Wayamba FAS 21

Wayamba FAS 21 Welcome to the Official Page of the 21ˢᵗ Batch, Faculty of Applied Sciences
Wayamba University of Sri Lanka!

16/06/2026

❤️

04/06/2026
අඩ සිව් වසරකට නම් අපි සමු දුන්නාසිහින සොයා ඉගිලෙන්නට සැරසෙනවා,හද රැදි බැම සිත රදවා විසිරෙනවා21 අපේ උන් සැමටම ජය වේවා!සැම...
04/03/2026

අඩ සිව් වසරකට නම් අපි සමු දුන්නා
සිහින සොයා ඉගිලෙන්නට සැරසෙනවා,
හද රැදි බැම සිත රදවා විසිරෙනවා
21 අපේ උන් සැමටම ජය වේවා!
සැම සිහින ඉටු වේවා!
නුදුරේම යළි දිනෙක
මෙලෙසින්ම තුටු සිතින - හද පෙමින,
අප සැවොම හමුවේවා - රොක් වේවා!♥️💫

Best Wishes and Congratulations for all of our batchmates who are parting away for their internships!🥰✨

03/02/2026

බ්‍රිතාන්‍ය පාලකයන්ගේ සියවස් එකහමාරකට අධික යටත් විජිත පාලනයෙන් මිදී, ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස නිදහස ලබාගත් 1948 පෙබරවාරි 04 වන දින සිට සෑම වසරකම අද වැනි දිනක අප ජාතික නිදහස් දිනය උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි.

​ක්‍රි.ව. 1505 දී පෘතුගීසි ආක්‍රමණයෙන් ඇරඹි විදේශීය පාලනය, 1658 දී ලන්දේසීන්ටත්, 1796 දී ඉංග්‍රීසීන්ටත් නතු වෙමින් වසර ගණනාවක් අපේ දේශයේ ස්වාධීනත්වය අභියෝගයට ලක් කෙරුණු අතර, පසුව 1815 දී සමස්ත ලංකාවම බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්විණි.1818 සහ 1848 වැනි මහා නිදහස් අරගල මෙන්ම විවිධ දේශපාලනික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 1948 වසරේදී අපට පූර්ණ නිදහස හිමි විය.

​වීර කැප්පෙටිපොළ හා ඩී.එස්. සේනානායක මැතිතුමා වැනි අසංඛ්‍යාත ජාතික වීරයන්ගේ කැපකිරීම් සහ ලේ බිඳු මත ගොඩනැඟුණු ඒ නිදහස, වර්තමානය වන විට 78 වැනි සැමරුම දක්වා පැමිණ තිබේ.

​මෙවර 2026 වර්ෂයේ සැමරෙන 78 වැනි නිදහස් සැමරුම, ලාංකීය පුරවැසියන් ලෙස සියලු ජාතීන් අතර සහජීවනය, එකමුතුකම සහ අපේ ප්‍රෞඪ සංස්කෘතික උරුමය ලොවට විදහා දැක්විය හැකි අභිමානවත් අවස්ථාවකි.

අතීතයේ දිනාගත් නිදහස අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කරමින්, වඩාත් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් උදෙසා අත්වැල් බැඳගැනීමට අද වැනි දිනක අපි අධිෂ්ඨාන කරගත යුතුවේ.

​~ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ~

14/01/2026
01/01/2026

නවමු බලාපොරොත්තු රැගෙන නව ඇරඹුමකට කාලය එළඹ ඇති මේ මොහොතේ, 2025 වසරට සමුදෙමින් 2026 නව වසර උදාව ඔබ සෑම සියලු දෙනාගේ සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!

සියලු රෝග දෝෂ දුරුවී, සුවයත් ශක්තියත් උදාවන, ආදරය, කරුණාව සහ යහපත් සිතුම් පැතුම් පිරී ඉතිරී යන වසරක් ලෙස අපි මේ 2026 නව වසර වැළඳ ගනිමු!

මෙම නව වසර ලොව පුරා සිටින සැමට නව මුහුණුවරකින් ප්‍රීතිය හා සාමය රැගෙන එන ආලෝකමත් වසරක් වේවා. එක්ව අප ගන්නා සෑම පියවරකදීම ධනාත්මකත්වය, එකමුතුව සහ මානුෂීයත්වය පතුරුවමින් ඉදිරියටම ගමන් කරමු!

ඔබ සැමට පසුගිය වසරට වඩා දීප්තිමත් මෙන්ම අර්ථවත් සහ සාර්ථක වූ සුබ නව වසරක් වේවා!

~ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ~

31/12/2025

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් නව වසරට ආශිර්වාද පතා සංවිධානය කරනු ලබන සුමදුර ධර්ම දේශනාමය පින්කම මෙවරත් ජනවාරි මස පලමුවන දින නව පීඨ ගොඩනැගිලි පරිශ්‍රයේදී පෙරවරු 6.00 සිට 8.00 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ලබන්නා වූ නව වසර උතුම් ධර්මශ්‍රවණයෙන් ඇරඹීමට මෙම පින්කමට සැදැහැසිතින් සම්බන්ධ වන ලෙස ඔබ සියලු දෙනාට කරන සුහද ඇරයුමයි මේ....

~ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ~

Address

Wayamba University Of Sri Lanka
Kuliyapitiya
60200

Website

Alerts

Be the first to know and let us send you an email when Wayamba FAS 21 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share