27/12/2025
තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමයේ කලා අනුකමිටුව යටතේ සංවිධානය වූ “පන්දම 2025” , 2025 නොවැම්බර් 15 වන දින පළමු වසර සංවිධානය මත පීඨයේ සියලු සහෝදරත්වයේ කැපවීම හා සහයෝගය මධ්‍යයේ එළිදක්වන ලදී.
නර්තනය , ගායනය ,වාදනය හා හාස්‍යය සුසංයෝගයෙන් ඔපවත් වූ මෙම උත්සවය තාක්ෂණ පීඨ සිසුන්ගේ හැකියාවන්,දක්ශතාවයන් හා බැඳීම් ශක්තිමත් කරනට මහත් පිටිවහලක් විය.
"පන්දම - 2025 "යනු හුදෙක් උත්සවයක් ලෙස පමණක් නොව තාක්ෂණ පීඨ සංස්කෘතියේ නොමැකෙන මතක සටහනක් ලෙසට පීඨ ඉතිහාසයේ සනිටුහන් වනු ඇත.
කලා අනුකමිටුව - තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය