05/08/2025
මේ දවස්වල ගොඩ දෙනෙ කතා වෙන දෙයක් ගැන පොඩි දෙයක් ලියන්න ඕනෙ කියල හිතුනා, ඒ තමයි යෞවන සමාජ දේශපාළණීකරණය වෙනව කියන එක.
මුලින්ම කියන්නම් මට මේ ගැන කතාකරන්න තියෙන අයිතිය මොකද්ද කියලා. 2017 අඹතලාව ලක්මිණ යෞවන සමාජයෙන් සෞවන සමාජ ක්ෂේත්‍රයට අඩිය තිබ්බ මම කොත්මලේ යෞවන සමාජ සම්මේලනයේ සභාපති වෙලා අවු ගානක් තරුනයෝ එක්ක වැඩ කරලා නුවර එළිය දිස්ත්‍රික් මන්ඩලේත් සභාපති වෙලා යම් කිසි හේතු කිහිපයක් නිසා යෞවන සමාජ ක්ෂේත්‍රයෙන් අයින් උන කෙනෙක්.හරි කතාවට බහිමු.
මුලින්ම මම කියන්නෑ මේ යූත් එක කියල කියන්නෙ මේ ඇදිලි නැති , දේෂපාලනය නැති, සර්ව සාධාරන ,ජාති බේද නැති ගසා කෑම් නැති තැනක් කියලා.ඇත්තම්, ඇත්තම කිව්වොත් මේකෙ නැට්ටෙ ඉඳන්ම ගොඩක් ප්‍රදේශවල ගන්න දෙයක් නෑ.කවුරු කොහොම කිව්වත් යෞවණ සමාජවල ඉඳපු, ඉන්න මිනිස්සු නොකියන ඇත්ත මේක.
කාරනා අංක දෙක තමයි, රටේ කවුරුහරි ජනාධිපති කෙනෙක් පත් වෙනවනම් එයාලගෙ පුතාලගෙ Play ground එක වගේම පක්ෂෙ බේස් එක හදන්න , තරුණයන්ගෙ ඔලු සුද්ධ කරන්න ගත්තෙ මේ යූත් එක අර බලකාය කියයි මේ බලකාය කියයි ගොඩක් ඒව මේකෙන් හැදුව. ඒත් එක්කම ගිය ආන්ඩුවෙත් රජෙ සල්ලි කෝටි ගනන් ගසා කාපු හැටි අපි දැක්කා.
හරි දැන් මේක කියවන ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ඇයි මේ ජාතික ජන බලවේගයට මේව කරන්ට හොඳ්අ නැද්ද කියන එක? ඇයි මේ අර පක්ෂවලට විතරද මේක කරන්න පුලුවන් කියන එක.
මේ දවස්වල රට පුරාම දිස්ත්‍රික්ක මන්ඩල වගේම ප්‍රාදේශීය මන්ඩල ගොඩක සම්මේලන පැවැත්වුනා. කලින් අවුරුදුවලනම් තිබ්බෙ ගම්වලින් ආපු අය ප්‍රාදේශීය මන්ඩලවලට ඇවිල්ල තරුණයන්ගෙ ඡන්දවලින් තණතුරුවලට ආව එක. නමුත් අද ඒක වෙනස් වෙලා,වෙනස් වෙලා තියෙන්නෙ මෙහෙමයි.
•මුලින්ම මෙයාලගෙ පක්ෂෙන් දාලා තියෙනව ස්වෙච්ඡාවෙන් මේකෙට වැඩ කරන්ට පක්ෂෙ පුද්ගලයෙක්
•දෙවෙනියට වෙන්නෙ මෙයාලම හදල තියෙනව මෙයා තමයි සභාපති, මෙයා තමයි ලේඛම් කියල හදාගත්ත ලිස්ට් එකක්
•තුන් වෙනියට මේ ලිස්ට් එකට නිලධාරීන් ටික පත් කරගන්නවා.
මේකට සාක්ෂි ගොඩක් මේ දවස්වල හොයාගන්න පුලුවන්.තනිකරම දේෂපාලනීකරණය වීමක් නෙවේද මේකෙ තියෙන්නෙ. මිනිස්සු ඉල්ලුව වෙනස මේකද?. කරනව කිව්ව වෙනස මේකද?
මේක වෙනස් කරන්න තමයි මේ දවස්වල අපේ ගම්වල කොල්ලො කෙල්ලො ටික කෑ ගහන්නෙ. මොකද හොයල බලන්න පත්වෙලා තියෙන බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීලාගෙම ළමයි.
අන්තිමට මෙයාල කරපු හොඳ්අ දේකුත් කියන්නම්. මෙච්චර කල් මේ යෞවන සමාජ කියන එක කොන් වෙලා තිබ්බෙ හැබැයි මෙයාල මේක මාකට් කරන්න ලොකු වැඩක් කරා.ඒකට Respect .හැබැයි අර වැඩේ කැතයි
මේ වීඩියෝ එකේ ඉන්නෙ මේකට විරුද්ධ උන අපේ තරුණයෙක්ව අත්තඩංගුවට් ගන්න වීඩියෝ එකක්. මෙයාව release කරා. හැබැයි මේ කාරනේ ගැන අනිවාරෙම්ම කතිකාවතක් නිර්මාණය විය යුතුයි
- සාලින්ද බන්ඩාර -
- හිටපු නුවරඑළිය යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනයෙ සභාපති -
- හිටපු කොත්මලේ යෞවන සමාජ ප්‍රාදේෂීය සම්මේලනයෙ සභාපති -