රහල් 15 සහෘදත්වය - 2015 Batch of Rahula College, Matara

  • Home
  • Sri Lanka
  • Matara
  • රහල් 15 සහෘදත්වය - 2015 Batch of Rahula College, Matara

රහල් 15 සහෘදත්වය - 2015 Batch of Rahula College, Matara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රහල් 15 සහෘදත්වය - 2015 Batch of Rahula College, Matara, Rahula junction, Matara.

A new era begins at Rahula! 🧡💙The Class of 2015 joins the entire Rahula family in welcoming our new Principal, Mr. H.K.L...
12/04/2026

A new era begins at Rahula! 🧡💙

The Class of 2015 joins the entire Rahula family in welcoming our new Principal, Mr. H.K.L.B. Virajith Kadaweddwa.
Wishing him a successful tenure as he leads our school toward excellence.

රාහුල විද්‍යාලයීය අභිනව විදුහල්පති ලෙස පත්වීම් ලැබූ එච්.කේ.එල්.බී. විරාජිත් කඩවැද්දූව මැතිතුමාට අපගේ උණුසුම් සුභපැතුම්.

12/04/2026

රාහුල විද්‍යාලයීය අභිනව විදුහල්පති ලෙස පත්වීම් ලැබූ එච්.කේ.එල්.බී. විරාජිත් කඩවැද්දූව මැතිතුමාට අපගේ උණුසුම් සුභපැතුම්.

  🧡💙
02/04/2026

🧡💙

ඒ මාතෘත්වයට රාහුලයේ ගෞරවය! 🙏
රාහුලයන් කිසිදා නැවැත්විය නොහැක...

07/03/2026

The countdown begins !⏳

Just seven days to ignite the South.The excitement is building as we get ready for Walk for Rahula 2026.

Get ready to walk with pride and passion… ⚡️

"රහල් සහන සවිය" වැඩසටහන සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සම්බන්ධීකරණය කරමින් දැක්වූ සහයෝගය සහ කැපවීම වෙනුවෙන්, ශ්...
08/12/2025

"රහල් සහන සවිය" වැඩසටහන සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සම්බන්ධීකරණය කරමින් දැක්වූ සහයෝගය සහ කැපවීම වෙනුවෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කපිතාන්වරයෙකු ලෙස සේවයේ නියුතු, අප වසර කණ්ඩායමේ ඔසුර දේවින්ද සහෘදයා හට, රහල් 15 සහෘදත්වයේ හදපිරි ස්තූතිය පිරිනමන්නෙමු!
ඔබ ගැන අප නිහතමානීව ආඩම්බර වන්නෙමු. 🧡💙
Osura Devinda

රහල් සහන සවිය ව්‍යාපෘතිය වෙත ඔබ විසින් ලබා දෙන ලද රුපියල් මිලියන 25ක පමණ වටිනාකමක් සහිත සියලු ද්‍රව්‍ය (අධ්‍යාපන උපකරණ හැර) යුද්ධ හමුදාධිපතිතුමා වෙත භාර දීම දෙසැම්බර් මස 07වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුවිය. මෙකී සියලු භාණ්ඩ තොග ගත කර විපතට පත් වූ ජනතාව වෙත කිසිදු නාස්තියකින් තොරව ඔවුන්ගේ අවශ්‍යතාවයන් මත මුදා හැරීමේ වගකීම යුද්ධ හමුදාව විසින් බාර ගන්නා ලදී. මෙම සමස්ත ක්‍රියාවලියේදී අපට අනුශාසනා කළ ගෞරවනීය මහා සංඝරත්නය, අපට ශක්තියක් වූ වසර කණ්ඩායම්, අනුබද්ධ සංගම්, විධායක කමිටුවේ මීට ඉහතදී සිටි ජේෂ්ඨ ආදි සිසුන් ඇතුළු සමස්ත ආදි ශිෂ්‍ය ප්‍රජාවටත්, විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය, විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය ප්‍රධාන සියලුම දරුවන්, දෙමව්පියන්, විශ්‍රාම ගිය ගුරුවරුන් මෙන්ම රට උපද්‍රවයට පත් සෑම අවස්ථාවකදීම පෙරට පැමිණි සමස්ත මාතර ජනතාව වෙත අප සංගමයේ ගෞරවය මෙසේ පිරිනමමු. ඔවුන්ගේ සහයෝගය සහ පරිත්‍යාගශීලීභාවය නොවන්නට මෙම ව්‍යාපෘතිය මෙලෙස සාර්ථක නොවනු ඇත. සමස්ත ආදි ශිෂ්‍ය ප්‍රජාවම එකාවන්ව මෙම ව්‍යාපෘතිය පුරාවටම සිට ගැනීම ආදි ශිෂ්‍ය සංගමයක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක්ම බව යළි අභිමානයෙන් යුතුව ප්‍රකාශ කරමු.
අප විද්‍යාලයට ගෞරවයක් ලබා දෙමින් මෙම ව්‍යාපෘතිය මෙලෙස අවසන් කිරීමට අවස්ථාව නොපැකිලව සකසා දුන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ට අප සංගමයේ විශේෂ ගෞරවය පිරිනැමිය යුතුය. මීට අමතරව යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න RSP USP nps psc, ලුතිතන් කර්නල් නලින්ද කරුණාතිලක, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය / කපිතාන් ඔසුර දේවින්ද (2015 කණ්ඩායම) යන නිලධාරීන්ටත්, ඔවුන් සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් අප සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය චමින්ද කුමාර මහතාටත් අපගේ ස්තුතිය පිරිනමමු. එමෙන්ම අප සංගමයේ හිටපු ලේකම් වාසික නිලාන් සිල්වා සහ හිටපු ප්‍රධාන සංවිධායක නුවන් සේනක ඉඳිකැටිය මහත්වරුන් මෙම සමස්ත ව්‍යාපෘතිය තුළ සිය පූර්ව අත්දැකීම් තුළින් අප හට ලබාදුන් මග පෙන්වීම විශිෂ්ටය. තවද අප වෙත ප්‍රවාහන පහසුකම් සැලසූ නිපෝන් පේන්ට්ස් සහ රුක්ෂාන් ලී බඩු ආයතන මෙහිදී විශේෂයෙන් සිහිපත් කරමු.

