Hope Beyond Cancer

Hope Beyond Cancer Hope Beyond Cancer is a project of Hope Beyond Care Foundation, a government-registered foundation.

We provide nutrition support to cancer patients and communities across Sri Lanka through our nutrition programmes.

Ensure කිරිපිටි ටින් 88ක් අඩුයි.. Hope Beyond Cancer අපි සෑම සතියකම, පිළිකාව හා සටන් කරන අපේම හදවත් වෙනුවෙන් නොමිලේ පෝෂණ...
22/10/2026

Ensure කිරිපිටි ටින් 88ක් අඩුයි..

Hope Beyond Cancer අපි සෑම සතියකම, පිළිකාව හා සටන් කරන අපේම හදවත් වෙනුවෙන් නොමිලේ පෝෂණ අතිරේක බෙදාදීමේ වැඩසටහනට ( මෙවර නුවරඑළිය පිළිකා ඒකකයේ රෝගීන් වෙනුවෙන් ඔක්තෝබර් 28 වැනිදා වැඩසටහනට ) Ensure කිරිපිටි ටින් 88ක් අඩුයි..

Ensure කිරිපිටි ටින් එකක් රුපියල් 2990ක් වන අතර, කිමෝ සැර නිසා හරියට කෑමක්වත් ගිලින්න බැරි මේ අපේම අසරණ හදවත් වෙනුවෙන් ඔබේ හදවතේ උපකාරය එක කිරිපිටි ටින් එකකින් හෝ ලබා දෙන්න පුළුවන් නම්, ඔවුන්ට ඒක ලොකු ශක්තියක් වෙනවා වගේම ඔබටත් මහඟු පිනක්..

ඒ වගේම රජයේ ලියාපදිංචි සහ රජය විසින් විගණනය කරන අපගේ Hope Beyond Care පදනමේ බැංකු ගිණුමට ඔබගේ හදවතේ උපකාරය එක් කරන්නත් පුලුවනි..

Hope Beyond Care Foundation
117614043374
Sampath Bank
Mattegoda Branch

0779400970
[email protected]

එන්න අප හා අත්වැල් බැඳගන්න..

Hope Beyond Cancer අප විසින් පසුගියදා මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අපේම හදවත් වෙනුවෙන් සංවිධානය කල දෙලුම් යුෂ දානයේ...
18/10/2026

Hope Beyond Cancer අප විසින් පසුගියදා මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අපේම හදවත් වෙනුවෙන් සංවිධානය කල දෙලුම් යුෂ දානයේ තවත් ඡායාරූප පෙළක් ඔබ වෙත මෙසේ පෙළගස්වන්නෙමු..

අපගේ සතිපතා පවත්වන පෝෂණ අතිරේක බෙදාදීමේ වැඩසටහනට අමතරව මාසිකව පවත්වන මෙම වැඩසටහන ප්‍රථම වතාවටයි අපි මඩකලපුවට අපි අරන් ගියේ..

එන්න අප හා එක්වන්න..

ලොව සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා..

16/10/2026

මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබන අපේම සහෝදර සහෝදරියන් බලන්නට Hope Beyond Cancer අපි පසුගියදා නෑගම් ගියා.. ඒ ගියේ හිස් අතින් නෙමෙයි.. පිළිකා සටනේ අසීරුම අවධියේ සිටින අපේම හදවත් වලට ශක්තිය ලබා දෙන්න ස්වාභාවික දෙලුම් යුෂ අරගෙනයි අපි මේ ගමන ගියේ..

අපේ මේ වැඩසටහන පළවෙනි වතාවට තමයි කොළඹින් පිට පිළිකා ඒකකයකට අරගෙන ගියේ.. මේ වැඩසටහන රෝහලේ අධ්‍යක්ෂකතුමා සහ කාර්ය මණ්ඩලයේ ඉමහත් පැසසුමට ලක්වුණා.. ඒ වගේම රෝහල් කාර්‍ය මණ්ඩලය අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා.. පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් එක්ක අපිට කාලය ගත කරන්න ලබා දුන් මේ අවස්ථාවට Hope Beyond Cancer අපගේ ප්‍රණාමය රෝහල් අධ්‍යක්ෂක ඇතුළු කාර්ය මණ්ඩලයට පුදකර සිටිමු..

එන්න අප හා අත්වැල් බැඳගන්න..

හදවතේ උපකාරය නැවතත් මඩකලපුවට.. Hope Beyond Cancer අප විසින් සෑම සතියකම පිළිකාව හා සටන් කරන අපේම හදවත් වෙනුවෙන් නොමිලේ පෝ...
15/10/2026

හදවතේ උපකාරය නැවතත් මඩකලපුවට..

