබ පැතුම් !....
Shashika Anjana

සාවින්ද්‍යා සහ ඇයගේ කථාව ගැන මාලිමාවේ ඊනියා අරගලකාරියක් විවේචනය කර තිබුණා. මට හිනා ගියා. සාවින්ද්‍යා කියන්නේ අරගලකරුවන්ග...
24/11/2025

සාවින්ද්‍යා සහ ඇයගේ කථාව ගැන මාලිමාවේ ඊනියා අරගලකාරියක් විවේචනය කර තිබුණා. මට හිනා ගියා. සාවින්ද්‍යා කියන්නේ අරගලකරුවන්ගේ ම්ලේච්ඡ මර්දනයට ලක් වූ තරුණ කාන්තාවක්. ඇයගේ A-level විභාගයට ඔන්න මෙන්න කියලා තිබියදී තමයි ඔය ප්‍රජාතන්ත්‍ර-විරෝධී, විකෘති කාමුක, පරපීඩක අරගලකරුවන් ඇයගේ නිවසට කඩා පැනලා, මංකොල්ල කාලා, ගිනි තිබ්බේ.

සාවින්ද්‍යා වහලෙන් පැනලා ගිහිල්ලයි තමන්ගේ ජීවිතය බේරා ගත්තේ. එදා ඒ අරගල තිරිසනුන්ට ඇය හසු වුණා නම් උන් ඇයවත් මහා පාරේ ඇදගෙන ගිහිල්ලා මරනවා අර මන්ත්‍රීවරයා ඝාතනය කළා වගේ. නමුත් වාසනාවට ඇය දිවි ගලවා ගත්තා.

ඇයගේ සියලුම පොත්පත්, සිය හැකියාවෙන් ලබා ගත් සහතික, උප්පැන්න පවා ගිනි තිබ්බා ඔය හිත්පිත් නැති පඳුරු කූඩාරම් අරගලකාරියන්. විභාගයට පාඩම් කර කර හිටිය notes වල අළු පමණයි ඇයට ඉතුරු වුණේ. ඇයගේ පාසල් නිල ඇඳුම පවා ගිනි තිබ්බා ඔය අද විවේචන කරන පාහර අරගලකාරයන්.

ඇයට පාඩම් කරන්න පොත් දුන්නේ නැහැ ඇයගේ බොහෝ මිතුරියන්. නෑදෑයන්ගෙන් ඉල්ලා ගත් ගවුමක් ඇඳගෙන ටියුෂන් පන්තියට ගියාම එතනත් ඇයට නින්දා කළා. ඒ තමයි මාලිමාවේ නරුමයන් විසින් නිර්මාණය කළ සමාජ වෛරය. ඇය කඳුළු තද කරගෙන ඒ සියල්ල දරා ගත්තා.

ඇය කළ වරද කුමක්ද? ඇයට ඒ සියලු හිංසා කළේ ඇයගේ මව පොහොට්ටුවෙන් දේශපාලනය කළ නිසා පමණයි. කාන්තාවන් දේශපාලනය කිරීමේ වැදගත්කම ගැන කථා කරන ඔය ඊනියා අරගලකාරිය, තමන්ට විරුද්ධ පක්ෂයක දේශපාලනය කළ කාන්තාවන්ට ගැහුවා. සාවින්ද්‍යා කිව්වා ඇයගේ කථාව අතරතුර ඇයට ඇයගේ මව විඳි ගැහැට මතක් වෙලා මොහොතකට කථා කරගන්න බැරි වුණා කියලා.

සාවින්ද්‍යා විභාගයට ලීවා. දැනගනිල්ලා… දැනගනිල්ලා… ඇය සියලුම විෂයයන්ට A සාමාර්ථ සහිතව විශිෂ්ට ලෙස විභාගයෙන් සමත් වුණා. ඉරිසියාකාර නූගත් ම්ලේච්ඡ අරගලකාරයන්ගේ මර්දනයට ඇයගේ බුද්ධිය යටපත් කරන්නට බැරි වුණා. ඇයගේ වීර්යය විනාශ කරන්නට බැරි වුණා.

