Life for All Foundation

Life for All Foundation We are a charity organization uplifting the living conditions of under privileged and vulnerable persons including children, women and disabled persons.

We work in partnership with donors who are willing to support people in need. Please join us.

🌸අපේ කාන්තාවන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරන්න අලුත් අවස්ථාවක්!🌸Life for All Foundation (LFA) විසින් අප සමඟ කටයුතු කරන කාන්තා ...
13/08/2026

🌸අපේ කාන්තාවන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරන්න අලුත් අවස්ථාවක්!🌸

Life for All Foundation (LFA) විසින් අප සමඟ කටයුතු කරන කාන්තා සමිති හරහා චක්‍රීය ණය අරමුදලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

💰 මේ සඳහා එක් කාන්තා සමිතියකට "රු. 50, 000 සිට රු. 200,000ක අරමුදලක්" LFA විසින් ලබා දෙනවා.

මෙම මුදලින් සමිතියේ සාමාජිකාවන්ට තමන්ගේ ආදායම් මාර්.ගයක් ආරම්භ කිරීමට හෝ දැනට කරන ව්‍යාපාරයක් වැඩිදියුණු කිරීමට ණය ලබාගන්න පුළුවන්.

🔹 එක් සාමාජිකාවකට අවශ්‍යතාවය අනුව රු. 20,000 දක්වා
🔹 වාර්.ෂික පොලිය 5% පමණයි
🔹 ණය ගෙවීමේ කාලය මාස 6යි
🔹 ණය ලබාදෙන්නේ ආදායම් උපයන කටයුතු සඳහා පමණයි

🔄 මේක සාමාන්‍ය ආධාර මුදලක් නෙවෙයි — චක්‍රීය අරමුදලක්.

ඔබ ගෙවන ණය මුදල සහ පොලිය නැවත අරමුදලට එකතු වෙනවා. ඒ මුදලින් තවත් කාන්තාවකට තමන්ගේ ජීවනෝපාය දියුණු කරගන්න ණයක් ලබාගන්න පුළුවන්.

ඒ කියන්නේ...

අද ඔබට ලැබෙන අවස්ථාව ❤️
හෙට තවත් කාන්තාවකට අවස්ථාවක් බවට පත්වෙනවා. 🌱

අරමුදල කාන්තා සමිතිය විසින් කළමනාකරණය කරන අතර LFA විසින් අවශ්‍ය මඟපෙන්වීම සහ අධීක්ෂණය ලබා දෙනවා.

🤝අපි එකතුවෙලා අපේ කාන්තාවන්ගේ ආදායම වැඩි කරමු.
අපේ කුඩා ව්‍යාපාර ශක්තිමත් කරමු.
එක් කාන්තාවකගේ සාර්ථකත්වය තවත් කාන්තාවකට අවස්ථාවක් කරමු. 💚

Life for All Foundation (LFA)

අප වෙත විස්තර එවූ සියලු දෙනාටම ස්තූතියි. ෆේස්බුක් හරහා විස්තර ලබා දුන් දරුවන් 51ක් සහ WhatsApp හරහා විස්තර එවූ 200කට අධි...
25/07/2026

අප වෙත විස්තර එවූ සියලු දෙනාටම ස්තූතියි.
ෆේස්බුක් හරහා විස්තර ලබා දුන් දරුවන් 51ක්
සහ WhatsApp හරහා විස්තර එවූ 200කට අධික සාමාන්‍යපෙල සහ උසස්පෙල සමත් දරුවන් අතරින් විශිෂ්ට ලෙස සමත් වූ දරුවන්ට රුපියල් 5000ක් වටිනා තෑගි වව්චරයක් ලබා දෙනු ලැබේ.
සාමාන්‍ය පෙල විභාගයේදී සියලු විශයන් සමත් වී තිබීම අනිවාර්ය වන අතර අවම වශයෙන් A සාමාර්ථ 5ක් හෝ වැඩි ගණනක් ලබාගත් දරුවන්
සහ
උසස්පෙල විභාගයේදී විශයන් 3ටම අවම වශයෙන් C සාමාර්ථ 3ක් හෝ ඉහල සාමාර්ථයක් ලබාගත් සිසුන් තෝරා ගැනීමට තීරනය කරන ලදී.

