02/02/2026
✅️ ටිකක් දිග කතාවක්. ඒත් මේක මීට වඩා කෙටියෙන් කියන්න බෑ.
✅️ ලංකාවෙ සියලුම දොස්තරලට පඩි ගෙවන සේවා කාණ්ඩය SL වැටුප් කාණ්ඩය. ඒකෙ තියනවා SL 1 සිට SL5 දක්වා අනු කාණ්ඩ 5ක්.
✅️ ඒකෙන් පරිපාලන ශ්‍රේණියෙ වෛද්‍යවරු ඉන්නෙ SL 1 (2025) කාණ්ඩයෙ, ශ්‍රේණි වෛද්‍යවරු ඉන්නෙ SL 2 (2025) කාණ්ඩයෙ, විශේෂඥ වෛද්‍යවරු ඉන්නෙ SL 3 (2025) කාණ්ඩයෙ.
✅️ ඒකෙ ඉන්නෙ වෛද්‍යවරු විතරක් නෙමෙයි.
තව කවුද?
SL 1 කාණ්ඩය:
1. ශ්‍රී ලංකා පරිපාලන සේවය (I,II,III ශ්‍රේණි)
2. ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය (I,II,III ශ්‍රේණි)
3. ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය (I,II,III ශ්‍රේණි)
4. ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවය (I,II,III ශ්‍රේණි)
5. ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය (I,II,III ශ්‍රේණි)
6. ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය (I,II,III ශ්‍රේණි)
7. ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය (I,II,III ශ්‍රේණි)
8. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (I,II,III ශ්‍රේණි)
9. ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය (I,II,III ශ්‍රේණි)
10. ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවය (I,II,III ශ්‍රේණි)
11. ශ්‍රී ලංකා විදේශ සේවය (I,II,III ශ්‍රේණි)
12. ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවය (I,II,III ශ්‍රේණි)
13. ශ්‍රී ලංකා කාර්මික අධ්‍යාපන සේවය (I,II,III ශ්‍රේණි)
14. දෙපාර්තුමේන්තු විධායක නිලධර සේවාගණයට අයත් තනතුරු (I,II,III ශ්‍රේණි)
15. ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන ශ්‍රේණිය
16. නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන ශ්‍රේණිය
17. ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය පරිපාලන සේවය (I,II ශ්‍රේණි)
18. ශ්‍රී ලංකා මිනින්දෝරු සේවය (I,II,III ශ්‍රේණි)
19. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - Senior DIG
20. නියෝජ්‍ය පොලිස්පති - DIG
21. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී - SSP
22. පොලිස් අධිකාරී - SP
23. සහකාර පොලිස් අධිකාරී - ASP
24. රේගු අධ්‍යක්ෂ/නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (Iශ්‍රේණිය)
25. ජ්‍යෙෂ්ඨ රේගු අධිකාරී/නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (II ශ්‍රේණිය)
26. රේගු අධිකාරී/සහකාර රේගු අධ්යක්ෂ (III ශ්‍රේණිය)
27. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණ සේවයේ I පන්තිය (I ශ්‍රේණිය, II ශ්‍රේණිය සහ III ශ්‍රේණිය)
28. විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණ සේවයේ I පන්තිය (I ශ්‍රේණිය, II ශ්‍රේණිය සහ III ශ්‍රේණිය)
29. බන්ධනාගාර කොමසාරිස්/ බන්ධනාගාර අධිකාරි(විශේෂ)/ බන්ධනාගාර අධිකාරි/ සහකාර බන්ධනාගාර අධිකාරී (I,II,III ශ්‍රේණි)
30. ශ්‍රී ලංකා තක්සේරු සේවයේ I පන්තිය (I, II සහ III ශ්‍රේණි)
31. තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණය (I,II,III ශ්‍රේණි)
32. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ I පන්තිය (I,II,III ශ්‍රේණි)
33. ශ්‍රී ලංකා හෙද සේවයේ විධායක ශ්‍රේණිය
34. ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්- Step 14
35. අභියාචනාධිකරණයේ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් - Step 12
36. ශ්‍රී ලංකා අධිකරණ රෙජිස්ට්‍රාර් සේවය
SL 2 කාණ්ඩය:
1. වෛද්‍ය නිලධාරීන් (I ශ්‍රේණිය, II ශ්‍රේණිය සහ ප්‍රාථමික ශ්‍රේණිය)
2. දන්ත වෛද්‍ය නිලධාරීන් ( I ශ්‍රේණිය සහ II ශ්‍රේණිය)
3. ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් (I ශ්‍රේණිය, II ශ්‍රේණිය සහ ප්‍රාථමික ශ්‍රේණිය)
SL 3 කාණ්ඩය
1. අමාත්‍යාංශ අතිරේක ලේකම්
2. පලාත් සභා වල ආණ්ඩුකාර ලේකම්
3. පලාත් සභා අමාත්‍යාංශ ලේකම්
4. දිස්ත්‍රික් ලේකම්
5. දීප ව්‍යාප්ත සේවා හා දීප ව්‍යාප්ත සේවා නොවන විධායක නිලධර සේවාවල විශේෂ ශ්‍රේණිය
6. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබන ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්
7. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේණිය/විශේෂඥ ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී ශ්‍රේණිය/විශේෂඥ දන්ත වෛද්‍ය නිලධාරී ශ්‍රේණිය
8. ආයුර්වේද විශේෂඥ වෛද්‍ය ශ්‍රේණිය
9. ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණිය
10. පොලිස්පති
11. අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්/ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ
12. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණ සේවයේ විශේෂ ශ්‍රේණිය
13. අතිරේක බන්ධනාගාර කොමසාරිස්
14. ශ්‍රී ලංකා තක්සේරු සේවයේ විශේෂ ශ්‍රේණිය
✅️ මේ ලයිස්තුව හොඳට කියවගෙන යන්න. ඒක කියවද්දිත් ඔලුව කැරකෙනව නේද? කොටින්ම මේක අච්චාරුවක් වගේ.
