04/01/2026
සමහර විට ඔබටත් මටත්, තව එක වතාවක් භාග්‍යවතුන් වහන්සේ දැකගන්න ලැබේවී..
බණ පදයක් අහන්න ලැබේවී..
සමහරවිට එතනදි සසර දුකින් නිදහස් වෙන්නත් පුලුවන් වේවී...ඒ දවස අතිශයන්ම විශ්මිත වගේම, අතිශයින්ම අනුවේදනීය දවසක්..
තව වසර 2500 කින් විතර අනාගතයේ දවසක් එනවා මනුස්සලෝකේ මිනිස්සු, බුදුරජාණන් වහන්සේ වදාල සතර පද ගාථාවක, එක පදයක්වත් නොදන්නා දවසක්..
අන්න එදවස තමයි, ගෞතම බුද්ධ සාසනය අතුරුදහන් වෙලා යන "වෙසක් පෝය" දවස..
එදා තමයි අපගේ බුදුරජාණන් වහන්සේගේ අවසාන පිරිණිවන් පෑම වූ "ධාතු පරිණිර්වාණය" සිද්ධ වෙන දවස...
එදා තමයි ඔබටත්,මටත් මේ භද්‍ර කල්පයේ පහල වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් රූප කාය දකින්න ලැබෙන අවසාන දවස...
එදාට, මහියංගනය සෑයේ වැඩ ඉන්න ග්‍රීවා ධාතුන් වහන්සේ,
දීඝවාපියේ වැඩ ඉන්න නිය ධාතුන් වහන්සේ..,
සේරුවාවිල වැඩ ඉන්න ලලාට ධාතුන් වහන්සේ, මිහින්තලේ වැඩ ඉන්න ඌර්ණ රෝම ධාතුන් වහන්සේ, මුතියංගන සෑයේ වැඩ ඉන්න මුක්තක ධාතුන් වහන්සේ, දළදා මාළිගාවේ වැඩ ඉන්න දළදා වහන්සේ, ථූපාරාමේ වැඩ ඉන්න අකු ධාතුන් වහන්සේ, සෝමාවතියේ වැඩ ඉන්න දළදා වහන්සේ, ඇතුලු මේ ලංකාද්වීපයේ වැඩ ඉන්න සියලු අස්ථි ධාතුන්ව වහන්සේලාද,කේෂ ධාතුන් වහන්සේලාද..
අහසට පැන නැගී,රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට වැඩම කරනවා...
රුවන්වැලි සෑ ගර්භයේ සිංහ තෙලෙන් දැල්වෙන පහන් හතරක් තියෙනවා..එදා දුටුගැමුණු රජතුමා ධාතු ගර්භයේ ධාතුන් වහන්සේලා තැන්පත් කල දවසේ සිට මේ දක්වාම ඒ පහන් දැල්වෙනවා...
එදින ඒ පහන් හතර ද නිවී යනවා..
මහා සෑයෙන් අහසට පැන නගින ධාතුන් වහන්සේලා නූලක ඇමිණු මුතුපොටක් සේ, නාගදීපයට වැඩම කරයි.,.
නාගදීප සෑයේ ඇති මිණිපළඟ මත ඒ සියලු ධාතුන් වහන්සේලා වැඩ හිඳින අතර නාරජවරුන් පෙරටු කරගෙන දිව්‍ය නාගයන් පැමිණ අනේක පුද සත්කාර කරනු ලබයි..
මිණිපළඟත් සමඟ අහසට පැන නගින ලංකාද්වීපයේ සියලු ධාතුන් වහන්සේලා ඉන් අනතුරුව දඹදිව බුද්ධගයාවේ ඒ අපරාජිත භූමිය වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ භූමීයට වැඩම කරයි..
එහිදි, නාගලෝක වලද, දිව්‍යලෝක වලද,බ්‍රහ්ම ලෝකවලද, දඹදිවද,අනෙක් රටවල් වලද ඇති සියලු ධාතුන් වහන්සේලා බෝමැඬ මූලයට වැඩම කරයි..
එකෙණෙහිම, බෝධිමූලය අසලින් මහා පොළව පලාගෙන වජිරාසනය අහසට පැන නගී..
එම වජිරාසනය මත සියලු ධාතුන් වහන්සේලා එකතු වී දෙතිස්මහා පුරුෂ ලකුණින්ද,අසූවක් අනුව්‍යාංජනයෙන් ද යුක්ත වූ අසිරිනත් සම්බුදු සිරුර මැවේ..
ලාලාට ධාතුන් වහන්සේ නළල් තලයේ වැඩ හිඳියි..දළදා වහන්සේලා ශ්‍රී මුඛයෙ වැඩ හිදියි...අභීනීල කේෂ ධාතුන් වහන්සේලා හිසේ වැඩ හිදියි..
මගේ බුදුරජාණ වහන්සේ දසමරුන් පරදා සම්බුද්ධත්වයට පත් වූ දිනයේ දස දහසක් සක්වල ඒකාලෝක කරමින් බුදු රැස් විහිදූවා සේම,
ඒ මොහෝතේද දස දහසක් ලෝකධාතුවම බබලවමින් බුද්ධ රශ්මිය විහිදෙයි...
ඒ ආලෝකය දකින දිව්‍ය බ්‍රහ්මයෝ
“අද අපගේ බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය සිදුවන දවසයි”
කියා වහ වහා ම නොයෙකුත් පූජාවන් ද ගෙන බොහෝ දෙව් බඹුන් ද සමඟින් බෝමැඩට රැස්වෙති..
