24/02/2026
ජිවිතය.......
මට වයස අවුරුදු 19 මාස 11 දවස් 19 වෙනව. ඒත් මං ආසාවෙන්ම, සතුටින්ම හිටපු දවස් තිබුනේ දවස් 567 විතරයි. මට පොඩිම කාලේ මතක නෑ. ගෙදර අය මට ගොඩක් ආදරේ කරලු, ඒත් මං දන්නෑ. මට මතක ඇති කාලේ ඉදල මම හිටියේ තනියම. මං කතා කලේ මං එක්කමයි. මට දැනෙන දේවල් කිව්වේ මටමයි.
ඒත් එක දවසක් මට මාව අදුනන, මාව දන්න කෙනෙක් හම්බුනා. ඒ මාව දන්න කෙනෙක්. මනුස්සයෙක්ට තව අම්ම කෙනෙක් වෙන්න ඒ මනුස්සයව වදන්න ඕනෙම නෑ. මට එයා මගේ අලුත් අම්ම වුනා. අම්මට මාව නොතේරෙන හැම හැමතැනම අලුත් අම්ම මාව තෙරුන් ගත්තා. එයාට ලං වුනා. ඇබ්බැහි වුනා. ආදාරේ කලා. තුරුල් වුනා. ඒ වෙනකොටත් මං මගේම ගෙදර "බෝඩිම්කාරයෙක්" ලෙස ජීවත් වෙන්න තරම් එපා වෙලා ගිහින් තිබුනා. ඒකට හේතුව අම්මලා මාව නොබලන එකවත් මට කෙනෙහිලිකම් කරන එකවත් නෙමේ. එයාල මට එයාලට පුලුවන් උපරිමයෙන් කරා, ඒත් ඒ මට ඕන දේ නෙමේ. දරුවන්ට හොදම දේ දෙන්න, හොදම දේ කරන්න අම්මල කරන සමහර දේවල් වලින් ළමයි නොසෑහෙන්න අසරණ වෙනව. මාව සතුටින් තියන්න හිතන් අම්ම කරපු සමහර දෙවල් වලට මන් ගොඩක් ඇඩුව. දරුවන්ව ඕනේ කාලෙදි අත ඇරගන්න බැරි තරමට එයාලට බැදෙන්න එපා, ඒක හැමෝටම කරන ලොකුම ලොකු වරදක්.
මේක මං ලියන්නේ කටවත් කියවන්න නෙමේ, මගේ දුක නිවා ගන්න. මේක කියවන කෙනෙක් හිතුවොත් " Gen Z පොඩි උන් මොනාද අම්මල තාත්තල ගැන දන්නේ " කියලා, ඔව් මං දන්නේ මට දැනෙන මිනිස්සු ගැන විතරයි.
තවත් එක දෙයක්, මට මෙච්චර කල් හිනා වෙන්න කියල දුන්න මනුස්සයා තව දවස් 8 මට ගිහින් බලල එන්න බැරි තරම් දුරකට යනව. මං තවමත් ඇය නැති පළමු රැය ගැන හිතන්න බයයි. මොකද මං එයා නැතුව හුස්ම ගන්නත් දැන් දන්නේ නැති නිසා.
ලියන්න දැනෙන්න ඕන..
දැනෙන්න රිදෙන්න ඕන..
කතෲ: නිර්ණාමිකයි.