MKCYM Training and Development

MKCYM Training and Development ඔබ ඔබවම අත්විඳින්න

ජීවිතය දෑතට ගෙන බලමි....🌿🌻🌼පල්ලේ බැද්ද ජාතික පාසල සඳහා පළමු Reflection  දෙදින වැඩසටහන් මාලාව හඳුන්වා දෙමින්, මැයි 9 සහ 1...
16/05/2026

ජීවිතය දෑතට ගෙන බලමි....🌿🌻🌼

පල්ලේ බැද්ද ජාතික පාසල සඳහා පළමු Reflection දෙදින වැඩසටහන් මාලාව හඳුන්වා දෙමින්, මැයි 9 සහ 10 දෙදින පුරා 11 වසර සිසුන් සඳහා අප පුහුණු ඒකකය විසින් පළමු වැඩසටහන සාර්ථකව අවසන් කරන කළා.

සිසුන් අපේ දෙස් විදෙස් ස්වේච්ඡා සාමාජිකයන් සමඟ එකතු වෙමින් වැඩසටහනට උනන්දු සහගත සහභාගී වුණා ඔවුන්⁣ගේ අපහසුතා හදුනා ගනිමින් ජීවිතය දෙස ගැඹුරු හැරවුමක් ලබා ගත් සිසු කණ්ඩායම දෙදින අවසානයේ සිය ජීවන දිශාවන් ස්වයංව සොයා ගන්නා ගත්තා. ඒ විභවතා වගේම දුර්වලතා අප වෙත ලබා දෙමින්, උසස්පෙල විෂය ධාරාවන් හදුනා ගනිමින් නව ඉගෙනුම් ක්‍රමවේද හරහා ශිෂ්‍ය වැඩකාලසටහනක් තමන්ට ආවේණික ලෙස සකසා ගන්නා ආකාරයද හඳුනාගත් ඔවුන්, ජීවිත දෙස නැවත හැරීබලා ඉදිරිය දෙස අලුතින් බලන්නට ප්‍රේරණයන් ලබාගත්තා. එහි සෝයාගැනීම් සහ ගැටලු වෙනුවෙන් අඛණ්ඩ තෙමසක පසුවිපරමක් අප පූහුණු ඒකකය විසින් ඔවුනට සිදු කිරීමට බලා⁣පොරොත්තු වේ.

මේ සඳහා, නෝවේජියානු ඇලී, එස්තෝනියානු ලියෝන සහ නෙදර්ලන්ත ටුවින්ද, සිය දැනුම සහ අත්දැකීම් බෙදාගැනීමෙන් සක්‍රීය දායකත්වය ලබාදුන්නා.🌿🌻

Ceylon Youth Movement

පල්ලේ බැද්ද ජාතික පාසලේ 10/11 වසර සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සඳහා Reflection  වැඩසටහන් මාලාව හඳුන්වා දෙමින් සිදු කරන ල...
16/05/2026

පල්ලේ බැද්ද ජාතික පාසලේ 10/11 වසර සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සඳහා Reflection වැඩසටහන් මාලාව හඳුන්වා දෙමින් සිදු කරන ලද පළමු අභිප්‍රේරණ වැඩසටහන.

එස්තෝනියාව සහ නේදර්ලන්තය නියෝජනය කරමින් පැමිණි ස්වේචඡා සාමාජිකයන් වන ලියොන් සහ ටූවින් මේ සඳහා සහභාගී විය. මෙම වැඩසටහනෙන් පස ඔවුන් අප පුහුණු ඒකකයේ ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයේ දෙදින නේවාසික වැඩසයටහන සඳහා සහභාගී වනු ඇත.

Ceylon Youth Movement

ලංකා තරුණ ව්‍යාපාරයේ පුහුණු ඒකකය විසින් සංවිධානය කරනු ලබන Reflection  වැඩසටහන් මාලාවේ පළමු අභිප්‍රේරණ වැඩසටහන පල්ලේබැද්ද...
30/04/2026

ලංකා තරුණ ව්‍යාපාරයේ පුහුණු ඒකකය විසින් සංවිධානය කරනු ලබන Reflection වැඩසටහන් මාලාවේ පළමු අභිප්‍රේරණ වැඩසටහන පල්ලේබැද්ද ජාතික පාසලේ දී පාසලේ 10/11 ශ්‍රේණිවල සියලුම සිසුන් සහ ඔවුන්ගේ දෙමාව්පියන් සඳහා මැයි 4 වැනි දින ප.ව 12.30 - 3.30 දක්වා පැවැත්වේ.