නම් වශයෙන් සඳහන් නොකළද මෙකී ව්‍යාපෘතියේදී අප හට උපකාර කළ, ආශිර්වාද කළ විශාල පිරිසක් සිටින අතර ඔවුන් සියලු දෙනාටද අප ආදි ශිෂ්‍ය සංගමයේ ගෞරවය මෙසේ පිරිනමමු.

අප රැගෙන ගියේ හුදෙක් ඔබ ලබාදුන් බඩු භාණ්ඩ නොව

රහල් ආදි සිසුන්ගේ පෞරුෂයයි!
රාහුලයේ අභිමානයයි!
සමස්ත මාතර මිනිසුන්ගේ මනුෂ්‍යත්වයයි!

💙🧡
08/12/2025

💙🧡

මාතර රාහුල සිසුන්ගේ ආදරය දිනාගත් ගුරුතුමෙක් මෙන්ම,අප සහෘදයෙකුගේ දයාබර පියාණන් වූ එච්. වීරතුංග ගුරු පියාණනි, ඔබට නිවන් සු...
04/12/2025

මාතර රාහුල සිසුන්ගේ ආදරය දිනාගත් ගුරුතුමෙක් මෙන්ම,
අප සහෘදයෙකුගේ දයාබර පියාණන් වූ එච්. වීරතුංග ගුරු පියාණනි,
ඔබට නිවන් සුව...
🏳💔

ගංවතුරෙන් පීඩාවට පත්වූ ජනතාවට උදව් අවැසි මෙම මොහොතේ පෙරට එන සියලුම සහෘදයින් වෙත කෙරෙන ගෞරවනීය ඉල්ලීමයි...මෙම තීරණාත්මක අ...
29/11/2025

ගංවතුරෙන් පීඩාවට පත්වූ ජනතාවට උදව් අවැසි මෙම මොහොතේ පෙරට එන සියලුම සහෘදයින් වෙත කෙරෙන ගෞරවනීය ඉල්ලීමයි...
මෙම තීරණාත්මක අවස්ථාවේදී විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, රාහුල විද්‍යාලය සමග එකතුව මෙම ව්‍යාපෘතිය ඇරඹීමට තීරණය කර ඇත. එහි සාර්ථකත්වය වෙනුවෙන් මාතර පුරවරයේ ගෞරවනීය මිනිසුන්ගේ සහයෝගය සහ මැදිහත්වීම අපි අපේක්ෂා කරමු.

සුබ උපන්දිනක් රාහුල අම්මේ...🧡💙
01/05/2025

සුබ උපන්දිනක් රාහුල අම්මේ...
🧡💙


18/11/2024

Address

Rahula Junction
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when රහල් 15 සහෘදත්වය - 2015 Batch of Rahula College, Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to රහල් 15 සහෘදත්වය - 2015 Batch of Rahula College, Matara:

Share