සාවින්ද්‍යා කියන්නේ මාලිමාවේ මිනීමරු දේශපාලනයෙන් බැට කෑ කාන්තාවක්. ඒ වගේම ඔවුන්ගේ මැර බලයට යට නොවී සිය බුද්ධියෙන් සහ හැකියාවෙන් නැවත නැගී සිටි අයෝමය කාන්තාවක්. එම නිසා නුඹලා කිසිවෙකුට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ ඇයව හෝ ඇයගේ කථාවේ වචනයක් හෝ විවේචනය කරන්න.

සාවින්ද්‍යලා තව බොහෝ ඉන්නවා. මේ වගේ මර්දනයට ලක් වුණු දූ පුතුන් තව ඉන්නවා. ඔවුන් අද මෙරට පිටරට විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබනවා. මේ රටේ අනාගතය හිමි වන්නේ ඔවුන්ටයි. එදාට තරාදිය තුලනය වෙනවා. දිස් ඉස් පොලිටික්ස්.

එරන්ද ගිනිගේ
2025 නොවැම්බර් 23

උපුටා ගැනීමකි .

තෙරුවන් සරණයි ....!
12/11/2025

තෙරුවන් සරණයි ....!

2017 වසරේදී ආරම්භ කරන ලද යොවුන් බලගණය සහ 2019 වසරේ පටන් ගත් පරිසර හිතකාමී තරුණ පරපුර සංකල්පයත් නිර්මාතෲ සහ වත්මන් සභාපති...
26/10/2025

2017 වසරේදී ආරම්භ කරන ලද යොවුන් බලගණය සහ 2019 වසරේ පටන් ගත් පරිසර හිතකාමී තරුණ පරපුර සංකල්පයත් නිර්මාතෲ සහ වත්මන් සභාපති Shashika Anjana නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා..! අනගත සියලු කටයුතු සාර්තක වේවා..!

යොවුන් බලගණය සංවිධානය නිර්මාතෲ සහ  මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ශ මාධ්‍ය සහ  තරුණ සංධාන ලේකම් මාතරින් දකුණු පලා...
16/10/2025

යොවුන් බලගණය සංවිධානය නිර්මාතෲ සහ මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ශ මාධ්‍ය සහ තරුණ සංධාන ලේකම්
මාතරින් දකුණු පලාත් සභාවට .

24/08/2025

යොවුන් බලගණය සංවිධානයෙ සාමාජිකත්වය ගන්න කමති අය පේජ් එකට මැසේජ් එකක් දාන්න

පරිසර හිතකාමී යුගයක් කරා තරුණ පරපුර

2017 වසරේ අද වැනි දිනක පුංචි සිතුවිලකින්  රටවෙනුවෙන් සේවය කරන සුන්දර සිත් ඇති තරුණ තරුණියන් පිරිසක් විසින් ආරම්භ කල යොවු...
07/07/2025

2017 වසරේ අද වැනි දිනක පුංචි සිතුවිලකින් රටවෙනුවෙන් සේවය කරන සුන්දර සිත් ඇති තරුණ තරුණියන් පිරිසක් විසින් ආරම්භ කල යොවුන් බලගණය සංකල්පයට අදට වසර 8ක් . මෙතක් ආ ගමන් මග කල කී දෙ බොහෝය ඒ අතුරින් අප දියත් කල පැල දහසක ව්‍යාපෘතිය සිහිවන්නෙ එයට සම්බන්ද වූ අයහට නෙත් සිත් පිනවන්නෙ දසුනක් මෙන්ම නිදහසේ හුස්ම ගන්න මේ දෙරණට ණය නැති තරුණ තරුණියන් ලෙසයි. එවන් වූ ක්‍රියාදාමයන් සදහා දායක වීමට ඔබ සැමට ආරාධනා කරමි.

යොවුන් බලගණය නිර්මාතෲ
ශෂික අංජන .

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when යොවුන් බලගණය Youn Balaganaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to යොවුන් බලගණය Youn Balaganaya:

Share