Hope Beyond Cancer අප විසින් සෑම සතියකම පිළිකාව හා සටන් කරන අපේම හදවත් වෙනුවෙන් නොමිලේ පෝෂණ අතිරේක බෙදා දීමේ වැඩසටහනට අමතරව සෑම මසකම පවත්වන දෙළුම් යුෂ දානය ප්‍රථම වතාවට මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ රෝගීන් වෙනුවෙන් අද දින පැවැත්වුණා..

ඉතාමත් සංවේදී අවස්ථාවන්ගෙන් මුසු වූ වැඩසටහනේ ඡායාරූප පෙළක් රෝගීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් ඔබට මෙසේ පල කරන්නෙමු..

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අපට සහයෝගය ලබා දුන් රෝහල් අධ්‍යක්ෂකතුමා සහ රෝහල් කාර්‍ය මණ්ඩලයට අපගේ හෘදයාංගම ස්තූතිය පලකර සිටිමු..

ඒ වගේම මෙම වැඩසටහන සාර්ථක කර ගන්නට ලොව නන්දෙසින් අපට උපකාර කල අපේම ශ්‍රී ලාංකික හදවත් වලට අපගේ හද පිරි ප්‍රණාමය පුදකර සිටිමු..

එන්න අප හා අත්වැල් බැඳගන්න..

ලොව සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා..

❤️🎗️ ආදරයෙන් නිමවෙන හිස්වැසුම්... පිළිකා රෝගීන්ගේ මුහුණට සිනහවක්! 🎗️❤️🌸 පුංචි උපකාරයක් වුණත්, කෙනෙකුගේ ජීවිතයට ලොකු සැනස...
09/10/2026

❤️🎗️ ආදරයෙන් නිමවෙන හිස්වැසුම්... පිළිකා රෝගීන්ගේ මුහුණට සිනහවක්! 🎗️❤️

🌸 පුංචි උපකාරයක් වුණත්, කෙනෙකුගේ ජීවිතයට ලොකු සැනසීමක් වෙන්න පුළුවන්. 🌸

පිළිකා ප්‍රතිකාර ලබන කාලය කියන්නේ කායිකව වගේම මානසිකවත් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදුවන කාලයක්. විශේෂයෙන්ම ප්‍රතිකාර නිසා හිසකෙස් අහිමි වීම බොහෝ රෝගීන්ගේ මානසිකත්වයටත්, ආත්ම විශ්වාසයටත් බලපානවා. ❤️

ඒ වගේ අවස්ථාවක පුංචි දෙයකින් හරි සතුටක්, සැනසීමක් ලබා දෙන්න පුළුවන් නම් ඒකත් ලොකු පිනක්. 🙏

අද අපි ඔබට හඳුන්වා දෙන්නේ ඒ වගේම ලස්සන හදවතක් තියෙන දිල්හාරා රසීෆ් මහත්මියවයි. ❤️🌷

පිළිකා රෝගීන් වෙනුවෙන් ඇය ඉතා ආදරයෙන් සහ කැපවීමෙන් හිස්වැසුම් (Turbans/Caps) නොමිලේ සකස් කර දෙනවා. 🎗️

මේවා නිකම්ම හිස්වැසුම් විතරක් නෙවෙයි...

❤️ ආදරයෙන් පිරුණු පුංචි තෑග්ගක්.
🌸 හිතට සැනසීමක් ගෙනෙන උපකාරයක්.
🤗 ඔබ තනිවෙලා නැහැ කියලා දැනෙන්න සලස්වන කරුණාවන්ත ක්‍රියාවක්.

✨ ඔබට හෝ ඔබ දන්නා පිළිකා රෝගියෙකුට මෙවැනි හිස්වැස්මක් අවශ්‍යද? ✨

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට දිල්හාරා රසීෆ් මහත්මියව කෙළින්ම සම්බන්ධ කරගන්න පුළුවන්.

📞 071 134 4398

🙏 දිල්හාරා මහත්මියනි, ඔබේ හැකියාව තවත් කෙනෙකුගේ සැනසීම වෙනුවෙන් යොදාගන්නා මේ උතුම් කටයුත්තට අපගේ හදපිරි ස්තුතිය!

ඔබ වැනි කරුණාවන්ත මිනිසුන් නිසා තමයි මේ ලෝකයේ තවමත් ආදරය සහ මනුෂ්‍යත්වය ජීවමානව තියෙන්නේ. ❤️

🎗️ අපි හැමෝම එකතු වුණොත්, පිළිකා රෝගියෙකුගේ ගමන ටිකක් හරි පහසු කරන්න පුළුවන්.

