Marapola OBA

Marapola OBA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Marapola OBA, Non-Governmental Organization (NGO), Old boys association, Minu/Marapola Maha Vidyalaya, .

14/04/2026
අපගේ යුතුකම..........මාරාපොල මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් අප විදුහල් මාතාව වෙත පිදූ තවත් තිළිණයක්..........වි...
13/04/2026

අපගේ යුතුකම..........

මාරාපොල මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් අප විදුහල් මාතාව වෙත පිදූ තවත් තිළිණයක්..........

විදුහලේ මාධ්‍ය ඒකකයේ ඉල්ලීමක් පරිදි අප සංගමය විසින් මෙසේ දැක්ම හා මෙහෙවර දැක්වෙන පුවරුවක් ඉදිකර පරිත්‍යාග කරන ලදි.

මේ සඳහා මූල්‍ය දායකත්වය දැක්වූ ආදි ශිෂ්‍යයන් වන,

🇮🇹 ✈️ ඉතාලියේ සේවයේ නියුතු ,
🌸 චන්දන සේනානායක
🌸 ඉන්දික පතිරාජ
🇰🇷 ✈️ දකුණු කොරියාවේ සේවයේ නියුතු ,
🌸 බුද්ධික ප්‍රසාද්
යන අපගේම සහෝදරයන්ට ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රණාමය........

එමෙන්ම තම කාලය ශ්‍රමය කැප කරමින් මෙය ඉදිකිරීමට දායක වූ සියළුම ආදි සිසුන්ට අප සංගමය බෙහෙවින් ස්තුතිවන්ත වන්නෙමු.

ඉදිරියේදී තව තවත් අපගේ පාසල වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට අප සංගමයට හැකිවේවා!!

සුදානමින් සිටින්න...
01/04/2026

සුදානමින් සිටින්න...

සදා අමරණීයයි නුඹ ගුරු මෑණියනි........අපගේ පාසල වෙනුවෙන් එතුමියගේ යුතුකම අකුරටම ඉටු කල, නීති ගරුක, අවංක සහ දරුවන්ගේ සුභසි...
14/03/2026

සදා අමරණීයයි නුඹ ගුරු මෑණියනි........

අපගේ පාසල වෙනුවෙන් එතුමියගේ යුතුකම අකුරටම ඉටු කල, නීති ගරුක, අවංක සහ දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන්ම කැපවූ ඔබ තුමිය අප හදවත් තුළ සදා අමරණීයයි....

අපගේ පුස්තකාලය ගොඩනැගුනේද එතුමියගේ මැදිහත්වීමෙනි. ඒ සඳහා මූල්‍ය දායකත්වයද එතුමියගේ නැන්දනිය විසින් සිදු කෙරිණි.

අප පාසල බැබලවූ එතුමිය පාසලේ විනය භාර ගුරුතුමිය ලෙස දරුවන්ගේ විනය ඉහල මට්ටමක පැවැත්වා ගනීමට සමත් විය. එතුමියගේ නම ඇසූ සැනින් (රූපා ටීචර්) මහා ගරුත්වයක් අප සිත් තුළ ඇතිවන ඇය සැබැවින්ම තේජාන්විත චරිතයකි...

පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස කලයක් සේවය සැපයූ එතුමිය දෙමව්පියන්ගේ දරුවන්ගේ සහ අනෙකුත් ගුරුවරුන්ගේ පැසසුමට ලක් වූ අපූරු චරිතයකි.

අප අතරින් වෙන්ව ගියද අප හදවත් තුළ සහ පාසලේ ඔබ සදා අමරණීයයි...

ඔබට නිවන් සුව!!!

අපේ සුභ පැතුම්!!!
17/02/2026

අපේ සුභ පැතුම්!!!

2026 වර්ෂයේ පළමු මහා සභා රැස්වීම පෙබරවාරි මස 15 වන ඉරු දින සවස 3ට මාරාපොල මහා විදුහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙ...
27/01/2026

2026 වර්ෂයේ පළමු මහා සභා රැස්වීම පෙබරවාරි මස 15 වන ඉරු දින සවස 3ට මාරාපොල මහා විදුහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙන ඇත. එදිනට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමටද අපේක්ෂා කරන බැවින් සියලු සාමාජික සාමාජිකාවන්ගේ පැමිණීම අපේක්ෂා කරමු.