සම්පත්දායකත්වය - Ceylon psychological Services Association CPA විසින් ලබා දේ.

සම්බන්ධීකරණය සදහා විමසීම්,
කලමණාකරු
අශිංසනා සේනාධීර
+94773249730

රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනය අංශයත් සමඟ එකතුව අප පුහුණු ඒකකය මඟින්, ⁣සිංහල මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍යය ත...
22/01/2026

රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනය අංශයත් සමඟ එකතුව අප පුහුණු ඒකකය මඟින්, ⁣සිංහල මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍යය තෙවන වසර සිසුන් සඳහා, "වෘත්තිකභාවය සඳහා ප්‍රවේශ" මැයින් එක්දින පුහුණු වැඩමුළුවක් 2026-ජනවාරිමස 20 වැනි පැවැත්වූවා.

සිය උපාධිය ලබා ගන්නට තවත් වසරක් පිටුපසින් සිටින ඔවුනට විෂය හඳුනා ගැනීමත්, පෞරුෂ සහ වෘත්තීය දිශානතියන් හඳුනා ගැනීමට අවශ්‍ය සම්බන්ධිකරණයක් සිදු කළ අතර, අධ්‍යාපනික පරිසරය තුළ මානසික සුවතාවය අත්විදීමට අවශ්‍ය ක්‍රියාකාරකම්ද සිදු කරන්න හැකිවුණා.

මේ සඳහා අප විදෙස් ස්වේච්ඡා සාමාජික එස්තෝනියානු ජාතික ලියෝන් සහ ඉතාලි ජාතික වියෝලාද සිය අදහස් බෙදාගැනීමට අපි එක්ක එකතු වුණා.

වැඩසටහනේ දෙවැනි අදියර ලෙස තෝරාගන්න විද්‍යාර්ථින් 20 දෙනෙක්ගෙන් සැදුම් ලත්, කණ්ඩායමක් සඳහා MkCYM ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයේ නේවාසික පුහුණුවකට සහභාගීවීමට අවස්ථාව සැලෙසෙන අතර, ඉන් වඩාත්ම සුදුසු විද්‍යාර්ථින්ට අප පුහුණු ඒකකය සමඟ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට අවස්ථාව සැලසේ..

සම්පත්දායකත්ව CPA විසින් ලබා දේ.
සංවිධානය- ලංකා තරුණ ව්‍යාපාරය

රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහල සමඟ පළමු වැඩසටමන ලෙස  දෙමාපියන් දැනුවත් කරමින්, දෙමාපියකරණය පිළිබඳව විශේෂ උපදේශනාත්මක වැඩස...
14/01/2026

රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහල සමඟ පළමු වැඩසටමන ලෙස දෙමාපියන් දැනුවත් කරමින්, දෙමාපියකරණය පිළිබඳව විශේෂ උපදේශනාත්මක වැඩසටහනක් 2026- 01- 09 වැනි දින පාසලේ 8/9 වසරවල දෙමාපියන් 550 ආසන්න ප්‍රමාණයකට පවත්වන්න අප පුහුණු ඒකකයට හැකිවුණා.

වැඩටහන එදින දවස පුරා සැසි දෙකක් ලෙස 8 සහ 9 වසර සිසුන්ගේ දෙමාපියන්ට අවස්ථා දෙකදී සිදු කළා. අප, පාසල සමඟ අපපුහුණු ඒකකය ආරම්භ කිරීමට නියමිත දිගුකාලීණ වැඩසටහන පිළිබදවද දැනුවත් කරන කළා.

දෙමාපියන් වැඩසටහන අතරතුර සහ ඉන් පසුවත් ඉතා උනන්දුවෙන් මේ සමඟ එකතු වූ අතර ඔවුන් අවශ්‍ය මානසිසුවතාවයත්, විසදාගත නොහැකි ගැටලු සදහා වන අඛණ්ඩ උපදේශනයත් ලබා දීම සිදු කරනවා.

දෙවැනි අධියර දෙස සිසුන් සඳහා Reflection වැඩසටහන ආරම්භ කිරීමට අප පුහුණු ඒකකය සිදු කරනවා.