මේ පණිවිඩය අවශ්‍ය කෙනෙකුට දකින්න ලැබෙන්න පුළුවන්. ඒ නිසා කරුණාකර මේ පෝස්ට් එක තවත් අය අතරේ බෙදාහරින්න. ❤️🙏

Hope Beyond Cancer
පිළිකාවෙන් ඔබ්බට බලාපොරොත්තුවක්... ❤️🎗️

[email protected]
0779400970 / 0756757536

❤️🎗️ A LITTLE GESTURE, A BIG DIFFERENCE — TURBANS MADE WITH LOVE! 🎗️❤️

🌸 Kindness that touches hearts and restores confidence! 🌸

The journey through cancer treatment is never easy. For many patients, hair loss can be an emotional challenge, affecting their confidence and how they feel about themselves.

But sometimes, one beautiful act of kindness can bring a little comfort, a little confidence, and a whole lot of hope. ❤️🙏

We at Hope Beyond Cancer are delighted to share the wonderful initiative of Ms. Dhilhara Rasiff, who lovingly makes turbans and caps FREE OF CHARGE for cancer patients. 🎗️❤️

🧡 These are more than just turbans and caps.
🌷 They are made with love, compassion, and care.
🤗 They are a beautiful reminder to cancer patients that they are not alone in their journey.

✨ DO YOU OR SOMEONE YOU KNOW NEED A TURBAN OR CAP? ✨

Anyone who wishes to receive one can contact Dhilhara Rasiff directly:

📞 071 134 4398

Please reach out to her to inquire about the available turbans and caps.

🙏 A heartfelt thank you to Dhilhara for using her talent to bring comfort and happiness to those who need it most. Your kindness is a beautiful example of how we can all make a difference in someone's life.

❤️ One act of kindness. One smile. One more reason to hope.

Let's share this message so it reaches cancer patients and families who may benefit from this wonderful initiative. Please share and spread the love! 🌸🎗️

Hope Beyond Cancer
Together, we bring hope beyond cancer. ❤️

[email protected]
0779400970 / 0756757536

02/10/2026

දෙළුම් යුෂ බෝතල් 180ක් ඉක්මනින් අවශ්‍යයි..

පිළිකාව එක්ක ඔට්ටු වෙන මඩකලපුව පිළිකා ඒකකයේ අපේම ආදරණීය හදවත් වෙනුවෙන් Hope Beyond Cancer විසින් ඔක්තෝබර් 15 වැනිදා පවත්වන දෙළුම් යුෂ දානයට දෙළුම් යුෂ බෝතල් 180ක් පමණ අඩු වෙලා තියෙනවා..

සියයට සියයක් ස්වභාවික 200ml දෙළුම් යුෂ බෝතලයක් රුපියල් 1600ක් වන අතර ඔබගේ හදවතේ උපකාරය එක දෙළුම් යුෂ බෝතලයකින් හෝ ලබා දී පිළිකා සටනේ අසීරුම අවධියේ ඉන්න මේ අහිංසක රෝගීන්ට ශක්තියක් වෙමුද..

📞 0779400970
📧 [email protected]
📱 0756757536

රජයේ ලියාපදිංචි සහ රජය මගින් විගණනය කරන Hope Beyond Care පදනමේ බැංකු ගිණුමට ඔබගේ හදවතේ උපකාරය එක් කරන්නත් පුළුවන්..

Hope Beyond Care Foundation
117614043374
Sampath Bank
Mattegoda Branch

එන්න අප හා අත්වැල් බැඳගන්න..

අපේක්ෂාවට එළියක්..

180 Bottles of Pomegranate Juice Are Urgently Needed!

Hope Beyond Cancer is organizing a Pomegranate Juice Donation on 15th October for our beloved hearts at the Batticaloa Cancer Unit, who are courageously battling cancer.

We are currently short of approximately 180 bottles of pomegranate juice needed for this programme.

A 200ml bottle of 100% natural pomegranate juice costs Rs. 1,600.

Would you join us in giving strength to these innocent patients who are going through one of the most difficult stages of their cancer journey, by offering your heartfelt support—even by sponsoring just one bottle of pomegranate juice?

📞 077 940 0970
📧 [email protected]
📱 0756757536

You can also make your heartfelt contribution to the bank account of Hope Beyond Care Foundation, a government-registered and government-audited foundation.

Hope Beyond Care Foundation
Account No: 117614043374
Bank: Sampath Bank
Branch: Mattegoda

Come, join hands with us and be a part of this journey.

A ray of hope for a brighter tomorrow.

