22/07/2026
සේවක අර්ථසාධක අරමුදල (EPF) යනු ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත සේවකයන්ගේ විශ්‍රාම ජීවිතයට අදාළ වන විශාලතම ඉතුරුම් අරමුදලයි. එය වැඩ කරන ජනතාවගේ ශ්‍රමයෙන් ගොඩනැඟුණු අරමුදලක් වන අතර, එහි ආරක්ෂාව, කළමනාකරණය සහ ප්‍රතිලාභ පිළිබඳ සෑම සේවකයෙකුම අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය වේ.
පසුගිය වසර කිහිපය තුළ EPF අරමුදලේ ආයෝජන කළමනාකරණය, පොලී අනුපාත, රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලපෑම්, පාරදෘශ්‍යභාවය සහ වගවීම සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න සහ මහජන සංවාද ඇති විය. එහෙත්, මෙම ගැටලු වැඩ කරන ජනතාවගේ ඉතුරුම්වලට කෙසේ බලපාන්නේද යන්න පිළිබඳ ප්‍රමාණවත් සමාජ කතිකාවක් සහ මහජන දැනුවත් කිරීමක් තවමත් දක්නට නොලැබේ.
තමන්ගේම ඉතුරුම් අරමුදල ක්‍රියාත්මක වන ආකාරය, එය ආයෝජනය කරන ආකාරය, ලැබෙන ප්‍රතිලාභ සහ එහි පාලනය පිළිබඳ දැනුවත් වීම සෑම සේවකයෙකුගේම අයිතියක් මෙන්ම වගකීමක් ද වේ.
මෙම වැදගත් කරුණු පිළිබඳ විග්‍රහ කිරීම සඳහා 'පුරවැසි හඬ' නාලිකාව ඔස්සේ විශේෂ සංවාදයක් සංවිධානය කළෙමු. එහිදී සේවක අර්ථසාධක අරමුදලේ වත්මන් තත්ත්වය, මෑතකාලීන මතභේද සහ ප්‍රශ්න, ඒවායේ ආර්ථික හා නීතිමය බලපෑම්, මෙන්ම පුරවැසියන් මේ පිළිබඳ දැනුවත් විය යුතු කරුණු පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා IRES ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සහ Verité Research ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංඛිතා ගුණරත්න මහත්මිය එක්වූහ.
සේවක අර්ථසාධක අරමුදල (EPF) යනු ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත සේවකයන්ගේ...