06/02/2025
වතු දමිල ප්‍රජාව ට අයත් සිවිල් අයිති වාසිකම් පිලිබද ඔවුන් බලගැන්වීමේ ව්‍යාපෘතිය ක් නුවර ISD ආයතනයේ නායකත්වය යටතේ රත්නපුර ECDIC ආයතනයේ,මෙහෙයවීම මත දියත් වූ අතර,ඒ සදහා සිවිල් සමාජ සංවිධාන දහයක දායකත්වය ලබාගෙන තිබුණි .
එම සංවිධාන අතර Tyc sri lanka අප ආයතනයද විය.කෙසේ වූවද ගෝලීය දේශපාලනයේ ඇතිවූ බලපැම මත එම ව්‍යාපෘතිය තාවකාලික ව නැවතී තිබෙන මොහොතක මේ ව්‍යාපෘතිය මගින් මා කරමින් සිටි අධ්‍යාපන යන් ගේ අත්දැකීම ඔබ සමග බෙදා ගැනීම ට කල්පනා කලෙමු .
ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකය තුල යම් මට්ටමකට ඉහලින් පවතින රටක් බව අපි දනිමු .ලංකාවේ මානව සමාජය නාගරික ,ග්‍රාමීය, වතු ,ලෙස ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ හදුනාගත හැකිය .මෙම ජනකණ්ඩායම් තුනෙන් රටේ ආර්ථික යට දශක ගනනාවක සිටම ඉහලම දායකත්වය ක් ලබා දෙන වතු දමිල ජනයාගේ සමාජ ආර්ථික සමාජීය මට්ටම ඉතාම පහල මට්ටමක ක පවතී .
එනම් ඔවුන්ගේ මානව සංවර්ධන දර්ශකය පහල මට්ටමක පවතින බව කිව හැකිය .මෙයට හේතු වන කරුණු මොනවාද යන්න නීලගම පොරෝණුව යන වතුවල අප ආයතනයේ ආර් එම් විජේ බණ්ඩාර මහතාගේ මග පෙන්වීම මත මා කල අධ්‍යනය යන් ගේ නිගමන කීපයක් පහත පරිදි ඉදිරිපත් කල හැකිය .
වතු දමිල ජනයාගේ අධ්‍යාපන මට්ටම ඉතා පහල මට්ටමක පවතී .ඔවුන්ට සලසා ඇති අධ්‍යාපන පහසුකම් ගැන කිසිසේත් ම සතුටු වීය නොහැක .පූර්ව ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානය යන් පවා ඔවුන්ට නැති අතර ,එම ප්‍රජාව ඒ ගැන උනන්දුව ක් දැක්වුවද රාජ්‍ය අංශය හෝ වතු පාලනාධිකාරිය ඒ ගැන සංවේදී ව කටයුතු නොකරන බව නිගමනය කල හැකිය .
අඩු අධ්‍යාපන ය සහ අනවබෝධය නිසා ඔවුන් හොද සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරයි.සනීපාරක්ෂක පහසුකම් සහ පවුල් සැලසුම් ක්‍රම ගැන හිතන්න යොමුවී නැත,.ඒ නිසා ම ප්‍රජා විද්‍යාත්මක ගැටලු රැසකටම මේ අය මුහුණ දී ඇත,.
අඩූ අධ්‍යාපනි මට්ටම නිසා මොවුන්ට දෛනික ආදායම කලමණාකාරණය කිරීමට ඇති නොහැකියාව නිසා විශාල ආර්ථික පරිහානිය ක් මෙම වතු ප්‍රජාව පෙන්නුම් කරයි . ගිණි පොලී අනුපාතය යට ණය ගැනීම ට යොමු වීම නිසා මොවුන් සදාකාලික පොලී ගෙවන්න න් බවට පත් වී සිටී. මේ තත්ත්වය මොවුන් දිළිදු කමේ පතුලටම ඇද දමා ඇත.