ඊයේ දිනයේ Hope Beyond Cancer අප විසින් ත්‍රිකුණාමලය මහ රෝහලේ පිළිකා ඒකකයේ පිළිකාව හා සටන් කරන අපේම හදවත් වෙනුවෙන් නොමිලේ...
01/10/2026

ඊයේ දිනයේ Hope Beyond Cancer අප විසින් ත්‍රිකුණාමලය මහ රෝහලේ පිළිකා ඒකකයේ පිළිකාව හා සටන් කරන අපේම හදවත් වෙනුවෙන් නොමිලේ පෝෂණ අතිරේක බෙදාදීමේ වැඩසටහන අතරතුර ලබාගත් තවත් ඡායාරූප කීපයක් ඔබ වෙනුවෙන් මෙසේ පල කරන්නෙමු..

රට පුරා ඉන්න පිළිකා රෝගීන් වෙනුවෙන් සතිපතා පවත්වනු ලබන මෙම නොමිලේ පෝෂණ අතිරේක බෙදා දීමේ වැඩසටහනට මසකට Ensure කිරිපිටි ටින් 1500ක් පමණ වැය වෙනවා.. ඔබටත් පුළුවන් මේ රෝගීන් වෙනුවෙන් ඔබගේ හදවතේ උපකාරය එක Ensure කිරිපිටි ටින් එකකින් හෝ ලබා දී ඔවුන්ට ශක්තියක් වෙන්න..

එන්න අප හා අත්වැල් බැඳගන්න..

ලොව සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා..

හදවතේ උපකාරය ත්‍රිකුණාමලයට ගෙන ගිය වගයි..Hope Beyond Cancer අපි සෑම සතියකම පිළිකාව හා සටන් කරන අපේම හදවත් වෙනුවෙන් නොමිළ...
30/09/2026

හදවතේ උපකාරය ත්‍රිකුණාමලයට ගෙන ගිය වගයි..

Hope Beyond Cancer අපි සෑම සතියකම පිළිකාව හා සටන් කරන අපේම හදවත් වෙනුවෙන් නොමිළේ පෝෂණ අතිරේක බෙදාදීමේ වැඩසටහනේ තවත් අදියරක් අද දින ත්‍රිකුණාමලය මහ රෝහලේ පිළිකා ඒකකයේ පිළිකා රෝගීන් වෙනුවෙන් සාර්ථකව පැවැත්වුනා..

මෙම වැඩසටහන සංකේතවත් කරමින් සහභාගී වූ, ත්‍රිකුණාමලය මහ රෝහලේ පිළිකා ඒකකයේ අධ්‍යක්ෂිකා - වෛද්‍ය සඳමාලි සමරකෝන් මැතිනිය සහ රෝහල් කාර්‍ය මණ්ඩලයට අපගේ හදපිරි ස්තූතිය මෙසේ පළකර සිටිමු..

මේ වැඩසටහන සාර්ථක කරගන්නට අපට ලංකාවේ වගේම ලංකාවෙන් එපිට ජීවත්වෙන අපිට උපකාර කරපු අපේම ලාංකික සියලුම හදවත්වලට Hope Beyond Cancer අපි හදවතින්ම ස්තූතිවන්ත වෙමු..

එන්න අප හා අත්වැල් බැඳගන්න....

ලොව සියළු පිළිකා රෝගීන් සුවපත් වේවා.. 🙏🙏🙏

අපේක්ශාවට එළියක්...

පෙරේදා දිනයේ අපට ලැබුණ ඉල්ලීමක් ඉටු කරමින් පෝෂණ අතිරේක තොගයක් අපි ඊයේ දිනයේම මඩකලපුව මහ රෝහලේ පිළිකා ඒකකයට පිටත් කලා.. අ...
26/09/2026

පෙරේදා දිනයේ අපට ලැබුණ ඉල්ලීමක් ඉටු කරමින් පෝෂණ අතිරේක තොගයක් අපි ඊයේ දිනයේම මඩකලපුව මහ රෝහලේ පිළිකා ඒකකයට පිටත් කලා.. අද දිනයේ එම පෝෂණ අතිරේක පිළිකා සටනේ ඉන්න අපේම හදවත් වෙනුවෙන් බෙදා දී තිබුනා.. අපි හිතුවා එහි ඡායාරූප කීපයකුත් ඔබ සමඟ බෙදාගන්න..

අපේ මේ උත්සහය පිළිකා සටනේ අසීරුම අවධියේ ඉන්න රෝගීන්ට අවශ්‍ය පෝෂණ ශක්තිය පුලුවන් උපරිමයෙන්ම ලබා දී ඔවුන්ට බලාපොරොත්තුවක් දෙන එක..

එන්න ඔබත් අපිත් එක්ක එකතු වෙන්න..

ලොව සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා..

Address

Kottawa

Website

Alerts

Be the first to know and let us send you an email when Hope Beyond Cancer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share