✅️ ඔය අතරින් පැය 24 පුරාම වැඩ කරන තැනට ඇවිත් තමන්ට අදාල රාජකාරිය කිරීම සිදුකරන්න වෙලා තියෙන්නෙ (දවසක් දෙකක් නෙමෙයි 365 දවසම) මේ අය අතරින් වෛද්‍යවරු සහ පොලීසියෙ නිලධාරීන්ට විතරයි මගේ දැනුමෙ විදියට. (තව ඉන්නවා නම් කාරුණිකව දැනුවත් කරන්න)
✅️ සුවිශේෂී, එහෙමත් නැත්නම් අනන්‍ය සේවා කාණ්ඩයන් තියන වෘත්තීන් දැනට ලංකාවෙ තියනවා. (උදාහරණ - ගුරු - විදුහල්පති සේවය, අධිකරණ සේවය, නීතිපති සේවාව වගේ ඒවා) ඒ වෘත්තීන්ට පමණක් අනන්‍ය වුන වැටුප් ව්‍යුහයන් නිර්මාණය කරලා තියනවා.
✅️ වෛද්‍යවරු ඉල්ලන්නෙ "ශ්‍රී ලංකා වෛද්‍ය සේවාව - Sri Lanka Medical Service" කියන ඒ වගේ අනන්‍ය වැටුප් ව්‍යුහයක්.
✅️ ඒක දෙන්න ආණ්ඩුවට රුපියලක්වත් අමතරව වියදම් වෙන්නෙ නෑ.
✅️ මේවා වෘත්තිකයන්ට දෙන මූල්‍යමය නොවන ප්‍රතිලාභ. වෘත්තිකයන්ගෙ පැත්තෙන් ඔවුන්ට යම් පිලිගැනීමක් (Recognition) ඇති බව පෙනෙන්න.
✅️ ඒවා දෙන්නෙ වෘත්තිකයො රටේ රඳවගන්න. ආණ්ඩුවක් ඒ වෘත්තිකය කරන සේවය කොතරම් අගය කරනවද කියන එක පෙන්නන්න. සමහර රටවල ඒක කරන්නෙ මූල්‍යමය ප්‍රතිලාභ දීලා. අපේ රටේ ආර්ථිකය එක්ක එහෙම කරන එක ප්‍රායෝගික නෑ කියලා අපි දන්නවා.
✅️ කොටින්ම, "ඔයාලා කරන සේවය අපි අගය කරනවා. ඒත් ඒකට ගැලපෙන ආර්ථික ප්‍රතිලාභයක් දෙන්න තරම් අපේ රටේ ආර්ථිකය ඉහල මට්ටමක නෑ." කියන දේ ප්‍රකාශ කරන සදාචාරාත්මක විදිය තමයි මේක.
✅️ මේ කරුණට අදාලව අමාත්‍යංශය, GMOA එක සහ AMS එක කියන පාර්ශව ඔක්කොම එකඟවෙලා හදපු ලේඛනය සෞඛ්‍ය ඇමතිතුමාට දීලා තියෙන්නෙ. අවුරුද්දකට වඩා ඒක මේසෙ උඩ. කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ගන්න විතරයි සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහත්තයට තියෙන්නෙ. ඒක නොකරන්නෙ දොස්තරලා ගැන ආණ්ඩුවෙ/ ඇමතිගෙ ආකල්පය (Attitude) පෙන්නන්න ද?
✅️ එවැනි දඩබ්බර සහ හිතුවක්කාරී ආකල්ප (Attitude) ජනතාවාදී ආණ්ඩුවකින් වෛද්‍යවරු විදියට අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ.
✅️ වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙන්නෙ මෙන්න මේ වගේ වටපිටාවක.
Copied