මත්පැන් පානය ට පිරිමි මෙන්ම කාන්තාව ද යොමු වී ඇති,පවුල් හදුනාගත හැකි විය .මේ නිසා දරුවන් අපයෝජනය ට ලක්වීම. සහ ලමා මෙහෙකාර සේවය ට ලමුන් යොමුවීම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම වැනි සමාජ ගැටලු රැසකට මෙය හේතු වී ඇත.
ග්‍රාමීය ජන ජීවිතය,නගාසිටුවීම සදහා දියත් කල බොහෝ ප්‍රජා සංවර්ධන වැඩසටහන් වල ප්‍රති ලාභය වතු ජනතාවට ලැබී නැති බවද අපගේ අවධානය ට ලක් විය .
එයට හේතුව වතු පාලන අධිකාරිය එවැනි වැඩ සටහන් වතුවල දියත් වීමට ඉඩ නොදීම බවද අප අවබෝධ කරගත හැකි විය .
ඒ,නිසා වතු,ජනතාවගේ සුබ සිද්ධිය ට වතු පාලන අධිකාරිය ට කල හැකි බලපෑම හදුනාගෙන ඒවාට පිලියම් යෙදීම වහා කල යූතුය,.මේ ජනතාව ටද ලංකාවේ සෙසු පුරවැසිය න් ට හිමි සියලු දේශපාලන සමාජීය වරප්‍රසාද අත්කර දීම රජයේ වගකීම ක් ලෙස සලකා කටයුතු කිරීම වැදගත්ය.
වතු,ජනතාව සිය,නරක ජීවන තත්ත්වය වෙනස් කරගැනීමට උත්සාහ නොකිරීම සහ ඊට අකමැත්ත ක් දැක්වීම ද නිරීක්ෂණ වන කාරණයකි .
එනිසා මෙම ජනතාව ට ස්වෝත්සාහයෙන් නගාසිටුවීම සදහා වූ සමාජ සජීවීකරණ වැඩ සටහන ක අවශ්‍ය තාවය ද ඇතිබව කීව යුතුය,
වතු වල වත්මන් තරුණ ප්‍රජාව වතුවල සේවය කිරීමට දැඩි අකමැත්ත ක් දක්වන අතර ඔවුන් වත්තෙන් පිට කුලී වැඩ වලට යොමු වී ඇත .තවද මැදපෙරදිග රටවල සේවයට යාමද සුලබ කාරණයකි .
මේ නිසා වතු දමිල ප්‍රජාව ට වතු ආර්ථික ය තුල ආකර්ෂණී ය වැටුපක් සහ සමාජ තත්වය ක් ඇතිවන ලෙස වතු ආර්ථික ය ප්‍රති නිර්මාණය කිරීමට ආණ්‌ඩුව උත්සාහ කල යුතුය,.
වතු හිමියන්ට වතු ආර්ථික යෙන් ලැබෙන ප්‍රතිලාභය ගැන හිතන විට කම්කරුවන්ට ලබා දෙන ප්‍රති ලාභය ඉතා අඩු ප්‍රතිශතයක් බව ආණ්ඩුව තේරුම් ගෙන මේ තත්ත්වය වලක්වන්න නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න ඕන.
මේ තත්ත්වය වෙනස් කරන්න රාජ්‍ය නොවන සංවිධාන ඉකුත් කාලය තුල ගත් උත්සාහය ලෝක දේශපාලන ප්‍රවනතා මත වෙනස් වීමට ඉඩ තැබීම සාධාරණ නැත .
ඒනිසා රාජ්‍ය නොවන සංවිධාන ,සහ සිවිල් සමාජ සංවිධාන එක්ව වතු දමිල ප්‍රජාව ගේ ජීවන තත්ත්වය නංවාලීමට ගත් උත්සාහය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට උත්සාහ ගැනීම ජාතීක යුතුකමක් වන අතර ,ඒ සදහා සහය වීම ආධාරක ප්‍රජාව සතු මානූෂීය වගකීම ක් බව ද කිව යුතුය .