දිත්වා සුළි කුණාටුව අතරතුරදී පැවති, සාමාන්‍ය පෙළ O/L විභාගයෙන් විශිෂ්ට සමාර්.ථ ලබාගත්, දිත්වා ගංවතුරෙන් පිඩාවට පත්වූ කොළඹ දිස්ත්‍රික්කයේ දූ පුතුන්ට ත්‍යාග ලබා දීමට life for all foundation අපි කටයුතු සුදානම් කර ඇත.
සුලි කුණාටුවෙන් පරාජය කල නොහැකි වූ ඔබේ ආත්ම විශ්වාසය සහ ධෛර්යය අගය කරනු පිණිස රුපියල් පන්දහසක් වටිනා වවුචරයක් ලබාදීමට කටයුතු සංවිධාන කර ඇත.
කොලබ දිස්ත්‍රික්කයේ කඩුවෙල කොලොන්නාව සහ සීතාවක ප්‍රාදේශීය කොට්ටාශ වල දු පුතුන්ට ප්‍රමුඛතාවය හිමිවේ.
කොලබ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රා. ලේ. කොට්ටාශවල විශිෂ්ට සමාර්.ථ ලබාගත්, දිත්වා ගංවතුරෙන් පිඩාවට පත්වූ දරුවන්ටද අයදුම් කල හැක 0741718108 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

ඉල්ලීම් භාරගන්නා අවසාන දිනය ජුලි මස 23 සිකුරාදා.

ඔබ දන්නා එවන් දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්, ගුරුවරුන් විදුහල්පතිවරුන් වේ නම් මෙහි Tag කරන්න කමෙන්ට් වල Mention කරන්න

15/07/2026

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් දරුවන්ට තෑගි.

දිත්වා සුළි කුණාටුව අතරතුරදී පැවති, උසස් පෙළ A/L සහ සාමාන්‍ය පෙල O/L විභාග වලින් විශිෂ්ට සමාර්ථ ලබාගත්, දිත්වා ගංවතුරෙන් පිඩාවට පත්වූ කොළඹ දිස්ත්‍රික්කයේ දූ පුතුන්ට ත්‍යාග ලබා දීමට life for all foundation අපි කටයුතු සුදානම් කර ඇත.

සුලි කුණාටුවෙන් පරාජය කල නොහැකි වූ ඔබේ ආත්ම විශ්වාසය සහ ධෛර්යය අගය කරනු පිණිස රුපියල් පන්දහසක් වටිනා වවුචරයක් ලබාදීමට කටයුතු සංවිධාන කර ඇත.
කොලබ දිස්ත්‍රික්කයේ කඩුවෙල කොලොන්නාව සහ සීතාවක ප්‍රාදේශීය කොට්ටාශ වල දු පුතුන්ට ප්‍රමුඛතාවය හිමිවේ.
කොලබ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රා. ලේ. කොට්ටාශවල විශිෂ්ට සමාර්.ථ ලබාගත්, දිත්වා ගංවතුරෙන් පිඩාවට පත්වූ දරුවන්ටද අයදුම් කල හැක . Life for All Foundation ෆේස්බුක් පිටුවට හෝ 0741718108 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.
ඉල්ලීම් භාරගන්නා අවසාන දිනය ජුලි මස 23 සිකුරාදා.
ඔබ දන්නා එවන් දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්, ගුරුවරුන් විදුහල්පතිවරුන් වේ නම් මෙහි Tag කරන්න කමෙන්ට් වල Mention කරන්න.

