Marapola OBA

Website Contact the organization

Marapola OBA Old Boys Association of Minu/Marapola Maha Vidyalaya

අප පාසලේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක් වූ දර්ශනී තුෂාරිකා මහත්මිය විගොඩ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස පත්වී ඇත. සොයුරිය, ඔ...
21/09/2026

අප පාසලේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක් වූ දර්ශනී තුෂාරිකා මහත්මිය විගොඩ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස පත්වී ඇත. සොයුරිය, ඔබට මාරාපොල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සුභ පැතුම් !!!

ඊයේ දින පැවති මාරාපොල මහා විද්‍යාලයීය ලේ දන් දීමේ වැඩ සටහනට ආදි ශිෂ්‍ය දායකත්වයෙන් කොටසක්..
26/07/2026

ඊයේ දින පැවති මාරාපොල මහා විද්‍යාලයීය ලේ දන් දීමේ වැඩ සටහනට ආදි ශිෂ්‍ය දායකත්වයෙන් කොටසක්..

MARAPOLA OBA CRICKET FIESTA 2026Champions - Legend CCRunners up - Yatagama YCC
14/07/2026

MARAPOLA OBA CRICKET FIESTA 2026

Champions - Legend CC
Runners up - Yatagama YCC

13/07/2026

සුහදත්වයේ ක්‍රිකට් සැණකෙළිය 3 - 2026 ඉතා සාර්ථකව අවසන් වූ බව සතුටින් දන්වා සිටිමු.

මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය වශයෙන් උපකාර කල පාසලේ ආදි ශිෂ්‍ය සහෝදරයන්ට විශේෂ ස්තුතිය පුද කර සිටින අතර, නම් වශයෙන් පැවසීමට නොහැකි වුවද නන් අයුරින් දායක වූ සැමට ස්තුතිවන්ත වන්නෙමු.

එමෙන්ම මෙම අවස්ථාවට අපගේ ආරාධනය පිළිගෙන පැමිණි මාරාපොල මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාටත්, අප පාසලේම ආදි ශිෂ්‍යාවක් වූ දැනට යටගම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස කටයුතු කරන දර්ශනී තුෂාරිකා මහත්මියටත් අපගේ ස්තුතිය පුද කරමු.

මෙම ක්‍රිකට් සැණකෙළිය සඳහා සම්බන්ධ වූ අපගේ සහෝදර ආදි ශිෂ්‍ය සැමටද අපගේ ස්තුතිය.

තරඟය අතර තුර අනතුරට ලක් වූ සොයුරාට ආදි ශිෂ්‍ය සංගමයේ කණගාටුව ප්‍රකාශ කරන අතර ඔහුට ඉක්මන් සුවය පතන්නෙමු.

11/07/2026
හෙටයි අපේ දවස...
11/07/2026

හෙටයි අපේ දවස...

ජූලි 12 තමයි දවස
04/07/2026

ජූලි 12 තමයි දවස

ශාන්ති ටීචර් .......මාරාපොල ඉස්කෝලෙ මුල් ගුරු පරපුරේ ප්‍රධානම චරිතයක්. ඒ කාලෙ හරිම ලස්සනයි. ඇඳුම උනත් හරි පිළිවෙලයි. ඉගැ...
25/06/2026

ශාන්ති ටීචර් .......
මාරාපොල ඉස්කෝලෙ මුල් ගුරු පරපුරේ ප්‍රධානම චරිතයක්. ඒ කාලෙ හරිම ලස්සනයි. ඇඳුම උනත් හරි පිළිවෙලයි.

ඉගැන්නුවෙ විද්‍යාව විෂය.ඒක ළමයින්ට ආස හිතෙන්න ඉගැන්නුවා.ඒ කාලෙ විද්‍යාගාරය පොඩි උනත් ඒක පිළිවෙලට ලස්සනට තියාගන හිටියා.

තරහ ගන්නෙත් නෑ. ඒත් අපි පොඩ්ඩක් බයයි. වෙලාවකට යාලුවො වගෙත් ඉන්නවා. පාසලේ විනය සම්බන්ධයෙන් දැඩි ලෙස කටයුතු කලා. ගැහුවෙත් නෑ. සමහර දේවල් විහිළුවෙන් පාලනය කලා.

ඉතින් ටීචර් සුභ ගමන්.......
ඔබතුමියට නිවන් සුව ලැබේවා!!

අපි ඔයාගෙ ආදි ශිෂ්‍යයන්,
ඔයාගෙ වචනෙන් කියනව නම්
" දරුවො"

Address

Old Boys Association, Minu/Marapola Maha Vidyalaya
Marapola

Alerts

Be the first to know and let us send you an email when Marapola OBA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Marapola OBA:

Shortcuts

Share