23/07/2026
🟢 "අද පිරිසිදු කරමු – හෙට සුරකිමු" 🌿♻️
මාරාන්තික ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කිරීමේ සමාජ වගකීමක් ලෙස, රුහුණ විශ්වවිද්‍යාලයේ මානවක බාලදක්ෂ සමාජය විසින් සංවිධානය කළ "අද පිරිසිදු කරමු – හෙට සුරකිමු" ඩෙංගු මර්දන වැඩසටහන 2026 ජූලි 22 වැනිදා සවස සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහනේදී රුහුණ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුවේ සිට මාර්ග දෙපස පරිසරයට හානිදායක පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු බෝතල් සහ අනෙකුත් කැළි කසළ එකතු කර නිසි පරිදි බැහැර කිරීම සිදු කරන ලදී. එමගින් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන අවම කිරීමත්, පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනැගීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
මෙම සමාජ සත්කාරක වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සිය කාලය, ශ්‍රමය සහ කැපවීම ලබාදුන් සියලුම මානවක බාලදක්ෂ සාමාජිකයින්ට, විශ්වවිද්‍යාලීය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීතුමන්ට හා සහයෝගය ලබාදුන් සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. 🙏