එවිට ඒ සම්බුදුරුව අහසට පැන නැගී, ගණ්ඩබ්බ රුක් මුලදී මෙන් යමා මහ පෙළහර දක්වා අහසින් බැස වජ්‍රාසනය මත වැඩ හිඳියි...
එසේ වැඩහිඳ කුරවි නාදයක් බඳු බ්‍රහ්මස්වරය අවසන් වරට ව්වර කරමින් භාග්‍යවතුන් වහන්සේ දෙව් බඹුන්ට ධර්මය දේශනා කරන්නේය..
මේ අසිරිමත් සිදුවීම, මනුලොව කිසිදු මිනිසෙකුට නොදැකිය හැකි අතර දෙව් බඹුන් පමණක් දකිති...
එදා සම්බුද්ධත්වයට පත් වන මොහෝතේ මෙන් දිස්වෙන බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන්
රැස්ව සිටින අසංඛ්‍යයක් පමණ වූ දෙවියන්ද බඹුන්ද බුද්ධානුස්සතිය සිහිකොට මාර්ගඵල අවබෝධ කරන්නට භාග්‍යවන්ත වේ...
ඉන් අනතුරුව, ධාතු ශරීරයෙන් බ්‍රහ්මලෝකය දක්වාම පැන නගින මහත් වූ ගිනි ජාලාවකින් ධාතුන් වහන්සේලා ආදාහනය වන්නට පටන් ගනියි..
මෙය දකින දස දහසක් සක්වළ දෙවිවරු..
"“මේ අපගේ බුදුරජුන්ගේ අවසාන දර්ශනය යි.. කල්ප අසංඛෙය්‍යකින්වත් දකින්නට නොලැබෙන බුදු කෙනෙක් අද අතුරුදන් වෙයි..
අහෝ! ලෝකය හිස් වුණා”"
කියමින් හඬ හඬා කඳුළු ධාරා වගුරුවති...
ඒ මොහොතේ අබ ඇටයක් තරම්වත් කුඩා වූ සර්වඥ ධාතූන් වහන්සේ නමක් ඉතිරි නොවී සියලුම ධාතුන් වහන්සේලා අළුවත් දැලිවත් ඉතුරු නොවෙමින් ආදාහනය වෙති..
සියලු ධාතු දැවුණු විට ගිනිකඳ අතුරුදන් වී යයි..
ලෝකයේ යම්තාක් පිළිම ඇත්ද ඒ සියල්ලද අතුරුදහන් වෙයි...
සියලු ශ්‍රිපද ලකුණු ද අතුරුදහන් වි යයි..
ඒ ධාතු පරිණිර්වාණයත් සමඟම,සාරාසංඛෙක්‍ය කල්ප ලක්ෂක් පෙරුම් පුරා, සම්බුද්ධත්වයට පත් වූ අප සරණ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ සාසනයද සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී යයි.. 😢
=====================================
චාතුම්මහාරාජික දෙව්ලොව දවසක් කියන්නේ මනුස්ස ලේකේ අවුරුදු 50ක්.. ඒ දෙවිවරුන්ට තව දවස් 50කින් විතර ඒ අසිරිමත් ධාතු පරිණිර්වාණය දැක ගන්න පුලුවන්...
තව්තිසාවේ දෙවිවරුන්ට දවස් 25කින් බුදුරජාණන් වහන්සේ දැක ගන්න පුලුවන්...
යාම දෙව්ලොව දෙවියන්ට තව දවස් 12කින් වගේ බුදුරජාණන් වහන්සේ දැකගන්න පුලුවන්..
ඒ වගේම මෙතේ බෝසාතාණ්න් වහන්සේ වැඩ ඉන්න,දුටුගැමුණු,සද්දාතිස්ස රජවරු ඉන්න් තුසිත දෙව්ලොව දේවියන්ට තව දවස් 6කින් වගේ බුදුරජාණන් වහන්සේ දැක ගන්න පුලුවන්..
නිම්මාරති දෙවියන්ට දින 3කින් ද,පරිණිම්මිත වසවර්ති දෙවියන්ට තව දින එක හමාරකින් වගේ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් දර්ශනය දැක ගන්න වාසනාව ලැබෙනවා..
මේ දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ දැක ගන්න විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ හැබැහින් දැකලා, ධර්මය අහලා බුද්ධානුස්සතිය උපදවාගෙන මාර්ගඵල අවබෝධ කරන්නත් වාසනාව උදා වෙනවා!!
මනුස්ස ලෝකේ දැන් පිං කරන කෙනෙකුට,ධර්මය පුරුදු කරන කෙනෙකුට, මේ ජිවිතේ මාර්ගඵල අවබෝධ කර ගන්න බැරුව මිය යන්න සිද්ධ වුනොත් ඒ අයට බොහෝ විට දෙව්ලොව උපත උරුම වෙනවා..
ඒ අයට තව අඩුම මාස 2කින් හෝ දින කීහිපයකින් ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අවසාන දර්ශනය දකින්න ලැබෙනවා..
ඒ අවසන් දැකුමෙන් බුද්ධානුස්සතිය වඩා මාර්ගඵල අවබෝධ කරන්නටද ලැබෙනවා..!!!
එනිසා මේ ජිවිතේ හොදට පිං කර ගන්න..ධර්මය පුරුදු කරන්න...බුද්ධානුස්සතිය වඩන්න..අමාරුවෙන් හරි සිල්පද ටික රැක ගන්න...සංඝරත්නයට දන් පැන් දෙන්න..
සමහර විට ඔබටත් බුදුරජාණන් වහන්සේගේ අවසන් වතාවට දැකගන්න වාසනාව උදා වේවී.!!
පූජාවලිය,සද්ධර්මරත්නාවලිය ඇසුරෙ.නි...