සබරගමු පළාත් පාසල් බලගැන්වීමේ නියමු ව්‍යාපෘතිය අරම්භ කරමින්, අපේ පුහුණු ඒකකය විසින් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක න...
29/10/2025

සබරගමු පළාත් පාසල් බලගැන්වීමේ නියමු ව්‍යාපෘතිය අරම්භ කරමින්, අපේ පුහුණු ඒකකය විසින් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක නියෝජනය කරන උපදේශන ගුරුවරුන් පුහුණු කිරීමේ අඛණ්ඩ වැඩසටහන් මාලාවක් ආරම්භ කළා. එහි පළමු වැඩසටහන දෙදින නේවාසික පුහුණුවක් ලෙස රත්නපුර මෙනේරිපිටිය පුහුණු මධ්‍යස්ථානයේදී සැප්තැම්බර් 21,22 දෙදින පුරා සාර්ථකව පවත්වන්නට හැකියාව ලැබුණා.

උපදේශන ගුරුවරුන් සඳහා දැනුම, සායනික පුහුණුව සහිත Ceylon psychological Services Association CPA සංගමයේ සාමාජිකත්වය ලබා දෙමින් ඔවුන්ට ඒ සදහා වන ප්‍රවේශය ලබා දීමටත් එදින අවස්ථාව සැලසුනි.

නව මනෝචිකිත්සක ක්‍රම ඇතුලත් TOT පුහුණු වැඩමුළුවක් සහ එය අඛණ්ඩව ලබා දෙන වැඩපිළිවෙලක් ද අපි ආරම්භ කළා.මේ සඳහා සම්පත්දායකත්වය CPA හරහා ලබා ගනී. එහි දෙවැනි අධියර ලෙස MKCYM පුහුණු මධ්‍යස්ථානයේ අඛණඩ TOT පුහුණුවක් සඳහා සහභාගීවීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.

මනෝ උපදේශනය සංසදය

12/10/2025

MKCYM 🌿☘️🍂

නාලන්ද විද්‍යාලයේ 12 වසර විද්‍යා,ගණිත සහ තාක්ෂණික විෂය ධාරාවන් හදාරන නවක සිසුන් සඳහා අප පුහුණු ඒකකය විසින් පවත්වනු ලැබූ ...
29/09/2025

නාලන්ද විද්‍යාලයේ 12 වසර විද්‍යා,ගණිත සහ තාක්ෂණික විෂය ධාරාවන් හදාරන නවක සිසුන් සඳහා අප පුහුණු ඒකකය විසින් පවත්වනු ලැබූ Reflection එක්දින පුහුණු වැඩසටහන.

https://www.facebook.com/share/1WuusbYAY6/

පළමු දිනයේ හවස්වරුවේ ස්වේච්ඡා වැඩ අවසන් කොට cool pool හි ජල චිකිත්සාව සමඟ එකතු වූ පොතුපිටිය විදුහලේ සිසුන්...🌻🍂අප පුහුණු...
19/09/2025

පළමු දිනයේ හවස්වරුවේ ස්වේච්ඡා වැඩ අවසන් කොට cool pool හි ජල චිකිත්සාව සමඟ එකතු වූ පොතුපිටිය විදුහලේ සිසුන්...🌻🍂

අප පුහුණු මධ්‍යස්ථානයේ හදවත බදු තැන් කිහිපයෙන් විශේෂිත තැනක් අපේ Cool Pool එකට හිමි වෙනවා. ස්වාභාවික සුව කිරීමේ ගුණය සිහිත මේ මනරම් ජල තටාකයේ ශාරීක ලිහිලන සිදු කිරීමට අවස්ථාව ලබා ගැනීම ජීවිතේට අලුත් දැකීමක් බව අපි සිසුන් තුළින් දැක්කා. ජලයේ සීතල සමඟ එකතු වු ඔවුන් ක්‍රමිකව සීතල සමඟ මුසුවෙමින් මානසික සහ ශාරීරික සැහැල්ලුබාවය අත්පත් කර ගත්තා.

එය ශිෂ්‍ය ජීවිතය අලුත් කර ගැනීම සඳහා අලුත් මාවතක් එළිපෙහෙලි කිරීමක්වගේ වැඩක්..... ..🙂🌻🍂☘️

19/09/2025

නර්තන චලන සහිත ලිහිලනය.......☘️🍂

Reflection වැඩසටහනේ, පුහුණුලාභීන් ලිහිලනය සඳහා භාවිතා කරන එක් පුහුණු මෙවලමක් වන්නේ චලන සහ හැඟීම් ලිහිලනයයි. ඒ හරහා පීඩාකාරී චිත්තවේගවලින් විතැන් වෙමින් සැහැල්ලුව අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. අප පුහුණු පරිශ්‍රයේ උදෑසන ස්වාභාවික ශක්තියත් සමඟ එක්වෙමින් පොතුපිටිය විදුහලේ සිසුන් කණ්ඩායම සිය ජීවිත ලිහිලනයන් වෙත පහසුවෙන් පැමිණියා....☘️🍂🌻