සාමාන්‍ය පෙළ කරපු නංගිලා මල්ලිලා විතරක් නෙමේ, උසස් පෙළ කරපු අයියලා අක්කලවත් අපි අමතක කරන්නේ නෑ දිත්වා සුළි  කුණාටුව අතරත...
10/07/2026

සාමාන්‍ය පෙළ කරපු නංගිලා මල්ලිලා විතරක් නෙමේ, උසස් පෙළ කරපු අයියලා අක්කලවත් අපි අමතක කරන්නේ නෑ

දිත්වා සුළි කුණාටුව අතරතුරදී පැවති, උසස් පෙළ A/L විභාගයෙන් විශිෂ්ට සමාර්.ථ ලබාගත්, දිත්වා ගංවතුරෙන් පිඩාවට පත්වූ කොළඹ දිස්ත්‍රික්කයේ දූ පුතුන්ට ත්‍යාග ලබා දීමට life for all foundation අපි කටයුතු සුදානම් කර ඇත.
සුලි කුණාටුවෙන් පරාජය කල නොහැකි වූ ඔබේ ආත්ම විශ්වාසය සහ ධෛර්යය අගය කරනු පිණිස රුපියල් පන්දහසක් වටිනා වවුචරයක් ලබාදීමට කටයුතු සංවිධාන කර ඇත.
කොලබ දිස්ත්‍රික්කයේ කඩුවෙල කොලොන්නාව සහ සීතාවක ප්‍රාදේශීය කොට්ටාශ වල දු පුතුන්ට ප්‍රමුඛතාවය හිමිවේ.
කොලබ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රා. ලේ. කොට්ටාශවල විශිෂ්ට සමාර්.ථ ලබාගත්, දිත්වා ගංවතුරෙන් පිඩාවට පත්වූ දරුවන්ටද අයදුම් කල හැක 0741718108 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.
ඉල්ලීම් භාරගන්නා අවසාන දිනය ජුලි මස 23 සිකුරාදා.
ඔබ දන්නා එවන් දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්, ගුරුවරුන් විදුහල්පතිවරුන් වේ නම් මෙහි Tag කරන්න කමෙන්ට් වල Mention කරන්න.

දිත්වා සුළි  කුණාටුව අතරතුරදී පැවති, සාමාන්‍ය පෙළ O/L  විභාගයෙන් විශිෂ්ට සමාර්.ථ  ලබාගත්,  දිත්වා ගංවතුරෙන් පිඩාවට පත්වූ...
09/07/2026

දිත්වා සුළි කුණාටුව අතරතුරදී පැවති, සාමාන්‍ය පෙළ O/L විභාගයෙන් විශිෂ්ට සමාර්.ථ ලබාගත්, දිත්වා ගංවතුරෙන් පිඩාවට පත්වූ කොළඹ දිස්ත්‍රික්කයේ දූ පුතුන්ට ත්‍යාග ලබා දීමට life for all foundation අපි කටයුතු සුදානම් කර ඇත.
සුලි කුණාටුවෙන් පරාජය කල නොහැකි වූ ඔබේ ආත්ම විශ්වාසය සහ ධෛර්යය අගය කරනු පිණිස රුපියල් පන්දහසක් වටිනා වවුචරයක් ලබාදීමට කටයුතු සංවිධාන කර ඇත.
කොලබ දිස්ත්‍රික්කයේ කඩුවෙල කොලොන්නාව සහ සීතාවක ප්‍රාදේශීය කොට්ටාශ වල දු පුතුන්ට ප්‍රමුඛතාවය හිමිවේ.
කොලබ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රා. ලේ. කොට්ටාශවල විශිෂ්ට සමාර්.ථ ලබාගත්, දිත්වා ගංවතුරෙන් පිඩාවට පත්වූ දරුවන්ටද අයදුම් කල හැක 0741718108 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

ඉල්ලීම් භාරගන්නා අවසාන දිනය ජුලි මස 23 සිකුරාදා.

