18/02/2026
2026 -2028 නිල කාලය වෙනුවෙන් තේරී පත්වූ නව නිලධාරි මණ්ඩලය ඉදිරි නිල කාලය සඳහා වැඩ අරඹමින් ශාකා සංගම් නිල මංඩල සමග රැස්වීම් මාලාවක් අරඹයි.. !
2026 - 2028 නිල කාලය සඳහා ලංකා බැංකු සේවක සංගමයේ මව් සංගම් නිලධාරී මණ්ඩලය පත්වීමෙන් පසු සංගමයේ නව නිල කාලය ආරම්භයේදී සම්පූර්ණ කලයුතුව පවතින ව්‍යවස්තාපිත කටයුතු සම්බන්ධයෙන් මෙන්ම,
වර්තමානයේ බැංකු පද්ධතිය සහ වෘත්තීය සමිති ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති අභියෝගයන් පිළිබඳව ශාඛා සංගම් දැනුවත් කිරීමත්,
මතු සඳහන් කළ තත්වයන් තළ පැන නඟින පොදු ගැටළු විසදාගැනීම වෙනුවෙන් වගකීම් සහගත වෘත්තීය සමිතියක් ලෙස මැදිහත්වීමේදී ශාඛා සංගම් වල දායකත්වය පිළිබඳව හා සංගමයේ ශාඛා සංගම් තුල පැන නඟින ගැටළු විසඳාගැනීම වෙනුවෙන් ගනු ලබන පොදු ක්‍රියාමාර්ග තුලදී ශාඛා සංගම් වල කාර්‍යභාරය පිළිබඳවත්, ශාඛා සංගම් සමඟ සිදුකරනු ලබන සාකච්ඡා මාලාවේ ප්‍රථම සාකච්ඡාව, ඊයේ දිනයේදී HNB බැංකු ශාඛා සංගමය සමඟින් ලංකා බැංකු සේවක සංගම් මුලස්ථානයේදී පැවැත්විණි.
විශේෂයෙන්ම HNB බැංකුවේ කලමණාකාරිත්වය විසින් සිදුකිරීමට යෝජිත Junior Executive - Executive/Senior Executive නාම කරන වෙනස් කිරීමේ යෝජනාවේ ඇති වී තිබෙන ගැටලුකාරී තත්වය විසදා ගැනීම, දිගින් දිගටම සේවකයා මත පැටවෙන යථාර්ථවාදී නොවන ඉලක්කයන් නිසා රාජකාරියේදී සේවකයන් පත්වී ඇති අධික පීඩාකාරී වාතාවරණයන් වෙනුවෙන් විසදුම් සෙවීමත්,
2027 වර්ෂයේදී සාමූහික ගිවිසුම් සදහා පෙර සූදානම පිලිබදවත් සංගමයේ සාමාජික ප්‍රවර්ධනය සදහා නව සාමාජික බදවා ගැනීම් සිදුකිරීම ඇතුළු සංගමයේ උපායමාර්ගික සැලසුම් පිලිබදව ගැඹුරු සාකච්චාවක් සිදුකරන ලදී.
මේ සඳහා ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරමින් සභාපති චන්න දිසානායක සහෝදරයා හා ප්‍රධාන ලේකම් රංජන් සේනානායක සහෝදරයා ඇතුළු මව් සංගම් නිළධාරී මණ්ඩලයේ සහෝදරවරුන් සහ HNB බැංකුව ශාඛා සංගමය නියෝජනය කරමින් එම ශාඛා සංගමයේ ලේකම්, ජේෂ්ඨ උප සභාපති ඇතුලු ශාඛා සංගමයේ නිළධාරී මණ්ඩල සහෝදරවරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
ලංකා බැංකු සේවක සංගමය
2026.02.18