අද දින පැවැත්වීමට නියමිතව තිබූ මහා සභා රැස්වීමට විදුහල්පිතුමාට පැමිණීමට නොහැකි බව උප සභාපති තුමාට දැනුම් දී ඇත. තවද ඒ සඳ...
18/01/2026

අද දින පැවැත්වීමට නියමිතව තිබූ මහා සභා රැස්වීමට විදුහල්පිතුමාට පැමිණීමට නොහැකි බව උප සභාපති තුමාට දැනුම් දී ඇත. තවද ඒ සඳහා විදුහල්පිතුමන්ගේ නියෝජිතයකු හෝ සම්බන්ධ කිරීමටද නොහැකි බව එතුමන් දන්වන ලදී. අනතුරුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා පවසා සිටියේ නිලවරණය පැවැත්වීමට නියමිත නිසා විදුහල්පිතුමන් අත්‍යවශ්‍ය බවයි. එබැවින් අද දින පැවැත්වීමට නියමිතව තිබූ මහා සභා රැස්වීම අද දින පැවැත්වීමට නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙන්නෙමු.
තවද මහා සභා රැස්වීම පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන්නෙමු.

2026 වර්ෂයේ පළමු මහා සභා රැස්වීම ජනවාරි මස 18 වන ඉරු දින සවස 3ට මාරාපොල මහා විදුහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙන ...
16/11/2025

2026 වර්ෂයේ පළමු මහා සභා රැස්වීම ජනවාරි මස 18 වන ඉරු දින සවස 3ට මාරාපොල මහා විදුහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙන ඇත. එදිනට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමටද අපේක්ෂා කරන බැවින් සියලු සාමාජික සාමාජිකාවන්ගේ පැමිණීම අපේක්ෂා කරමු.

ඉතින් ආයුබෝවන් ගුරු මෑණියනි ......වසර 7ක් මාරාපොල ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන්ට ඉංග්‍රීසි විෂය ඉගැන්වූ ආදරණීය "අනූෂා...
09/04/2025

ඉතින් ආයුබෝවන් ගුරු මෑණියනි ......

වසර 7ක් මාරාපොල ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන්ට ඉංග්‍රීසි විෂය ඉගැන්වූ ආදරණීය "අනූෂා ටීචර්"

අප ප්‍රාථමික පාසලට පැමිණි දා සිට ඔබ කල සේවය මිල කල නොහැක. විටෙක ගුරුවරියක් වූ ඔබ තවත් විටෙක දරුවන්ට ආදරණීය මවක් වූවාය. දරුවෙකුගේ අසනීපයකදී ඔබ ඒ සඳහා ඉතාමත් යුහුසුළුව කැපවීමෙන් ක්‍රියා කරන ආකාරය අප ඕනෑ තරම් දැක ඇත. ඔබගේ වදන් මදක් සැර වැඩි වුවද ඒ දරුවන්ට ඇති ආදරය නිසාම බව අප හොඳින් දනී. දරුවන්ගේ ඔබට ඇති ආදරයේද කිසිඳු අඩුවක් නොමැත.

පාසලේ විෂය බාහිර කටයුතු වලදී පෙරමුණ ගෙන කටයුතු කල ආකාරය අපට මතකය. ඔබගේ වෙනත් පාසලකට නික්ම යාම අප පාසලට විශාල පාඩුවකි. එමෙන්ම එම පාසලේ දරුවන් ලද විශාල භාග්‍යයකි.

ඉතින් ගුරු මෑණියනි ,
තවත් දිගු කලක් ආදරණීය දරු දැරියන්ගේ නැණ නුවන පෑදීමට ශක්තිය ධෛර්ය ලැබේවා!!

වසර 14ක් මාරපොල මහා විදුහලේ සිසු දරුවන් සප්ත ස්වරයෙන් මුසපත් කළ සංගීත ආචාරවරිය වූ තේජා ගගතැන්න ගුරුමහත්මියගේ සමුගැනීම...
07/04/2025

වසර 14ක් මාරපොල මහා විදුහලේ සිසු දරුවන් සප්ත ස්වරයෙන් මුසපත් කළ සංගීත ආචාරවරිය වූ තේජා ගගතැන්න ගුරුමහත්මියගේ සමුගැනීම...

මාරාපොල මහා විද්‍යාලයට ආදරය කරන ආදි ශිෂ්‍ය ඔබ සැමගේ සහභාගීත්වය අපේක්ෂා කරන්නෙමු...
09/02/2025

මාරාපොල මහා විද්‍යාලයට ආදරය කරන ආදි ශිෂ්‍ය ඔබ සැමගේ සහභාගීත්වය අපේක්ෂා කරන්නෙමු...

නොවැළැක්විය හැකි හේතුවක් නිසා ජනවාරි මස 19 වන දින පැවැත්වීමට තිබූ මහා සභා රැස්වීම එදිනට නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න....
17/01/2025

නොවැළැක්විය හැකි හේතුවක් නිසා ජනවාරි මස 19 වන දින පැවැත්වීමට තිබූ මහා සභා රැස්වීම එදිනට නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න...

Address

Old Boys Association, Minu/Marapola Maha Vidyalaya

Alerts

Be the first to know and let us send you an email when Marapola OBA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Marapola OBA:

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share