ඔබ දන්නා එවන් දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්, ගුරුවරුන් විදුහල්පතිවරුන් වේ නම් මෙහි Tag කරන්න කමෙන්ට් වල Mention කරන්න

16/05/2026
🌸 සිංහල හා දෙමළ අලුත් අවුරුදු උළෙල - 2026 🌸Life for All Foundation සහ කඩුවෙල කාන්තා සමිති එක්ව සංවිධානය කළ අභිමානවත් සූර...
15/05/2026

🌸 සිංහල හා දෙමළ අලුත් අවුරුදු උළෙල - 2026 🌸

Life for All Foundation සහ කඩුවෙල කාන්තා සමිති එක්ව සංවිධානය කළ අභිමානවත් සූර්ය මංගල්‍යය පසුගිය මැයි 09 වනදා හෝකන්දර ප්‍රජා ශාලා පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

අපේකම සහ සහජීවනය විදහා පෑ මෙම අවස්ථාව සඳහා අමුත්තන් ලෙස

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩංගොඩ මහතා, අතිරේක ප්‍රාදේශීය ලේකම් ධම්මිකා සද්දාසේන මහත්මිය

Life For All Foundation සභාපති ළහිරු සේනානායක මහතා සහ මයෝමි සේනානායක මහත්මිය සහභාගී වුහ.
සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා, රසවත් කැවිලි සහ සතුට සිනහව මැද ගෙවී ගිය ඒ සුන්දර හෝරා කිහිපයක මතකයන් මේ.....

💙 අසීරු මොහොතක සහනශීලී හෙටක් වෙනුවෙන්: Life for All පදනමේ සත්කාරය 💙​දිත්වා (Ditwah) සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් පීඩාවට ...
05/04/2026

💙 අසීරු මොහොතක සහනශීලී හෙටක් වෙනුවෙන්: Life for All පදනමේ සත්කාරය 💙

​දිත්වා (Ditwah) සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් පීඩාවට පත් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් Life for All පදනම මගින් සුවිශේෂී සහන වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.
​ප්‍රජා මූල කාන්තා සමිති ජාලය හරහා ඉතා විනිවිදභාවයකින් තෝරාගත් පවුල් 200ක් වෙනුවෙන්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සඳහා රුපියල් 7,500ක් වටිනා කීල්ස් (Keells) සුපිරි වෙළඳසැල් වවුචර් පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය. 🛍️🛒
​ආධාර පිරිනැමීමට පමණක් සීමා නොවී, පීඩාවට පත් කාන්තාවන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීම වෙනුවෙන් වටිනා මනෝ-සාමාජීය උපදේශන වැඩසටහනක්ද (Psychosocial Support Session) මෙදින සංවිධානය කර තිබීම විශේෂත්වයකි. 🤝✨
​මෙම අවස්ථාව සඳහා Life for All පදනමේ සභාපති වෛද්‍ය ලහිරු සේනානායක මහතා සහ මයෝමි සේනානායක මහත්මිය ඇතුලු නිලධාරින් සහභාගී වූහ.

🌊 විපතට පත් දූ දරුවන්ගේ සිනහව වෙනුවෙන්... ❤️රජයේ සහනාධාර වැඩපිළිවෙලට ඇතුළත් නොවූ, ගංවතුර උවදුරෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ...
11/03/2026

🌊 විපතට පත් දූ දරුවන්ගේ සිනහව වෙනුවෙන්... ❤️

රජයේ සහනාධාර වැඩපිළිවෙලට ඇතුළත් නොවූ, ගංවතුර උවදුරෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ පළමුවන ශ්‍රේණියේ සහ පෙරපාසල් දූ දරුවන් 200 ක් වෙනුවෙන් "Life For All" පදනම මගින් අත්වැලක් සැපයූ වගයි. 🤝

අධ්‍යාපන කටයුතු යළි අරඹන්නට වෙර දරන මේ පුංචි පැටවුන් වෙනුවෙන් රුපියල් 5,000ක වටිනාකමකින් යුත් DSI වවුචර්පත් (Vouchers) ප්‍රදානය කිරීම පසුගියදා සාර්ථකව සිදු කෙරුණා.