ජීවිතය දෑතට ගෙන බලමි.....🌿☘️🍂Reflection  වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙස පොතුපිටියට මහාවිද්‍යාලයේ උසස් පෙළ සිසුන් සඳහා ...
19/09/2025

ජීවිතය දෑතට ගෙන බලමි.....🌿☘️🍂
Reflection වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙස පොතුපිටියට මහාවිද්‍යාලයේ උසස් පෙළ සිසුන් සඳහා දෙදින වැඩසටහනක් පවත්වන් අප පුහුණු ඒකකයට හැකි වුණා. ⁣එය පාසල වෙනුවෙන් පවත්වන දෙවැනි දෙදින පුහුණු වැඩසටහන වුණා.

උසස්⁣ පෙළ සිසුන් කණ්ඩායම සමඟ ගුරුවරුන් සහ දෙමාපිය කණ්ඩායමක් අප mkcym පුහුණු පරිශ්‍රයට පැමිණියා. වැඩසටහන අලුත් ක්‍රියාකාරකම් සහ නව ආකාරයක් ගනිමින් තිබුණා. පළමු දින ආරම්භයේ සිටම ඔවුන් වේලව⁣ට පැමිණි නියමිත පරිදි වැඩසටහන ආරම්භ කරන්න සුදානමින් සිටියා. අපේ ඉරාණ ස්වේච්ඡා සාමාජිකයකු වු මේධි ඔවුන් සඳහා ව්‍යාපාර අත්දැකීම් සහ ඉංග්‍රිසි භාෂාව පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමක් කළා. ඔහු වෘත්තියෙන් ඉන්ජිනේරුවකු වූ අතර ව්‍යාපාර පිළිබඳව ජාත්‍යන්තර මටටමේ අද්දැකීම් ඇති කෙනෙක්.

පසුව ආරම්භ වූ පළමු දින දිගහැරුමට සිසුන් කණ්ඩායම ඉතා උන්දු සහගතව සහභාගී වූ අතර කණ්ඩායමේ ස්වේච්ඡා කාර්යයක් ලෙස ඔවුන් හවස හෝරාවක කාලයක් අපේ වනාන්තර තුළට ගමන් කරමින් ප්‍රධාන ශාලාවේ සිටි cool pool එකට ගමන් කරන වනාන්තර මාර්ගය එළිපෙලි කිරීම සිදු කළා. මේ සඳහා අප පුහුණු කණ්ඩායම ඇතුලු සියලුම පිරිස් සිය ස්වේච්ඡා දායකත්වය ලබා දුන්නා.

මාර්ගය සැකසීම අපේ ඉතාලි ජාතික ස්වේච්ඡා සාමාජික ජකොපෝ විසින් ආරම්භ කළ අතර පොතුපිටියේ සිසුන් ඇතුලු කණ්ඩායම එය අවසන් කිරීම සිදු කළා. සාමූහිකත්වය ගැන බොහෝ දේ ඒ තුළින් සිසුන් අවබෝධ කරගත්තා. එය නව ආකාරයක ඉගෙනුමක් බව පත් වෙමින් තිබුණා.

මාර්ගය පිරිසිදු කිරීම අවසන් කරමින් වනාන්තරයෙන් Cool pool වෙත පැමිණි සිසුන් කණ්ඩායම වෙත විශේෂ ජල චිකිත්සාවක්ද සිදු කෙරුණි., රාත්‍රීයේ ජීවන දිශානතිය පිළිබඳව ස්වයංකතනය සහ ගිනිමැල ආශ්‍රිත ලිහිලනයන් සංගීතය භාවිතා කෙරෙමින් සිදු සිදු වුණා.

සිසුන් සිය ජීවිත වෙත නැඹුරු වෙමින් ඒ දෙස ඇතුලාන්තයෙන් බැලීමට උත්සාහ කරන ගැඹුරු ප්‍රවේශයක් ගන්නා සාමූහික රාත්‍රියක නිමාවක් එදින සිදු විය. (දවස 2025 සැප්තැම්බර් 14 )

Ceylon Youth Movement MKCYM ලංකා තරුණ

Address

Ambalanwaththa Junction
Madampe

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when MKCYM Training and Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share