✨ ගංවතුර නිසා ඇති වූ පීඩනය සහ මානසික ආතතිය මදකට හෝ සමනය කරනු පිණිස, වවුචර්පත් බෙදා දීමට අමතරව දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් විශේෂ මැජික් සංදර්ශනයක් (Magic Session) ද සංවිධානය කර තිබුණා. දරුවන්ගේ මුවඟට සිනහවක් රැගෙන ඒමට ලැබීම අප ලැබූ ලොකුම සතුටයි. 😊🎩

"අපි කාටවත් මඟ නොහැරිය යුතු මේ පුංචි මල් කැකුළු, හෙට දවසේ රට දිනවන දරුවන් වනු ඇත."
මෙම උදාර කාර්යය සඳහා දායක වූ සියලුම පරිත්‍යාගශීලීන්ට සහ ස්වේච්ඡා සාමාජිකයින්ට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන්නෙමු!

💔 බිඳුණු සිත්වලට බලාපොරොත්තුවේ හුස්මක්...දිත්වා සුලි කුණාටුවත් සමග මාවනැල්ල කොවිල්කන්ද නායයෑමෙන්  අවතැන් වූ සහ දේපල අහිම...
11/03/2026

💔 බිඳුණු සිත්වලට බලාපොරොත්තුවේ හුස්මක්...

දිත්වා සුලි කුණාටුවත් සමග මාවනැල්ල කොවිල්කන්ද නායයෑමෙන් අවතැන් වූ සහ දේපල අහිමි වූ අපේම සහෝදර ජනතාව වෙනුවෙන්, මාවනැල්ල කෝවිල්කන්ද අවතැන් කඳවුරේදී ආදරයේ දෑතක් දිගු කරන්නට Life for All Foundation පදනමේ අපට අවස්ථාව ලැබුණා.

එදා ඒ මොහොතේ අප දුටු දසුන් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සංවේදියි...

එක් නිමේෂයකින් උන්හිටි තැන් අහිමි වී, දැඩි කම්පනයට පත්ව සිටි ඒ අහිංසක දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ මුහුණුවලට පුංචි හෝ සිනහවක් ගෙනෙන්නට අපට හැකි වුණා. ඔවුන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් අපට හැකි උපරිමයෙන් උදවු කළා.

සෙල්ලම් බඩු සහ ක්‍රීඩා භාණ්ඩ: ක්‍රිකට් පිති, පන්දු, පාපන්දු සහ වොලිබෝල් උපකරණ දුටු විට ඒ දරුවන්ගේ දෑස්වල දිදුලන්නට වූයේ නැවතත් ජීවිතය දිනන්නට ඇති බලාපොරොත්තුවයි.

🕊️ එය හුදෙක් පරිත්‍යාගයක්ම නොවේ...
අපි එදා ලබා දුන්නේ භාණ්ඩ පමණක්ම නෙවෙයි; ජීවිතයේ අඳුරුතම කාලයකදී ඔවුන් තනි වී නැති බව පසක් කරමින්, ඔවුනට අවශ්‍ය කරන ආදරය, රැකවරණය සහ සැනසීමයි. විශේෂයෙන්ම ඒ කුඩා දරුවන්ගේ සිනහව තුළින් අප දුටුවේ හෙට දවස පිළිබඳ අලුත් බලාපොරොත්තුවක්.

මේ උතුම් කාර්යයට නන් අයුරින් සහය වූ ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය පිරිනමනවා. එක්ව නැගී සිටිමු! ❤️🤝

Address

Malabe

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Alerts

Be the first to know and let us send you an email when Life for All Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Life for All Foundation:

Shortcuts

Share